Sunday, July 24, 2016

ඩ්‍රෝන යානාවක් ඔබටත් මිලදී ගැනිමට අවශ්‍යද?


කුඩා ඩ්‍රෝන යානා සඳහා එක්සත් ජනපදයෙන් නීති මාළාවක්...






( ඩ්‍රෝන  යානාවක දළ ආකෘතිය)

 චිත්‍රපට නිෂ්පාදකයන්, වානිජ්‍ය වතු හිමියන්, මහා පරිමාන ගොවිපළ හිමියන් සහ අනෙකුත් වානිජ්‍ය මෙහෙයුම්කරැවන් විසින්   කුඩා පරිමානයේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමේදී ඒ සඳහා කිසියම් නෛතික සීමාවන් පැනවීමට එක්සත් ජනපද ඔබාමා පරිපාලනය තීරණය කර ඇත.
පසුගිය අඟහරැවාදා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය(FEDERAL AVIATION ADMINISTRATION/FAA) මඟින්  පවුන්ඩ් 55ට වඩා බරින් අඩු ඩ්‍රෝන යානාවන් සඳහා නව මාදිලියක සිවිල් ගුවන් සේවා නීති සංග්‍රහයක් හඳුන්වා දෙන ලදි.මහජන දේපළ සහ ජීවිතවල ආරක්ෂාව තහවුරැ කරන අතරතුර නව තාක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනිම මෙම නීති මාළාව හඳුන්වා දීමේ මූලික අභිලාශය බව ධවල මන්දිර ආරංචි මාර්ග දක්වයි.



(එක්සත් ජනපද මැරයින් කාණ්ඩයේ ඩ්‍රෝන යානාවක්)

ජෙට් එන්ජිම හඳුන්වා දුන් පසු  ගුවන්සේවා තාක්ෂණයේ සිදුවූ  විශාලම පෙරළිය වානිජ්‍ය  ඩ්‍රෝන යානා හඳුන්වාදීම ලෙස බොහෝමයක් විශ්ලේෂකයන් විසින් සලකනු ලැබේ.දියුණු තාක්ෂනය මඟින් ජීවන තත්වය ඉහල නංවන්නේ කෙසේද යන පැනයට වඩා සාර්ථක පිළිතුරක් ලෙස ඩ්‍රෝන යානා භාවිත කිරිම හඳුන්වාදිය හැකියි ....යනුවෙන් ලොව විශාලම ඩ්‍රෝන යානා නිෂ්පාදකයා වන DJI සමාගමේ උප සභාපති බ්‍රෙන්ඩන් ෂුල්මාන් මහතා පවසයි.මෙම නව නීති මාළාව එක්සත් ජනපද ගුවන් පද්ධතිය තුල ක්‍රියාත්මක වන සියළු ඩ්‍රෝන යානාවල අනන්‍යතාවය ජාලගත කිරිමේ ව්‍යාපෘතියක පළමු පියවර ලෙසට ජනාධිපති  ඔබාමාගේ ආර්ථික උපදේශක  ජේසන් මිලර් ප්‍රකාශ කර ඇත.



(  එක්සත් ජනපද නවීනතම ඩ්‍රෝන යානාවක සැලසුම සහ විහ්‍යුහය විස්තර කරන ඡායාරෑපයක්)

මේ දක්වාම වානිජ්‍ය ගුවන් යානා මෙහෙයුම් පද්ධති වලට ඒ වෙනුවෙන් රජයට සැලකිය යුතු මට්ටමේ බද්දක් ගෙවීමට සිදුවි තිබිනි.එමෙන්ම නියමුවන් සහිත වානිජ්‍ය ගුවන්යානා භාවිතය  අධික වියදම්කාරී සහ කාලය විශාල වශයෙන් වැය වන තේරිමක්ව තිබේ.වර්ෂ 2014 සිට  මේ දක්වා එක්සත් ජනපද සිවිල් ගුවන් පරිපාලනය මඟින් වානිජ්‍ය ඩ්‍රෝන යානා 6100ක් ලියාපදිංචි කර තිබූ අතරම තවත් ඩ්‍රෝන යානා 7600ක් ලියාපදිංචි කිරීමට අයදුම්කර තිබිනි.නමුත් බොහෝමයක් කුඩා සමාගම් විසින් රජයේ කිසිදු අවසරයකින් තොරව කුඩා පරිමාන ඩ්‍රෝන යානා භාවිතා කිරිම සිදුවේ.මෙම සමාගම් විසින් ෆෙඩරල්  ගුවන් සේවා  පරිපාලනයේ අවධානය යොමු වන මට්ටමේ නිති උල්ලංඝනය කිරිමක් සිදුකලහොත් හැර එම සමාගම් වලින් ගුවන්ගත කරන ඩ්‍රෝන යානාවල  ක්‍රියාකාරීත්වය පරිපාලනය කිරිමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට  ඇත්තේ සිමිත නෛතික බලයකි.


 මෙම නව නීති පද්ධතිය මඟින් ඩ්‍රෝන යානා මෙහෙයුම් පරිපාලනය කිරිම සඳහා පහසු නෛතික රාමුවක් සකස්කර තිබේ.එමෙන්ම මෙම නිති පද්ධතිය  ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කල හැකි අනෙකුත් අවස්ථා සඳහාද  දිරිමත් කිරිමක් සිදුකරනු ලබයි. නිදසුනක් ලෙස පර්යේෂණ විද්‍යාඥයන්, සත්ත්ව ගොවිපළ හිමියන්(ඔවුන්ගේ ගවයන් සංඛ්‍යාව ගනන් කිරිමට), යටිතල පහසුකම් විශ්ලේෂණයේ යෙදි සිටින සමාගම්( පාලම්, බෝක්කු ආදිය පිළිබඳව සංගනනය කරීම සඳහා), තෙල් සමාගම් සඳහා සහ ගිනි නිවන අංශ සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණයේ උපකාරය ලබා ගැනිම නව නිති පද්ධතිය මඟින් දිරිමත් කිරිමක් සිදු කෙරේ.




(තෘන භූමි වල සංචරනය කරන කිරි සහ මස් පිණිස ඇති කරන ගොවිපළ සතුන් නිරීක්ෂණයට යෙදෙන ඩ්‍රෝන යානාවක්)

නව නිති පද්ධතිය අනුව ඩ්‍රෝන හිමිකරැවන් සිය ඩ්‍රෝන යානා අන්තර් ජාලය හරහා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ ලියාපදිංචි කලයුතු අතර ඉන් පසු ඔවුන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය අනුමතකර ඇති මධ්‍යස්ථානයකදි ගගන පරීක්ෂණ විභාගයකටද පෙනිසිට එයින් සමත්විම අනිවාර්ය කර ඇත.මෙම තත්වය ගුවන්යානා නියමුවන්ට ගුවන්යානා ධාවනය සඳහා බලපත්‍ර ලබා ගැනිමට නීති සම්පාදනය මෙන්ම සුවිශේෂ හැරවුම් ලක්ෂයක් බව විශ්ලේෂකයන් පවසති.ඩ්‍රෝන මෙහෙයුම්කරැවන්ට මෙම නිති පද්ධතිය යටතේ පිලිපැදිමට සිදුවන නීති ගනනාවක් ඇති බව ෆඩෙරල් ගුවන් සේවා පරිපාලනය පවසයි.


(විදුලිබලය සහ සන්නිවේදන කුළුනු ආශ්‍රිතව  සේවයේ යොදන ඩ්‍රෝන යානාවක්)



නිදසුන් වශයෙන් ඩ්‍රෝන යානාව දර්ශන පථය තුල සෑම විටෙකම පවත්වා ගැනිම,පුද්ගලයන්ගේ හිස් මතින් එය පියාසර නොකරවිම සහ මීටර් 400ට වඩා වැඩි උසකින් එය ගුවන්ගත නොකිරිම වැනි මහජන සහ දේපළ ආරක්ෂාව සඳහා සැලසුම්ගත කරැණු මෙම නිති පද්ධතියේ අඩංගුවේ.
ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමේ නව නිති පද්ධතිය  සම්භන්දව අනෙක් වැදගත් කරැණ නම් දිවා කාලය, හිමිදිරිය හෝ සන්ධ්‍යා කාලයේදී පමණක් ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමේ කාලය  ලෙස දක්වා තිබිමයි.ඩ්‍රෝන කර්මාන්තශාලාවල නිලධාරීන් පවසන පරිදි මෙලෙස ගුවන්කාලය සිමාකිරිම මඟින් විපතට පත්වූවන් ගවේෂණය කිරීම, කෘෂිකාර්මික කටයුතු, විශාල ගොඩනැඟිලි වල වහලවල් පරීක්ෂා කිරිම ආදී කටයුතු වලට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනිම කපා හැරීමක් සිදුවේ.එමෙන්ම රාත්‍රීකාලයේ ඩ්‍රෝන මෙහෙයුම් සිදුකිරිම, මෙහෙයවන්නාගේ දර්ශන පථයෙන් පිටත පරාසයක ඩ්‍රෝන යානා මෙහෙයවීම සහ මිනිසුන්ට සමීපව ඉහලින් යානා මෙහෙයවිම සඳහා බලපත්‍ර ක්‍රමයක් මඟින් අවසර ලබා ගැනිමට ඩ්‍රෝනහිමිකරැවන් බලාපොරොත්තු වෙති.




( උස් ගොඩනැඟිලි වල වහලවල් සහ අනෙකුත් තත්වයන් නිරීක්ෂනයට යොදන ඩ්‍රෝන යානාවක්)

නව ෆෙඩරල් ගුවන් සේවා නිති පද්ධතිය මඟින් ඩ්‍රෝන යානා යොදාගෙන වානිජ්‍ය භාන්ඩ ප්‍රවාහනය සඳහා අවසර ලබාදි ඇත.නමුත් අනෙකුත් නීති රෙගුලාසි එම භාන්ඩ ප්‍රවාහනයන් සඳහාද වලංගුවේ.එනම් ඩ්‍රෝන මෙහෙයුම්කරැගේ දර්ශනයෙන් එපිටට ඩ්‍රෝන යානා මෙහෙයවිය නොහැකිවිම, රාත්‍රී කාලයේ මෙහෙයුම් සිදුකිරිමට නොහැකියාව,  මිනිසුන්ට සමිප උසකින් යානා ගුවන් ගත කිරිමට නොහැකිවිම  සහ මීටර් 400ට වඩා වැඩි උසකින් යානා ගුවන්ගත කිරිමට නොහැකිවිම යන නෛතික රෙගුලාසීන් ඩ්‍රෝන යානා මඟින් භාන්ඩ ප්‍රවාහනයටද වලංගුය.


මෙම නෛතික රෙගුලාසි ඩ්‍රෝන යානා මඟින් නගරාන්තරව හෝ දුරස්ථ ප්‍ර දේශ වලට  ප්‍රවාහනය කරනු ලබන කුඩා භාන්ඩ ප්‍රමාණයන් ඉහල අහසේදී එකිනෙක ගැටීම වළක්වාලයි.වර්ෂ 2017 වන විට ගූගල් සහ අමෑසන් යන සමාගම් අන්තර්ජාලය මඟින් මිළදීගනු ලබන භාන්ඩ ප්‍රවාහනය සඳහා  ඩ්‍රෝන යානා යොදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් මයිකල් හ්‍යුර්ටා පවසන පරිදි  ඔවුන් විසින් ඩ්‍රෝන යානා මඟින් සිදු කරන භාන්ඩ ප්‍රවාහනයන් ආරක්ෂිතව සිදු කල හැක්කේ කෙසේදැයි දැනටමත් අධ්‍යයනය කරමින් සිටිති.නමුත් මෙවැනි ඩ්‍රෝන භාන්ඩ ප්‍රවාහනයන් සඳහා නිශ්චිත කාලසටහන් ක්‍රමවේදයක් අත්‍යාවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.




(නායයාම්, ඟංවතුර තත්වයන්, ගිනිකඳු විධාරණ නිරීක්ෂණය සහ අනාවැකි පැවසිමට යොදවන ඩ්‍රෝන යානාවක්)


මෙම නව නිති පද්ධතියේ නොමැති එකම කරැණ වනුයේ  ඩ්‍රෝන තාක්ෂනය භාවිත කිරිම ධෛර්යමත් කිරීම පමණක්ය යන්න කෝන්වෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන සාරා ක්‍රෙප්ස් පවසයි.මෙම නිති පිලිපදින්නේ කෙසේදැයි සිතා ගැනිම ඉතා අසිරැයි..... යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටින්නීය.පසුගිය දශකයක පමණ කාලයක සිට කොන්ග්‍රස් මණ්ඩලය විසින්  සිවිල් ජනතාවගේ ඩ්‍රෝන යානා සඳහා යම්කිසි පුළුල් නිති පද්ධතියක් සකසන ලෙසට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට ඉල්ලීම් කරමින් තිබුනි.නමුත්  යුද අභ්‍යාස කටයුතු හෝ ආරක්ෂක සහ ඔත්තු සේවා කටයුතු සඳහා භාවිතා වන  විශාල පරිමාන ඩ්‍රෝන යානා සඳහා  නියමුවන් සහිත ගුවන් යානා වලට යොදවන නිති රාමුවම ක්‍රියාත්මක කිරිමට එක්සත් ජනපද කොනග්‍රසයේ අවධානය යොමුවි තිබිනි.අවසානයේදි කුඩා පරිමාන ඩ්‍රෝන යානා ඉතා සුලභව විකිණිම සහ බහුලවිම පදනම්කර ගනිමින් එම යානා සඳහා ගුවන්සේවා නිති පද්ධතියක් සැකසිම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසයේ අවධානය යොමු විය.



(වේලි ආශ්‍රිත සහ දුරේක්ෂ ආශ්‍රිත නිරික්ෂන වලට යොදවන ඩ්‍රෝන යානාවක්)
 කුඩා පරිමාන ඩ්‍රෝන යානා සඳහා  ප්‍රධාන ගුවන් පනත(MAJOR AVAITION BILL) කොන්ග්‍රසයට ඉදිරිපත් කිරිම සැලසුම් කරනු ලැබුවේ  2014  වර්ෂයෙදි වන අතර අනෙකුත් ඩ්‍රෝන යානා සඳහා නිති සහ රෙගුලාසි පනත ඉදිරිපත් කිරිමට සැලසුම් කරනු ලැබුවේ වර්ෂ 2015දිය.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මගින්  මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරිම සඳහා සැකසිය හැකි අනෙකුත් නෛතිකමය සැලසුම් කෙරෙහිද දැන් අවධානය යොමු කරමින් පවතී..උපදේශක කමිටුවක මඟපෙන්විම යටතේ  වානිජ්‍ය ඩ්‍රෝන යානා සඳහා  ජනාකීර්ණ ස්ථාන මතින් සහ මහජනයාට සමීපයෙන් ගමන් කිරිම පිලිබඳ නිති රෙගුලාසි සම්පාදනය කිරිම කෙරෙහි මේ වන විටත් ෆෙඩරල් ගුවන්  පරිපාලනයේ අවධානය යොමු වෙමින් පවතී.--------science today'''

අනුරාධ සේනාරත්න(BSc(Hon's), PG Dip  in sociology, ADv training in Eng)

No comments:

Post a Comment