Friday, July 22, 2016

දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ අවධානයක් අවශ්‍යව ඇත.


දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය සඳහා ප්‍රමුඛ  අවධානයක් අවශ්‍යව ඇත.




දකුණු ආසියානු කලාපයිය ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරිම සඳහා ප්‍රමුඛ කාර්රයභාරයක අවශ්‍යතාවය  ඉස්මතුවෙමින් පවතී.ආර්ථික අර්බුදයන් සහ දේශපාලනික අස්ථාවරභාවයන් නිසා වර්තමානයේ යුරෝපයීය රටවල සංවර්ධන වේගයන් පසුගාමී අවධියක පවතී. මේ අතරතුර ආර්ථික වර්ධනය අතින්  සහ සංවර්ධන වේගය අතින් දකුණු ආසියානු කලාපය ලෝකයේ ඉදිරියෙන්ම සිටින ප්‍ර දේශය බවට වර්තමානයේ පත්වෙමින් ඇත.

කුමන රටක හෝ ආර්ථික සංවර්ධනය නිරායාසයෙන් සිදුවන දෙයක් නොවේ.එමෙන්ම ආර්ථික සංවර්ධනය මඟින් ඕනෑම රටක ප්‍රජාතාන්ත්‍රික සංදර්භය ශක්තිමත් කිරීම  අනිවාර්යෙන්ම සිදුවන දෙයකි.දකුණු ආසියානු කලාපයීය රටවල ඉහල දේශපාලන අධිකාරීන් එම රටවල ආර්ථික ප්‍රතිලාභ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික වර්ධනය සඳහා කාර්යක්ෂමව යෙදවීම එම රටවල පවතින වර්තමාන සංවර්ධන වේගය සහ මානව සංවර්ධන දර්ශකයන් ඉහලට එසවීමට සමත් වනු ඇත.

කෙසේ වුවද දකුණු ආසියානු කලාපයට සංවර්ධනය කරා ගමන් කිරීමේදී පසුගිය දශකය පුරාම එහි මුල් බැස ගත් දුගී භාවයට අදාල පහත් වර්ධන දර්ශකයන් සමඟ නිතරම සටන් කිරිමට සිදුව ඇත.එලෙසම කලාපයීය රටවල් අතර ආර්ථික සංවර්ධනය ඒකාකාරීව සහ සමානව පවත්වා ගෙන යාමේ නිසි සහයෝගීතාවයක් මෙම රටවල් අතර නොමැති විමද කැපී පෙනෙන ලක්ෂනයක් වී තිබේ..වර්තමානයේ කලාපයීය රටවල වර්ධනයක් තිබුනද එම වර්ධනයේ බරපතල විෂමතාවයන් දැකිය හැකිය.කලාපයේ ප්‍රජාතාන්ත්‍රීක වර්ධනයක් නොමැති බවට ඇතැම් විශ්ලේෂකයන් පවසන නමුත් පැහැදිලි යම් තුලිත වර්ධනයක් ඇති බව ඔවුන්ද පිලිගන්නා කරැණකි.


දකුණු ආසියානු කලාපයිය සංවර්ධනයේ නියමුවා ඉන්දියාව බව අවිවාදිතය.ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා අනුව මෙම මුදල් වර්ෂය ඇතුලත වාර්තාගත 7.4% ක ආර්ථික වර්ධනයක් ඉන්දියාව අත්කරගෙන තිබේ.මෙම වර්ධනය ප්‍රධාන වශයෙන්ම භාන්ඩ හා සේවා පාරිභෝජනයේ වර්ධනය සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය යන අංශ වලින් කැපි පෙනෙන දියුණුවක් පෙන්වයි.මෙම කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී අනෙකුත් ආර්ථිකයන් වන පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ  ආර්ථිකයන්ද මෙම ආකාරයේම වර්ධන වේගයක් දක්වතැයි අපේක්ෂා කෙරේ.කෙසේ වුවත් ගිණිකොනදිග ආසියානු රටවල ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන්ම මෙහෙයවනු ලබන්නේ චීනය මඟිනි.

දකුණු ආසියානු කලාපයීය ආර්ථික වර්ධනයට පවතින ප්‍රධානතම බාධකය වන්නේ එම රටවලට නිශ්චිත එකම ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමත් රට මෙහෙයවන දේශපාලන පක්ෂ මත කලින් කලට එක් එක් ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමත්ය.සමහර බටහිර රටවල වර්තමානයේ මෙවන් ජාතික ප්‍රතිපත්ති පැවතියද දකුණු ආසියානු කලාපයීය දේශපාලන පක්ෂ මත වියුක්ත ආර්ථිත, සමාජයීය සහ සංස්කෘතිකමය ප්‍රතිපත්තීන් එම රටවලට අනවරත වර්ධන වේගයක් ලබා ගැනීමේදී ප්‍රධාන බාධකයක්ව පවතී.මෙම අර්බුදය කළමනාකරනය කල හැක්කේ කලාපයිය රටවල දේශපාලනික වර්ධනය වේගවත් කිරිමෙන් පමණි.
පසුගිය ප්‍රංශ සහ බංග්ලාදේශ බෝම්බ ප්‍රහාර සුළුතර ජන කොටස් රටේ  ප්‍රධාන ජාතිකත්වය කෙරෙහි දක්වන වෛරී සහගත ස්වභාවය  සහ අසංතෘප්තභාවය නිරෑපනය කරන්නක් විය.චිරස්ථායී සහ සංහිඳියාත්මක සමාජ පද්ධතීන් තුලින් ආර්ථික, දේශපාලනික , සංස්කෘතිකමය මෙන්ම ආගමික ස්ථාවරභාවයක් කලාපයේ සියළුම ජන කණ්ඩායම් සඳහා නිර්මාණය කල යුතු වන්නේ මේ නිසාය.ත්‍රස්තවාදී ප්‍රහාරයන් කුමන හෝ රාමුවක සිට අනුමත කල නොහැකි වුවද මෙවන් ප්‍රහාරයන් දෙස නීතිය සහ සාමය යන පටු රාමු තුලින් බැලීමෙන්   අසහනයට පත් ජන කණ්ඩායම් මත නීතිමය ප්‍රචන්ඩත්වය මුදා හැර ඔවුන් නිහඬ කිරීමෙන් පවතින ගැටළුව සඳහා තිරසාර සහ කල්පවත්නා විසඳුම් සෙවිම කල නොහැකිය.මෙම තත්වය අසහනයට පත්වූ සුළුතර ජාතින් රටේ ප්‍රධාන ජන ප්‍රවාහයෙන් තවත් දුරස්ථ කිරිමට සමත්වනු නිසැකයි.



කලාපයිය රටවල ප්‍රධාන දේශපාලන ප්‍රවාහය සමඟ මුළුමනින්ම ඒකාත්මික වන චිරස්ථායී සහ ඒකාබද්ධ සමාජ සංස්ථාවක් නිර්මාණය කිරිමට නම්  ඒ ඒ රටවල සියළු ලොකු කුඩා ජන කොටස් ඒකරාශී කර ගැනීමෙන් පමණක් ත්‍රස්තවාදය අවම කිරිමේත් මර්ධනය කිරීමේත් යාන්ත්‍රණය  සාර්ථක වන බව කිවයුතුය.තුලිත වර්ධනය යන සංකල්පය ක්‍රියාත්මක කිරිම මඟින් රටක සෑම ජන කණ්ඩායකටම  සම වර්ධන අවස්ථා ලබා දිම අපේක්ෂා කෙරේ.මෙමඟින් සමාජ  කොටස් වල අකණ්ඩතාවය සහ සහයෝගිතාවය වර්ධනය මඟින් සුළුතර ජන කොටස් අසංතෘප්තභාවයට පත්විම වැළැක්වේ.

එක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රධානතම බටහිර රටවල් මේ වන විටත් තම රටවල එක්තරා මට්ටමක සමාජ සංහිඳියාවක් සහ ඒකාබද්ධතාවයක් (inclusivity and social integration) ඇති කිරිමේ  ගමන් මඟක සැළකිය යුතු දුරක් ගොස් සිටිති.වාර්ගික සහ ආගමික අර්බුදකාරී තත්වයන් සමනය කිරිමේදී  හා කළමනාකරණයේදී  දකුණු ආසියාතික කළාපයට ඔවුන්ගෙන් ඉතා වැදගත් පාඩම් උගත හැකි බව මා දරන අදහසයි.කෙසේ වුවද ඉරාකය, සිරියාව,ලිබියාව ,ඇෆ්ගනිස්ථානය,යේමනය යන රටවලට පසුගිය සමයේ එල්ලවූ බටහිර අතපෙවීම් එම රටවල සමාජ පද්ධතීන් තුල මෙතෙක් පැවති සමාජ ඒකාබද්ධතාවය නැතිකරමින් අර්බුදකාරී වාතාවරණයක් ඇති කර තිබේ.මෙම තත්වය බටහිර ජාතින් මෙතෙක් සිය රටවල සිදු කරන ලද සමාජ ඒකාබද්ධතා උත්සහයන් සියල්ලම කනපිට පෙරළමින් ඒවාගේ ප්‍රතිපල රහිත තත්වයක් ඇතිකිරිමට වර්තමානයේ සමත්ව ඇති බව පෙනියයි.


සිරියාවේ රැසියානු නැඹුරැතාවයට එරෙහිව බටහිර ජාතින් විසින් නිර්මාණය කරන ලද අයි.එස්.අයි.එස් සංවිධානය පාලනය කිරිම සඳහා නේටෝව විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් මුස්ලිම් සමාජයේ එක්තරා කොටසක් තුල බිය සහ වෛරය ඇති කිරිමට සමත්ව ඇත. එමෙන්ම ඉරාකය,ලිබියාව,සිරියාව සහ ඇෆ්ගනිස්ථානයට එල්ල කල ප්‍රහාර වලින් එම රටවල සිවිල් සමාජ පද්ධතීන් මුළු මනින්ම සුන් බුන් ගොඩක් බවට පත්කිරීමට සමත්ව තිබේ.මෙම පසුබිම තුල සමස්ථ මුස්ලිම් ලෝකයම බියපත් අර්බුදකාරී වාතාවරණයකට වර්තමානයේ පත්කැර පවතින බව පෙනි යයි.මෙම පසුබිම තුල අයි.එස් සංවිධානය වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගන්නා බව කිවයුතුය.


මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර සෑම විටෙකම එක්තරා කණ්ඩායමක් හෝ එයට සෘජු සම්භන්දතා දක්වන පුද්ගලයන් මඟින් සිදුවිම අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බව පසුගිය ප්‍රංශ නයිස් ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරිමේදි අවබෝධවේ.ඇතැම් විටෙක තොරතුරැ තාක්ෂනයේ වර්ධනය ක්ෂණික ත්‍රස්ත ප්‍රහාර සහ ත්‍රස්තවාදින් නිර්මාණය කිරීමේ  විස්මයජනක සමත්කම් දක්වයි.


මුලින් සඳහන් කල පරිදි සමාජ කණ්ඩායම් අතර චිරස්ථායී අකණ්ඩතාවයක් ඇති කිරිම යුගයේ බරපතල ගෝලිය අවශ්‍යතාවයක් වුවද එහිදී වර්තමාන දියුණු තොරතුරැ තාක්ෂනික සහ සන්නිවේදන ක්‍රමවේදයන් මඟින් එම තත්වය වඩාත් ත්‍රිව කිරිමට සමත් වේ.දියුණු සහ පුළුල් සන්නිවේදන ක්‍රමවේදයන් සමාජයීය ඒකාබද්ධතාවය වර්ධනය කිරීමට උපකාරී වන්නා සේම එයට වඩා වැඩි වේගයකින් සමාජ කණ්ඩායම් අතර විෂමතා සහ වෛරය ඇති කිරීමට සමත් වන බලවේගයක් බවට පත්වි ඇත.මේ අනුව බටහිර බලවේගයන් ඔවුන්ගේ වර්තමාන යුද කලාප වලින් ඉවත්විමේ අවශ්‍යතාවය බටහිරට මෙන්ම අනෙකුත් සෑම කලාපයකටමත් ගෝලීය වශයෙනුත් සාමකාමී වටපිටාවක් සැකසිමේදි ඉතාමත් වැදගත්වේ.

දකුණු ආසියාතික කලාපයේ මතුවෙමින් පවතින ආර්ථිකයන් වන ඉන්දියානු සහ බංග්ලාදේශ ආර්ථිකයන් සෑම විටෙකම හුදු ආර්ථික වර්ධනය පමනක් නොසලකා ආර්ථික වර්ධනය හා සමගාමි වන ඒකාබද්ධ සහ සංහිඳියාත්මක සමාජ, ආර්ථික සහ සංස්කෘතික පද්ධතීන් නිර්මාණය කිරිමට උත්සුකවීම වටිනේය.මෙම තත්වය වඩා චිරස්ථායී සමාජ සංස්කෘතික සාමකාමී තත්වයකට මඟ පාදනු ඇත.මෙම තත්වය ශ්‍රී ලංකාව සඳහාද බෙහෙවින් වලංගු වන අතර ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධනය පිළිබඳව වුවත්  සෑහිමකට පත්විය නොහැකි තත්වයක වර්තමානයේ පසුවේ.කෙසේ වුවද සමස්ථ දකුණු ආසියානු කලාපයම වර්තමානයේ වේගවත් සහ ඉක්මන් වර්ධන ගමනක පසුවේ.


භාන්ඩ හා සේවා වර්ධනය සෑම විටෙකම ආර්ථිකයේ මූලයන් තුලටම ස්ථාපිත වීම ඉතාමත් වැදගත් කරැණකි.සමාජ සංස්ථාවන් අස්ථාවර කරන ආගමික අන්තවාදී ග්‍රහනයන් ෆෙඩරල් සංකල්ප සමඟ එක්ව සුළුතර වංචාකාරී සුදු ටයි මාෆියාවේ දායකත්වයෙන් ඇති කරනු ලබන ජනවාර්ගික, ආගමික හෝ දේශපාලන වෛරී ගිනිජාලා වලින් රටක සමාජ ඒකාබද්ධතාවය ,  සංහිඳියාව  සහ ආර්ථික වර්ධනය විනාශ විමට ප්‍රථම මූල්‍යමය සහ ද්‍රව්‍යමය සම්පත් රටේ සෑම වාර්ගික, ආගමික, ප්‍රා දේශිය කණ්ඩායම් අතර සාධාරණ ව්‍යාප්තියකට මඟ හෙළි පෙහෙළි කිරිම යුගයේ අවශ්‍යතාවයක් වි ඇත.





newsweek..........................

අනුරාධ සේනාරත්න(BSc(Hon's) , PG Dip in sociology, ADv Dip in Eng) 
sera idea blogspot.com/, youths for good politics/ http;www.primenews.lk/sinhala

No comments:

Post a Comment