Wednesday, April 24, 2019

පාස්කු ප්‍රහාරය එල්ලකලේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයද?






අමාක් ප්‍රචාරණ ඒජන්සිය මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලද නිවේදනයකට අනුව එය විසින් එක්සත් ජනපද සහ බටහිර හිතවාදී රාජ්‍ය වල ප්‍රධාන ලෙසම ක්‍රිස්තියානි ජනතාව ප්‍රමුඛ ජනතාවට ප්‍රහාර එල්ල කිරීම අරමුණු කරනු ලබයි.මෙයට පෙර ත්‍රස්තවාදී ප්‍රහාර වලදීද එයට සම්භන්ද වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාරගැනීම  සම්භන්දව සැක සහිත ස්වභාවයක් උද්ගතවිය. එකී ප්‍රහාරයන් සෘජුවම එම සංවිධානය සිදු කරනවාට වඩා එය මඟින් ආධාර ලබන දේශීය සංවිධාන මඟින් සිදු කරනු ලැබීය.පාස්කු ඉරිදා,  පල්ලි සහ හෝටල්  ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය මෙහෙයවනු ලැබූ සියදිවි නසාගන්නා බෝම්බකරැවන් තිදෙනාගේ ඡායාරෑප මේ වන විටත් අන්තර් ජාලය තුල සැරිසරමින් පවතී.

අබ්දුල් මුක්තාර්,අබු උබයිඩා සහ අබුල් බැරා යන නම් වලින් ඉස්ලාමීය රාජ්‍ය කලු පැහැති ධඡය ඉඳිරිපිට පිහි සහ ස්වංක්‍රීය අවි දරාගෙන ඔවුන් එම ඡායාරෑපයේ පෙනී සිටින ලදි.දෙවන සහ මීලඟ අයි.එස්.අයි.එස් වීඩියෝ පටය පසුගිය අඟහරැවාදා නිදහස් කල අතර එමඟින් පැවසුනේ ප්‍රහාරය ආශිර්වාද ලත් ආක්‍රමණයක් බවයි.මෙහිදී සියදිවි නසා ගන්නා බෝම්බකරැවන් සහ පුපුරණ ද්‍රව්‍යය තාක්ෂණයන් උපයෝගී කරගත් බවද පැවසිනි.මෙමඟින් සටන්කරැවන් සත්දෙනෙකු මුඛ ආවරණ සහිතව ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ගෙන් තිදෙනෙකු සිරියාවේ හා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සටන් වලදී සටන් වැඳි සටන්කරැවන්ගේ සාම්ප්‍රදායක නම් වලට සමාන විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ පරිදි සමහර බෝම්බකරැවන් විදේශගත වී ඇති අතර නැවත මෙරටට පැමිණ ඇත.නමුත් එම ගමන් පිලිබඳ වැඩිදුර තොරතුරැ කිසිවක් ලබාදී නැත.එමෙන් අගමැතිවරයා විසින් අනතුරැ අඟවන ලද පරිදි තවත් සන්නද්ධ සටන්කාමීන් බොහෝමයක් සහ බෝම්බද තිබෙන බව ඉතා පැහැදිලිය.ස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ඉහත ප්‍රහාර වල වගකීම භාර ගැනීමත් සමඟම මෙම ප්‍රහාර මාළාව සඳහා ස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ගේ සම්භන්දතා පවතීදැයි සෙවීමට ඉදිරි බුද්ධි අංශ පරීක්ෂණ පැවැත්වේ.



මෙහිදී අයි .එස් අයි.එස් මාද්‍ය ප්‍රකාශයේදී එක් එක් සන්නද්ධ සටන්කාමියා කුමන ප්‍රහාරය සිදුකර ඇත්දැයි දැක්වුන අතර එහි සිටි සත්වන පුද්ගලයා දෙමටගොඩදී පොලීසිය සමඟ ගැටී බෝම්බයක් පුපුරැවාගෙන මියගිය පුද්ගලයායි.මෙම සිද්ධියේදී උප පොලිස් පරීක්ෂක වරයෙක් ඇතුළු පොලිස් භටයන් තිදෙනෙකු මරණයට පත්විය.

මෙහිදී ත්‍රස්තවාදී කන්ඩායම කලු පැහැති අයි.එස්.අයි.එස් ධජය ඉදිරිපිට මුහුණු ආවරණය කල පුද්ගලයන් සත් දෙනෙක් පෙන්නුම් කලද මින් අටවැන්නා පමණක් මුහුන විවෘත කර ඡායාරෑප ගත කර තිබිනි.මෙම පුද්ගලයාගේ මුහුන අබු උබයිඩාගේ හැඩරැව සමඟ ඉතා හොඳින් ගැලපෙන අතර ෂරාන් හස්මි නමින් හඳුනාගත හැකි මෙම පුද්ගලයා ෂැන් ග්‍රිල් ලා හෝටලය තුල සියදිවිනසා ගැනීමේ ප්‍රහාරය දියත් කල තැනැත්තායි.

කෙසේ වෙතත් එතරම් අපැහැදිලි කරැණ වන්නේ මෙහිදී ඔවුන් පුද්ගලයන් අට දෙනෙකුගේ ඡායාරෑපයක් පෙන්වමින් එයින් පුද්ගලයන් සත් දෙනෙකු පමණක් හඳුන්වා දෙන ලද්දේ මන්දැයි යන්නයි.මෙම බෝම්බකරැ සිවුවන හෝටලයේදී සිදුකිරීමට තැත් කල බෝම්බ ප්‍රහාරය අසාර්ථක බවට පත් කර ගත් තැනැත්තායි.



ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද මිනිත්තු එකක වීඩියෝවකින් දැක්වෙන්නේ එකී ඡායාරෑපයේ පෙනී සිටින ලද අයවලුන් අයි එස් නායක අබු බකර් අල් බැග්ඩාඩි ඉදිරිපිට දී අල්ලාහු අක්බාර් ප්‍රකාශය ලබාදෙමින් මරාගෙන මැරෙන ප්‍රතිඥාව ලබාදෙන ආකාරයයි.

මුලදී ශ්‍රී ලංකාවේ රජය මෙකී ප්‍රහාරයන් දේශීය අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වූ තවුෆික් ජමාත් සංවිධානයේ ගිණුමට බැර කලද පසුව මෙම කරැණු අණාවරනය විය.මෙම තවුෆික් ජමාත් සංවිධානය ටික කලකට ‍පෙර බුදු පිළිම විනාශ කිරීමේ කටයුතු වලට සම්භන්ද අන්තවාදී සංවිධානයක් විය.

සඳුදා දිනයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙකී ත්‍රස්තවාදීන්ගේ අන්තර් ජාතික සම්භන්දතා අණාවරනය කර ගැනීමට අන්තර් ජාතික පොලීසිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ඉල්ලා සිටින ලදි.එයට හේතුවූවේ බුද්ධි අංශ විසින් මෙකී දේශීය ත්‍රස්තවාදීන් පිටුපස විදේශීය ත්‍රස්තවාදී අන්තවාදී ජාලයක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීම නිසාය.





අයි.එස් හා අල් කයිඩා මෑත කාලීන ප්‍රහාරක තාක්ෂණයන් හා උප‍ායන් වනුයේ විදේශීය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය හෝටල් ප්‍රහාරයන් සඳහා තෝරා ගැනීමයි.

එමෙන්ම අයි.එස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රහාර වල වගකීම ඉතා ඉක්මනින්ම ඔවුන් භාරගන්නා අතර විස්තරාත්මක ඉදිරිපත් කිරීම්ද දක්වනු ලැබේ.මෙහිදී ප්‍රහාරක කන්ඩායම ඡායාරෑපගත කිරීම හෝ ඔවුන්ගේ පෙලපාලියක් ඡායාරෑපගත කිරීම සිදුකරනු ලැබේ.මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාරගැනීමත් සමඟම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙකී ප්‍රහාරය සිදුකරන ලද්දේ පසුගිය මස නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ පුද්ගලයන් 50 ක් ඝාතනය කරන ලද සිදුවීමට එකට එක කිරීමක් ලෙසයි.

බුද්ධි අංශ පවසනුයේ ඉහත පරිදි දිවයිනේ ප්‍රදේශ 9 ක වෙන් වෙන්ව සිදුකල බෝම්බ පිපිරීම් එකිනෙක සම්භන්ධීකරණයකින් යුතුව සිදුකිරීමට අවම වශයෙන් මාසයක කාලයක්වත් ගත වන්නට ඇති බවයි.මෙහිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඉහතකී තොරතුරැ ප්‍රභවයන් හෙළි නොකලද ඉහත කී සාර්ථක බෝමිබ ප්‍රහාරයන් වලට වගකිව යුත්තේ රටේ ආරක්ෂක යාන්ත්‍රණයේ පවතින දුර්වලතාවයන් බව අවධාරණය කලේය.බුද්ධි අංශ වල සුළු අනතුරැ ඇඟවීමක් පවා අන්තර් ජාලයට ප්‍රවේශ වන සමයකදී මෙකි ප්‍රහාර තොරතුරැ රාජකාරී පුද්ගලයන් කිහිප දෙනෙකු අතර සැරිසැරැවද නොසැලකීම පුදුමයක් බව ඔහු පවසයි.



පසුගිය මාසයේ වීඩියෝ පටයක් නිකුත් කරමින් අයි.එස් සංවිධානය ප්‍රකාශ කර තිබුනේ නවසීලන්ත ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයේදී මිය ගිය අයවළුන් වෙනුවෙන් පලිගැනීමට කාලය උදාවී ඇති බවයි.පල්ලි දෙකකදී සහ ලෝකය පුරාම මියගිය ඔවුන්ගේ උම්මා පුත්‍රයන් වෙනුවෙන්  නින්දෙන් අවදිවෙමින් පළිගැනීමට සිදුව ඇති බව මෙකී වීඩියෝ පට වලින් ඔවුන් සපථ කර තිබේ.

විශ්ලේෂකයන් විසින් අනතුරැ ඇගවූ පරිදි ක්‍රිස්ට්චර්චි ප්‍රහාරය යොදා ගනිමින් සහ බටහිර ගුවන් ප්‍රහාර යොදා ගනිමින් සිය  ප්‍රහාර වඩා සාධාරණ සහ යුක්තිසහගත ප්‍රහාර ලෙස හුවා දැක්වීමේ හැකියාව තිබේ.



මෙි අතර ශ්‍රි ලංකා බුද්ධි තොරතුරැ ප්‍රකාශ කරන්නේ අයි එස් ප්‍රහාර වල දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණ බලපෑම් සහ ප්‍රවණතාවයන් මෙකී ප්‍රහාර වලද හොඳින් දක්නට ලැබෙන බවයි.ඉරාකය සහ සිරියාවේ සටන් වලට සාභාගිවූ සන්නද්ද සටන්කාමීන් ශ්‍රී ලංකාවේද සිටිති.නැෂනල් තවුෆික් ජමාත් සංවිධානයේ නායක මොහොමඩි ෂාරාන් නොහොත් ෂාරාන් හස්මි මෙයට වසර 3කට ප්‍රථම සමාජ ජාලා ඔස්සේ ප්‍රකාශ කර තිබුනේ මුස්ලිම් නොවන අනෙකුත් ජන වර්ගයන් ඉවත් කල යුතු බවකි.


මෙකී ප්‍රහාරයන්ටසතියකට පෙර ජාතික තවුෆික් ජමාත් සංවිධානය හඳුන්වා දී තිබුනේ ක්‍රිස්තියානි පල්ලි වලට අනතුරැදායක සංවිධානයක් ලෙසයි.

ද ඉන්ඩිපෙන්ඩන්ස් ඇසුරෙනි

එස්.එම් අනුරාධ සේනාරත්න

Tuesday, April 23, 2019

ISIS සංවිධානය,තවුෆික් ජමාත් සහ ගෝලීය ස්ලාමීය ත්‍රස්තවාදය

ISIS සංවිධානය , තවුෆික් ජමාත් සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය



බටහිර ජාතීන් ඉස්ලාමීය ත්‍රස්තවාදය පිලිබඳව විශ්ලේෂණය කරන ආකාරයේ කල් ඉකුත්වීමේ ප්‍රවණතාවයක් පෙන්වයි.දශක ගනනාවක් තිස්සේ මැද පෙරදිග ආරක්ෂක අංශ වලට මැද පෙරදිග මුස්ලිම් අන්තවාදී ප්‍රහාරකයන් පිලිබඳව අවධානයකින් සිටීමට සිදුවී තිබේ.වර්තමානය වන විට මෙම ත්‍රස්තවාදී තර්ජනය තවදුරටත් අපරදිග රටවලට ව්‍යාප්ත වෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය මතක් කරදී තිබේ.

පූර්ව සෝවියට් සංගමයෙන් වෙන්වී ගිය රටවලින් බිහිවූ සන්නද්ද සංවිධාන මුල් කාලයේදී එම රටවල් තුල ඇතිවූ සිවිල් හා ත්‍රස්තවාදී අර්බුදයන්ට වගකිව යුතු වුවත් පසුකාලීනව ඔවුන්ගේ අවධානය බටහිර රටවල් දෙසට යොමුවිය.මේ අතර මැද පෙරදිග ත්‍රස්තවාදී හා සන්නද්ද සංවිධාන වලින් ඇතිව තිබූ තර්ජනයන් යම් කාලසීමාවක් සඳහා යටපත් විය.ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IsIs) විරැද්ධව බටහිරයන් සිදු කරන ලද ප්‍රහාර මාළාව අතරතුරද මෙකී පූර්ව සෝවියට් සංගම් රටවලින් බිහිවූ රැසියන් කතා කරන සන්නද්ද කන්ඩායම් විසින් බටහිර රටවල ප්‍රහාරයන් සංවිධානය කරන ලදි.මේවාට සරලතම ආකාරයේ හුදකලා ප්‍රහාරයන්ද ඇතුලත් විය.වර්ෂ 2017 , නිව්යෝක් හා ස්ටෝක්හෝම් වල පදිකවේදිකාවන් මතදී පදිකයන්ට එරෙහිව එල්ලවූ ට්‍රක් රථ ප්‍රහාරයන් මේවාට නිදසුන්වේ.මෙම ප්‍රහාර වල යම් පටලැවිලි සහගත ස්වරෑපයක් තිබුනද මේවා සංවිධානය කරන ලද්දේ උස්බෙක් සන්නද්ද කන්ඩායම්ය.2016 වර්ෂයේ ඉස්තාන්බුල් ගුවන්තොටුපලේ සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය රැසියන් ජාතික සන්නද්ද කන්ඩායමක් විසින් එල්ල කරන ලද අතර 2017 දී ඉස්තාන්බුල් නගරයේ රාත්‍රී සමාජශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ උස්බෙක් ජාතිකයෙක් විසිනි.පූර්ව සෝවියට් ප්‍රදේශ වලින් සාපේක්ෂ බටහිර විරෝධී ත්‍රස්තවාදය ඉස්මතු වීමට කරැණු කිහිපයක් මුල්වී ඇති බව පෙනීයයි.
මෑත කාලීනව ඉරාකය, සිරියාව,යේමනය යන රටවල තිබූ අභ්‍යන්තර සන්නද්ද සහ ත්‍රස්තවාදී අර්බුද වල පෙරමුණ ගෙන සිටියේ මැදපෙරදිග ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී සංවිධානයයි.ඉරාකයේ සහ සිරියාවේදී නේටෝ සහ එක්සත් ජනපද හමුදා වලින් එල්ලවූ දැවැන්ත ගුවන් සහ පාබල ප්‍රහාර හමුවේ දුර්වල වූ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මේ කාලයේ නිහඬ වී සිටි බවක් පෙනිනි.



සමකාලීනව මැද පෙරදිග රටවල පැවති යුදමය වාතාවරණයන් සහ පූර්ව සෝවියට් රටවල පැවති පීඩාකාරී රජයන් වලට එරෙහි සන්නද්ධ යුද තත්වයන් එකිනෙක දාමයක් මෙන් සම්බන්ධීකරණය වීමෙන් 2017  වර්ෂය තුල ගෝලීය ත්‍රස්තවාදී ප්‍රවණතාවයක් නිර්මාණය විය.පූර්ව සෝවියට් සංගමයේ රටවල් වලින් පැමිණි රැසියන් බස හසුරැවන සන්නද්ද සටන්කාමීන් 8500 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වටා එක්වීම සිදුවිය.මෙම කන්ඩායම් වලට එක්සත් ජනපද සහ නේටෝ හමුදා පහරදීමත් සමඟම සන්නද්ද අරගලයක සහ ත්‍රස්තවාදී ප්‍රහාර වල ප්‍රථම අත්දැකීම් මෙම ජිහාඩ් සාමාජිකයන්ට ලබා ගැනීමට හැකිවිය.ඉහත තත්වයන් ශ්‍රී ලංකාවට එල්ලවූ පාස්කු ප්‍රහාරය දක්වාම සන්නද්ධ කටයුතු වලදී මහත්සේ ප්‍රයෝජනවත් වීඇති බව පෙනීයයි.

උදාහරණයක් ලෙස ස්තාන්බුල් ගුවන්තොටුපලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කල  අහමඩ් චැටීව් ඉරාක සහ සිරියා යුද්ධයේ නිරතවී සිටියදී මෙකී බටහිර ඉලක්ක වලට පහරදීමට යොමුවී ඇත.ඇමරිකානුවන් අතර ජනප්‍රිය තුර්කියේ සහ ජෝර්ජියාවේ පිහිටි හෝටල් කිහිපයක් යොදා ගනිමින් ඔහු සමඟ බුද්ධි තොරතුරැ ලබා ගැනීමට සැලසුම් කල ඉස්ලාම් අටබිව් නම් සන්නද්ධ ත්‍රස්තවාදියා සහ ඔහු අතර දුරකථන සංවාදයක් මඟින් මෙම තොරතුරැ හෙලිවී ඇත.



මෙයට සමාන ප්‍රවණතාවයක් පෙරදිග සහ දකුණු ආසියානු කලාපීය රටවලද සිදුවෙමින් පවතී.ඉරාක , සිරියානු සහ යේමන ගමන් බලපත්‍ර දරන සහ  මෙම පූර්ව සෝවියට් සන්නද්ධ සටන්කාමින්ට හොඳ සටන් අත්දැකීම් පවතී.මොවුන්ට අරාබි ජාතිකයන්ට වඩා ඉතා පහසුවෙන් සිය ගමන් බලපත්‍ර මගින් ගමන් කිරීමේ හැකියාවක් පවතී.ආසියානු කලාපය තුල මුස්ලිම්වරැන් කෙරෙහි වර්ධනය වෙමින් පවතින සානුකම්පිත ප්‍රතිචාරය උපයෝගී කර ගනිමින් ඉතා පහසුවෙන් ඔවුන්ට සංක්‍රමණය වීමේ හැකියාවක් තිබේ .පසුගිය සමයේ බංගලදේශයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්ට ශ්‍රී ලංකාව ඇතුළු  බොහෝමයක්  දකුණු ආසියානු රටවල් වලට ප්‍රවිශ්ඨ වීමේදී  ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබූ බව අපට හොඳින් මතකය.සිරියාවේ සටන්වැදී සිටින එක්තරා රැසියානු බස හසුරැවන සන්නද්ධ ත්‍රස්තවාදී නායකයෙකු ප්‍රකාශ කරන ලද්දේ ඔහුගේ සන්නද්ධ කන්ඩායමක් බංග්ලාදේශය වෙත ද එවා ඇති බවයි.දකුණු ආසියානු කලාපය තුල දැනටමත් බටහිර විරෝධී ප්‍රහාරයන් එල්ල කරමින් සිටින ප්‍රාදේශීය ජිහාඩ් සංවිධාන වලට මෙවැනි සම්භන්දතා වලින් යුද අත්දැකීම් යුද පුහුණුව සහ අවි ආයුද ලැබෙමින් පවතී.මෙහි බොහෝමයක් සංවිධාන වල මව් සංවිධාන ලෙස ක්‍රියාත්මක වන්නේ ISIS සංවිධානය හා මුජහිඩීන් යන සංවිධානයන්ය.

උදාහරණයක් ලෙස රෝහින්ග්‍යා සරණාගතයන දේශීය පමණක් නොව ගෝලීය  මුස්ලිම් අර්බුදයන් හා සම්භන්දව සිටින අතරම 2016 වර්ෂයේ ඩකා වල බේකරියක සිදුවූ ප්‍රහාරයට වගකීව යුත්තේ ඔවුන් යැයි පැවසේ.

ඉදිරි වර්ෂයන් වලදී රැසියාව හා එහි පැරණි සෝවියට් ෆෙඩරේෂනයන් වල සිට එල්ල වන මුස්ලිම් ත්‍රස්තවාදී බලපෑම් දකුණු ආසියාව වෙත වැඩි වැඩියෙන් දැනෙනු ඇත.ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකය සහ සිරියාව තුලදී කඩා වැටීමත් සමගම එයින් විසිරී පළා යමින් සිටින සන්නද්ධ කන්ඩායම් වඩාත් පහසුවෙන් නැවත පැරණි සෝවියට් සීමාවන්තුල ,යුරෝපයේ හෝ දකුණු ආසියානු කලාපයන් තුලට රිංගා සැඟවී සිටීමේ ඉතා හොඳ ප්‍රවණතාවයක් පවතී.මැද පෙරදිග සටන්කාමීන්ට වඩා ඔවුන්ට ඉතා හොද සංක්‍රමණ කුසලතාවයන් තිබීම මෙයට හේතුවයි.



දකුණු ආසියානු කලාපයේ මුස්ලිම්වරැන් කෙරෙහි මෑත කාලීනව යොමුව පවතින සානුකම්පිත තත්වය උපයෝගී කර ගනිමින් ඇමරිකන් හමුදා ප්‍රහාර වලින් පලා එන මෙකි සන්නද්ධ සටන්කාමීන් කලාපීය රජයන්ගේ පවතින ආරක්ෂක අනවධානය සහ අකාර්යක්ෂමතාවය පිටුවහල් කර ගනිමින් දකුණු ආසියානු කලාපය තුල පැලපදියම් වීම සහ සන්නද්ධ ප්‍රහාර දියත්කිරීම අරඹා තිබේ.තජිකිස්ථාන,උස්බෙකිස්ථාන සහ කසකස්ථාන ත්‍රස්තවාදී මුස්ලිම් කන්ඩායම් මේ වන විටත් දකුණු සහ අග්නිදිග ආසියානු රටවල සිය අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කිරීමට හා කඩාකප්පල්කාරී ක්‍රියාන්විතයන් සඳහා ප්‍රවේශවී සිටිති.

මෙලෙස ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයන්ගේ උපක්‍රමික ප්‍රවේශයන් පරිනාමනය වීම මත එක්සත් ජනපදයට හා අනෙකුත් රටවලට ස්වකීය ත්‍රස්ත මර්ධන ක්‍රමවේදයන් විකරණය කිරීමට සිදුවේ.පසුගිය දශක දෙකක කාලය තුල වොෂින්ටන් පාලනය විසින් මැද පෙරදිග ත්‍රස්තවාදය කේන්ද්‍ර කර ගනිමින් සුවිශාල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රති ත්‍රස්ත ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරිනි.මේකී පර්යේෂණ , විශ්ලේෂණ සහ ගවේෂණ සඳහා ඩොලර් මිලියන ගනනින් පොම්ප කිරීමට වොෂින්ටන් පාලනයට සිදුවිය.එමෙන්ම එක්සත් ජනපද සහ ගෝලීය සමාගම් බොහෝමයක්ද එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පවතින සමාජ මාධ්‍ය වල ජිහාඩීය ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම පාහේ අඩපන කර තිබේ.නමුත්Ok සහ Vk වැනි සමහර රැසියන් මෘදුකාංගයන් වල ජිහාඩීය ප්‍රචාරණය තවමත් ඉතා පුළුල්ව පවතී.

රැසියාව,සිරියාව,ඉරාකය,එක්සත් ජනපදය, පාකිස්ථානය ,ඉන්දියාව,බ්‍රිතාන්‍යය ,යේමනය,ඇෆ්ගනිස්ථානය වැනි ගෝලීය ත්‍රස්තවාදය සමඟ සාර්ථක ලෙස කටයුතු කරන රටවල බුද්ධි අංශ ,හමුදා අංශ හා සම්භන්ධීකරණයකින් කටයුතු කිරීමත් ඔවුන්ගේ අත්දැකීම් සහ සහයෝගය  ඒ සඳහා ලබා ගැනීමත් තුල ගෝලීය ජිහාඩීය ත්‍රස්තවාදය වළක්වා ගැනීමේ සාර්ථකත්වය රඳා පවතී.එමෙන්ම දේශීය ආරක්ෂක සහ බුද්ධි අංශ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මෙන්ම බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය තන්ත්‍රය සමඟද මනා සම්භන්ධීකරණයක් ඇති කිරීමත් තුල ශ්‍රී ලංකාවේ පසුගිය දා සිදුවූ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයන් සාර්ථකව වළක්වා ගැනීමට හැකි වනු නොඅනුමානය.



ශ්‍රීලංකාව තුල ප්‍රහාර එල්ල කල තවුෆික් ජමාත් සංවිධානය ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන ජමාත් උල් මුජහිඩීන් සංවිධානයන් සමඟ සම්භන්දතා පවතින බවත් ඔවුන්ගේ මවු සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බවත් දැනට බුද්ධි අංශ වාර්තා වලින් අණාවරනය වේ.




එස්.එම් අනුරාධ සේනාරත්න

Politics

Saturday, December 29, 2018

වසර 70 ක් සපිරෙන විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනය

වසර 70 ක් සපිරෙන විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනය


ඉහත ඡායාරෑපය මඟින් නිරෑපනය කරනු ලබන්නේ විශ්වීය මානව හිමිකමි ප්‍රඥප්තියේ 70 වන සැමරැම වෙනුවෙන් චීන ජාතික චිත්‍ර ශිල්පියෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වන අයි වෙයි වෙයි(Ai wei wei) විසින් සැලසුමි කරන ලද ධඡයකි.බංගලදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරැ නිරීක්ෂණය කල සංචාරය ඔහුට මෙම ධඡයට අන්තර්ගත චිත්‍රය සැලසුමි කිරීමට අවශ්‍ය ගුරැහරැකම් ලබාදී තිබෙි.අයි වෙයි වෙයි විසින් නිරීක්ෂණය කල පරිදි මෙම සරණාගත කඳවුරේ සිටි සෑම සරණාගතයෙකුම පාවහන් රහිතව සිටින ලදි.ඉහත ධඡයට  අන්තර්ගත කර ඇති නිරැවත් පාද සලකුණ මඟින් සංඛෙිතවත් කරනුයේ සෑම සරණාගතයෙකුටම පලායාම සඳහා නිරන්තර බලපෑමක් තිබු බව සහ වාසස්ථාන අහිමි කිරීමේ අවධානමට ඔවුන් නිරන්තරයෙන්ම ගොදුරැවී සිටි බවයි.

විශ්වීය මානව හිමිකමි ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කර දශක හතක් ගතවු වර්තමානයේ ද ගෝලීය මානව හිමිකම් ආරක්ෂා කිරීමෙි බලාපොරොත්තුව නිරතුරැව අනතුරැ ඇඟවෙමින් පවතී.මෙමඟින් ලොව කොතැනක හෝ සිදුවන මානව හිමිකමි උල්ලංඝනය කිරීමක් සමස්ථ ගෝලීය නීතිය සඳහාම තර්ජනයක් ලෙස දක්වා තිබෙි.එමෙන්ම මානව හිමිකමි උල්ලංඝනය කිරීම වළක්වාලීම දැඩි අභියෝගයක් එල්ල වන ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකියි.


ශ්‍රී ලංකාව( ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, පාර්ලිමේන්තුව විසුරැවා හැරීම, සුළුතර රජයක් පත්කිරීම, මහජන මුදල් නාස්තිවීම) සහ විශේෂයෙන්ම තෙවන ලෝකයේ රටවල මෑත කාලීනව ඉස්මතු වෙමින් පවතින ඒකාධිපතිවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් වියුක්ත වූ සීමාකාරී මතධාරී දේශපාලන ප්‍රවාහය හමුවේ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය නැවත වරක් සිහිපත් කිරීම අතිශයින් වැදගත්ය.මෙහි අන්තර්ගත ප්‍රඥප්තීන් හා සම්මුතීන් මඟින් අවධාරණය කරනු ලබන්නේ සෑම පුද්ගලයෙකුටම නිදහසේ සහ ආරක්ෂිතව ජීවත් වීමට ඇති හිමිකමය.මෙම ප්‍රඥප්තීන් හා සම්මුතීන් බොහෝමයක් රටවල ව්‍යවස්ථාවන්ට අනුගත කර ඇති අතරම එමඟින් කිසිදු පුද්ගලයෙකු හිතුමනාපය පරිදි අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වදහිංසා පැමිණවීම තහනම් කර තිබේ.මෙම විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින් සාධාරණ නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීම්, පුද්ගලිකත්වයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමාජයීය කටයුතු කිරීමේ  නිදහස යන අයීතීන් තහවුරැ කර තිබෙි.එමෙන්ම ආගමික චින්තන නිදහස මෙන්ම දාර්ශනික නිදහස සඳහා ඇති පුද්ගල අයිතීන් එමඟින් තහවුරැ කර තිබේ.විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින් රැකියාවක නිරතවීමේ අයිතිය සහ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමේ අයිතිය යන වැදගත් සමාජ සහ ආර්ථික හිමිකම් සඳහා වූ පුද්ගල අයිතිය අවධාරණය කරනු ලබයි.



මෙකී මානව හිමිකම් පිලිබඳ විශ්වීය ප්‍රඥප්තිය නිර්මාණය කරන ලද්දේ නිරවි යුද සමය පැවති 1940 කාල වකවානුවේදීය.එම වකවානුවේදී එකඟතාව ඇති කර ගන්නා ලද්දේ පුද්ගලයන්ට කුමන වූ මානව අයිතිවාසිකම් තිබිය යුතුද යන කරැණ පිලිබඳව පමණි.නමුත් එකී මානව හිමිකම් ඔවුන්ට තිබිය යුත්තේ මන්ද යන්න පිලිබඳව හෝ එම අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය යුත්තේ මන්ද යන්න පිලිබඳව හෝ උක්ත මානව හිමිකම් සුරැකිය යුත්තේ කවුරැන් විසින් කෙලෙසද යන්න පිලිබඳව හෝ එවකට වූ විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තියෙන් අණාවරනය නොකරන ලදි.ආරම්භයේදී මෙකී ප්‍රඥප්තීන් අත්සන් කිරීම සහ පිලිපැදීම සඳහා කිසිදු බලකිරීමක් නොවුනි.එමෙන්ම අභියාචනය කිරීමේ කිසිදු නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොවුනි.ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කර බොහෝ කලක් යන තෙක්ම එහි මූලික හරයන් පවා බොහෝ රටවල් අත්සන් කර නොතිබිනි.විශ්වයී මානව හිමිකම් ප්‍රඥප්ති ප්‍රකාශිත සමයේදී කාන්තා අයිතීන්, අබාධිත අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් සහ සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිලිබඳව එහි සඳහන් වූවේ මද වශයෙනි.නමුත් දශක හතක් පුරාවට විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තියේ සිදුවූ දැවැන්ත ප්‍රගමණය සමඟ වර්තමානය වන විට හේග් හි අන්තර් ජාතික අධිකරණ සංකීර්ණය මෙන්ම ආගමික ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ භාරය යන ආයතන කරා විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තියේ කාර්යභාරය පුළුල් වී ඇත.මේ වන විට මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිලිබඳ අණාවරනයන් නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින අතරම ඒ සඳහා පුළුල් සහයෝගිතා ජාලයක් ගෝලීය වශයෙන් සංවිධානය වී පවතී.

විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තියේ 70 වසරක කාර්යභාරය විවරණය සහ ඇඟයීම සඳහා නිව්යෝක් විශ්වවිද්‍යාලය මඟින් ගෝලීය පුරවැසියන්ගේ කොමිෂම යන තේමාව යටතේ සමුළුවක් පැවැත්වීමට යෙදිනි.මෙහිදී ලොව පුරා විවිධ රටවලින් ඒ සඳහා සාභාගී වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගේ යෝජනා
 සහ අදහස් ඒකරාශී කිරීම ද සිදුවිය.



හුදෙක් මානව හිමිකම් එකින් එක සඳහන් කිරීමෙි මෙතෙක් අනුගමනය කරන ලද පැරණි ක්‍රමය වෙනුවට අදාල හිමිකම් සුරැකීමේ වගකීම භාරගත යුත්තේ කවුරැන්ද සහ ඒවා සුරැකිය යුත්තේ කෙලෙසද යන්න පිලිබඳ වඩා සුපැහැදිලි මඟපෙන්වීමක් ගොඩනැඟිය යුතු බවට මෙම කොමිෂම මෙහිදී තර්ක කරන ලදි.මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන එන ලද යෝජනා එක්සත් ජාතීන්ගේ  නිශේධක බලය හිමි ස්ථීර සාමාජිකයන් විසින් නිශේධනය කරනු ලැබ ඇත.මේ නිසා විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තිය වර්තමානයේදීත් අව- ක්‍රියාකාරී තත්වයක පවතින අතරම ඒ නිසා සුවිශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමිවී ගොස් ඇත.එමෙන්ම මේ නිසා ගෝලීය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය පහත වැටී තිබේ.මෙම තත්වය වර්තමානයේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සඳහා තීරණාත්මක ලෙස බලපා ඇත.මේ සඳහා විසඳුම් ලෙස ඉහත කොමිෂම දක්වා තිබෙන්නේ ජන සංහාර ආදී ගෝලීය සමාජ ගැටළු වලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  නිත්‍ය සාමාජිකයන් ස්වකීය නිශේධක බලය භාවිතා කිරීමෙන් ස්වේච්ඡාවෙන්ම ඉවත් වීමයි.මේ නිසා එවැනි සිදුවීම් වලදී අදාල ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අන්තර් ජාතික අධිකරණයට පැවරීමට හැකිවේ.මානව හිමිකම් වල පුළුල් සාමූහික ඒකාබද්ධතාවයක් සහිත ගෝලීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා රජයන් සහ ආයතන වල වඩාත් සවිස්තරගත වගකීම් හඳුනා ගැනීමෙන් ඔබ්බට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සැලකිය යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ දක්නට ඇති සුවිශේෂ ලක්ෂණය වනුයේ යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තිය මෙන් එය සිවිල් සහ දේශපාලන ක්ෂේත්‍ර වල හිමිකම් වලට සීමා නොවී ඒවාට අමතරව ආර්ථික සහ සමාජ හිමිකම් යන ක්ෂේත්‍ර කරාද ප්‍රසාරණය වී තිබීමයි.නමුත් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියේ දැක්වෙන පරිදි එකී මානව හිමිකම් වැදගත් ලෙස දැක්වීම පමණක් හුදෙක් ප්‍රමාණවත් නොවේ.නිදසුනක් ලෙස දකුණු අප්‍රිකානු නූතන ව්‍යවස්ථාවේ සමාජ හිමිකම් ප්‍රවර්ධනය සඳහා නිශ්චිත ප්‍රතිඥාවන් අන්තර්ගත වුවද ඒවා බලාත්මක කිරීමේ සැබෑ වටිනාකම සතුටුදායක ලෙස ඔවුන් වටහාගෙන නොමැති බව පෙනී යයි.වර්තමානයේ ලෝකය පුරාම සිටින මිලියන 70 ක් පමණ විතැන් වූ බලාපොරොත්තු සුන්වූ ජනතාවට මෙන්ම මිලියන 20 ක් පමණ වූ සරණාගත තත්වයක පසුවන ජනතාවටද අතිශය තීරණාත්මක නව ගිවිසුමක්  මෙම දෙසැමිබරයේ අත්සන් කිරීමට නියමිතව පවතී.කොමිෂමේ  ඉහත කී වාර්තාව මඟින් සෘජුවම අවධාරණය කරනු ලබන්නේ වර්තමානයේ පවතින ගෝලීය සරනාගතයන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය මෙයට වඩා ශක්තිමත් විය යුතු බවකි.මෙය අවම වශයෙන් සරණාගතයන් සතු සංචරණය වීමේ හිමිකම සහ රාජ්‍යයන් සතුව පවතින එකී සංචරණයන් සීමාකිරීමේ බලය යන කරැණු ද්විත්වයේ තුලනයට ඔබ්බෙන් යන තත්වයක් වත් විය යුතු බව උක්ත ගෝලීය පුරවැසියන්ගේ කොමිෂම විසින් අවධාරණය කරයි.මෙය ගෝලීය චිරස්ථායී සංවර්ධනයට අන්තර්ගත කර ඇති දීර්ඝ කාලීන පරමාර්ථයන් සහිත නව අන්තර් ජාතික සම්මුතියකි.එය ආරක්ෂිත, ක්‍රමික, විධිමත් සහ වගකිම් සහිත විගමනයක්(facilitate, safe,orderly,regular and responsible migration)ලෙස හඳුන්වයි.



මෙකී කොමිෂමේ වඩාත් වැදගත් නිර්දේශයක් වනුයේ දැනට ලොව පුරා පැතිර පවතින 40 කට වඩා වැඩි යුද වාතාවරණයන් නිසා අනාරක්ෂිත තත්වයන්ට මුහුන පා සිටින ළමුන් සඳහා නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමයි.මෙකී අරමුණට අදාල නව වාර්තාවක් මෙම වසරේදී කොමිෂමෙන් එළි දැක්වීමට නියමිතය.ෂහීඩ් ෆාතිමා විසින් රචිත protecting children in armed conflicts/ යුද වාතාවරණයන්හිදී ළමුන් ආරක්ෂා කිරීම යන ග්‍රන්ථයෙන් අදාල ක්ෂේත්‍රයේ  රැඩිකල් වෙනසක් යෝජනා කරනු ලබයි.යුද කලාප තුල පිහිටි පාසල් තුල යුද කලාප වල පිහිටි රෝහල් වලට සමාන ආරක්ෂිත සුවපහසු වාතාවරනයක් සහතික කිරීම,යුද වාතාවරන පවතින රටවල ළමුන්ට සිදු වන ලිංගික ප්‍රචන්ඩත්වය වැළැක්වීමේ කාර්යක්ෂම හා සඵලදායී ක්‍රියාමාර්ග ගැනීම, ළමා පැහැර ගැනීම් වැළැක්වීම සහ ළමුන් විකිණීම වැළැක්වීම, අනතුරැදායක යුද කලාප වලට සිවිල් ජනතාව ඇතුල්වීම තහනම් කරන සහ නීති විරෝධී බවට පත් කරන පැහැදිලි ප්‍රකාශනයන් අන්තර්ගත කිරීම ෂහීඩ් ෆාතිමාගේ මෙම කෘතියේ අන්තර්ගත වේ.යුදමය වාතාවරන වලට මැදිවූ දරැවන් ආරක්ෂා කිරීමේ වඩා පහසු නෛතික මෙවලමක් සහිත යාන්ත්‍රණයක් සහ සිවිල් සමාජයේ මැදිහත්වීමට අදාල යාන්ත්‍රණයක් අනුමත කිරීම පිලිබඳව මේ වන විට අන්තර් ජාතික ප්‍රජාව සලකමින් සිටින බව ෆාතිමා අවධාරණය කරයි.

ලෝකය ගෝලීයකරණය මඟින් මෙතරම් සමීපවී ඇති යුගයක පවා ලොවපුරා සිටින මිලියන ගනනක් පමණ පුද්ගලයන් මානව හිමිකම් ලෝකයේ සැමගේ විශ්වීය අයිතීන් ලෙස නොසලකන බව පෙනී යයි.මේ නිසා දැනටත් රටවල් කිහිපයක ක්‍රියාත්මක වන ආකාරයට රජයක් විසින් මානව හිමිකම් අධ්‍යාපනය දිරිමත් කිරීම සහ කාර්යක්ෂම ලෙස විධිමත් කිරීම සඳහා කෙලෙස ක්‍රියාත්මක විය යුතු දැයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ  ගෝලීය නීතිය පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ෆෝනා ෆෝමන් මහත්මියගේ නිර්දේශයන් ගෝලීය පුරවැසියන්ගේ කොමිෂම සැලකිල්ලට ගෙන තිබේ.



එක්සත් ජනපද හිටපු ජනාධිපති ෆ්රෑන්ක්ලින්ක් රෑස්වෙල්ට් මැතිතුමා ඔහුගේ ලිපියක වරෙක ප්‍රකාශකර ඇති දාර්ශනික පාඨයක් අවසන් වශයෙන් සිහි කැඳවමි.

මිනිසුන් යමක් පිලිබඳ දන්නේ නම් සිතන්නේ නම් හෝ ඔවුන් ජීවත් විය යුතු බව ඉල්ලා සිටින්නේ නම් මිස සාමූහික සමාජය කිසිදු භාරයක් රැගෙන නොයයි.වර්තමානයේ හෝ අනාගතයේදී විශ්වීය මානව හිමිකම් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයකට රැගෙන ඒමට මෙම සරල සුගම සත්‍යය කෙරෙහි අප අනුගත විය යුතුය.



Ground viws/ Us todayඇසුරෙනි

අනුරාධ සේනාරත්න


Thursday, December 6, 2018

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරැවා හැරීම ව්‍යවස්ථා විරෝධීද?

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරැවා හැරීම ව්‍යවස්ථා විරෝධීද?



2018 ඔක්තොම්බර් 28 වනදා සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා ගන්නා ලද තීරණ ගනනාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුල වර්තමානයේ උද්ගතව පවතින ආර්ථික, දේශපාලනමය, සමාජමය සහ ව්‍යවස්ථාදායක අවුල්කාරී වාතාවරණය තව දුරටත් කාලයත් සමඟ ඇදී යමින් පවතින බව පැහැදිලිව පෙනී යන්නකි.අප දකින ආකාරයට මෙකී තීරණයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා යාමක් සහ උල්ලංඝනය කිරීමක් ලෙස පැහැදිලි කල හැකිය.මෙම ලිපිය ඉලක්ක කරනුයේ ඔක්තොම්බර් 26 දා සිට පැන නැඟුන ව්‍යවස්ථාමය ගැටළු සමූහයයි.

මෙම තත්වය සෘජුවම පැවති යහපාලන සන්ධානයෙන් එක් දේශපාලන ධාරාවක් ඉවත්වීම, හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම, නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම, ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර ඇතිවී තිබෙන අර්ථ නිරෑපන විෂමතා සහ අවසාන වශයෙන් පාර්ලිමෙින්තුව විසුරැවා හැරීමට ජනපතිවරයා ලබා ගත් තීරණය යන කරැණු ඔස්සේ ගොණු වන්නකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවති සම්මුති සන්ධාන රජයෙන් ඉවත්වීම නිසා අග්‍රාමාත්‍යධූරය සදහා පුරප්පාඩුවක් ඇතිවීද?

පවතින සන්ධානයකින් එම සන්ධානයේ එක් පාර්ශවයක් ඉවත්වීම පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩලය හෝ රජය හෝ අග්‍රාමාත්‍ය ධූරය හෝ පුරප්පාඩු වන බව දැක්වෙන කිසිදු ව්‍යවස්ථාමය සම්පාදනයක් නොමැතිය.ජාතික ආණ්ඩු පිලිබඳ සඳහන් වන ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) යන වගන්තීන් හි එවැනි අවස්ථාවන්හි ඉහත තනතුරැ වලට ඇති වන බලපෑම පිලිබඳව කිසිදු සඳහන් කිරීමක් නොමැත.

ජාතික රජයක් ඇති කිරීමෙන් සිදුවූ එකම නෛතික ප්‍රතිපලය වූවේ සාමාන්‍ය තත්ව වලදී පාර්ලිමේන්තුව තුලින් තෝරා ගන්නා ලද කැබිනට් ඇමතිවරැ 30 සහ කැබිනට් නොවන ඇමතිවරැ 40 යන උපරි සීමා වල් ඉක්මවා යමින් ඇමති මණ්ඩලයක් පත් කිරීම සිදුවීමයි.මේ අනුව ජාතික රජය බිඳ වැටීමක් සිදුවුනි නම් එහිදී සිදු වන එකම නෛතික ක්‍රියාවලිය වනුයේ කැබිනට් ඇමතිවරැ 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිවරැ 40 දක්වාත් පහල සංඛ්‍යාත්මක අගයකට වැටීමයි.මෙම තත්වයේදී ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කැබිනට් තනතුරැ පත්කිරීමට හෝ ඉවත් කිරීමට බල තල ඇති බව ව්‍යවස්ථාවේ 45(1) සහ 45(3) යන වගන්ති වලින් සඳහන් කරනු ලැබේ.


පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්නා සේ පෙනෙන ඕනෑම තමා කැමති අයෙක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබේද?

මෙහිදී ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ඒකපාර්ශවීයව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහකිරීමට අදාල බලතල ලබාදී නොමැත.මරණයකදී හෝ ඉල්ලා අස්වීමකදී හෝ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහිමි වීමකදී හැර ව්‍යවස්ථාව විසින් අර්ථ නිරෑපනය කරනු ලබන වාතාවරණයන් සහ ක්‍රමවේදයන් තුල සමස්ථයක් ලෙස අග්‍රාමාත්‍යවරයාට පවතින විශ්වාසය භංග වීමක් පාර්ලිමේන්තුව  විසින් නිරෑපනය කරන විටදී ඔහුව අදාල තනතුරෙන් නෙරපීමේ පදනම සකස්වේ.ඒ අනුව 42(4)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය මඟින් අර්ථ නිරෑපනය වන පරිදි ජනාධිපතිවරයා විසින්පත්කල යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්නේයැයි තමන් විසින් විශ්වාස කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.මෙම පරිච්ඡේදයෙන් අදහස් වන පරිදි මෙකී ලෙස අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලතල ජනාධිපතිවරයා මත පැවරී තිබේ.

ජනරජයේ ජනාධිපතිවරයා මත වූ මෙම ව්‍යවස්ථාමය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම පොදු යහපතට සහ අනෙකුත් රාජ්‍ය යාන්ත්‍රණයන්ගේ කාර්යක්ෂමතාවයට හේතු වන පරිදි විය යුතුය.එය ජනාධිපතිවරයාගේ පුද්ගලික වාසිය හා මනාපය පරිදි හෝ අනෙකුත්පුද්ගලික  මතවාදයක් පදනම් කරගෙන නොවිය යුතු බව මෙහිදී පැහැදිලි කලහැකිය.

ප්‍රජාතන්ත්‍රීය ව්‍යවස්ථාවක් අර්ථ නිරෑපනය කිරීමේ ප්‍රධානතම පදනම වන්නේ ප්‍රජාතන්ත්‍රීය, ව්‍යවස්ථාදායී, යහපාලන සහ පොදු යහපත ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක වීමයි.මෙම ව්‍යවස්ථාවේ ප්‍රධානතම අරමුණ වන්නේ විධායක බලතල ශක්තිමත් කිරීම, ඒකපාර්ශවීයභාවය හෝ පටු දේශපාලන අර්ථයන් උදෙසා රජයන් වෙනස් කරමින් යන රහස් කුමන්ත්‍රණකාරී  ක්‍රියාදාමයක් සඳහා උපයෝගී කර ගැනීමක් නොවේ.මෙම නිසා එලෙස අග්‍රාමාත්‍යවරයා තේරීම හුදෙක් පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හා විශ්වාසය පරිදි සිදුවිය යුත්තක් මිස ජනාධිපතිවරයාගේ පුද්ගලික හා දේශපාලන පක්ෂ අවශ්‍යතාවයක් මත සිදුවිය යුත්තක් නොවන බව අර්ථ නිරෑපනය කර තිබේ.

එමෙන්ම 42(4) වගන්තිය මගින් වැඩිදුරටත් දක්වා සිටිනු ලබන්නේ නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමටහැකි වන්නේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පුරප්පාඩුව පවතින විට පමණක් බවය.නමුත් ඔක්තොම්බර් 26 ඇතිවු තත්වය ව්‍යවස්ථාවේ මෙකී වාතාවරනයන්ට වෙනස්ය.පාර්ලිමේන්තුව තුල බහුතර විශ්වාසය දිනාගත් අග්‍රාමාත්‍යවරයෙකු සිටියදී එම අග්‍රාමාත්‍යවරයා බලයෙන් නෙරපිය හැකි ව්‍යවස්ථාමය බලතල කිසිවක් ජනාධිපතිවරයාට පවරා නැත.


2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කල පසු මරණයකදී හෝ ඉල්ලා අස්වීමකදී හෝ පාර්ලිමේන්තු සාමාජිකත්වය  අත්හිටුවීමකදී  අග්‍රාමාත්‍යවරයාගේ ධූරය අත්හිටුවීමේ හැකියාව ඇත.මෙයට අමතරව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, පනතක් හෝ විශ්වාසභංගයක්  සම්භන්ද පාර්ලිමේන්තු විවාදයක් ආණ්ඩු පාර්ශවය  පරාජයට පත්වීමේදී ද ව්‍යවස්ථාවේ 46(2) සහ 48 ඡේදයන්/ වගන්ති මත අග්‍රාමාත්‍යධූරය අත්හිටුවීමේ අවකාශ පවතී.මෙලෙස ව්‍යවස්ථාව මඟින් අග්‍රාමාත්‍යවරයාගේ ධූරය අත්හිටුවිය හැකි අවස්ථාවන් විශේෂණය කර තිබියදී ජනාධිපතිවරයාට සිය පුද්ගලික මනාපය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කල හැකි පෙර පැවති බලතල මේ වන විට ඉවත් කර ඇත්තේය.එමඟින් පැහැදිලි වන පරිදි ඉහතකී ක්මෙවේදයන් හැරැන කල ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කල හැකි වෙනත් මාර්ගයක් හෝ මාර්ගයන් නොමැති බව පෙන්වා දෙනු හැකිය.බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉහතකී ආකාර වලින් ඉවත්වූ විටෙක නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමේ බලතල ඉහත කලින් සඳහන් කල බහුතර පාර්ලිමේන්තු විශ්වාසය මත පමණක් පදනම් වෙමින් ජනාධිපතිවරයාට හැකියාව ඇත.

වැඩි දුරටත් කරැණු සලකා බැලීමේදී 19 වන ව්‍යවස්ථාවෙන් නැවත බලාත්මක කරන ලද ජනාධිපතිවරයාට අවස්ථා 2කකදී පමණක් ධූරය දැරිය හැකි පදනම මත දෙවරකට වඩා වැඩි වාර ගනනක් ජනාධිපතිධූරය දරන ලද සහ ජනාධිපති ධූරය සඳහා ව්‍යවස්ථාමය වශයෙන් නොසුදුස්සෙකු අග්‍රාමාත්‍යධූරය සඳහා පත් කිරීම කල නොහැකිය.එමෙන්ම පැවති අග්‍රාමාත්‍යවරයාගේ ධූර කාලය ඉක්මවා නොගොස් තිබියදී එලෙස නව අගමැතිවරයෙක් පත් කිරීම ව්‍යවස්ථාව ඉක්මවා යන්නකි.

ව්‍යවස්ථාවේ 31(2) සහ 91C වගන්ති මගින් පැහැදිලි කරන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය සඳහා පත් කරන ලද්දේ මෙලෙස දෙවරකට වඩා ඔහු ජනාධිපති තනතුරේ කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපතිධූරයේ කටයුතු කිරීමට ව්‍යවස්ථාමය නොසුදුස්සෙකු වී සිටින පසුබිමක් තුලයි.40(1)a  වගන්තිය මගින් පැහැදිලි වන ආකාරයට කිසියම් ජනාධිපතිවරයෙකුගේ ධූර කාලයක් ඇතුලතදී එම ධූරය සඳහා පුරප්පාඩුවක් ඇතිවුවහොත් පාර්ලිමේන්තුව විසින් එම ඉතිරි ධූර කාලය සඳහා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා/ අග්‍රාමාත්‍යවරයා පත් කල යුතුය.ආර් ප්‍රේමදාස ජනපතිවරයා මැයි මස 01 වැනිදා ඝාතනයට ලක්වීමත් සමඟ එවකට අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කල ඩී.බී විජේතුංග මහතා ජනාධිපතිධූරයට පත්වූවේ එම ව්‍යවස්ථා පදනම මතයි.

ඔක්තොම්බර් මස 26 වන දින නව අගමැතිවරයා පත් කිරීමේදී මෙකී ඉතා බැරෑරැම් ව්‍යවස්ථාමය සත්‍යය ජනාධිපතිවරයා විසින් අමු අමුවේම නොසලකා ඇති බව පැහැදිලිය.

Ground viws / Us review/world politics- Uk ඇසුරිනි

අනුරාධ සේනාරත්න(politics)

Sunday, June 17, 2018

ඇමරිකාවට කරට කර අභියෝගක් ලබාදෙන චීන-රැසියා ගජමිතුරෝ

ඇමරිකාවට කරට කර අභියෝගක් ලබාදෙන චීන-රැසියා ගජමිතුරෝ



පසුගිය ජූනි 09-10 යන දෙදින තුල ක්වින්ඩාඕ හි පැවති ෂැන්හයි සහයෝගිතා සංවිධාන සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින් පින් සහ රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් යන නායකයන් දෙපළගේ හමුවක් පැවැත්විනි.මෙම හමුවත් සමඟ පසුගිය වසර පහක කාලය ඇතුලත මෙම නායකයන් දෙපළ  25 වතාවක් එකිනෙකා හමුවී ද්විපාර්ශවික වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.චීනය සහ එක්සත් ජනපදය අතර පවතින වෙළඳ යුද්ධය ක්‍රමයෙන් උග්‍ර තත්වයකට පත්වන අතර චීනය සහ එහි පැරණි සගයාගේ මෙම හමුවීම චීන-රැසියන් ද්විපාර්ශවික සම්භන්දතා වල නව පරිච්ඡේදයක් විවර කරාවිද? එමෙන්ම චීනය දැනට එය අනුගමනය කරන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරව එය මුලින් අනුගමනය කල පශ්චාත් මාවෝවාදී විදේශ ප්‍රතිපත්තියකට පිවිසීමේ ප්‍රවණතාවක් පෙන්වමින් සිටිත්ද?මේ නිසා චීනය හා රැසියාවේ අනෝන්‍ය මිත්‍රත්වය සමඟ ඔවුන්ගේ පොදු ප්‍රතිවාදියා වන එක්සත් ජනපදය අර්බුදකාරී සම්භන්දතාවයක නියුතුව සිටින බව පැහැදිලි වෙමින් පවතී.

එක්සත් ජනපදයේ බලපෑම් පොදු සන්දර්භයක් නිර්මාණය කරයි.



පොදුවේ එක්සත් ජනපදය මඟින් චීනය හා රැසියාව යන රටවල් ද්විත්වයටම ආර්ථික හා ආරක්ෂක අංශයන්හි අභියෝග මතුකර ඇත.පසුගිය මැයි 18 වන දින චීනය හා එක්සත් ජනපදය එලඹුන  ද්විපාර්ශවික එකඟතාවයට අනුව උග්‍රවෙමින් පවතින දෙරට අතර වෙළඳ යුද්ධය නැවතාලීමට දෙරටම එකඟතාවය පළ කර තිබේ.පසුගියදා චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලියු හී මහතා වොෂින්ටනයේ සංචාරයක නිරතව සිටියදී මෙකී පුළුල් රාජ්‍යතාන්ත්‍රික අවබෝධතා ගිවිසුම ඇති කර ගන්නා ලදි.

කෙසේවුවද පසුගිය ජුනි 15 වන දින ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයෙන් ආනයනය කරන එක්සත් ජනපද ‍ඩොලර් බිලියන 50 ක් හෝ එයට වැඩි වටිනාකමකින් යුතු ආනයනික භාන්ඩ සඳහා 25% ක බදු අයකරන බව ප්‍රකාශ කරනු ලැබීම බීජිං පරිපාලනයේ බලවත් කෝපයට හේතුවිය.නමුත් එයට ප්‍රථම එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ චීනයෙන් ආනයනය කරන ඉලෙක්ට්‍රොනික ස්පර්ෂක සංවේදී තිර(Touch screens), වානේ ඇතිරැම්, වෛද්‍ය උපකරණ, ගුවන්යානා අමතර කොටස් සහ උපාංග, වියලි කෝෂයන් සඳහා 25% ක බද්දක් අය කෙරෙන බවයි.මෙම තත්වය මත චීනය විසින් එක්සත් ජනපදයට එකට එක කිරීමක් වශයෙන් නරක ප්‍රතිචාරයක් දැක්වීමට කල්යල් බලා සිටින ලද බව පෙනීයයි.

අනෙක් අතට ආරක්ෂක සහ දේශපාලනික ක්ෂේත්‍ර වලදීද එක්සත් ජනපදය විසින් චීනයට අකඃන්ඩ තර්ජනයක් ගෝලීය සන්දර්භය තුල එල්ල කරමින් සිටියි.බීජිං පරිපාලනය සිය ප්‍රමුඛත්වය ලබා දී ඇති එක් වැදගත් කරැණක් ලෙස තායිවානය සම්භන්ද ගැටළුව හැඳිනගත හැකිය.මේ අතර 1979 සිට පැවති චීන- එක්සත් ජනපද ද්විපාර්ශවික සම්භන්දතා පදනම් කර ගනිමින්  ට්‍රම්ප් පරිපාලනය විසින් " එක් චීනයක් එක් මාවතක්" යන සංකල්පය පුළුල් කිරීමට උත්සහ ගනිමින් සිටියි.එමෙන්ම කොන්ග්‍රස් මණ්ඩලය විසින් තායිවාන සංචාරක සහ ප්‍රවාහන පනත සම්මත කරමින් ඉහල මට්ටමේ එක්සත් ජනපද රාජතාන්ත්‍රික නිලධාරීන්ට තායිවානය වෙත සංචාරය කිරීම දිරිමත් කරනු ලැබ ඇත.මෙමගින් අපේක්ෂා කරනුයේ නව අවිආයුද සහ යුද්ධෝපකරණ තායිවානය වෙත එක්සත් ජනපදයෙන් විකිණීමේ පහසුකම් පුළුල් කිරීමකි.මෙකී පනත ජනාධිපති ට්‍රම්ප් විසින් ඉතා ඉක්මනින්ම අනුමත කරනු ලැබීම ද චීනයේ දැඩි කෝපය දෙගුන කිරීමට සමත් විය.



ආනයනික චීන භාන්ඩ සඳහා බදු අයකරමින් වෙළඳ යුද්ධයක් සහ තායිවානයට නවීන අවි ආයුද ලබාදීමේ පහසුකම් පුළුල් කරමින් සීතල යුද්ධයක් නිර්මාණය කරමින් එක්සත් ජනපදය වර්තමානයේ චීනය සමඟ පැවති සුපුරැදු එදිරිවාදීබව වර්ධනය කර ගෙන තිබේ.පසුගිය වසර කිහිපය තුල එක්සත් ජනපද යුද නෞකාවන් දකුණු චීන මුහුදේ නිතරම යාත්‍රා කිරීම ද්විපාර්ශවික අර්බුදය තවත් තීව්ර කිරීමට සමත්ව ඇත.

මෙයට සමගාමීව මොස්කව් පරිපාලනයද වොෂින්ටනය සමඟ අර්බුදකාරී තත්වයක පටලැවී සිටියි.2014 වර්ෂයේදී රැසියාව විසින් ක්‍රිමියාව සිය භූමියට ඈදා ගන්නා ලද යුක්රේන හුටපටයේදී  එක්සත් ජනපද - රැසියා ද්විපාර්ශවික සම්භන්දතා පහලටම කඩාගෙන වැටුනි.එමෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපීය ප්‍රජාව මඟින් රැසියාව මත ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බාදක පනවන ලදි.උදාහරණයක් ලෙස රැසියාවේ ජී 08 කන්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවීමට ක්‍රියාකරන ලදි.එක්සත් ජනපදය විසින් රැසියාවේ ආර්ථික හා ආරක්ෂක ක්ෂේත්‍ර සඳහා සම්බාදක තර කිරීම, බල ශක්ති නිෂ්පාදන කර්මාන්ත සඳහා සම්බාදක පැනවීම සහ රැසියානු  මූල්‍ය බැංකු මඟින් බටහිර වෙළඳපල තුල සිදුකරන මූල්‍යමය කටයුතු අවහිර කිරීම යන ක්‍රියා මඟින් වොෂින්ටන් පාලනය මඟින් රැසියානු ව්‍යාපාරික ප්‍රජාවට එල්ල කරන ලද්දේ දැවැන්ත පහරකි.

මෙම ප්‍රවණතාවය ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද්දේ පසුගිය අප්‍රේල් 06 වනදා සිටයි.එක්සත් ජනපද භාන්ඩාගාර දෙපාර්තමේන්තුව මඟින් පූටින්ට සම්භන්ද රැසියන් ප්‍රභූවරැන් සත් දෙනෙකුටත්, රැසියානු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 17 දෙනෙකුටත් එරෙහිව පනවන ලද සම්භාදක මඟින් ඔවුන්ට බරපතල තර්ජනයක් සිදු කරන ලදි.එමෙන්ම ඒ හරහා ජනාධිපති පූටින්ට අනතුරැ ඇඟවීමක්ද සිදු කිරීමට වොෂින්ටන් පාලනය අරමුණු කරන්නට ඇත.ඒ සම්බාදක පනවන ලද රැසියන් ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් අතර ජනාධිපති පූටින්ගේ බෑනා කෙනෙක්ද ඇතුලත්වීම මඟිනි.එක්සත් රාජධානිය තුල සිදුවූ ස්නායුක විෂ රසායනික ප්‍රහාරය සම්භන්දව රැසියාවට චෝදනා එල්ල වීමත් සමඟම වොෂින්ටන් පාලනය විසින් එයට ප්‍රතිචාර ලෙස මාර්තු 26 වන දින රැසියන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් 60 දෙනෙකු පිටුවහල් කරන බව නිවේදනය කලේය.එමෙන්ම සියැට්ල් හි රැසියන් තානාපති කාර්යාලයද වසා දමන ලදි

.

මොස්කව් පරිපාලනය සමඟ වොෂින්ටනය ඇති කර ගත් මෙම අලකලංචිය මුළු මැදපෙරදිග කලාපයම උණුසුම් කිරීමට සමත් විය.මේ අතර සිරියාව විසින් එහි කැරලිකරැවන්ට එරෙහිව රසායනික අවි භාවිත කලේ යැයි කරන ලදචෝදනා වලට අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය යන ඒකාබද්ධ ගුවන් බලගණයන් විසින් රැසියන් ආරක්ෂාව යටතේ පැවති සිරියානු හමුදා කඳවුරැ වෙත විනාශකාරී ගුවන් ප්‍රහාර මාළාවක් එල්ල කරන ලදි.පූටින් විසින් එක්සත් ජනපදය ප්‍රමුඛ ගුවන් බලගණය විසින් මෙලෙස එල්ල කල ගුවන් ප්‍රහාර හෙලා දකින ලද්දේ ඒවා ප්‍රචන්ඩකාරී ප්‍රහාර ලෙස හඳුන්වමිනි.


රැසියානු-චීන ද්විපාර්ශවික බැඳීම් ශක්තිමත්වීම



චීන -රැසියා දෙපාර්ශවයටම එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා සංගමයෙන් එල්ල වන මෙකී ආර්ථික හා ආරක්ෂක තර්ජනයන් හමුවේ මෙකී දෙපාර්ශවය අතර සම්භන්දතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී.බීජිං පාලනය මොස්කව් සමඟ ක්‍රමයෙන් වර්ධනය වන ද්විපාර්ශවික  සම්භන්දතා ගොඩනඟන්නට විය.2013 දී වත්මන් චීන ජනාධිපති ෂී ජින් පින් බලයට පත් වීමත් සමඟම චීන -රැසියා උපක්‍රමික අවබෝධතා සහයෝගීතාවය නව යුගයකට එලඹිනි.ෂී සමඟ පූටින් සමීප පුද්ගලික සම්භන්දතාවයක් මෙන්ම සමීපව ක්‍රියාත්මක වීමේ අවබෝධතාවයක් වර්ධනය කර ගත්තේය.

රැසියාව සහ චීනය අතර නව සන්නිවේදන චැනලයක් විවෘත කරමින් 2014 සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව සහ රැසියානු ජනාධිපති කාර්යාලය අතර විධිමත් වැඩමුළු රැස්වීම් සෑම වසරක් පාසාම පැවැත්වෙන්නේ ද්විපාර්ශවික සම්භන්දතා වල නව කඩයිමක් පසුකරමින්ය.ද්විපාර්ශවික නායකයන් නිරන්තර විධිමත් කාල සටහනකට අනුව හමුවීමත් ඉහල මට්ටමේ රාජකාරිමය හමු විධිමත්ව පැවැත්වීමත් තුලින් චීනය හා රැසියාව ඉතා සමීප සම්භන්දතාවක් මේ වන විට වර්ධනය කර ගෙන තිබේ.

මේ අතර පසුගිය අප්‍රේල් 1 දා චීන  ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ගි විසින් රැසියන් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත විය.එයට පසු චීන විදේශ අමාත්‍ය වැංග් යී විසින් රැසියන් සංචාරයක නිරත වන ලද අතර ඔහු රැසියන් ජනාධිපති විලැඩිමීර් පූටින් හමුවී සාකච්ඡා පැවැත්වීය.චීන විදේශ ඇමති වැංග් යී මහතාගේ රැසියානු සංචාරය චීන- රැසියා ද්විපාර්ශවික හමුදාමය සහයෝගීතාවය නිරෑපනය කල අතර එමඟින් එක්සත් ජනපදයේ හමුදාමය අභියෝග වලට මුහුනදීම සඳහා අනෝන්‍ය සහයෝගීතා එකමුතුවක් ලෙස ප්‍රදර්ශනය කලහ.



උතුරැ චීන මෝර්නින් පෝස්ට් පුවත් පත විසින් වාර්තා කර ඇති පරිදි " චීන නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මා රැසියාවේ සංචාරයක් සිදුකරන්නේ අප අතර වර්ධනය වී පවතින ඉහල මට්ටමේ ද්විපාර්ශවික සම්භන්දතා පිලිබඳ ලෝකයට අවබෝධයක් ලබා දීමටයි.එමෙන්ම අපගේ හමුදාවන් අතර උපායමාර්ගික සහයෝගීතාවයක් ඇති කිරීමේ දැඩි අධිෂ්ඨානයත් මෙම සංචාරයෙන් නිරෑපනය කිරීමට මා බලාපොරොත්තු වෙනවා " යනුවෙන් චීන නව ආරක්ෂක ඇමතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.එමෙන්ම වැඩිදුරටත් ජනමාද්‍යවේදීන් ඇමතූ හෙතෙම " චීන සහ රැසියා යුද හමුදාවන් අතර පවතින සමීප බැඳීම ඇමරිකානුවන් විසින් තේරැම්ගත යුතුව ඇති බවත් අවධාරණය කලේය.

මෙලෙස වේගයෙන් වර්ධනය වන දේශපාලන සම්භන්දතාවයන් සහ ආර්ථික සම්භන්දතාවයන් උච්ච ස්ථානයට පත් වන අතරතුර අනෝන්‍ය  ආර්ථික සහනයන් සහ අනෝන්‍ය ආර්ථික තරඟකාරීත්වය මඟින්  චිරස්ථායී සහයෝගීතාවයක් සඳහා පසුබිම නිර්මාණය කරයි.රැසියාව සඳහා චීනය යනු වැදගත් වෙළඳපලක් මෙන්ම ප්‍රාග්ධන ප්‍රබවයකි.විශේෂයෙන්ම මෙය වැදගත් වන්නේ එක්සත් ජනපදය විසින් පනවනු ලැබූ දැඩි ආර්ථික සම්බාදක හමුවේය.චීනය සඳහා රැසියාවේ ස්ථාවර ඉන්ධන හෙවත් ශක්ති සැපයුම ස්ථාවර ආර්ථික වර්ධනයක් සඳහා ඉතා වැදගත්වේ.චීනය වසර 8 ක් පුරාවටම රැසියාවේ සුවිශාලම වෙළඳ සගයා ලෙස ක්‍රියාත්මක වේ.2017 වර්ෂයේදී චීනය සහ රැසියාව අතර ද්විපාර්ශවික වෙළඳ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 84.07 ක් වූ අතර එය 20.8% ක සුවිශාල වර්ධනයකි.



මේ අතර දෙරට අතර පවතින බල තුලනය විස්ථාපනය කිරීම සදහා පවතින අන්තර් ජාතික බලපෑම් නිෂ්ක්‍රීය කිරීමට සුහදශීලී වාතාවරනයක් නිර්මාණය කර ඇත.මේ අතර රැසියාව විසින් චීනයේ  "එක් තීරැවක් එක් මාවතක් " යන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී චීනය හා සහයෝගයෙන් ක්‍රියා කරයි.එමෙන්ම චීනය හා රැසියාව යුරේසියානු ආර්ථික සහයෝගිතා උපායමාර්ගික BRI වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මතු සම්භන්දයි.

THE DIPLOMAT ඇසුරෙනි.

අනුරාධ සේනාරත්න




Friday, June 15, 2018

ට්‍රම්ප්-කිම් සමුළුවෙන් හෙලිවූ අභිරහස්

ට්‍රම්ප් - කිම් සමුළුවෙන් හෙලිවූ අභිරහස්



පසුගියදා පැවති ට්‍රම්ප්- කිම් හමුව සඳහා පහසුකම් සැපයීමේ භූමිකාව වෙනුවෙන් සිංගප්පූරැව තෝරා ගැනීමට විශේෂිත හේතු කිහිපයක් තිබේ.අන්තර් ජාතික මට්ටමේ සුවිශේෂ වැදගත්කමකින් යුතු හමුවක් සංවිධානය කිරීම සඳහා සිංගප්පූරැව සතු වන පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන හොඳටම ප්‍රමාණවත් බව මෙයට ප්‍රධානතම හේතුවයි.එලෙසම උතුරැ කොරියාවට භූගෝලීය වශයෙන් වඩාත් සමීපව පිහිටීමයි.නමුත් මෙම කරැණු වලට අමතරව උතුරැ කොරියාව විසින් සිංගප්පූරැවේදී මෙම සමුළුව පැවැත්වීමට අනුමැතිය ප්‍රකාශ කිරීම සඳහා හේතුවූ කවුරැත් නොදන්නා කරැණක්ද තිබේ.පසුගිය අඩ සියවසක් පුරාවට උතුරැ කොරියාවේ වඩාත් සමීප එමෙන්ම රහසිගත රාජ්‍ය තාන්ත්‍රික සගයෙක් ලෙසට සිංගප්පූරැව ඉටු කල වැදගත් කාර්යභාරය මෙලෙස උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව මත දැඩි විශ්වාසයක් තැබීමට ප්‍රධාන හේතුවයි.

1989 දී  සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමඟම සම්පූර්ණයෙන්ම අන්තර් ජාතික  රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතා වලින් හුදකලා වූ තත්වයට පත්වූ උතුරැ කොරියාවට එතැන් පටන් සිටියේ රාජ්‍ය තාන්ත්‍රික සගයන් අල්පයකි.1989 පටන්ම උතුරැ කොරියාව සමඟ ඒකාකාරී සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවක් පවත්වාගෙන ගිය එකම රට සිංගප්පූරැවයි.එමෙන්ම සිංගප්පූරැව එක්සත් ජනපදය සමඟ ඒකාකාරී ස්ථාවර සහ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවක් දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.



සිංගප්පූරැව සහ උතුරැ කොරියාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතාවයේ වැදගත් කරැණු මෙලෙස පැහැදිලි කල හැකිය.

1.  අන්තර් ජාතික වලංගුභාවය ලබා ගැනීමට උපකාරවීම

1965 දී සිංගප්පූරැව මළයාසියාවෙන් නිදහස ලබා ගත් අවස්ථාවේදී එහි ස්වාධීනත්වය අන්තර් ජාතිකව පිලිගත් රටවල් කිහිපයෙන් එක් රටක් වූවේ උතුරැ කොරියාවයි.මෙම ක්ෂණික අනුමැතිය සහ පිලිගැනීම  ඒ සමයේදී සිංගප්පූරැවට අන්තර් ජාතික වශයෙන් හොඳ පසුබිමක් නිර්මාණය කිරීමට සමත් වූ අතර වර්තමානයේ එරට දේශීය සහ අන්තර් ජාතික වශයෙන් ගොඩනඟා ගෙන ඇති සාර්ථකත්වයට එදා සහයෝගය බෙහෙවින් උපකාර වී ඇත.

2.  කොමියුනිස්ට්වාදී  රටවල් අතර පිලිගැනීමක් ලැබීමට උපකාරවීම

සිංගප්පූරැවේ පැවැත්මට එවකට එල්ලවූ ප්‍රධාන බාධකය නම්  චීනයේ සහයෝගය ලැබූ මාවෝ වාදී කොමියුනිස්ට් කැරළිකරැවන්ගෙන් එල්ලවූ  තර්ජනයයි.සිංගප්පූරැව යනු ඇංග්ලෝ ඇමරිකානු කඳවුරක් ලෙසට චීනය දැකීම වැළැක්වීමට හේතු වූවේ කොමියුනිස්ට් රාජ්‍යයක් වු උතුරැ කොරියාව විසින් එය අන්තර් ජාතිකව පිලිගනු ලැබීමෙනි.

3. වෙළඳ සම්භන්දතා

1967 දී සිය ගෝලීය සම්භන්දතා ආරම්භ කරමින් 1969 දක්වා ඒකාකාරී විදේශ රාජ්‍යතාන්ත්‍රික ප්‍රගමනයක් උතුරැ කොරියාව විසින් පෙන්නුම් කර තිබේ.මුල් වරට තානාපති කාර්යාලයක් උතුරැ කොරියාව විසින් විවෘත කරන ලද්දේ 1975 දීය.එතැන් පටන් වර්තමානය වන තෙක්ම උතුරැ කොරියාවට කොමියුනිස්ට් රට වලින් පරිභාහිරව තානාපති කාර්යාල පවතිනුයේ අතලොස්සකි.සමුළු සංවිධායකයන් විසින් උතුරැ කොරියානු නායකයාගේ අභිමතයන්ට අනුකූලව පහසුකම් සපයන බව ඔහුට තහවුරැ කල හැකි පරිදි සමුළුවට පහසුකම් සපයන රටේ උතුරැ කොරියානු තානාපති කාර්යාලයක් තිබීම තීරණාත්මක සාධකයකි.

4. නිරන්තර රාජ්‍ය තාන්ත්‍රික නිරීක්ෂණ චාරිකා

උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව වෙත නිරන්තර රාජකාරීමය නිරීක්ෂණ චාරිකා සංවිධානය කරනු ලැබ තිබේ.මෙය සංඛ්‍යාත්මකව අනෙකුත් ඊසාන දිග ආසියානු රටවලට උතුරැ කොරියාව විසින් සිදු කරනු ලැබූ සංචාර වලට වඩා බෙහෙවින් වැඩි වේ.2014 දී උතුරැ කොරියානු විදේශ කටයුතු අමාත්‍ය රී සූ යොංග් විසින් සිංගප්පූරැවේ සංචාරයක නිරත විය .2012 දී උතුරැ කොරියාවේ ජනාධිපතිවරයා විසින් සිංගප්පූරැවේ පැවති උත්තරීතර සමුළුවට සාභාගීවීම සිදුවිය.එසේම වර්ෂ 2008 දී සිංගප්පූරැ විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ඉයෝ විසින් උතුරැ කොරියාවේ සංචාරයක නිරත විය.



5. ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සම්භන්දතා පැවැත්වීම

කිම් ජොන් නාම් හෙවත් කිම් ජොන් උන්ගේ ඝාතනය කරන ලද අර්ධ සහෝදරයා සහ ඔහුගේ පවුල ,  කිම් ජොන් උන් උතුරැ කොරියාවේ බලයට පත්වීමත් සමඟම එරටින් සිංගප්පූරැවේ මකාවූ ප්‍රදේශයට පලාගියහ.මෙලෙසම  ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනෙක්  සිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම සුපෝගභෝගී භාන්ඩ මිලදී ගැනීමටද සිංගප්පූරැව කරා ගමන් කරන නිසා සිංගප්පූරැවට ආසියාවේ ස්විස්ටර්ලන්තය ලෙසද හඳුන්වනු ලැබේ.

6. වීසා රහිත ගමන් පහසුකම්

2016 වන තෙක්ම උතුරැ කොරියාව වෙත ගමන් කිරීමට වීසා පහසුකම් අවශ්‍ය නොවූ කොමියුනිස්ට් රාමුවෙන් පිට රටවල් අතලොස්ස අතරට සිංගප්පූරැවද අයත්විය.

7. ව්‍යවසායකත්ව පුහුණු උපදේශක සේවා සැපයීම

සිංගප්පූරැ රාජ්‍ය නොවන සංවිධානයක් වන චෝසන් එක්ස්චේන්ග් සමාගම විසින් හුවමාරැ වැඩසටහන් යටතේ  උතුරැ කොරියානු ජාතිකයන් සිය ගනනකට පුද්ගලික අංශයේ ප්‍රවර්ධනයට සහයෝගය ලබාදීම සඳහා පුහුණු වැඩසටහන් දියත් කර තිබේ.

8.  ද්විපාර්ශවික වෙළඳාම

සිංගප්පූරැව සහ උතුරැ කොරියාව අතර වෙළඳාම ඇල්කොහොල් හෙවත් මත්පැන් සහ පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වලට සීමා වුවද සිංගප්පූරැව විසින් එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් උතුරැ කොරියාව වෙත පනවා ඇති සම්බාදක පදනමක් ලෙස උපයෝගී කර ගත් අවස්ථා ද බහුලව දකින්නට ලැබේ.2016 දී චින්පෝ නම් සිංගප්පූරැ නැව් බහාළුම් සමාගම විසින් එක්සත් ජාතීන්ගේ සම්බාදක උල්ලංඝනය කරමින් කොටස් වලට වෙන් කරන ලද රේඩාර් උපාංග කොටස්, මිසයිල, මිග් ප්‍රහාරක ගුවන් යානා සහ එන්ජින් කියුබාවේ සිට උතුරැ කොරියාවට ප්‍රවාහනය කිරීම සම්භන්දව  එක්සත් ජනපද ඩොලර් 125700 ක දඩ මුදලක් අය කරන ලදි.



කෙසේ වුවද 2017 වර්ෂයේදී උතුරැ කොරියාව විසින් දියත් කල න්‍යෂ්ටික අත්හදා බැලීම් ශ්‍රේණියක් හේතුවෙන් එය වෙත පනවන ලද එක්සත් ජාතීන්ගේ සම්බාදක නිසා සිංගප්පූරැ - උතුරැ කොරියා ද්විපාර්ශවික සම්භන්දතා නැවතුන තත්වයක පවතී.ඉහතින් දැක්වුන පරිදි දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශවික සම්භන්දතාවක් ඇති අතර සිංගප්පූරැව , උතුරැ කොරියාවේ මතභේදාත්මක නොවන සහ සමීප මිතුරෙක් බවට පත්ව සිටියි.සිංගප්පූරැවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ අභාවප්ප්‍රාප්ත වූ අවස්ථාවේදී උතුරැ කොරියානු අගමැතිවරයා ඔහු උතුරැ කොරියාවේ සමීප මිතුරෙකු ලෙස සඳහන් කලේය.

ඉහත සියළුම කරැණු උතුරැ කොරියාව විසින් සිංගප්පූරැව සිය පහසුකම් සපයන්නා ලෙස තෝරා ගැනීමේදී වැදගත් විය.ලොව වඩාත් ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී දැවැන්තයා , ආසියානු කලාපයේ නාහෙට නාහන රාජ පරම්පරාවක තෙවන පරපුරේ ගැටවරයා සමඟ හරි හරියට උරින් උර ගැටෙමින් සිය ජාතික ධජයන් ඉදිරියේ අභිමානවත් අයුරින් සිටිය යුරැ දැකීම පවා අතිශය සිත්කළු දසුනක් විය.නමුත් පියොංග් යෑංග් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය පිලිබඳව ඔවුන් විසින් එකඟ වන ලද එකඟතාවය ඉතා කෙටි විය.එහිදී කිම් ජොන් උන් කොරියානු අර්ධද්වීපය  සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි වලින් තොර කිරීමට එකඟතාවය ප්‍රකාශ කරන ලදි.

සිංගප්පූරැ හෝටලයේ අති සුපෝ්ගභෝගී පරිසරය ද්විපාර්ශවික සිනහවෙන් සහ සුභ පැතුම් වලින් පිරී යන අතර එම දසුන් එසැනින් ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණයෙන් සජීවීව දර්ශනය කිරීමට සලස්වන ලදි.මෙහිදි එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් විසින් උතුරැ කොරියාව සඳහා ආරක්ෂාව පිලිබඳ සහතිකයක් ලබා දෙමින් සාකච්ඡා තව දුරටත් දිරිමත් කිරීම අරමුණු කරන්නට ඇති බව පෙනී යයි.

සාකච්ඡා වල දැනට පවතින ප්‍රගතිය ජනමාද්‍ය ශිර්ෂපාඨ මඟින් අතිශෝකිතියෙන් දැක්වීම පිලිබඳව මෙම සුහද හමුවේදී විවේචන එල්ල විය.ජනමාද්‍ය හමුවේදී ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙල පිලිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කලේ " එම ක්‍රියාමාර්ගය අප ආරම්භ කර ඇත.එය ඉතාමත් ඉක්මනින්ම ඇරඹෙනු ඇති"බවයි.නමුත් නායකයන් දෙදෙන ඇති කර ගත් එකඟතාවයේ කිසිදු තැනක එක්සත් ජනපදය විසින් මුලදී ඉල්ලා සිටින ලද  පරිදි සම්පූර්ණ, නැවත යථා තත්වයට පත් කල නොහැකි ලෙස න්‍යෂ්ටික අවි මුළුමනින්ම විනාශ කල යුතු බවත් න්‍යෂ්ටික අවි පරීක්ෂකයන්ට පරීක්ෂා කිරීමට ඉඩ ලබා දියයුතු බවත් කිසිදු තැනක සඳහන් නොවීය.




ඇතැම් දේශපාලන සහ ආරක්ෂක විචාරකයන් පවසන පරිදි උතුරැ කොරියාව මෙම ආකාරයේ එකඟතාවයන්ට මෙයට පෙර  අවස්ථා  කිහිපයකදීම සිය එකඟතාවය ප්‍රකාශ කර තිබේ.නමුත් ගැටළුව වන්නේ මෙකී ද්විපාර්ශවයම මේ දක්වාම න්‍යෂ්ටික අවිහරණය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්නට දක්වන වෙනස් ප්‍රතිචාරයයි.

මුල් අවස්ථා වල " පිස්සු මිනිසා" ලෙස උතුරැ කොරියානුවන්ගෙන් අපහාසයට ලක්වූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් " පුංචි රොකට් මිනිසා" ලෙස ඇමරිකානුවන්ගේ චෝදනාවට ලක්වූ උතුරැ කොරියානු නායක කිම් ජොන් උන්ද මධ්‍යස්ථ සිංගප්පූරැ පහසුකම් සපයන්නා තුල සුභ පැතුම් සහ සිනහවන් හුවමාරැ කිරීම ලෝක සාමයට විශාල ජවයක් විය.

මුලදී බහුවිද මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලද සහ සිය සහෝදරයා පසුගිය වසරේදී මලයාසියානු ගුවන් තොටුපලේදී මරා දැමීමට සැක කරන කිම් ජොන් උන් සමඟ " විශේෂිත බැඳීමක්"ඇති කර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.


ඔවුන් ආරම්භයේදී හමුවූ හෝටල් කොරිඩෝවේදී සමුගැන්ම සඳහා හමුවෙමින් ට්‍රම්ප් පැවසුවේ " අප නැවත වතාවක් හමුවන්නෙමු" යනුවෙනි.එසේම එය නැවතත් ට්‍රම්ප් පැවසූවේ එම වදන තරමක් සංශෝධනය කරමිනි."අපි නැවත නැවත හමුවන්නෙමු" යනුවෙන් ඔහු පැවසීය .එසේම ට්‍රම්ප් පැවසුවේ ඔහු " ඒකාන්තයෙන්ම කිම්ට ධවල මන්දිරයේ සංචාරයකට ආරාධනා කිරීමට බලවත් කැමැත්තකින් සිටින බවකි."

එයට ප්‍රතිචාර ලෙස කිමි පවසා සිටියේ " සීතල යුද සමයේ විරැද්ධවාදීන් දෙදෙනෙකු සහ එයට පසුද විරැද්ධවාදීන් වූ තම දෙරට අතීතය පසෙකින් තබා ලෝකයට විශාල වෙනසක් පෙන්වීමට එකඟ වූ බවකි."මෙයට මසකට පෙරත් වොෂින්ටනය සහ පියොංග් යෑංග් අතර දරැණු මතභේදකාරී තත්වයක් ඇතිව තිබූ අතර පසුගිය වසරේ අග භාගයේදී  දෙරටේ නායකයන් එකිනෙකාට පුද්ගලික ලෙසින් අපහාස කර ගැනීම්ද වාර්තා විය.මෙහි ප්‍රතිපලයක් ලෙස උතුරැ කොරියාව විසින් මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් රැසක්ම සිදු කරන ලදි.



දිනය ආරම්භයේදීම ට්‍රම්ප් සහ කිම් යන නායකයන් දෙපළ උණුසුම් සුහදශීලී වචන හුවමාරැවක යෙදුන අතර මිනිත්තුවක් පමණ එකිනෙකා අතට අත දී සුභ පතනු දැකිය හැකි විය.එමෙන්ම ට්‍රම්ප් සිය දකුණු උරහිස   උතුරැ කොරියානු නායකයාට ස්පර්ෂ වන ලෙසම සමීපව සිටියේය.

ඔවුන් මුහුනට මුහුන වාඩි වී සාකච්ඡා කරන පලමු මිනිත්තුව ඇතුලතම උතුරැ කොරියානු නායකයා සමඟ එකඟතාවයකට පැමිණීමට හැකි වන බව තමාට දැනුන බව ට්‍රම්ප් පසුව පවසා තිබිනි.එය සාකච්ඡා වලට ප්‍රථම තමා සිතූ පරිදි උතුරැ කොරියානු නායකයා සමඟ" භයානක සම්භන්දතාවයක් ඇතිකර ගැනීමට" හාත්පසින්ම වෙනස් තත්වයක් බව ට්‍රම්ප් අවධාරණය කලේය.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ විසින් මෙම හමුව සජීවීව රෑපවාහිනිය ඔස්සේ නරඹමින සිය කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේ " මට ඊයේ රෑ නිදාගන්න හුඟක් අපහසු වුනා" යනුවෙනි.මිනිත්තු 40 ක් පමණ සුහද ඇසුරකින් පසු ට්‍රම්ප් හා කිම් ඔවුන්ගේ ජේෂ්ඨ උපදේශකයන් හා සම්භන්ද වීම සිදුවිය.ඒ දිවා ආහාරයට ප්‍රථමවයි.

දිවා අාහාරය සඳහා ඉස්සන් කොක්ටේලයක්, ෂෝට් රිබ් කොන්ෆිට්, සෝයා සහිත කොඩ් මත්ස්‍ය ආහාරයක් සහ වැනිලා අයිස්ක්‍රීම් යන තේරීම් තිබුනි.

මෙම ඉහල මට්ටමේ හමුව පිලිබඳ අදහස් දැක්වූ ඩොන්ගුක්  විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් යොන්ග් හ්‍යුයුන්ග් ප්‍රකාශ කර සිටියේ "සමුළුව පැවැත්වෙන ආකාරය අතිශය සුභවාදී මෙන්ම ගෝලීය සහ කලාපයීය සාමය පිලිබඳ බලාපොරොත්තු මල්ඵල ගන්වන්නක්  " බවයි."මෙම මට්ටමේදී සැලකිය යුතු එකඟතාවයකට පැමිණීම අසීරැ වුවත් ආරම්භයක් ලෙස මෙම තත්වය  සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වන බවක් "හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.



උතුරැ කොරියානු නායකයාට ගිවිසුම අත්සන් කිරීමේදී මේසය මත තබා තිබූ පෑන වෙනුවට ඔහුගේ පුද්ගලික ලේකම්වරිය වූ සිය නැගෙනිය විසින්  පෑනක් ලබා දීම මෙම සමුළුවේදී මාද්‍යවේදීන් දුටු විශේෂිත සිදුවීමකි.අදාල පෑන ග්‍රහණය ඔස්සේ ඔහුගේ ජීව දත්ත අනවශ්‍ය පාර්ශවයක් වෙත සම්ප්‍රේශනය විය හැකි බවත් එයින් මඟහැරීමට මෙය සිදුකරන ලද බවත් මේ සම්භන්දව විමසීමේදී ආරක්ෂක විශේෂඥයෙකු පවසා තිබිනි .එමෙන්ම උතුරැ කොරියානු නායකයා පැමිණි ගුවන් යානයේම වැසිකිලි සහ ස්නානය සඳහා පහසුකම් සලසා තිබිනි.එමඟින්ද බලාපොරොත්තු වී ඇත්තේ ඔහුගේ ජීව දත්ත එක්සත් ජනපද හෝ මොසාඩ් වැනි රහස් ඔත්තු සේවා අතට පත්වීම වැළැක්වීම ලෙස අදාල විශේෂඥයා වැඩිදුරටත් පවසා තිබිනි.

ගින්දර සහ පුළුන්

නමුත්  මෙම හමුවීම පිලිබඳ ඉදිරිපත්ව ඇති විවේචන වලින් ප්‍රකාශ වනුයේ නිරන්තර මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවන උතුරැ කොරියාව තුල වර්තමානයේ ඇති පොලිස් පාලනයට ගෝලීයව පිලිගැනීමක් ලබා දෙමින් නීතිගතකිරීමට ට්‍රම්ප් කටයුතු කල බවයි.

නැගෙනහිර ආසියානු ක්‍රයිස් ගෲප් සංවිධානයේ ජේෂ්ඨ උපදේශිකාවක් වන මිචෙල් කොව්රිග් පවසනුයේ න්‍යෂ්ටික වැඩපිළිවල මෙන්ම න්‍යෂ්ටික ආයුද වලින් සන්නද්දව සිටියදීම මුහුනට මුහුන එක්සත් ජනපද ජනපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම උතුරැ කොරියා නායකයා ලැබූ ගෞරවයක් සහ කුමන්ත්‍රණ වැඩසටහනක ජයග්‍රහණයක් බවයි.

කෙසේ වුවද උතුරැ කොරියානු- එක්සත් ජනපද උණුසුම් සුහදශීලී හමුව නව යුගයක නව ඇරඹුමක් බව පෙනේ.පියොංග් යෑංග් භූමිය එක්සත් ජනපද ප්‍රහාරක බලයෙන් අළු දූවිලි බවට පත් කරන බව ගිගිරෑ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා සහ එක්සත් ජනපදයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් ට්‍රම්ප් මහළු උන්මත්තකයෙකු බවත් (mentally deranged US dotard)තර්ජනය සහ අපහාස කරමින් න්‍යෂ්ටික හා මිසයිල පරීක්ෂණ මාළාවක්ම සිදුකල උතුරැ කොරියානු නායකත්වයත්  අතර මෙලෙස සාමයට මාවත සැකසී ඇත.


1972 දී එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ චීන සංචාරය සහ 1986දී එවකට සෝවියට් ජනාධිපති වූ මිකායෙල් ගොර්බචෝප් හා එක්සත් ජනපද හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්  අතර හමුවක් සිදුවූ රෙක්ජෙවික් සමුළුව ද මෙම ආකාරයේ සමුළු වලට සමානකම් දක්වයි.

අවිශ්වාසය තුලින් විශ්වාසය ගොඩනඟමින් යන ඇමරිකා- උතුරැ කොරියා සාම මාවතේ අනාගතය කුමක් වනු ඇත්ද?

AFP පුවත් සේවය, රොයිටර් පුවත් සේවය, The US guardian, world political review සහ ෂින්හුවා ඇසුරෙනි.

අනුරාධ සේනාරත්න.





Thursday, June 14, 2018

ඉරානය හා උතුරැ කොරියාවේ උපක්‍රමික හමුවීමක්

ඉරානයේ හා උතුරැ කොරියාවේ උපක්‍රමික හමුවීමක්



සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් විසින් උතුරැ කොරියාවේ සංචාරයක් සඳහා ඉල්ලීමක් කර ඇත.මේ අතර  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරැ කොරියානු නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වීමට නියමිත සමුළුව සැලසුම් කරමින් සිටියි.නමුත් සිරියාව, ඉරානය සහ උතුරැ කොරියාව අතර පවතින අන්තර් සම්භන්දතා ජාලය පදනම් කරගෙන එම රටවල් කෙරෙහි වත්මන්  එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ කිසියම් සාධාරණීය වෙනසක් දක්නට ඇත.

එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් උතුරැ කොරියාව සමඟ න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමක් අත්සන් කිරීමට කැමැත්තෙන් සිටින්නේ ඉරානය සමඟ කලින් අත්සන් කරන ලද න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමෙන් හිතුවක්කාර ලෙස බැහැර වීමෙන් අනතුරැවයි.බැලූ බැල්මට මෙමඟින් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති වල අතාර්කික ස්වභාවයක් නිරෑපනය වන බව පෙනෙතත් මෙහි යටි අර්ථය වන්නේ ඉරානය හා උතුරැ කොරියාව එක කඳවුරකට එක්වීම වැළැක්වීම බව පෙනීයයි.

ඉරානය සහ උතුරැ කොරියාව අතර විදේශ සම්භන්දතා වල ඉතිහාසය දීර්ඝ සහ ශක්තිමත් සම්භන්දතා සහිත ස්වරෑපයක් දරයි.ඉරාන සහ උතුරැ කොරියානු ජාතීන් දෙක එකිනෙකාට සමාන්තර පරිනාමයක් දරන අනෝන්‍ය සහයෝගීතාවය ඔස්සේ තීරණාත්මක සන්ධිස්ථාන වලදී සිරියාව සමඟද එක් කඳවුරකට පැමිණීම සිදුවන තුන්කොන් සම්භන්දතාවයකි.



ඉරානය විසින් එහි දිගු දුර මිසයිල වැඩසටහන ආරම්භ කරන බව ප්‍රකාශයට පත් කරන විටත් උතුරැ කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික වැඩසටහන නිසා අන්තර් ජාතික ප්‍රජාව විසින් එරට කොන් කරන තත්වයක් උද්ගතව තිබිනි.මෙම කාල සීමාව ඇතුලතම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව උතුරැ කොරියානු නැව් දෙකක් මඟින් සිරියානු විද්‍යාත්මක අධ්‍යයන සහ පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත බහාළුම් තොගයක් ප්‍රවාහනය කල බව පැවසිනි.පසුගිය අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද- ප්‍රංශ-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් විනාශයට පත්වූ රසායනික අවි පර්යේෂණ මධ්‍යස්ථානය වූවේද මෙයයි.

ඉහත කරැණ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පියොංග් යෑංග් සංචාරයක් සිදු කිරීමට උතුරැ කොරියාවෙන් ඉල්ලීමක් කිරීම පිලිබඳ විශ්ලේෂණාත්මක වැටහීමක් ලබා දීමට සමත්වේ.1990 මුල් භාගයේ ගල්ෆ් යුද සමයේ උතුරැ කොරියානු- ඉරාන සම්භන්දතා වල පසුගාමී ස්වභාවයක් ඇතිවිය.ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය විසින් විසින් උතුරැ කොරියාවේ පියොංග් යැංග් න්‍යෂ්ටික බලාගාරය හා අවි නිෂ්පාදනාගාර වල අභිරහස් බටහිර ඔත්තු සේවාවලටත් එතැනින් ලෝකය පුරාත් හෙලිකිරීමට දායක විය.මෙහි පලිය ගැනීම සඳහා උතුරැ කොරියාව විසින් මධ්‍ය දුර බැලස්ටික් මිසයිල තොගයක් සිරියාවට ලබාදීමට මාන බලමින් සිටින බවට නිගමනයකට පැමිණීමට ප්‍රමාණවත් ඔත්තු සේවා තොරතුරැ පවතී.



සිරියාව විසින් උතුරැ කොරියාව සමඟ 2002 දී අත්සන් කල විද්‍යාත්මක අවබෝධතා ගිවිසුම ප්‍රකාරව එරටට උතුරැ කොරියාවෙන් අභිරහස් න්‍යෂ්ටික ප්‍රතිකාරකයක වැඩසටහනක් ප්‍රදානය කරන ලද අතර 2007 හිදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ එය විනාශ විය.පසුව හෙලිදරව් වූ පරිදි මොසාඩ් ඔත්තු සේවා සාමාජිකයන් මෙකී න්‍යෂ්ටික ප්‍රතිකාරකය ස්ථාපිත කල ස්ථානයට ඉතා සූක්ෂම ලෙස ප්‍රවිෂ්ඨ වී ඇත්තේ මොසාඩ් සංවිධානය සතු මිනිසුන් රහිත UAV කේලමා යාන වලින් ලබා ගන්නා ලද අධෝරක්ත ඡයාරෑප ආධාරයෙනි.

ඉරානය විසින් 2012 දී උතුරැ කොරියාව සමඟ ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.ඒකාබද්ධ සහයෝගිතා සැලසුම සහ ක්‍රියාපටිපාටිය පිලිබඳ අනෙක් ගිවිසුම 2015 අත්සන් කිරීමට පෙර සහ පසු කාලය තුල ඉරානයට , උතුරැ කොරියාව සමඟ සමීප සම්භන්දතාවක් තිබිනි.


උතුරැ කොරියානු සහ ඉරාන 2015 ගිවිසුම ඔස්සේ සමහර මූල්‍යමය සම්පත් ඉරානය විසින් යථා තත්වයට පත් කරගන්නා ලද්දේ උතුරැ කොරියාව කෙරෙහි පනවා ඇති සම්භාදක තීරණාත්මක අවධියකට පත්වෙන අතරතුරයි.1955 සිට උතුරැ කොරියාව සෝවියට් සංගමයේද උපකාර සහිතව දශක ගනනාවක් තිස්සේ  න්‍යෂ්ටික බල ක්ෂේත්‍රයේ දක්වන ලද ප්‍රගමණයේ ප්‍රතිපල වර්තමානය වන විට මල්ඵල දරමින් එරට න්‍යෂ්ටික අවි ශිර්ෂ සහිත දිගු දුර බැලස්ටික් මිසයිල නිෂ්පාදනයටද සමත්වී සිටියි.එම කාලය වන විට ඉරානය න්‍යෂ්ටික බලයේ දොරටුව වෙත සම්ප්‍රාප්තව සිටි සමයක් විය.සිරියාව, ලෙබනනය, ඉරාකය සහ යේමනයේ පවතින මුල්ලාවරැන්ගේ මූල්‍යමය සහ හමුදාමය බලය අනුව ඉරානය මේ වන විටත් කලාපයට දැවැන්ත තර්ජනයක් වී අවසන්ය.ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයන් සහ පෙර අන්තර් ජාතික පරමානුක බලශක්ති අධිකාරියේ පරීක්ෂකයන් අණාවරනය කල පරිදි ඉරානය ඒ වන විට න්‍යෂ්ටික අවි නිපදවීමට සහ බෙදා හැරීමට ඉතා ආසන්න තත්වයක තිබිනි.න්‍යෂ්ටික අවි ශීර්ෂ සම්භන්ද තාක්ෂණික කරැණු සහ මිසයිල කොටස් විකිණීම මඟින් උතුරැ කොරියාව එක්තරා දුරකට වැළකී සිටින බව එක්සත් ජාතීන්ගේ ඇමරිකා නියෝජිත නිකී හාර්ලී විසින් වරෙක ප්‍රකාශ කරන ලදි.


එනමුත් මුලදී උතුරැ කොරියාව විසින් මිසයිල වෙළඳාම සිදු කරන ලද අතර එහි අරමුණ වූවේ එය සිදුකිරීම නැවතීම සඳහා හිලව් වශයෙන් කිසියම් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.

ජිග්සෝ ප්‍රෙහෙලිකාවක් මෙන් උතුරැ කොරියාව සහ ඉරානය සෑම විටෙකම න්‍යෂ්ටික අවි ප්‍රවර්ධනය නොකීරීමේ ගිවිසුමට අනුව කටයුතු කිරීමේදී එහි නොයෙකුත් දුර්වලතා තිබුනි.මෙහි පලමු වැන්න නම් න්‍යෂ්ටික අවි ශීර්ෂ සහිත අන්තර් මහාද්වීපික මිසයිල වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගය වැළැක්වීමට අසමත් වීමයි.ඉරාකය සහ උතුරැ කොරියාව මත පනවන ලද කිසිදු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසඳුම් මාළාවක් මඟින් නිළ වශයෙන් අන්තර් මහාද්වීපික මිසයිල අත්හදා බැලීම නීති විරෝධී බව ප්‍රකාශ කර නැත.නමුත් බැලස්ටික් මිසයිල ප්‍රවර්ධනය කීරීමේ ව්‍යාපෘතීන් අවස්ථා කිහිපයකදී නැවැත්වීම සඳහා බලපෑම් කර තිබේ.

ඉතා පැහැදිලිව ඉරාන එකඟතාවයේ බැලැස්ටික් මිසයිල ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ කිසිදු කොන්දේසියක් අන්තර්ගතව නොතිබිනි.එයට සාපේක්ෂව උතුරැ කොරියාව විසින් බැලස්ටික් මිසයිල දියත් කිරීමෙන් වැළැකී සිටීමේ ගිවිසුම් කොන්දේසියට අත්සන් තැබූ අතර චන්ද්‍රිකා දියත් කිරීමේ මිසයිල විදීම් එයට අදාල නොවේ යැයි තර්ක කරන ලදි.මේ අතර ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීම පාලනය කරන මෙන් දිගින් දිගටමකරන ලද අන්තර්,ජාතික ඉල්ලීම් වලට එය ප්‍රතිචාර දක්වා ඇත්තේ වැඩි වැඩියෙන් බැලස්ටික් මිසයිල හා න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමෙනි.

මෙකී ගිවිසුම් වල පවතින දෙවන දුර්වලතාවය නම් අදාල කාල රාමුවයි.වර්ෂ 2025 සිට වර්ෂ 2030 දක්වා කාල සීමාව ඉරානයේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ඉහල  වර්ධනයක් ලබා ගන්නා කාල රාමුව ලෙස ගිවිසුමේ අන්තර්ගතය.මෙම ගිවිසුම ඉතා කාලීන බව පෙනී යතත් බොහෝ එකඟතාවන් ගිවිසුම තුලින් ප්‍රායෝගිකව ගිලිහී ගොස් තිබේ.



1994 දී එලඹුන එක්සත් ජනපද - උතුරැ කොරියානු ජිනීවා ගිවිසුමට අනුව උතුරැ කොරියාව  සතුව දැනට පවතින ප්ලුටෝනියම් තොගය ඉදිරි න්‍යෂ්ටික අවි නිෂ්පාදන කටයුත්තකට යොදා ගැනීමට නොලැබෙන පරිදි සිවිල් අවශ්‍යතා වලට අදාල න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ගොඩනැඟීමට එකඟ වන ලදි.




News week ඇසුරෙනි.

අනුරාධ සේනාරත්න