ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද?
රටක් විසින් තෝරා ගන්නා ලද ජීවත්වීමේ ආකාරය ව්‍යවස්ථාව වශයෙන් ඇරිස්ටෝටල් හඳුන්වා දුන්නේය.රටක පවතින රජයට මඟ පෙන්වීම සඳහාත් රටවැසියන් පාලනය කිරීම සඳහාත් ලොව සෑම රටකටම ව්‍යවස්ථාවක් පවතී.රජය මෙන්ම රටවැසියන්ද එම ව්‍යවස්ථාවට ගරැකිරීමට බැඳී සිටියි.මේ අනුව ව්‍යවස්ථාමය නීතීන් සමන්විත වනුයේ රජයේ බලතල හා වගකීම් සංග්‍රහයකින්, රජය හා රටවැසියන් අතර සම්භන්දතාවයේ ස්වභාවය දැක්වෙන සංග්‍රහයකින් සහ රටවැසියන්ගේ හිමිකම් සහ වගකීම් පිලිබඳ විස්තර කිරීමකිනි.
මහාචාර්ය ඩයිසි ට අනුව ස්වාධිපත්‍යය බලය භාවිතය සහ ව්‍යාප්තිය කෙරෙහි සෘජුවම හෝ වක්‍රාකාරව බලපාන්නාවූ ඉහත නීතීන්ගේ සංකලනයක් ව්‍යවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ.මේ නිසා ව්‍යවස්ථාව තුල අන්තර්ගත වන්නේ රටේ ස්වභාවය තීරණය කරන්නාවූ පාර්ලිමේන්තු ක්‍රමය , ජනාධිපති ක්‍රමය හෝ වෙනත් නමකින් හඳුන්වනු ලබන පදනමක මූලික සිද්ධාන්තයන්ය.රජයේ විවිධ අංශ වලට රාජ්‍ය බලය ව්‍යාප්තිය පිලිබඳ සැලසුම සකස් කරන්නේ මෙකී ව්‍යවස්ථාව මඟිනි.ව්‍යවස්ථාදායක, විධායක හා නෛතික යන බල යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමේදී ඒවා ක්‍රියාත්මක කරවිය යුතු මූලික සිද්ධාන්තයන් ව්‍යවස්ථාවක් මඟින් විස්තර කරයි.
ව්‍යවස්ථාව යනු සෑම රටකම උත්තරීතර නීතියයි.ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම රජය විසින් අරඹන ලද්දේ 2017 වර්ෂයේ අගභාගයේදීය.මෙම ලිපියේ අරමුණ වන්නේ ව්‍යවස්ථා ඉතිහාසය , ව්‍යවස්ථා වල තාර්කික පදනම සහ ගෝලීය සහ දේශීය ව්‍යවස්ථා වල නව ප්‍රවණතා පිලිබඳව විශ්ලේෂණාත්මක විමර්ෂණයක් ඉදිරිපත් කිරීමයි.
ව්‍යවස්ථා ඉතිහාසය
1947 ශ්‍රී ලංකා නිදහස් පනත අන්තර්ගත වූවේ සොල්බරි ව්‍යවස්ථාව යටතේයි.වර්තමාන ශ්‍රී ලංකාව එදා හඳුන්වන ලද්දේ සිලෝන් ලෙසයි.සොල්බරි කොමිෂම මඟින් එවකට ලංකාව සඳහා පාර්ලිමේන්තුවක ස්වරෑපය සහිත රජයක් හඳුන්වා දෙන ලදි.1958 ජනවාරි 10 දරන ව්‍යවස්ථාවේ 29:2 දරන පරිච්ඡේදය මඟින් ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිලිබඳ ව්‍යවස්ථාමය ආවරණය සකස් කෙරිනි.
එවකට පැවති ව්‍යවස්ථාව නැවත සලකා බැලීම සඳහා රජය විසින් සෙනෙට් සභිකයන්ගෙන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ තේරීම් කමිටුවක් පත් කරනලදි.නමුත් මෙම කමිටුවට අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ අතර 1968 දී දරන ලද මෙයට සමාන උත්සහයක්ද ව්‍යයර්ථ වී ගියේය.
1970 මැයි මස සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය ලෝකයේ පලමු අගමැතිණිය ලෙස තේරී පත්වීම සිදුවූවේ මේ අතරවාරයේයි.ඇයගේ සමඟි පෙරමුණු රජය විසින් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස භාවිතා කරමින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලදි.එම ව්‍යවස්ථාව සම්මත කර ප්‍රසිද්ධ කරනු ලැබුවේ 1972මැයි මස 22 වන දිනයි.මෙම ව්‍යවස්ථාව මඟින් වසර 6 ක කාලයක් සඳහා බල පැවැත්වෙන ජාතික රාජ්‍ය සභාව නම් තනි නීති සම්පාදක මණ්ඩලයක් නිර්මාණය කලේය.රටේ ස්වෛරීත්වයේ වගකීම මුළුමනින්ම එය මත පැවරිණි.රජයේ ප්‍රධානියා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් වසර 4ක ධූර කාලයක් සඳහා නාමික ජනාධිපතිවරයෙක් පත් කරන ලදි.අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූ අතරම ජාතික රාජ්‍ය සභාවේ වගකිවයුත්තාද විය.මෙහිදී සිලෝන් යන්න ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස්ව හඳුන්වන ලදි.
1977 පැවති මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනතා වරමක් අපේක්ෂා කරන ලදි.ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම මඟින් එවකට පැවති ව්‍යවස්ථාව පිලිබඳ පුනරීක්ෂණයක් ද සිදුකරන ලදි.ඒ අනුව 1978 සැප්තැම්බර් 7 වන දින නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලද අතර 1948 ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් මෙරටට හඳුන්වා දුන් තෙවන ව්‍යවස්ථාව මෙයයි.මෙමඟින් විධායක ජනාධිපතිධූරය හා එක් මණ්ඩලයකින් සමන්විත පාර්ලිමේන්තු ක්‍රමයක් (Unicameral parliament) හඳුන්වා දෙන ලදි.මෙම ව්‍යවස්ථාවෙන් මනාප ක්‍රමය මත පදනම් වූ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.
මෙම ව්‍යවස්ථාව මඟින් ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ මූලික මානව අයිතිවාසිකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.මේ නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවූ රටේ ඕනෑම පුරවැසියෙකුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අයිතිවාසිකම ලැබිනි.
2016 ජනවාරි මසදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කිරීම මඟින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍යවූ අත්‍යාවශ්‍ය රාමුව සකස් කරන ලදි.මේ අනුව නව ව්‍යවස්ථාවක් සක්‍රීය කිරීමේ අරමුණින් 2016 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්තනය විය.සභාපතිවරයෙක්, උප සභාපතිවරැන් 7 දෙනෙක් සහ කමිටු සාමාජිකයන් 21 කින් සමන්විත පාර්ලිමේන්තු කාරක සභා කමිටුවක් (steering committee)පත් කරන ලදි.මෙහි සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඒකඡන්දයෙන් තේරී පත්විය.
මෙහිදී පත් කරන ලද උප කමිටු 6 ක් මඟින් විවිධ මාතෘකා වලට අදාල පුළුල් මහජන මතය පදනම් කර ගනිමින් සිය විශ්ලේෂණ වාර්තාවන් ඉදිරිපත් කරන ලදි.කාරක සභාව විසින් මෙම උප කමිටු වාර්තා පිලිබඳ සලකමින් සිය වාර්තාව කෙටුම්පත් කරන ලදි.මෙලෙස කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායක සභාව විසින් 2/3 ක බහුතරයකින් අනුමත කල විටෙක එය අදහස් හා මත විමසීම සඳහා පළාත් සභා වලට යවනු ලැබීම සිදු කරයි.අවසාන වශයෙන් ජනමත විචාරණයක් ඔස්සේ එය මහජන අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.මෙම වාතාවරනය යටතේ ව්‍යවස්ථාවල වර්ගීකරණය , ඒවා පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය සහ වෙනස් කිරීමේ විතර්කයන් පිලිබඳ අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.
ව්‍යවස්ථා වර්ගීකරණය
ව්‍යවස්ථාවක් ලිඛිත හෝ අලිඛිත වුවද, නම්‍යශීලී හෝ අනම්‍යශීලී වුවද , ජනපති/පාර්ලිමේන්තු/සමූහාණ්ඩු/දේශපාලන/නෛතික වුවද, ඒ සෑම ව්‍යවස්ථාවක් සඳහාම එක් පොදු වූ කරැණක් පවතී.ඒ සෑම ව්‍යවස්ථාවක්ම රටේ ජනතාවගේ උත්තරීතර ගෞරවයට පාත්‍ර වීමයි.ප්‍රධාන ලෙසම ව්‍යවස්ථාවන් ආකාර දෙකකට වර්ගීකරණය කල හැකිය.පලමුව ලිඛිත හා අලිඛිත ලෙසත් දෙවනුව නම්‍යශීලී හා අනම්‍යශීලී ලෙසත් මෙලෙස වර්ගීකරණය කල හැකිය.
ලිඛිත ව්‍යවස්ථාවක් යනු පොතක ආකාරයකින් හෝ පොතක් ලෙස සංවිධිත කල හැකි ලේඛන ශ්‍රේණියක් ලෙස රචනය කර ඇති ව්‍යවස්ථාවකි.එය සචේතනික ලෙසම රාමුගත සහ ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවකි.එය ව්‍යවස්ථාපිත සභාවකින් මන්ත්‍රණ සභාවකින් හෝ නීති සම්පාදන මණ්ඩලයකින් කෙටුම්පත් කර සම්මත කරන ලද්දකි.ලිඛිත ව්‍යවස්ථාවක් අනුමත කල හැක්කේ එම ව්‍යවස්ථාවේම දක්වා ඇති නිශ්චිත සම්මත ක්‍රමවේදයක් ඔස්සේ පමණි.එක්සත් ජනපදය, ඉන්දියාව, ජර්මනිය, ජපානය, කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ලිඛිත ව්‍යවස්ථා ඇත.
ව්‍යවස්ථාදායක සභාවක් මඟින් කෙටුම්පත් කර අනුමත නොකරන ලද මෙන්ම ලිඛිතව නොලියවුන ව්‍යවස්ථාවක් අලිඛිත ව්‍යවස්ථාවක් ලෙස සලකයි.එය අතීත සන්නස්, නීති සහ සම්මුති විලසින් දකින්නට තිබේ.එය ක්‍රමානුකූල සහ සෙමෙන් සිදුවන පරිනාමයක අතරමැද දක්නට ලැබෙන ප්‍රතිඵලයකි.මෙම ආකාරයේ රජයන් හොඳින් සංවිධිත අතර එහි පාලන ක්‍රියාකාරීත්වයන් මැනවින් ස්ථාපිත නමුත් ඒවා මුළුමනින්ම ලිඛිත නීති සහ ලිඛිත සම්ප්‍රදායන් ලෙස නොපවතී.රටේ මිනිසුන්ට ඔවුන්ගේ ව්‍යවස්ථාව පිලිබඳ හොඳ අවබෝදයක් තිබේ.රටවැසියන් එය නෛසර්ගිකව අනුමත කරමින් එය පිලිපදිති.මෙලෙස අලිඛිත ව්‍යවස්ථාවක් පොතක ස්වරෑපයෙන් අන්තර්ගත නොවේ.කෙසේ වුවත් අලිඛිත ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන්ම අලිඛිත නොවේ.එහි සමහර කොටස් ලිඛිත ස්වරෑපයෙන් පවතින අතර මෙම කොටස් නෛතික ලේඛනයක් ලෙස හෝ පොතක් ලෙස හෝ ඛේතයක් ලෙස හෝ පිලිනොගනී.අලිඛිත ව්‍යවස්ථාවකට හොඳම නිදසුනක් ලෙසඑක්සත් රාජධානියේ ව්‍යවස්ථාව හැඳින්විය හැක.
නම්‍යශීලී ව්‍යවස්ථාවක් ඉතා පහසුවෙන්ම සංශෝධනය කල හැකිය.සාමාන්‍ය නීතියක් සම්මත කරන අයුරින් ව්‍යවස්ථා සංශෝධනයක් මෙහිදී සම්මත කරනු ලබයි.බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව නම්‍යශීලී ව්‍යවස්ථාවකට ඉතා හොඳ නිදසුනක් සපයයි.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදී සුළු බහුතරයකින් ඕනෑම නීතියක් හෝ ව්‍යවස්ථා නීතියක් සංශෝධනය කිරීමට පුළුවන.මෙයට සාපේක්ෂව අනම්‍ය ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම පහසු නොවේ.එය සංශෝධනය කිරීමේ ක්‍රියා පිළිවෙත ඉතා දුෂ්කර විය හැකියි.එය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිතයට සංශෝධනය කිරීමේ පනතක් සම්මත කිරීමට සිදුවන්නේ මුළු පාර්ලිමේන්තුවෙන් 3/4 හෝ 2/3 වැනි බහුතරයකිනි.නමුත් සාමාන්‍ය නීතියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක මනාපය ප්‍රමාණවත්ය.අනම්‍ය ව්‍යවස්ථාවක් බොහෝ දුරට භූමියේ මූලික සිද්ධාන්තයන් පදනම් කොට සකස්වූවක් වේ.එය ස්වෛරී ජාතියක මූලික කැමැත්ත ලෙස හඳුන්වා දිය හැක.උදාහරණ ලෙස භෞමික අකඃන්ඩතාවය, ඒකීයභාවය, ස්වෛරීභාවය යන සංකල්ප සමඟ බැඳුන ව්‍යවස්ථාවන් හැඳින්විය හැක .
මේ නිසා මෙවන් අනම්‍ය ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීම සඳහා විශේෂිත සංශෝධනය කිරීමේ ක්‍රියා පිළිවෙතක් මඟින් සංශෝධනය කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක ඡන්දයෙන් සම්මත විය යුතු අතරම ජනමතවිචාරණයක් ඔස්සේ එය ජනතාව විසින් අනුමත කල යුතුය.මෙවන් දැඩි අනම්‍ය ව්‍යවස්ථාවකට හොඳ නිදසුනක් නම් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවයි.
ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථා විස්තාපනය(ඉවත් කිරීම), නව ව්‍යවස්ථා නිර්මාණය කිරීම,ව්‍යවස්ථා සංශෝධන ඒකාබද්ධ කිරීම යන අංශ ව්‍යවස්ථා පරිවර්තනයේදී විවිධ අරමුණු සපයයි.මේවා ව්‍යවස්ථා පරිනාමයේ සංවිධිත යාන්ත්‍රණයන් ලෙස හැඳින්විය හැකිය.
ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පලමු ආකාරය ලෙස පරිච්ඡේද වෙනස් කිරීම දැක්විය හැකිය.මෙලෙස ව්‍යවස්ථා සංශෝධනයන් එක් කිරීම හෝ ඉවත් කිරීම මඟින් පවතින ව්‍යවස්ථාවේ අකඃන්ඩ පැවැත්ම සිදුවේ.එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සෙනෙට් සභිකයන් සහ නියෝජිත මහජන මන්ත්‍රී මණ්ඩලයේ සමස්ථ ඡන්ද වලින් 2/3 ක බහුතරයක් සහිතව හෙවත් සමස්ථ දේශයේ ව්‍යවස්ථාපිත නියෝජිතයන් 2/3 ක බහුතර ඡන්දයෙන් එම සම්මුති ව්‍යවස්ථා ව සංශෝධනය විය යුතුයි.එසේම එකී සංශෝධනයන්ට ජනමතවිචාරණයක් හරහා ජනතාවගේ අනුමැතිය ලබා දීමෙන් පසු පමණක් එම සංශෝධන ව්‍යවස්ථාවට එක් කිරීම සිදු කරයි.එක්සත් ජනපද ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුනු 1789 මාර්තු 04 වන දා සිට මේ දක්වා එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් ව්‍යවස්ථා සංශෝධන 33 ක් 2/3 ක බහුතර ඡන්දයෙන් අනුමත කරන ලදුව ජනමතවිචාරණය සඳහා සමාජගත කරනු ලැබ තිබේ.මෙලෙස ඉදිරිපත් කල ව්‍යවස්ථා සංශෝධන 27 ක් ජනමතවිචාරණ වලදී ජනතාව විසින් අනුමත කරන ලද අතර එම සංශෝධන පමණක් ව්‍යවස්ථාවට එකතු කරන ලදි.පලමු සංශෝධන 10 හිමිකම් පිලිබඳ පනත් වන අතර ඒවා සෑම එකක්ම ජනමතවිචාරණ වලදී අනුමත කරන ලදි.මෙයින් ව්‍යවස්ථා සංශෝධන හයක් ජනමතවිචාරණය සඳහා ඉදිරිපත් කරන ලදුව අවශ්‍ය බහුතරයෙන් මහජනතාව විසින් අනුමත නොකරන ලදි.
ඉන්දියාවේද ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් අනුමත විය යුතුය.සමහර වෙනස් තත්ව වලදී 2/3 ක බහුතරය ලැබීමත් සමඟ ඉහත සඳහන් ක්‍රියා පිළිවෙතද එකී සංශෝධන සම්මත කර ගැනීමට අනුගමනය කරනු ලැබේ.ඉන්දීය ව්‍යවස්ථාව 1950 සම්මත වීමෙන් අනතුරැව 2016 සැප්තැම්බර් වන විට ඒ සඳහා සංශෝධන 101ක් සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේද බොහෝ ව්‍යවස්ථා සංශෝධන සඳහා පාර්ලිමේන්තු 2/3 ක බහුතරයකින් සම්මත වීම අවශ්‍යවේ.විශේෂයෙන්ම භාෂාවේ වගන්තීන් සංශෝධනයේදී ජනමතවිචාරණයක් සිදු කල යුතුමය .ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාව 1978 ක්‍රියාත්මක කල දා පටන් මේ වන විට එයට ව්‍යවස්ථා සංශෝධනයන් 19 ක් එක් කර තිබේ.මේ වන විට 20 වන ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කිරීමට සූදානම් වෙමින් පවතී.
දෙවන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ආකාරය නම් පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනත් ව්‍යවස්ථාවක් මඟින් විස්ථාපනය කිරීමයි.නීතියේ පවතින නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් ව්‍යවස්ථාවක් ඉවත් කර නව ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීම සිදු වන්නේ විප්ලවයකින් පවතින රජයක් පෙරලීමකදී හෝ විදේශ ආක්‍රමණයකින් නිදහස් වීමේදීය.
නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමකදී පවතින ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන පරිදි එම ව්‍යවස්ථාව ඉවත් කරමින් නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සාමාන්‍ය සිරිත සහ ක්‍රමවේදය වේ.ස්පාඥ්ඥය , පෘතුගාලය , ග්‍රීසිය වැනි සමහර බටහිර යුරෝපීය රටවල ව්‍යවස්ථාවන් ඉවත් කරමින් නව ව්‍යවස්ථාවන් එක් කර ගැනීම ඉතා සුලභ කරැණකි.නමුත් එම කලාපයේම රටවල් වන නොර්වේ, බෙල්ජියම සහ ඩෙන්මාර්කය වැනි රටවල් සැලකීමේදී එම රටවල ව්‍යවස්ථා ස්ථාපිත කරඇත්තේ 19 වන සියවසේ තරම් ඈත අතීතයකයි.1789 සිට මේ දක්වා ප්‍රංශයට පාලන සමයන් 12 ක් සහ ව්‍යවස්ථා සංශෝධන 13 ක්පමණක් තිබේ.සියළු ලතින් ඇමරිකානු රටවල ව්‍යවස්ථාවන් 1978 සිට මේ දක්වා අවම වශයෙන් එක් වතාවක් වත් සංශෝධනයට ලක්ව තිබේ.
ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ තෙවන ආකාරය නම් කිසිදු වාඛ්‍යමය වෙනසකින් තොරව සංශෝධනයන් එකිනෙක ඒකාබද්ධ කිරීමයි.වර්ෂ 1874 සිටම ස්විස්ටර්ලන්තයේ ව්‍යවස්ථාවේ සිදු කර ඇත්තේ එක් කරන ලද විවිධ සංශෝධනයන් ඒකාබද්ධ කිරීමෙන් නව ව්‍යවස්ථාවේ පරිච්ඡේදයන් නිර්මාණය කර ඇත.මෙහි මෙකී නව ව්‍යවස්ථාව බලාත්මක කරන ලද්දේ 2000 වර්ෂයේ පැවති ජනමතවිචාරණයක් මඟිනි.
ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සාම්ප්‍රදායික නොවන ක්‍රමය නම් ව්‍යවස්ථාවේ පරිච්ඡේද වල වෙනසක් නොකරමින් ව්‍යවස්ථාමය අධිකරණ පාලනයක් මඟින් එය වෙනස් කිරීමයි.අධිකරණමය බලපෑම ඔස්සේ ව්‍යවස්ථාමය වෙනසක් සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකසනු ලැබේ.
අපැහැදිලි වුවද ව්‍යවස්ථාමය සංශෝධන සඳහා විධායක සහ ව්‍යවස්ථාදායක තීරණ මෙන්ම ඇතැම් දේශපාලඥයන්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රියාකාරීත්වයන්ද විශාල ලෙස බලපායි.උදාරනයක් ලෙස පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික වාසිදායක තත්වය පදනම් කර ගනිමින් විධායක ජනාධිපතිධූරයේ බලතල වැඩි කර ගැනීමට කටයුතු කිරීම දැක්විය හැකිය.
අනුරාධ සේනාරත්න
This blog tries to look the world in a fairly different point of view and encourage to make new thoughts ....................
Saturday, June 9, 2018
Friday, June 1, 2018
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යක්ෂයාගේ සෙවනැල්ල අභියස

අල් ජසීරා කටාර් මාධ්‍ය ජාලය විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පසුගියදා පැවති ඉන්දීය- ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේදී තණතිල්ල සැකසීමේ වංචා සහගත ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් තරඟ පාවාදීමේ සැලැස්මක් ක්‍රියාත්මකව ඇති බවට චෝදනා කරයි.තණතිලි සකසන්නා විසින් හිතාමතාම තණතිල්ලේ ස්වභාවය විකෘති කරමින් ඒ ඔස්සේ තරඟය සුවිශේෂ ප්‍රතිපලයක් වෙත යොමු කල බව වැඩිදුරටත් එම මාධ්‍ය ජාලය චෝදනා කරයි.
මෙම තණතිලි සැකසීමේ වංචා සිදුවූ අවස්ථා හතරෙන් අවස්ථා දෙකක් ගාල්ල අන්තර් ජාතික ක්‍රිඩාංගනයේදී සිදුව ඇත. චෙන්නායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී 2016 වර්ෂයේ පැවති ඉන්දියා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී අදාල ක්‍රිඩා පිටියේ තණතිලි සකසන්නා විසින් තණතිල්ලේ ස්භාවය තරඟ දෙකකදී විකෘති කල බවට අල් ජසීරා මාධ්‍ය ජාලය චෝදනා කරනු ලබයි.
මෙකී තරඟ පාවාදීමේ චෝදනාවන් මේ වන විටත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂණයට ලක් කරමින් පවති. 2018 මැයි මස 29 වන දින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් අල් ජසීරා මාධ්‍ය ජාලය දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුවේ තරඟ පාවාදීමේ චෝදනාවන් ඔප්පු කිරීමට අදාල සාක්ෂි එම මාධ්‍ය ජාලය විසින් අණාවරනය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙනි.
2018 දී ඕස්ට්‍රේලියාවේ සිදුවූ පන්දුව විකෘති කිරීමේ සිදුවීමෙන් පසු අන්තර් ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවූ ආන්දෝලනාත්මකම සිදුවීම වූවේ ඉන්දියාව සහ ලංකාව සම්භන්දයෙන් වූ මෙම තණතිල්ල විකෘති කිරීමේ සිදුවීමයි.
ශ්‍රී ලංකාව පලමු පන්තියේ ක්‍රිකට් තරඟ වලදී මෑත කාලය දක්වාම තරඟ පාවාදීමේ සිදුවීම් වාර්තාවී ඇත.2017 වර්ෂයේදී පානදුර ක්‍රිකට් සමාජය(Panadura cricket club) සහ කළුතර ක්‍රිකට් සමාජය(Kalutara physical culture club) යන ක්‍රිකට් සමාජ ද්විත්වයේ එවකට නායකයන්ව සිටි චාමර සිල්වා සහ මනෝජ් දේශප්‍රිය යන ක්‍රීඩකයන් සඳහා කිසියම් කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තරඟ තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය විසින් පනවන ලදි.මෙයට හේතුවූවේ 2017 ජනවාරි මස පැවති පලමු පෙළ මෙකී ක්‍රිකට් තරඟයකදී පානදුර ක්‍රිකට් සමාජය විසින් වාර්තා කරන ලද අසාමාන්‍ය ලකුණු ප්‍රමාණයන් සහ ලකුණු වේගයන්ය.
මෙම තරඟ පාවාදීමේ සිදුවීම් ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය පිලිබඳ බරපතල අවිනිශ්චිතතාවක් ඇති කරනු ලබයි.එයින් දින කිහිපයකට පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී කාසිය උඩ දැමීමේ ක්‍රමවේදය ඉවත් කරමින් ඒ සඳහා උචිත වෙනත් ක්‍රමවේදයක් යොදා ගත යුතු බව ප්‍රකාශ කරන ලදි.අනාගත ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදීද මෙලෙස තණතිල්ල විකෘති කිරීම මඟින් දීර්ඝ සැලසුමක් යටතේ තරඟ වංචාකිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරීමට අවකාශ පවතී .2018 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පැවති ටෙස්ට් තරඟවලදීද පන්දුව විකෘති කිරීමේ චෝදනාවන් ඕස්ට්‍රේලියානු කන්ඩායමට එල්ලවී තිබේ.
මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇදුම් මාරැ කරන කාමර තුලදීත් පිටියේදීත් ක්‍රිඩකයන් සඳහා ස්මාර්ට් වර්ගයට අයත් ඔර්ලෝසු සහ අනෙකුත් ඉලෙක්ට්‍රෝනික උපාංගයන් භාවිතා කිරීම තහනම් කරමින් නව නීතියක් ඉදිරිපත් කර තිබේ.2018 වර්ෂයේදී පැවති එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලියේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්මාර්ට් වර්ගයේ අත්ඔර්ලෝසු පැළඳීම තහනම් කරන ලදි.තරඟය ඇතුලතදී විය හැකි තරඟ පාවාදීමේ අවස්ථාවන් වළක්වා දැමීමට මෙම නීතිය මඟින් අපේක්ෂා කරනු ලබයි.
2016 සහ 2017 වර්ෂවලදී ඕස්ට්‍රේලියා සහ ඉන්දීය කන්ඩායම් වල ශ්‍රී ලංකා සංචාර වලදී සිදුවූ බොහෝ තරඟ පාවාදීම් සම්භන්දයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් සැක කරනු ලබන්නේ මුම්බායි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රොබින් මොරිස් නැමැත්තායි.
ICC ආයතනය විසින් හෙළිකරන පරිදි ගාල්ලේදී පැවති පසුගිය එංගලන්ත- ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී මෙකී රොබින් මොරිස් නැමැත්තා හා එක්ව ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නා තරඟයේ තණතිල්ල විකෘති කිරීම මඟින් තරඟ ප්‍රතිපල කෙරෙහි බලපෑම් කර ඇති බව පෙන්වාදේ.වඩාත් විශ්වාසවන්ත වාර්තාකරැවන්ට ඉන්දීය හිටපු මෙම පලමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයා පවසා ඇති පරිදි ඔහු විසින් තරඟ ඔට්ටුකරැවන්ට රිසි පරිදි ජය පරාජය තීරණය වන ලෙසින් තණතිල්ලේ ස්වභාවය වෙනස්කිරීමට ගාල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නාට අල්ලස් ලබාදී තිබේ.
2018 මැයි 28 වන ඉරිදා 10.00GMT අල් ජසීරා ප්‍රවෘත්ති විකාශයෙන් මෙකී ප්‍රවෘත්තිය ප්‍රකාශ කලේය.ඒ සමඟම අන්තර් ජාතික ක්‍රිකට් කමිටුව අල් ජසීරා පුවත පිලිබඳ සිය පරීක්ෂණ අරඹන ලදි
.
මේ අතර අල් ජසීරා රෑපවාහිනිය මඟින් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදීද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් දෙදෙනෙක් අදාල ක්‍රිකට් තරඟ පවාදීම් සඳහා සම්භන්ද බවට අණාවරනය කරන ලදි.නමුත් අල් ජසීරා චැනලයේම මීලඟ 2018 මැයි 28 ප්‍රවෘත්ති විකාශයේදී මුලින් චෝදනා කල එක් ක්‍රීඩකයෙකු වූ ජීවන්ත කුලතුංග සම්භන්ද චෝදනාව ඉවත් කර ගන්නා ලදි.
පාකිස්ථානු පලමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ හසන් රාසා , රොබින් මොරිස් නම් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා සමග තරඟ පාවාදීමේ සම්භන්දතාවක් නොමැතිබව පසුව අණාවරනය විය.එමෙන්ම රාසා මෙහිදී ප්‍රකාශ කර තිබුනේ තමාගේ නම අනවශ්‍ය ලෙස තරඟ පාවාදීමේ චෝදනා සඳහා අල් ජසීරා රෑපවාහිනිය විසින් ඈඳා ඇති බවයි.ඉන්දියාවේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ තරඟයක් අතරතුරදී මුම්බායි චැම්ප් ක්‍රිඩා සමාජය වෙනුවෙන් ක්‍රිඩා කල චෝදනාලත් එක්තරා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් රොබින් මොරිස් සමඟ එක්ව හිද කතා කරන වීඩියෝ පටයක්ද අල් ජසීරා රෑපවාහිනියෙන් නිකුත් කැර තිබිනි.
මේ අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නා ක්‍රීඩාංගනයේ සහාය කළමනාකරැ වූ නිසා තමන්ට අභිමත පරිදි පන්දු යවන්නන්ට හෝ පිතිකරැවන්ට වාසිදායක ලෙස තණතිල්ල සැකසීමේ අවකාශය තමන් සතුවන බව ප්‍රකාශ කරන ලදි.නමුත් පසුව ඔහු වැඩ තහනමට ලක්විය.
අල් ජසීරා රෑපවාහිනිය මඟින් වැඩිදුරටත් අණාවරනය කරන පරිදි හසන් රාසා සහ තවත් ශ්‍රී ලාංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.මෙහිදී ක්‍රිකට් තරඟ වංචා කිරීම හරහා බුකීකරැවන් ඔස්සේ විශාල මුදලක් උපයා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද අණාවරනය කර තිබේ.
අල් ජසීරා රෑපවාහිනිය අනීල් මුනවාර් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙක් සම්භන්දව මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබේ.මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ සුප්‍රසිද්ධ අපරාධකරැවෙකු ලෙස හඳුන්වන ඩාවුඩ් ඉබ්‍රාහිම් සමඟ එක්ව අන්තර් ජාතික ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පගාව ලබා දෙමින් තරඟ පාවා දීමේ ක්‍රියාවලියකට සූදානම් වන බව අණාවරනය කරයි.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු ලේකම් හලම්බාගේ ප්‍රේමසිරි නම් අයද මෙම තණතිල්ල විකෘති කිරීමේ ක්‍රියාදාමය හා සම්භන්ද බව පසුව වාර්තාවිය. මෙම පුද්ගලයා නාඳුනන තුවක්කුකරැවෙකුගේ ප්‍රහාරයට ලක්වී මිය ගියේය.ඔහුගේ මරණය හා තණතිල්ල විකෘති කරමින් තරඟපාවාදීම අතර කිසියම් සම්භන්දතාවක් තිබේද?පොලිස් අපරාධ විමර්ෂණ කාර්යාංශය මේ සම්භන්දව පරීක්ෂණ පවත්වන්නේද?
කලක් ඉතා ඉහල මට්ටමක පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් පරිපාලනය සමඟ දේශපාලන අරමුණු මෙන්ම බුකීකරැවන්ගේ අරමුණු ද ප්‍රමුඛත්වය ලබා ගනිමින් ඉදිරියට පැමිණීම නිසා වර්තමාන ඛේදජනක වාතාවරනයට මුහුනදෙමින් සිටියි.
ක්‍රිකට් පරිපාලනයේ ඉහල පුටු සඳහා ක්‍රිකට් කළමණාකරනය හෝ ක්‍රිකට් පිලිබද අල්ප දැනුමක් සහිත පුද්ගලයන් ප්‍රවිශ්ඨ වීමද ඔවුන් විසින් ජාතික අභිමානය පිලිබඳ හැඟීම හෝ ක්‍රිකට් පිලිබඳ හැඟීම දෙවැනි ස්ථානයේ තබමින් ක්‍රිකට් ක්‍රීඩාව සිය පුද්ගලික ආදායම් මාර්ගයක් බවට පත් කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඇතැම් ක්‍රිකට් පරිපාලකයන් අල්ලේ නැටවීමත් වත්මන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට ප්‍රධාන හේතුව වී තිබේ.
ක්‍රිකට් නිළවරණ වල සිට ක්‍රිකට් වල සෑම අංශයක්ම මුදලට යටවූ තත්වයක් තුල ක්‍රිකට් තරඟද මුදලට යටවීම අරැමයක් නොවේ.දූෂිත දේශපාලඥයන් ,ඔවුන්ගේ හිතවතුන් , ඔට්ටුකරැවන්, පාතාල කෙරැමන් , සුපිරි ගණිකාවන් සහ ඔවුන් විසින් උලුප්පනු ලැබූ අදක්ෂ ක්‍රීඩකයන් යන සියලු සාධක හා එක්ව අල්ලස් හා දූෂණ මතින් කනගාටුදායක ගමනක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් වල අවසන් ඉරනම යක්ෂයාගේ මුඛයෙන් අවසන්වන දිනය වැඩි ඈතක නොවේ.

Wednesday, May 30, 2018
වර්ෂ 2025 වන විට තරැණ- තරැණියන් සැමට රැකියා

සමාජ විෂමතාවයන් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක් වන අතර එය නොවැළැක්විය හැකි සිදුවීමකි.
වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය සමාජයීය, ආර්ථික,සංස්කෘතික සහ ආගමික අංශයන් වලදී පුළුල් විවිධත්වයක් පෙන්නුම් කරන සමාජයකට කදිම උදාහරණයකි.බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආදී පුළුල් ආගමික විවිධත්වයක් ශ්‍රී ලාංකික සමාජය තුල පවතී.සමාජ තත්වය, අධ්‍යාපනය, ආර්ථික තත්වය යන ක්ෂේත්‍රවල පුළුල් විවිධත්වයක් ද මෙරට පවතී.
මූල්‍යමය පසුබිම, අධ්‍යාපන තත්වය, ආගම, ජාතිය සහ කුලය යන සෑම සාධකයකින්ම ස්වායත්තව සම අවස්ථාවන් සෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුටම ලබාදීම වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ස්වකීය අරමුණු ඉටුකර ගැනීමේදී සම අවස්ථා ලබාදීම එක්සත් ජාතික පක්ෂ රජයේ අපේක්ෂාවයි.
1. එවකට එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන ඇමති සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමන් විසින් බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාම නිදහස් අධ්‍යාපන හිමිකම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලබා දීම එක්සත් ජාතික පක්ෂය තුල පවතින පුළුල් ජනතා හිතවාදී දැක්මේ මූලික පදනම විදහා දක්වයි.
ධනවාදී දේශපාලන පක්ෂයක් ලෙසින් සමාජවාදී හෝ වාමාංශිකයැයි කියා ගන්නා දේශපාලන පක්ෂ විසින් හංවඩු ගැසූ එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ පුදුම සහගත ලෙස නොවේද?
2. ආර්ථික දුෂ්කරතා වලින් දැඩි ලෙස පීඩාවිඳින විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගැනීම සඳහා එවකට එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන් මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දෙන ලදි.
විශ්වවිද්‍යාල සිසුන් සිය පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහාත් ශ්‍රි ලංකාවට එරෙහි ඉන්දියන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට මුදලට සාභාගි කරවා ගැනීමටත් "කඩේ යවන " දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂයේ වගකිවයුතු ක්‍රියාකාරීත්වය පිලිබඳ ඔබ සිතන්නේ කුමක්ද?
3. බෞද්ධ උරැමයන් සහ සංස්කෘතිය රැක ගනිමින් එහි ගෝලීය ව්‍යාප්තිය තහවුරැ කරනු වස් ජේ.ආර් ජයවර්ධන යුගයේ එවකට අධ්‍යාපන ඇමතිධූරය දැරෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය ස්ථාපිත කිරීමට ක්‍රියා කරන ලදි.
සිංහල බෞද්ධ ආකල්ප සහ අනන්‍යතාවයන් සිය පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීමට යොදා ගන්නා ඊනියා සිංහල බෞද්ධයයි කියා ගන්නා වත්මන් නායකයන් ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
4 . ජාතියේ තාරැන්‍යය නව ලොව තාක්ෂණික දැනුම සමඟින් නඟා සිටුවීම මඟින් සෑම තරැණ තරැණියෙකුටම රැකියාවක් ලබාදීමේ එක්සත් ජාතික පක්ෂ දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කරනු වස්
a. ජාතික තරැණ සේවා සභාව
b. තරැණ කටයුතු අමාත්‍යාංශය
c. තරැණ සමාජ වැඩසටහන්
d. යොවුන් සේනාංකය
e. ජාතික ආධුනිකත්ව මණ්ඩලය
f. නිස්කෝ ආයතනය
g. බෙල්වුඩ් ගම්මානය
ආදී ජාතික ආයතන ස්ථාපනය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ රජය මඟිනි.මෙම ආයතන වලින් බොහෝමයක් ස්ථාපිත කිරීම සිදු කරනු ලැබුවේ ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ එවකට සිටි අධ්‍යාපන සහ තරැණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි.
තරැණ සංවර්ධනය හා වෘත්තීය පුහුණුව වෙනුවෙන් ශ්‍රී ලාංකීය තාරැන්‍යයට මෙතරම් කාර්යභාරයක් ඉටුකර ඇති වෙනත් පක්ෂයක් තිබේද?
වර්තමාන ශ්‍රී ලංකාවේ අපට හමුවන සංගීතඥයන්, නර්තන ශිල්පීන්, පුවත්පත් කලාවේදීන් සහ ඡායාරෑප ශිල්පීන් බොහෝමයක් සිය වෘත්තීය දිවියෙ පිවිසීම සඳහා ඇවසි පන්නරය ලැබ ඇත්තේ මෙම තරැණ සංවර්ධන ආයතන ඔස්සේයි.
5. තරැණ නගර (youth city) සංකල්පය හරහා තරැණ පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට වර්තමාන එක්සත් ජාතික පක්ෂ රජය විසින 2015 වර්ෂයේදී රැපියල් මිලියන 250 ක මුදලක් වෙන්කර තිබේ.මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ව්‍යපෘතීන් 100 ක් පමණ මෙම ප්‍රතිපාදන මඟින් හඳුන්වා දී තිබේ.
කෙසේ වුවද දැනුමෙන් සහ සමාජ වටිනාකම් වලින් පරිපූර්ණ බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකරනු වස් තවත් කල යුතු දෑ එලෙසම ඉතිරිවී පවතී.වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය විසින් සමාජයේ සම අවස්ථාවන් සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කරමින් සිටියි.
ස්ථාවර රජයක් සහ ස්ථාවර ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරනු සඳහා සම්මුති සන්ධාන දේශපාලන ක්‍රමයෙන් ඔබ්බට ගිය තනි එක්සත් ජාතික පක්ෂ රජයක් ස්ථාපිත කිරීම පක්ෂයේ බහුතරයක අපේක්ෂාවයි.
6. එක්සත් ජාතික පක්ෂ රජයේ වඩාත් වැදගත් ප්‍රතිපත්තියක් වනුයේ වසර 4ක් ඇතුලත රැකියා අවස්ථා මිලියනයක් පුද්ගලික සහ රාජ්‍ය අංශයන්හි ජනිත කිරීමයි.උතුරැ නැගෙනහිර සිවිල් යුද වාතාවරණය මර්දනය කිරීමෙන් සමනය කලද ඒ හා සබැඳි තරැණ අසහනකාරී තත්වය තවදුරටත් අවසන්ව නොමැත.
සාධාරණ සමාජයක් සඳහා උතුරැ- නැගෙනහිර දෙමළ තරැණ ප්‍රජාවට ඇති අයිතීන් තහවුරැ කිරීම මඟින් චිරස්ථායී සාමයකට සහ ජනවාර්ගික ඒකාග්‍රතාවයකට මඟ පෑදීම එක්සත් ජාතික පක්ෂයේ දැක්ම සහ අරමුණයි.
7. රැකියා අවස්ථා මිලියනයක්
මෙම රැකියා අවස්ථා මිලියනය ලබා දීමේදී නිශ්චිත සැලැස්මක් රජය සකස්කල යුතුය.මෙලෙස රැකියා අවස්ථා මිලියනයක් ජනිත කිරීම සඳහා හුදෙක් රාජ්‍ය අංශය පමණක් උපයෝගී කර ගැනීම ප්‍රමාණවත් නැත.ඒ සඳහා දේශීය පුද්ගලික අංශයේ මෙන්ම විදේශීය ආයෝජකයන් ගේද උපකාර ලබා ගැනීමට රජයට සිදුවනු ඇත.
ස්ථාවර රජයක් මෙන්ම ස්ථාවර ආර්ථිකයක්ද ඇති කිරීම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි අතිශය වැදගත්වේ.එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන්, මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් මෙන්ම ඉන්දියාවේ නරසිංහ රාඕ වැනි නායකයන්ට ප්‍රථමව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1977 වර්ෂයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන ලදි.
දුරස්ථ පළාත් වල වාසය කල අඩු ආදායම්ලාභී තරැණ තරැණියන් මෙකී අවස්ථාවන් ලැබෙන තෙක් එම පළාත් වල ප්‍රභූ ජනතාවට සාපේක්ෂව පසුගාමී තත්වයක පසුවූ බව රහසක් නොවේ.රටක් ලෙස අප මුහුන දෙමින් සිටින ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට නම් අප ගෝලීයකරණ ක්‍රියාදාමයට විවෘත විය යුතුය.අතීතයේ දී මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය ද මෙම යථාර්තය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බව පෙනී යයි.
8. දැවැන්ත සංවර්ධන වැඩසටහන් සඳහා තරැණ සාභාගීත්වය පුළුල්ව ලබා ගැනීම
a. මහනුවර- කොලඹ- හම්බන්තොට කොරිඩෝරයේ පුළුල් සංවර්ධන ව්‍යාපෘති සඳහා තරැණ ශ්‍රම බලකාය යොදා ගන්නා රැකියා අවස්ථා ජනිත කිරීම
b. බස්නාහිර මහනගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා රැසක් ජනිත කිරීම
c . හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ කර්මාන්ත කලාපයන් ස්ථාපනය කිරීමෙන් තරැණයන් සඳහා රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
9. නව තාක්ෂණික හා ගෝලීය දැනුමෙන් පරිපූර්ණ වූ තරැණ පරපුරක් ඇති කිරීම, දැනුම හා පුහුණුව ඉලක්ක කර ගත් රැකියා අවස්ථා වලට තරැණ තරැණියන් යොමු කිරීම සහ තරැණ පරපුරේ ආර්ථික සංවර්ධනය එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයේ අපේක්ෂාවයි .
ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවේද රැකියා වෙළඳපොලට සරිලන වෘත්තීය අධ්‍යාපන සහ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම එක්සත් ජාතික පක්ෂයේ උපායමාර්ගය බවයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අධ්‍යාපන හා වෘත්තීය පනතේ ප්‍රධාන අරමුණ වූවේ මෙයයි.
10. තරැණතරැණියන් සඳහා ඉහත ආකාරයේ ව්‍යාපෘති හඳුන්වා දීමේදී අන්තර් ජාතික අත්දැකීම් වල අවශ්‍යතාවය පිලිබඳ කාලීන පසුබිම අපට අමතක කල නොහැකිය.
ශ්‍රී ලාංකීය තරැණ පරපුර දැනුමෙන් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ කිරීම සඳහා සැලසුම් සහගත පදනමක් නිර්මාණය කිරීමෙන් ගෝලීය ප්‍රජාවට නොදෙවෙනි තරැණ ප්‍රජාවක් ඇති කිරීමඑක්සත් ජාතික පක්ෂයේ දැක්මයි.
11. තරැණ භාහිර ක්‍රියාකාරකම් සහ දක්ෂතා ප්‍රවර්ධනය සඳහා රැපියල් බිලියන 200ක් වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයෙන් වෙන් කර ඇත.
a. විශ්වවිද්‍යාල සිසුන්ට සහනදායී මිලකට ලැප්ටොප් මිලදී ගැනීමේ පහසුකම් සලසාදීම
b. ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ඩිජිටල් දැනුම ලබා ගැනීමේ සහ භාවිත කිරීමේ අවස්ථා පුළුල් කිරීම
c. පොලිස් සහ අධිකරණ විශ්වවිද්‍යාලය ක් පිහිටුවීම යන අරමුණු සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම ප්‍රතිපාදන වෙන් කිරීම් වලින් ප්‍රතිලාභ ලබන්නේ සමස්ථ තරැණ ප්‍රජාවමයි.එහිදි කිසිදු ජාති, ආගම් , කුල , මුල්‍යමය හෝ අනෙකුත් සමාජ විෂමතාවයන් හෝ දේශපාලන විෂමතා නොසලකනු ඇත.
12. සංවර්ධනයේදී තරැණ ප්‍රජාව ක්‍රියාශීලීව එම ක්‍රියාවලියට දායක කර ගැනීම එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධාන අරමුණකි.ප්‍රතිපත්ති සම්පාදනය, තිරණ ගැනීම සහ සංවර්ධන ව්‍යාපෘති වලදී තරැණ දායකත්වය පුළුල්ව ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.
වර්තමානයේදී බොහෝ දේශපාලන පක්ෂ ආගම්වාදී, ජාතිවාදී ප්‍රවාහ ඔස්සේ තරැණ සිත් වෛරයෙන් කලඹා ඒ ඔස්සේ ශ්‍රී ලාංකිකයන් භේද බින්න කරන පසුබිමක් තුල එක්සත් ජාතික පක්ෂය තාරැන්‍ය වෙත ලබාදුන් ප්‍රතිඥාාවන් ඉටු කරමින් තරැණ සංවර්ධනය පිලිබඳ සිය සීමාවන් පුළුල් කරමින් සිටියි.
1960 දශකයේදී සිංගප්පූරැව සහ මැලේසියාව යන රටවලට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව වැටී සිටින වත්මන් තත්වයෙන් එය ගලවා ගැනීමට හැක්කේ සාර්ථක ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තීන් අනුගමනය කරන ප්‍රතිපත්තිවාදී දේශපාලන පක්ෂයකට පමණි.
එක්සත් ජාතික පක්ෂය සෑම විටම කෙටිකාලීන මෙන්ම දිගු කාලීන චිරස්ථායී ඉලක්කයන් මත කටයුතු කරමින් චිරස්ථායී සංවර්ධනයකට ශ්‍රී ලාංකීය තරැණ පරපුර යොමු කරයි.
The economist ඇසුරෙනි

Tuesday, May 29, 2018
වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවසක්

නිවාස අවශ්‍යතාවය මිනිසාගේ පවුල නම් සමාජ ඒකකයේ පැවැත්ම සහ ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් සාධකයකි.වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවාස ලබා දීමේ රජයේ මෙහෙයුම ඉතා වැදගත් වන්නේ මේ නිසාය .පසුගිය වසර දෙකක කාලය තුල එක්සත් ජාතික පක්ෂ රජය විසින් නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රැපියල් බිලියන 22 කි.ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමෙන් පමණක් නිවාස වැඩසටහන සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමේ හැකියාව පවතී.එක්සත් ජාතික පක්ෂ රජයේ කාර්යක්ෂම ආර්ථික කළමනාකරණ උපායමාර්ගයන් අනුගමනය කිරීමෙන් නාස්තිය අවම වන පසුබිමක් තුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමෙන් පමණක් ගම්උදාව වැනි දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට හැකිවේ.
වර්තමාන එක්සත් ජාතික පක්ෂ රජය මඟින් එය බලයට පත්වු 2015 වර්ෂයේ සිට මේ දක්වා නිවාස 200000 කට වඩා වැඩි සංඛ්‍යාවක් අඩු ආදායම්ලාභී පවුල් වලට ලබාදී ඇත.ඉදිරි වසර 7ක කාලය ඇතුලත අඩු ආදායම්ලාභී මුඩුක්කු වාසීන් හා ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන දුප්පත් පවුල් 100000 කට පමණ නව නිවාස ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරැන්ගේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.
වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවාස ලබා දෙමින් නිවාස ප්‍රශ්නය මුළුමනින්ම විසඳාලීම වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.
1 .වර්ෂ 2015 සිට මේ දක්වා නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය මඟින් අඩු ආදායම්ලාභීන් සඳහා සාදා නිමකරන ලද නව නිවාස සංඛ්‍යාව 206244කි.(නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දත්ත ඒකකය)
2. වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් නිවාස ගොඩනැඟීම සහ සනීපාරක්ෂාව සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය දෙගුනයකින් ඉහල නංවා තිබේ.2014 වර්ෂයේදී නිවාස ඉඳිකිරීම් සහ සනීපාරක්ෂාව සඳහා වෙන් කල රැපියල් බිලියන 7.8 ක ප්‍රතිපාදන ප්‍රමාණය , දෙගුන කරමින් 2016 වර්ෂයේ අදාල විෂයය සඳහා රැපියල් බිලියන 19.6 ක මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.( නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය)
3. 2015 සහ 2016 යන වර්ෂ වලදී එක්සත් ජාතික පක්ෂය විසින් සැමට සෙවන යන තේමාව ඔස්සේ නව නිවාස ඉදිකිරීම සඳහා රැපියල් බිලියන 22.6 ක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත.මේ අනුව 2015 සහ 2016 යන වර්ෂ වලදී රජය විසින් පවතින නිවාස වැඩිදියුණු කිරීම සහ නව නිවාස ඉඳිකිරීම සඳහා දියත් කල නිවාස සංවර්ධන වැඩසටහන කඩිනම් සහ විධිමත් කර තිබේ.පිලිවෙලින් 2015 සහ 2016 යන වර්ෂ වලදී නිවාස වැඩසටහන සඳහා රජය විසින් රැපියල් බිලියන 6.2 ක් සහ 16.4 ක් යන ප්‍රතිපාදන ප්‍රමාණයන් වෙන්කර තිබේ.(මුදල් අමාත්‍යාංශ 2016 වාර්ෂික වාර්තාවේ 109 පිට සහ මුදල් අමාත්‍යාංශය 2015 වාර්ෂික වාර්තාවේ 115 පිට)
4. වර්ෂ 2015 සිට මේ දක්වා නිවාස කපරාරැ ආධාර වැඩසටහන යටතේ රැපියල් 10000 බැගින් ආධාර මුදල් පවුල් 109423 කට වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් ලබාදී තිබේ.වර්ෂ 2015 දී පවුල් 31108 කට රැපියල් 10000බැගින් සිමෙන්ති ලබාදී ඇති අතර 2016 වර්ෂයේදී පවුල් 78315 කට එම වටිනාකම සහිත සිමෙන්ති සහනාදාරය නිවාස කපරාරැ කිරීම සඳහා ලබාදී තිබේ.(2015 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 115 පිට සහ 2016 මුදල් අමාත්‍යාංශ වාර්තාවේ 109 පිට)
5. මේ අතර 2015 සිට මේ දක්වා අඩු ආදායම් ලාභී පවුල් 7000 ක පමණ නිවාස අළුත්වැඩියා කිරීම නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය මඟින් ඉටුකර ඇත.වසර 30 ක් පමණ පැරණි නිවාස යෝජනා ක්‍රමයන්හි වාසය කරන පවුල් 6895 කගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක තත්වයන් පසුගිය වසර 4ක කාලය තුල එක්සත් ජාතික පක්ෂ රජය මඟින් වැඩිදියුණු කර තිබේ.(නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය)
6. වතු ආශ්‍රිත ප්‍රජාවන් සඳහා මේ වන විට රජය මඟින් නව නිවාස 800 කට වඩා ඉඳිකර තිබේ.පිලිවෙලින් 2015 සහ 2016 යන වර්ෂ වලදී රැපියල් මිලියන 350 ක් සහ රැපියල් මිලියන 727 ක මුදල් ප්‍රමාණයන් වතු ආශ්‍රිත නිවාස පහසුකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතික පක්ෂ රජය විසින් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
7. 2015 සහ 2016 යන වර්ෂ දෙක තුලදී පිලිවෙලින් නව නිවාස 842 ක් සහ 288 ක් සම්පූර්ණයෙන්ම නිමවා නායයාම් වලින් අවතැන්වූවන්ට ලබාදී තිබේ.ලයින් කාමර වල වාසය කරද්දී නායාම් වලින් අවතැන්වූ පවුල් 61 කට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ රජයෙන් නව නිවාස ලබාදී ඇත.තවත් නිවාස 939 ක් ලයින් කාමර වල වාසය කරන විට නායයාම් වලින් අවතැන්වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඳිකරමින් පවතී.( මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2015 හි 115 පිට සහ 2016 හි 109 පිට බලන්න)
හිටපු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ආරම්භ කරන ලද අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ගම්උදාව වැඩසටහන මඟින් මේ වන විටත් නිවාස 300000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදී තිබේ.දුගී දුප්පත් පැල්පතට පවා පිවිසෙමින් දුප්පත් මිනිසුන් සමඟ නිතරම දුක සැප බෙදාගත් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයෙක් වූ එතුමන් අඩු ආදායම්ලාභී ජනතාව සහ මුඩුක්කුවාසී ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර මේ දක්වා මෙතෙක් කිසිදු ලාංකීය නායකයෙකු විසින් සිදු කර නොමැත.දුප්පත් මිනිසුන්ගේ දෙවියෙක් ලෙස වර්තමානයේද ගරැ කරන එතුමන්ගේ සදාඅනුස්මරණීය නාමය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කල යුතුමය.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ ගරැ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගම්උදාව වැඩසටහන යටතේ වසර 3 ක් ඇතුලත නිවාස හා ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශාල වැඩ කොටසක් ලාංකීය දිළිඳු ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටියි.
එවන් දැවැන්ත වැඩසටහනක් ඉදිරියට ගෙන යමින් 2025 දී සැමට සෙවණ යන සංකල්පය යථාර්ථයක් කිරීමට සියළු ශ්‍රී ලාංකික තරැණ බුද්ධිමත් බලවේග වල සහාය එක්සත් ජාතික පක්ෂය ට අවශ්‍යව පවතින යුගයකි මේ...
Annual report of ministry of finance
Reports of housing and construction
Central bank annual report ඇසුරෙනි

Monday, May 28, 2018
එක්සත් ජනපදය, පිලිපීනය හා චීනයේ ත්‍රිකෝණ හවුල තවත් බර්මියුඩාවක්ද?

එක්සත් ජනපදයට ගෝලීය බලවේගයක් ලෙසට නැඟී සිටීමට ශතවර්ෂයක පමණ කාලයක් තිස්සේ පිලිපීනය විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ලදි.අනෙක් අතින් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මැනිලා පාලනය එක්සත් ජනපද ආර්ථික ආධාර මෙන්ම හමුදාමය ආධාරද විශාල ලෙසම ලබන රට බවට පත්වී තිබේ.මේ නිසාම එක්සත් ජනපදය හා පිලිපීනය අතර ද්විපාර්ශවික සම්භන්දතා මෙන්ම ප්‍රජා සම්භන්දතා විශිෂ්ඨ මට්ටමක පවතී.මේ අතර පිලිපීන පිව් පරීක්ෂණ ආයතනය මඟින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව පිලිපීන වැසියන්ගෙන් 92% ක්ම ඇමරිකන් හිතවාදී ආකල්ප දරන්නෝය.
නමුත් පිලිපීනයේ උතුරැ මින්දනාවෝ දූපතේ කලක් නගරාධිපතිව සිටි වත්මන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටාර්ටේගේ සමහර ක්‍රියාකලාපයන් නිසා දීර්ඝ කාලීන පිලිපීන- එක්සත් ජනපද ද්විපාර්ශවික සම්භන්දතා පසුගිය සමයේ දැඩි පීඩනකාරී තත්වයකට පත්විය.මේ අතර මැනිලාහි ජනාධිපතිවරයා ඉතා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිය සුහදත්වයේ දෑත බීජිං පාලනය වෙත දිගු කිරීම වොෂින්ටන් පාලනයට එක්තරා අභියෝගයක් විය.
යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ මෙගා ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙමින් සහ දකුණු චීන මුහුදේ පිලිපීනය කෙරෙහි ඇති බලපෑම අවම කරමින් එයට චීන ජනාධිපති ෂී ජින් පින් ප්‍රතිචාර දැක්වීය.කෙසේ වුවද හේග් අන්තර් ජාතික අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින පිලිපීන නෛතික ක්‍රියාමාර්ගය හමුවේ දෙපාර්ශවයටම ඔවුන්ගේ ස්ථාවරයන් නැවත සමීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබී ඇත.
දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් වලදී එක්සත් ජනපදය මේ දක්වා චීනය හා පිලිපීනය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගෙන නොමැත.නමුත් දකුණු චීන මුහුදේ දැනට සිදු වන ක්‍රියාකාරකම් විශේෂිත තර්ජනයක් ලෙසට ධවල මන්දිර ට්‍රම්ප් පාලනය විසින් හඳුන්වා තිබේ.අන්තර් ජාතික දේශපාලනයේ වත්මන් එක් ප්‍රධාන පැතිකඩක් නිරෑපනය කරනු ලබන්නේ ආසියා - ෆැසිපික් කලාපය මඟිනි.
සංකීර්ණ සම්භන්දතාවය
පිලිපීනය , එක්සත් ජනපදය අතර පවතින සංකීර්ණ හා දීර්ඝ කාලීන ආරක්ෂක සම්භන්දතාවය 1892-1902 කාලයේ පැවති ස්පාඥ්ඥ - ඇමරිකා යුද සමය දක්වාම දිව යන්නකි.මෙම දීර්ඝ කාලීන සහ ද්විපාර්ශවික සම්භන්දතාවය වොෂින්ටන් පාලනය ලෝක මට්ටමේ බලවතෙක් වීම කෙරෙහි මහඟු පිටුවහලක් විය.පිලිපීනය හා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සම්භන්දතා වල පදනම ආරම්භ වන්නේ 1951 දෙරට අතර එලඹගත් ආරක්ෂක ගිවිසුම ඔස්සේය.
මෙම ගිවිසුමේ 4 සහ 5 ඡේද වලින් දැක්වෙන පරිදි පැසිපික් කලාපය තුලදී එල්ලවන ඕනෑම හමුදා ප්‍රහාරයකදී එක් රටකට අනෙක ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට සිදුවේ.එම ගිවිසුමේ සඳහන් වන පරිදි ද්වි පාර්ශවික භූමි භාගයන් , දෙරටේම හමුදා කන්ඩායම්, මගී නෞකා සහ මගී ගුවන්යානා සදහා පැසිෆික් කලාපය තුලදී ආරක්ෂාව සැලසීමට ගිවිසුමට සම්භන්ද රටවල් ද්විත්වයම බැඳී සිටියි.දකුණු චීන මුහුදේදී ඇතිව තිබෙන අර්බුදයේදී වොෂින්ටන් පාලනය විසින් ගිවිසුමේ සීොවන් පුළුල්කර නොමැති බව පෙනී යයි .හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වලදී පවසා ඇත්තේද පිලිපීනය සම්භන්දව ඔවුන් බැඳී සිටින ආරක්ෂක ගිවිසුම එක්සත් ජනපදයට දැඩි ඝට්ටනකාරී තත්ව නිර්මාණය කරන බවකි.
අතීතයේදී පිලිපීන- එක්සත් ජනපද සහයෝගීතාවය කලාපීය වශයෙන් අන්තර් ජාතික සම්භන්දතා උණුසුම් කිරීමකට මෙන්ම විදේශ සම්භන්දතා වල එක්තරා කැලඹීමක් ඇති කිරීමටත් හේතුවිය.මෙම තත්වය නිසාම පිලිපීන එක්සත් ජනපද ද්විපාර්ශවික සම්භන්දතා ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛ හා කැපී පෙනෙන ජවනිකාවක් නිරෑපනය කරන ලදි.උදාහරනයක් ලෙස නිරවි යුද සමයේදී එක්සත් ජනපදය විසින් සුබික් බොක්කේ සුවිශාල නාවික සේනාංකයක්ද , ක්ලාක් ගුවන් හමුදා කඳවුරේ විශාල ගුවන් සේනාංකයක්ද පවත්වා ගෙන යන ලදි.
කෙසේ වුවද පිලිපීන සෙනෙට් මණ්ඩලය විසින් 1992 දී පිලිපීන ගුවන් සහ නාවික කඳවුරැ ද්විත්වයම වසා දමන්නට තීරණය කරන ලදි.නමුත් ඉන් පසුව 1998 දී පිලිපීනය හා එක්සත් ජනපදය නිරීක්ෂණ හමුදා සහයෝගිතා එකඟතාවයකට එලඹෙන ලදි.මෙමගින් එක්සත් ජනපද හමුදා යුදමය නොවන කාර්රයභාරයන් වල සහ තාවකාලික යුද මෙහෙයුම් වල නිරතවීමට තීරණය කරන ලදි.මෙම සමස්ථ ගිවිසුමේ අරමුණ වූවේ මැනිලා පාලනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යැයි කියනු ලැබේ.
මේ අතර 2014 වර්ෂයේදී පිලිපීනය හා එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම (EDCA)මඟින් ද්විපාර්ශවික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් බවට පත්විය.
EDCA යනු වසර 10 කින් අළුත් කරන ගිවිසුමක් වන අතර මෙමගින් එක්සත් ජනපද සෙබළුන්ගේ සේවා මුරයන් චක්‍රිය පදනමක් මත සැලසුම් කර ඇත.මෙහිදී අදාල ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සහ එම පහසුකම් වර්ධනය කිරීමේ පූර්ණ අයිතිය එක්සත් ජනපදය සතු වන අතර පිලිපීනය කුලී ගාස්තු නොගෙවීමේ පදනම මත අදාල ව්‍යාපෘතියේ නෛතික හිමිකම පිලිපීනය සතුවේ.
මෙකී ගිවිසුම මඟින් පිලිපීන සහ එක්සත් ජනපද හමුදා අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස සඳහා වැඩිපුර අවස්ථා සලසාදීමට අපේක්ෂා කරන අතර පිලිපීන හමුදා නවීකරණය සඳහා පහසුකම් සපයාදීමක් සිදුකරනු ලැබේ.උදාහරනයක් ලෙසට 2016 වර්ෂයේදී පිලිපීනය සහ එක්සත් ජනපදය අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස 32ක් EDCA ගිවිසුම මඟින් දියත්කර ඇත.
මේ වන විටත් පිලිපීනය එක්සත් ජනපදයේ ඒකාබද්ධ ත්‍රස්තවාදී මර්ධන ව්‍යාපෘතියේ ප්‍රබල කොටස්කරැවෙක් බවට පත්වී අවසන්ය.එක්සත් ජනපදයේ හමුදාමය ක්‍රියාමාර්ගයන්ට පිලිපීනයෙන් ලැබෙන ප්‍රබල සහයෝගය නිසා එක්සත් ජනපදයට දැනට සිටින නේටෝ නොවන ප්‍රධාන සහයෝගීතාවය ලෙස මැනිලා පාලනය හඳුන්වනු ලබයි.2003 වර්ෂයේදී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේදී පිලිපීනය විසින් ලබාදුන් ප්‍රබල සහයෝගය මෙයට හේතු විය.
පිලිපීනයේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් කාර්ය සාධක බලකාය (Joint special operation task force) මගින් මින්දනාවෝහිදී අබු සයිෆ් සහ ජෙමා ඉස්ලාමියා යන ත්‍රස්තවාදී නායකයන් මරා දමන ලද්දේ මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙසය.
මෙහිදී එක්සත් ජනපද විශේෂ බලකාය මෙහෙයවනු ලබන්නේ සුවිශේෂ නීති පද්ධතියකට අනුව වන අතර මැනිලා පාලනයේ සංවේදීතාවයන්ට අනුගත වෙමින් උපකාරක කාර්යභාරයක නිරත වීම සිදුවේ.
ආරක්ෂක ගිවිසුම් මගින් රටවලට අනෝන්‍ය ආරක්ෂාව සැසෙන නමුදු එමඟින් රටවල් කන්ඩායම් අතර යුදමය තත්වයන් ඔස්සේ කලාපීය යුදගැටුම් ඇතිවීමේ දැඩි අවධානමක් පවතී.
World politics review ඇසුරෙනි

Sunday, May 27, 2018
ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ප්‍රතිරෑපය වර්තමානයේ කෙබඳුද? අනාවරණයක්...

වඩා යහපත් අන්තර් ජාතික ප්‍රතිරෑපයක් ප්‍රතිනිර්මාණය කරනු වස් ශ්‍රී ලංකාව තුල පුළුල් සමාජ, ප්‍රජාතාන්ත්‍රීය නිදහසක් ස්ථාපනය කිරීමත් මානව හිමිකම් අන්තර් ජාතික ප්‍රමිතීන් සමඟ අනුගත කිරීමත් ඉතාමත් වැදගත් වන බව පෙනීයයි.සමාජය තුල කතා කිරීමේ නිදහස,මාධ්‍ය නිදහස සහ මානව අයිතීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන සන්දර්භයක් තුල යහපත් සහ හිතකර අන්තර් ජාතික ප්‍රතිරෑපයක් ඇති කිරීමට නොහැකි සේම විදේශ ආයෝජකයන් හා ව්‍යවසායකයන් රටින් බැහැරවීමේ ඉහල ප්‍රවණතාවක් පවතී. ශ්‍රී ලංකාව පිලිබඳ හිතකර අන්තර් ජාතික ප්‍රතිරෑපයක් වර්ධනය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් පසුගිය සමයේ අහිමිකල ජී.එස්.පී අපනයන බදු සහනය නැවත ලබා දීමට වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට හැකියාව ලැබිනි.
එමඟින් පසුගිය රජය සමයේ අහිමිවීමේ අවදානමට ලක්ව තිබූ රැකියා ලක්ෂයකට වඩා රැක ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත.ලෝකයේ සංවර්ධිත රටවල ආර්ථිකයන් සමඟ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වෙළඳ සම්භන්දතා වර්තමානයේ අපරටට ඇත.මෙමගින් අපගේ අපනයන අවස්ථාවන් පුළුල් කිරීම සඳහාත් අපනයන ධාරිතාවය ඉහල නැංවීම සඳහාත් මනා පිටුවහලක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාව සමඟ අන්තර් ජාතික ප්‍රජාව එලඹෙමින් පවතින ආයෝජන ගිවිසුම් මෑත කාලීනව වාර්තාගත මට්ටමකට පැමිණ ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ත් නැවත වරක් ගෝලීය ප්‍රජාව තුල ශ්‍රී ලංකාවේ විශේෂිත ස්ථානය තහවුරැ කිරීම සඳහාත් බෙහෙවින් උපකාරීවේ.වත්මන් රජයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජ සංස්කෘතික ප්‍රවේශය නිසා නිදහස් මාධ්‍ය සහ සමාජ වටපිටාවක් ඇතිව පවතින අතරම පසුගිය රාජපක්ෂ රෙජීමය මඟින් ඇති කර තිබූ සීතල රාජ්‍ය භීෂණකාරී වාතාවරනය පහව ගොස් ඇත. රජය විසින් පාරදුෂ්‍ය සහ කාර්යක්ෂම ආර්ථික විව්‍යුහයක් රට තුල ඇති කරමින් පවතින බව මේ නිසා අන්තර් ජාතික ප්‍රජාව තුල දැඩි විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතී.
1. හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා බදුදීම
ආර්ථික වර්ධනය චිරස්ථායී මට්ටමක ස්ථායීව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6 ක වටිනාකමකින් යුතු උපායමාර්ගික යටිතල පහසුකම් ව්‍යාපෘතීන් රැසක් ශ්‍රී ලංකාව සඳහා ලබා ගැනීමට 2017 වර්ෂය තුලදී එක්සත් ජාතික පක්ෂ රජයට හැකියාව ලැබී ඇත. රාජපක්ෂ රෙජීමය විසින් චීනයට විකුණා දැමීමට
නියමිතව තිබූ හම්බන්තොට වරාය වසර 99 ක බදු පදනම මත චීනයට පවරා දීම මඟින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදලක් සෘජුවම රටට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ රජයට හැකියාව ලැබිනි.මෙහිදී වරාය නවීකරණයට ලක් කරනු ලබන අතර ශ්‍රී ලාංකීය අපනයන ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් මෙම වරාය මඟින් ඉටු කෙරෙනු ඇත.
2. LNG විදුලි උත්පාදන ආයෝජන
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 ක් වටිනා LNG විදුලි උත්පාදන බලාගාරයක් සහ එයට අදාල යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් දේශීය විදුලි බල ධාරිතාවයට 1000MVක විදුලි ධාරිතාවයක් එක් කෙරෙනු ඇත.මෙය ආර්ථික ප්‍රවර්ධනයට අදාලව දිනෙන් දින වැඩි වෙමින් පවතින දේශීය විදුලි බල ඉල්ලුම සපිරීම සඳහා දුරදක්නා මෙන්ම බුද්ධිමත් ආයෝජනයක් වනු ඇත.
3. මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය හා නවීකරණය කිරීමේ ආයෝජන
මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 200 ක් වටිනා ආයෝජන අවස්ථාවක් මේ වන විට ලැබී ඇත.මෙම ආයෝජන මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ අන්තර් ජාතික වෙළඳාම ප්‍රවර්ධනය සඳහා දැවැන්ත පිටුවහලක් සැපයෙනු ඇත.
4. සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක්
එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වාර්තාගත මිලියන 2ක් පමණ වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාවක් පසුගිය වසර 3ක කාලය ඇතුලත මෙරටට ආකර්ෂණය කිරීමට රජය සමත්ව ඇත.මෙමඟින් නව රැකියා අවස්ථා 35000 කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙනු ඇත.2014 වසරට සාපේක්ෂව සංචාරක කර්මාන්තය 34% ක වර්ධනයක් පෙන්නුම් කරයි .සංචාරක කර්මාන්ත ඉතිහාසයේ ප්‍රථම වරට විදේශ සංචාරකයන් 2050832 ක සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂ විදෙස් පිළිවෙත හමුවේ හිතකර වූ අන්තර් ජාතික ප්‍රතිරෑපය මඟින් මෙරටට ආකර්ෂණය කර තිබේ.
පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් මෙරට ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 512 ක්වූ ආදායම මෙතෙක් සංචාරක කර්මාන්තයෙන් වසරක් තුලදී ලැබු ඉහලම ආදායම ලෙස වාර්තාගතය.එය 2014 වර්ෂයේදී සංචාරක කර්මාන්තය ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 317 ට වඩා ඩොලර් බිලියන 95 ක වැඩිවීමකි.මෙමගින් අමතර රැකියා 35769 ක් උත්පාදනය කර ඇත.(ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2014 සහ 2016 යන සංගනන වාර්තා ඇසුරෙනි)
වසරකට පමණ ප්‍රථම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සමුළුවේදී ගෝලීය ප්‍රජාව සමඟ සම්භන්ද වීමෙන් අන්තර් ජාතික ප්‍රජාව තුල ශ්‍රී ලංකාවේ කාර්යභාරය සහ පාරදුෂ්‍යභාවය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබ ගත්තේය.මෙහිදී චීන ජනාධිපති ෂි ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි , ජපාන අගමැති ෂින්ෂො අබේ වැනි අන්තර් ජාතික නායකයන් රැසක් සමඟ සම්භන්දතා වර්ධනය කිරීමට අවස්ථාව ලබා ගත්තේය.
5. මානව හිමිකම් ක්‍රියාකාරීන් හා ජනමාද්‍යවේදීන් කෙරෙහි පසුගිය රාජපක්ෂ රජයෙන් එල්ලවූ නිර්දය වදහිංසා වලට සහ බියගැන්වීම් වලට තිත තැබීම
මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබඳ වාර්තාව මඟින් ප්‍රකාශ කරන පරිදි පසුගිය රාජපක්ෂ රජය සමයේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ විවේචනාත්මක සංවාදය සඳහා වූ අවකාශය මුළුමනින්ම පාහේ අහුරා දමමින් ඒකාධිපතිවාදී ප්‍රවේශයකට පිවිසෙමින් පැවතිනි.මානව හිමිකම් ක්‍රියාකාරීන්ට රාජපක්ෂ රෙජීමයෙන් එල්ලවූ ක්‍රෑර වදහිංසා, නෛතික පද්ධතියේ විනිසුරැවන්ට සහ නීතීඥයන්ට එල්ලවූ බලපෑම් සහ ස්වාධීන ජනමාද්‍යවේදීන්ට එල්ලවූ මැර ප්‍රහාර මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මෙන්ම නෛතික ස්වාධීනත්වයට එවකට රජයෙන් බලපෑම් එල්ලවූ බව තහවුරැ විය.(එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව -2015 සැප්තැම්බර් 16)
එක්සත් ජාතික පක්ෂ රජය විසින් එය දිවුරැම් දුන් වහාම මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මත පනවා තිබූ නිශේධක රාජ්‍ය බලපෑම් සහමුලින්ම ඉවත් කර දමන ලදි.මෙලෙස සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධාන මත පනවා තිබූ නිශේධක බලපෑම් සහ සීමාකිරීම් ඉවත් කිරීමත් සමඟම එවකට එ.ජා.ප ප්‍රමුඛ සම්මුති රජයට පුළුල් ජාතික මෙන්ම අන්තර් ජාතික පිලිගැනීමක් ලැබිනි.(human rights watch -2015)
6.
රජයේ විවෘතභාවය , පාරදුෂ්‍ය ස්වභාවය සහ වගකිවයුතු ස්වභාවය නිරෑපනය කරමින් එක්සත් ජාතික පක්ෂ රජය තොරතුරැ දැනගැනීමේ අයිතිය තහවුරැ කිරීම සඳහා ලෝකයේ දැනට පවතින හොඳම මට්ටමේ තොරතුරැ තාක්ෂණ නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි.
2017 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි නව තොරතුරැ තාක්ෂණ අයිතිය පිලිබඳ පනත ක්‍රියාත්මක වනු ඇත.මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ගෝලීය ආර්.ටී.අයි දර්ශකයේ (RTI rank) තෙවන ස්ථානය හිමිකර ගත්තේය.
7 . ශ්‍රී ලාංකීය මාද්‍ය නිදහස තහවුරැ කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ රජය විසින් යුරෝපා සංගමයේ ජී.එස්.පී අපනයන සහන වාසිය නැවත ලබා ගන්නා ලදි.
අපගේ සුවිශාල අපනයන නිෂ්පාදනයන් වලට යුරෝපා සංගමයේ රටවල වෙළඳපළවල් සඳහා සේවා බදු වලින් නිදහස් ප්‍රවේශයක් ලබා ගැනීමට (duty free access)මේ නිසා හැකියාව ලැබිනි.2016 දී ද්විපාර්ශවික මුළු වෙළඳ වටිනාකම යුරෝ බිලියන 4.7 ක් වූ අතර ජී.එස්.පී ප්ලස් සහනය සමඟ යුරෝපා සංගමයේ රටවලට බදු වලින් නිදහස්ව ලාංකීය නිෂ්පාදන අපනයනය කිරීමට මෙරටට හැකියාව ලැබේ.
වර්ෂ 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවූ අතර ඒ නිසා කර්මාන්තශාලා බොහෝමයක් වසා දැමීමේ අනතුරැදායක තත්වයක් ඇතිව තිබුනි.මේ නිසා රැකියා අවස්ථා 10000 කට වඩා අහිමිවීමේ තර්ජනයකට රට මුහුනපා තිබිනි.එවකට රාජපක්ෂ රෙජීමය විසින් දියත් කෙරැන අසාර්ථක මානව සහ සිවිල් හිමිකම් වාර්තා නිසා මෙම තත්වය උද්ගත විය.(යුරෝපා කොමිෂම, යුරෝපා සංගමය භාන්ඩ වෙළඳාම -2017 මාර්තු 05)
8. ජී.එස්.පී ප්ලස් සහනය මඟින් නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක රැකියා සුරක්ෂිත කෙරෙනු ඇත.නිමි ඇඳුම් කර්මාන්තය යනු මෙරට ශ්‍රම බලකායට සෘජු රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණද වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ 6 ක් පමණද සපයන සුවිශාලතම තනි ආයෝජන මාර්ගයයි.( ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය , නිමි ඇඳුම් නිෂ්පාදන , දෙවන පිට)
9. එක්සත් ජාතික පක්ෂ රජය මඟින් එතෙක් පනවා තිබූ යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලදි.2014 පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ශ්‍රී ලංකාවට පනවා තිබූ මුහුදු ආහාර හා නිෂ්පාදන අපනයන තහනම මඟින් සමස්ථ මත්ස්‍ය අපනයන ධාරිතාව 68% කින් පහල වැටී තිබිනි.
මේ නිසා එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක වාර්ෂික ආදායමක් මෙරටට අහිමි විය.මෙම තහනම ඉවත් කිරීම නිසා එතෙක් අහිමිව පැවති රැකියා හා ජීවන මාර්ගයන් නැවත ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවිය.
රාජපක්ෂ රජය එතෙක් අනුගමනය කල මර්ධනකාරී මාද්‍ය ප්‍රතිපත්තීන් වෙනුවට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මාද්‍ය ප්‍රතිපත්ති වලට පිවිසෙමින්ද, ඉන්දියාව හා චීනය අතර අන්තර් ජාතික ද්විපාර්ශවීය සම්භන්දතා වල තුල්‍යභාවය ආරක්ෂා කරමින්ද මේ වන විට සම්මුති යහපාලන රජය ශ්‍රී ලංකාව පිලිබඳ තුලනාත්මක සුභවාදී අන්තර් ජාතික ප්‍රතිරෑපයක් නිර්මාණය කර ඇත.
යුරෝපා සංගමය, වතිකානුව, එක්සත් ජනපදය , රැසියාව ආදී සෑම රටක් සමඟම තුල්‍ය හා සමීප සම්භන්දතා ස්ථාවර හා උච්ච මට්ටමකට පැමිණ ඇති මෙවන් සමයක මෙරටට එම ගෝලීය සම්භන්දතා ඔස්සේ චිරස්ථායී සංවර්ධනයකට පියමන් කිරීමේ අවස්ථාව උදාවී පවති.
World bank report of srilanka
Report of human right of UNHCHR
Reports of srilanka investment boatd ඇසුරෙනි

Subscribe to:
Posts (Atom)