Saturday, July 30, 2016

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්----සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්---සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.




ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ දේශනයන් සඳහා සූදානම් වූවේ කෙසේද? ඒබ්‍රහම් ලින්කන්ගේ චතුර දේශන කලාවේ සමහර තාක්ෂණික උපක්‍රම ඔහුට වසර 75කට පසුව විසූ ඩින් බ්‍රවුන් වැනි ව්‍යක්ත දේශකයන් විසින් පවා මැනවින් විව්‍යහාර කල බව පෙනී යයි.

ලින්කන්ගේ ප්‍රසිද්ධ දේශන අතුරෙන් වඩාත් සිත්ගන්නා සුළු දේශනයක එක්තරා ස්ථානයක් වෙතට මෙහිදී ඔබව ගෙන යාමට සිදුවේ. එක්සත් ජනපදයේ වහල්භාවය අහෝසි කිරීම සඳහා ලින්කන් විසින් ද්වන්ද සටනක නිරතවූ එම කාල පරිච්‍ඡේදයේ ඔහු විසින් පූර්වෝක්ත දැකීම සහිතව ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය උදාහරණ ජනමතය ඔහුට ආකර්ෂනය කිරිමේ තෝතැන්නක් විය.

Sunday, July 24, 2016

ඩ්‍රෝන යානාවක් ඔබටත් මිලදී ගැනිමට අවශ්‍යද?


කුඩා ඩ්‍රෝන යානා සඳහා එක්සත් ජනපදයෙන් නීති මාළාවක්...






( ඩ්‍රෝන  යානාවක දළ ආකෘතිය)

 චිත්‍රපට නිෂ්පාදකයන්, වානිජ්‍ය වතු හිමියන්, මහා පරිමාන ගොවිපළ හිමියන් සහ අනෙකුත් වානිජ්‍ය මෙහෙයුම්කරැවන් විසින්   කුඩා පරිමානයේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමේදී ඒ සඳහා කිසියම් නෛතික සීමාවන් පැනවීමට එක්සත් ජනපද ඔබාමා පරිපාලනය තීරණය කර ඇත.

Friday, July 22, 2016

දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ අවධානයක් අවශ්‍යව ඇත.


දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ  අවධානයක් අවශ්‍යව ඇත.




දකුණු ආසියානු කලාපයිය ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරිම සඳහා ප්‍රමුඛ කාර්රයභාරයක අවශ්‍යතාවය  ඉස්මතුවෙමින් පවතී.ආර්ථික අර්බුදයන් සහ දේශපාලනික අස්ථාවරභාවයන් නිසා වර්තමානයේ යුරෝපයීය රටවල සංවර්ධන වේගයන් පසුගාමී අවධියක පවතී. මේ අතරතුර ආර්ථික වර්ධනය අතින්  සහ සංවර්ධන වේගය අතින් දකුණු ආසියානු කලාපය ලෝකයේ ඉදිරියෙන්ම සිටින ප්‍ර දේශය බවට වර්තමානයේ පත්වෙමින් ඇත.

Thursday, July 21, 2016

නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇතුලාන්තය........

නිෂා බිස්වාල්ගේ ලංකා ගමනේ ඇතුලාන්තය..............



එක්සත් ජනපද මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය හුදෙක්ම කිසිදු හේතුවක් රහිතව සිදුකල සංචාරයක් නොවේ.දැනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවී ඇති පරිදි  පසුගිය මාස කිහිපයක සිට මෛත්‍රී-රනිල් රජයේ පාර්ශව දෙක අතර එතරම් හිතකර වාතාවරණයක් නොපවතින කරැණ අවධානයට ලක්වී ඇත.

විශේෂයෙන්ම හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත එල්ලවී ඇති මූල්‍ය වංචා චෝදනා සම්භන්දයෙන් යහපාලන රජයේ රනිල් සහ මෛත්‍රී පාර්ශව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය  කෙරෙහි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා කලාපයේ ඉහල අවධානයක් යොමුවී ඇත.ඒ මන්ද යත්  ශ්‍රී ලංකාවේ රනිල් -මෛත්‍රී පාලනය කෙරෙහි ඔබාමා රජය මේ වන විටත් සුවිශාල විශ්වාසයක් තබා ඇති හෙයිනි.

Wednesday, July 6, 2016

සමාජ රෝග හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහ ඒවායින් වැළකීම -2

සමාජ රෝග  හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහ ඒවායින් වැළකීම-2





සමාජ රෝග පිළිබඳ ලිපි මාළාවේ තෙවන ලිපිය වන මෙය මඟින් සමාජ රෝග ප්‍රභේදයන් පිළිබඳවද ඒවා ඇති කරන ව්‍යාධිජනකයන් පිළිබඳව හා සමාජ රෝග වලින් ආරක්ෂාවීමේ ක්‍රමවේද පිළිබඳවද පුළුල් අවබෝධයක්  ලබා දිමට මම අපේක්ෂා කරමි.විශේෂයෙන්ම නිවරදි ලෙස කොන්ඩොම පැළඳීම, සමාජ රෝග නාශක එන්නත් භාවිතා කිරිම සහ  සමාජ රෝග පරීක්ෂා කිරීම  ආදි කරැණු පිලිබඳව පුළුල්ව සාකච්ඡා කිරිම වර්තමාන සමස්ථ සමාජයටම ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි. ලිපියේ අවසාන කොටස සමාජ රෝග වලින් ආරක්ෂා වන ක්‍රමවේද පිලිබඳ සාකච්ඡා කරනු ලබයි.