Saturday, July 30, 2016

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්----සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.

ඒබ්‍රහම් ලින්කන්ගේ ව්‍යක්ත දේශන කුසලතාවයේ සැඟවුන රහස්---සාර්ථක දේශපාලඥයන් සඳහා පමණයි.




ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ දේශනයන් සඳහා සූදානම් වූවේ කෙසේද? ඒබ්‍රහම් ලින්කන්ගේ චතුර දේශන කලාවේ සමහර තාක්ෂණික උපක්‍රම ඔහුට වසර 75කට පසුව විසූ ඩින් බ්‍රවුන් වැනි ව්‍යක්ත දේශකයන් විසින් පවා මැනවින් විව්‍යහාර කල බව පෙනී යයි.

ලින්කන්ගේ ප්‍රසිද්ධ දේශන අතුරෙන් වඩාත් සිත්ගන්නා සුළු දේශනයක එක්තරා ස්ථානයක් වෙතට මෙහිදී ඔබව ගෙන යාමට සිදුවේ. එක්සත් ජනපදයේ වහල්භාවය අහෝසි කිරීම සඳහා ලින්කන් විසින් ද්වන්ද සටනක නිරතවූ එම කාල පරිච්‍ඡේදයේ ඔහු විසින් පූර්වෝක්ත දැකීම සහිතව ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය උදාහරණ ජනමතය ඔහුට ආකර්ෂනය කිරිමේ තෝතැන්නක් විය.

එකිනෙකාට එරෙහි වන නිවසකට පැවැත්මක් නොමැත.මේ ආකාරයටම රජයකට  එහි ජනතාවගෙන් කොටසක් පූර්ණ නිදහස භුක්තිවිඳීමත් ඉතිරි කොටස වහල්භාවයෙන් දිවිගෙවීමත් යන ප්‍රතිවිරැද්ධ අන්තයන් දීර්ඝ කාලීනව දරාගත නොහැකියි....යනුවෙන් ලින්කන් සිය දෙසුමේදී ප්‍රකාශ කලේ සිය ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් වියහැක.කෙසේ වුවද එම කතාවේ රාමුව ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවේ ඔහුගේ දෛනික ජීවිතයේ කාර්යන් අතරතුරදිමය.සිය ආහාරවේල ලබා ගැනීමේදි, මහා මාර්ගයේ එහා මෙහා යන අතරතුර, සිය ගව පට්ටියේ දෙනුන්ගෙන් කිරි දෙවීමේදී, නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන ඒම සඳහා වෙළඳපළට යන ගමනේදී, සිය පොඩි පුතු නිරන්තරයෙන් ඔහු හා දොඩමළු වෙමින් ප්‍රශ්න විචාරීමේදී   ලින්කන්ගේ තමන්ගේම  උපවිඥානීය ගවේෂණයන් උඩුසිතට අවශෝෂනය කර ගනිමින් වචන වලට පෙරලන්නට විය.



මෙලෙස නිතර නිතර තම දේශන සංස්කරණය කරමින් චිත්තාලෝකනය හෙවත් මෙනෙහි කරන ලින්කන් එම සංස්කරණ සටහන් සැම විටෙකම තමන් සමීපයේ ඇති කඩදාසි කැබැල්ලක කුමන ආකාරයකින් සටහන් කිරීම පුරැද්දක් කරගෙන සිට ඇත.මෙලෙස සිය දේශනයන් පෝෂණය කිරීම ඒවාගේ ආකර්ෂණීය ස්වභාවය සහ ගැලපුම උපරිම මට්ටමකට පැමිණෙන තෙක් සංස්කරණය කරන ලින්කන් ඉන්පසු එම  වාඛ්‍යයන් පිලිවෙළකට සැකසීමට සුදුසු අවස්ථාවේදී ඒවා එකක් අනෙක හොඳින් ගලපමින් සකසාලයි.සමස්ථ කථාවම නැවත ලියමින් පුණරීක්ෂණයට ලක් කරමින්  එහි අන්තර්ගතයේ අනවශ්‍ය දෑ ඉවත ලමින් අවසානයේදී වඩාත් සාර්ථක නිර්මාණයක් සැකසිම සිදුවේ.

සෑම දිනකම සෙනෙට් මණ්ඩලයේදී  පැවැත්විමට නව දේශනයක් පිළියෙල කිරිම ලින්කන්ගේ සිරිතක් විය.පැරණි සහ සැමදා භාවිත වන වචන මාළාවකින් ඉවත්වී නව කරැණු සහ වචනද නව තාක්ෂණික අංගයන්ද සිය දේශන වලට එක් කල ලින්කන් දිනපතා අදාල ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් වන දැනුමක් ඇති කර ගැනීමට සමත්විය.

ධවල මන්දිරයේ පදිංචියට යාමට කෙටි කලකට පෙර ඔහු සිය සමාරම්භක දේශනය පැවැත්විම සඳහා  ව්‍යවස්ථා කෙටුම්පතක් සහ ඔහුගේ සුප්‍රසිද්ධ දේශන තුනක පිටපත් උපයෝගී කරගෙන ඇත.ස්ප්‍රින්ෆීල්ඩ්හි සිය නිවසේ ගබඩා කාමරයකට උඩින් පිහිටි අඳුරැ පුස් ගඳ සහිත කාමරයක් තුලට වැදුන ලින්කන් එම කාමරය අඟුළු දමා වසා දැමුවේ සිය නිර්මාණ සමාධියට බාධාවිම වැළැක්වීම සඳහායි.



ඒබ්‍රහම් ලින්කන්ගේ සුප්‍රසිද්ධ ගෙටිස්බර්ග් දේශනය සඳහා ඔහු සූදානම් වූවේ කෙසේද? මුලදී මෙම දේශනය සඳහා ආරාධනය කර තිබුනේ  හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සභාපතිවරයෙකු සහ මැසචුසෙට්හි හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ  එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ධූරන්ධර  එඩ්වඩ් එවරට් මහතාටයි.සමස්ථ එක්සත් ජනපදයේම වඩාත් දක්ෂ සහ ව්‍යක්ත කථිකයෙක් ලෙසට ඔහු නම් දරා තිබිනි.නමුත් එවරට් මහතා විසින් එම දේශනය ප්‍රතික්ශේප කර තිබුනේ එවැනි කෙටි දැනුම් දිමකින් ඔහුට දේශනය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව දන්වමිනි.

මේනිසා මෙම දේශනය කල් දමන ලද අතර ලින්කන්ට  ප්‍රමාණවත් කාලයක් සූදානම්වීම සහ අදාල මාතෘකාව අධ්‍යයනය සඳහා කාලය ඉතිරි විය.මේ සඳහා සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකුට ආරාධනය කරන ලද මුත් ඔවුන් එම දේශනය පැවැත්විම ප්‍රතික්ශේප කරන ලදි. අවසානයේ ලින්කන්ගේ සාර්ථක දේශන කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් ඔහු වෙත දෙසුම පවරන ලදි.




ඔහු  මුලින් දේශනයට ආරාධනය කරන ලද එඩ්වඩ් එවරෙට් මහතාගෙන් ඔහු විසින් සකස්කිරීමට යෙදුන දේශනයේ ඳළ සටහනක් ඉල්ලා ගනිමින් එය කියවමින් ඒ පිළිබඳ ඳළ අවබෝධයක් ලබා ගන්නා ලදි.ඔහු දවසේ සියළුම ඉරියව් වල නිරතව සිටින අවස්ථා වලදී ඔහුගේ දේශනයේ අන්තර්ගතය සහ ඉදිරිපත් කිරීම පිළිබඳව  මෙනෙහි කරන්නට විය.ධවල මන්ධිරයට යන සහ එන ගමනේදීත්, ටෙලිග්‍රාෆ් වාර්තාවක් එන තෙක් සිය ආසනයේ ලෙදර් ආවරණය පිරිමදිමින් සිටින මොහොතේදීත්  ඔහු සිය දේශනය සංවිධිත කිරීම සඳහා ආධ්‍යාත්මික උත්සහයක නිරත වන්නට විය.මෙවන් සංස්කරණ පුළුස්කැප් කොළයක ලියා ගත් ලින්කන් සෑම විටෙකම එය තම හැට් තොප්පියේ රඳවා‍ ගෙන රැගෙන යාම සිරිතක් කොට සිටියේය.නිරන්තරව තම දේශනය පෝෂණය කිරීමත් නිරන්තරයෙන් එය සංස්කරණය කිරිමත් මේ නිසා ඔහු අතින් නෛසර්ගිකව සිදු වන්නට විය.

සත්‍ය වශයෙන්ම එම දේශනය දෙතුන් වතාවක්ම නැවත සංස්කරණය කර ලිවීමෙන් අනතුරැවත් ලින්කන්ට තව වතාවක් එය සැකසිමට අවශ්‍යය විය.

දේශනයට පෙරදා රාත්‍රීෙය් ඔහු ගෙට්ස්බර්ග් නගරයට ලඟා වන විට එම කුඩා නගරයේ ජනගහනය කිහිප ගුණයක් වී තිබිනි.විනොදාස්වාදය සඳහා සංගීත කන්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර මේ තත්වය ගැහුණුන් සහ පිරිමින් දුහුවිලි වලින් පිරි මාර්ග වලට පිවිසවන්නට සමත්වී තිබිනි.ලින්කන් වට කර ගත් පිරිස් ඔහුට දෙසුමක් සඳහා ඇවටිලි කරන්නට වූ නමුත්  ඔහු එයට වචන කිහිපයකින් පමනක් පිළිතුරැ දී කාරැණිකව ආරාධනය ප්‍රතික්ශේප කරන්නට සමත්විය. කිසිම දිනෙක ප්‍රසිද්ධ දේශනයක් හෝ කතාවක් සඳහා නිසි පරිදි සූදානමක් රහිතව එයට එලඹෙන පුරැද්දක් ලෝක ඉතිහාසයේ සාර්ථක කථිකයන්ගෙන් කෙනෙක් වූ ඒබ්‍රහම් ලින්කන් හට නොවීය.


 එම සන්ධ්‍ය වේ පසු භාගය ලින්කන් යාබද නිවසේ ලැගුම් ගෙන සිටි විල්ස් මහතා හමුවිය.මෙම හමුවීම ඔහු යොදා ගත්තේ ඔහුගේ ප්‍රසිද්ධ දේශනය විල්ස් මහතා හමුවේ  කියවා ඔහුගේ විවේචන මඟින් ප්‍රතිපෝෂණයක් ලබා ගැනිමටයි.පසුදින  උදෑසනද ලින්කන් තම  දේශනය පුහුණු වෙමින් එහි වචන සහ උච්චාරන මෙන්ම අදාල කරැණු ද මනසට හුරැ කර ගැනීමේ අවසාන ප්‍රයත්නයේ යෙදී සිටියේ ඔහුගේ කර්නල්වරයා දෙසුම පැවැත්විමට පෙර නියමිතව තිබුන කැඳවාගෙන යාමේ පෙරහරට සාභාගීවීමේ අවස්ථාව සඳහා ඔහුට ආරාධනය කරන තෙක්ය.

පෙරහර ආරම්භ කරන ලදි.ජනාධිපතිවරයා සිය අශ්වයා මතින් සෘජුකාය විලාශය සහිතව ඉදිරියට ගමන් කලද කල්පනාබරිත ඔහුගේ හිස ඉදිරියට බරවී තිබිනි.ඔහු ඔහුගේ ජිවිතයේ  සුප්‍රසිද්ධ දේසුම්වලින් එකක් පිලිබඳව නැවත මෙනෙහි කරමින් මෙලෙස ගමන් කරන්නට ඇති බව අපට අනුමාන කල හැකිය.
ලින්කන්ගේ බොහෝමයක් දේශන වල මහත්වූ බලයක් ගැබ් වී තිබෙන්නේ මන්ද?  ප්‍රශ්නයට පිලිතුර නම් සිය දෙසුමේ  ආරම්භක දළ ආකෘතිය ඒබ්‍රහම් ලින්කන් විසින් නැවත නැවත චිත්තාවලෝකනය කරමින් කරැණු මෙනෙහි කිරිමත් ඒ තුල අතිවිශාල දැනුමක් ඔහුගේ මනසේ ගැබ් වීමත්ය.එමෙන්ම දෙසුම නැවත නැවත සංස්කරණය කිරීමේ උත්සහය තුල එයට වඩාත් තියුණු ලෙස ප්‍රකාශන ශක්තියක් ලබා දී තිබිමත්ය.

වරෙක ඒබ්‍රහම් ලින්කන් සමඟ එකම නිදන කාමරය බෙදා ගත් සගයෙකු දුටු දේ ඔබට පවසන්නම්.අරැණෝදය නැගෙත්ම අවදිවූ සගයා දුටුවේ ලින්කන් ඔහුගේ සයනය මත වාඩිවී බිත්තිය දෙස ඇස් යොමා ගෙන සිටින අයුරැයි.උදෑසනම මිතුරාට ඔහු පැවසූ දෙය වූවේ........... මෙම රජයට  වහල්භාවය සහ  පූර්ණ නිදහස සහිත ජන කණ්ඩායම් ද්විත්වයක් සදාකාලිකව  තබා ගැනීමේ  හැකියාවක් නොමැතිය....යන වදනයි.



සාර්ථක දේශනයක් සිදු කිරීම සඳහා ඔබ නිතැතින්ම සිදු කල යුතු අත්‍යාවශ්‍ය පියවර කිහිපය නැවත වරක් මා  අවසාන වශයෙන් ඔබට සිහිකරන්නම්.

1.සැම විටෙකම සාර්ථක දෙසුමක් සඳහා තද බල සහ නියත අවශ්‍යතාවක් ඔබ ඇති කර ගත යුතුයි.


2.ඔබ කතා කිරිමට යන මාතෘකාව හොඳින්ම සහ පරිපූර්ණව අවබෝධ කර ගන්න.කරැණු ගොණු කරන්න.පිලිවෙළකට සකසන්න.නැවත නැවත සංස්කරණය කරන්න.සකසන්න.....සකසන්න...



3.වඩාත් විශ්වාසවන්ත වන්න.


4. නැවත නැවත කරැණු ඉදිරිපත් කිරිම පුහුණු කරන්න. දෙසුම පවත්වන අවස්ථාව තෙක් දෛනික ජීවිතයේ සෑම ඉරියව්වකදීම කරැණු මෙනෙහි කරන්න.


ඉහත මූලධර්ම ගෙඩි පිටින් හෙවත් අමු අමුවේම ලබාදීමට මා තුල ඇති නොකමැත්ත නිසා උදාහරණයක් ද සහිතව සාර්ථක දේශනයක් පැවැත්විමට අවශ්‍ය මූලික කරැණු ඉහත පරිදි ඉදිරිපත් කලෙමි.කාලවේලාව යෙදෙන පරිදි ප්‍රසිද්ධ දේශනයකදී ඉතාමත් වැදගත් වන මනෝ විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය කරැණු ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමි.(මතු සම්භන්දයි.)

එස්.එම් අනුරාධ සේනාරත්න( BSc(Hons)/ PG Dip in sociology/ ADv dip in Eng) sera idea blogspot.com/youths for good politics

No comments:

Post a Comment