Thursday, March 15, 2018



සුප්‍රසිද්ධ හෞතික විදාඥ ස්ටෙෆන් හෝකින් මියයයි.

මරණයේ සෙවනැල්ල අභියස සිට විශ්වයේ ගුප්ත අභිරහස් විමර්ශනය කල ඔහු කළු කුහර, ක්වේසාර, කාලයේ ආරම්භය සහ අවසානය,  විශ්වයේ ආරම්භය මෙන්ම අවසානය සහ  අඳුරැ පදාර්ථය පිලිබඳ සෛදාන්තික මෙන්ම පසුකාලිනව පරීක්ෂණාත්මකව තහවුරැ කරන ලද න්‍යායන් රැසක් ඉදිරිපත් කරන ලදි.හෙතෙම  වයස අවුරැදු 76දී කේම්බ්‍රිජ්හි පිහිටි ඔහුගේ නිවහනේදී පසුගියදා  අවසන් හුස්ම  හෙලන ලදි.

අද දින අපගේ පියාණන්ගේ අභාවය අපව දැඩි ලෙස ශෝකයට පත් කරවයි යනුවෙන් ඔහුගේ දරැවන් වන ලුසී, රොබර්ට් සහ ටිම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිනි.

හෝකින්ගේ අතිසූක්ෂම බුද්ධිය මඟින්  සුවිශාල අවකාශය , මානවීය සම්මතයක් වූ කාලය සහ මායාකාරී උප පරමාණුක ලෝකය පිලිබඳව ක්වොන්ටම් මූලධර්මයන්හි ආන්තික සීමාවන් පෝෂණය කරන ලදි.මෙමඟින් කාලයේ ආරම්භය සහ අවසානයේදී කුමක් සිදුවුනිදැයි පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට ඔහු සමත්විය.



විශ්වයේ සම්භවය  සඳහා කළු කුහර මඟින් සිදු වන අවකාශ-පදාර්ථ ගිලගැනීමේ සංසිද්ධිය  හරහා සිදුවන   අවකාශයීය කාලතරණ ක්‍රියාවලිය(prospect of time travel )උපයෝගී වන ආකාරය මෙහිදී ඔහුගේ විමසුමට ලක්විය.

අතිවිශිෂ්ඨ බුද්ධියකින් සහ ශතවර්ෂ ගනනාවක් යොදාගත හැකි සෛද්ධාන්තික සහ ප්‍රායෝගික දැනුම් සම්භාරයකින් සමන්විත වූ ඔහු අවිවාදයෙන්ම විසිඑක්වන සියවසේ පහලවූ විශිෂ්ඨතම භෞතික විදාඥයන් කිහිපදෙනාගෙන් අයෙකි.හෝකින්ගේ නොපසුබස්නා ධෛර්ය, අධිෂ්ඨානය සහ ඔහුගේ ආකර්ෂණීය දීප්තිමත් පෞර්ෂය ලොව වටා බුද්ධිමත් මිනිසුන් ආකර්ෂණය කරන ලදි.

චාලක ස්නායු ආබාධයකින් වයස විසිඑකේ සිට පීඩාවිඳිමින් සිටි හෝකින්ගේ සුවිශිෂ්ඨ බුද්ධි ප්‍රභාවට ඔහුගේ අසනීප තත්වය සමඟ ඉතා දරැණු ලෙස සටන් වදින්නට සිදුවිය.මේ තත්වය නිසා හෝකින්ට සිය ජීවිතයෙන් වැඩි කාලයක් රෝද පුටුවක් තුලට සීමාවීමට සිදුවිය.ඔහුගේ තත්වය තවත් නරක අතට හැරීමේදී හෝකින්ට ශබ්ද සංශ්ලේෂකයක උපකාරය ලබා ගැනීමටත් ඇස් බැම චලන මඟින් අදහස් ප්‍රකාශ කිරීමටත්  සිදුවිය.2013 වර්ෂයේ ප්‍රකාශිත සිය චරිතාපදානය මඟින් මෙම රෝග තත්වය හෝකින්ගේ කාර්යක්ෂම බව විශාල ලෙස අඩුකිරීමට පමණක් නොව ඔහුගේ විවාහයන් දෙකම බිඳවැටීමටත් හේතුවූ බව දක්වා තිබිනි.



මෙම තත්වය හරිම අසාධාරණයි.ඇයි මට පමණක් මෙවන් තත්වයක් උරැමවී තිබෙන්නේ යනුවෙන් ඔහු සිය කෘතියේ ප්‍රශ්න කර ඇත.මෙකී අවස්ථාවේදී මා මගේ ජීවිතය අවසානය  බව සිතූ අතර ඒ වන විට මා තුල සැඟවී තිබූ සුවිශාල විභවය පිලිබඳ මා හට අවබෝධයක් නොවිනි යනුවෙන් ඔහු වැඩිදුරටත් එම කෘතියේ දක්වා තිබිනි.

නමුත් එතැනින්  වසර 50කට පසු අද මා පිලිබඳව මා බෙහෙවින් සතුටට පත්වෙමි යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියි.වර්ෂ 1988 දී කාලය පිලිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක්..(a brief history of time)යන මාතෘකාව යටතේ හෝකින් විසින් රචිත පොත මෙතෙක් කලකට ඉල්ලුම සපිරීමට අපහසු පොත්  කිහිපයෙන් එකක් බවට පත්වූවේ සති 237ක් පුරාවට සන්ඩේ ටයිම්ස් හොඳම ඉල්ලුම සහිත පොත් ගොන්නට එක්වෙමිනි.විශ්වය පිලිබඳ වර්තමාන සොයාගැනීම්  වලට අදාලව  සිය කුතුහලය පොතක් හරහා එලිදැක්වීමට සිතූ බව හෝකින් පවසයි.

ගුවන්තොටුපල පොත් වෙළඳාම ඉලක්ක කරගනිමින් සිය ග්‍රන්ථය රචනා කල බවත් සිය හෙදියන් හරහා එහි අන්තර්ගතය සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගැනීමේ හැකියාව පිලිබඳ පරීක්ෂණය සම්පූර්ණ කල බවත් හෝකින්  පවසයි.මෙම ග්‍රන්ථයේ එකම එක ගණිතමය සමීකරණයක් ලෙස E=mc2 අන්තර්ගතව තිබීම පිලිබඳව හෝකින් සතුටුවේ.

ස්ටාර් ට්‍රික් චිත්‍රපට මාලාව තුල සිය අනන්‍යතාවයෙන්ම පෙනී සිටීමේ අවස්ථාව ලැබීම සිම්ප්සන් කාටුන් චිත්‍රපට මාළාව තුල ඔහු චරිතයක් ලෙස අන්තර්ගතවීම ඔහුගේ අනන්‍යතාවය ශක්තිමත් කිරීමට සමත් වන්නක් විය.



වර්ෂ 1974 දී  ඔහු විසින් ගුරැත්වාකර්ෂණය හා සුවිශාල ස්වභාවික සංසිද්ධීන් පිලිබඳ සාකච්ඡා කරන  අයිස්ටයින්ගේ  සාපේක්ෂතාවාදය සහ උප පරමානුක අංශ්‍රන්ගේ හැසිරීම සාකච්ඡා කරන ක්වොන්ටම් භෛෟතික විද්‍යාව යන නූතන හෞතිකයේ මුලික පදනම් ද්විත්වය සම්භන්ද කරන ලදි.මෙම පර්යේෂණයේ ප්‍රතිපලයක් ලෙසට සත්‍ය කාලය සහ ක්වොන්ටම් උපකල්පිත කාලය  පදනම් කර ගනිමින් විශ්වයේ ආකෘතියක් නිර්මාණය කිරීමට සමත් විය.උපකල්පිත කාලය විද්‍යා ප්‍රබන්දයක් බඳු වුවත් එය සාධාරණ විද්‍යාත්මක සංකල්පයකි.සත්‍ය කාලය තීර්රයක් රේඛාවක් දිගේ අත්විදිය හැකියි යනුවෙන් ඔහු පැවසීය.



වම්පස අතීතයත් දකුණු පස අනාගතයත් ඇති විට උපකල්පිත කාලය තීර්රයක් රේඛාව ඔස්සේ ගමන් කරන බව ඔහු පැවසීය.මෙය අප විසින් සත්‍ය ලෙසම අත්විඳින දෙයක් නොවූවද එය අපගේ සංවේදනයක් බව ඔහුගේ අදහසයි.



අතීතයේ මෙන්ම අනාගතයේද සදාකාලිකව  විශ්වය තෘප්තිමත් නොවන බව හෙවත් අවසන් නොවන බව ඔහු විශ්වාස කලේය.පරිගණක  වෛරසයන් එක්තරා වූ ජීවි ස්වරෑපයක් බව පැවසීම නිසා ඔහු ජීවවිද්‍යාඥයන්ගේ දැඩි විවේචනයට පාත්‍රවිය.එය මනුෂ්‍යයාගේ එක්තරා ස්වරෑපයකි.ශුද්ධවූ විනාශකාරී මානව ස්වභාවය එය විදහා දක්වයි .අනාගතයේදී තමන්ගේ ස්වරෑපය තමන්ම නීර්ණය කරගන්නා ජා ඉංජිනේරැමය මානව පරම්පරාවක් බිහිවෙන බව ඔහු පවසයි.



මානවයා විශ්වය සම්පූර්ණයෙන්ම තේරැම් ගත් දිනෙක ඔහු දෙවියන් හා  සමාන වනු ඇත යන්න හෝකින් නිතර පැවසූ දෙයකි.




අනුරාධ සේනාරත්න.(B.sc(Hons), adv dip in socio and psy)