Friday, June 1, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යක්ෂයාගේ සෙවනැල්ල අභියස

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යක්ෂයාගේ සෙවනැල්ල අභියස



අල් ජසීරා  කටාර් මාධ්‍ය ජාලය විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පසුගියදා පැවති ඉන්දීය- ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේදී තණතිල්ල සැකසීමේ වංචා සහගත ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් තරඟ පාවාදීමේ සැලැස්මක් ක්‍රියාත්මකව ඇති බවට චෝදනා කරයි.තණතිලි සකසන්නා විසින් හිතාමතාම තණතිල්ලේ ස්වභාවය විකෘති කරමින් ඒ ඔස්සේ තරඟය සුවිශේෂ ප්‍රතිපලයක් වෙත යොමු කල බව වැඩිදුරටත් එම මාධ්‍ය ජාලය චෝදනා කරයි.

මෙම තණතිලි සැකසීමේ වංචා සිදුවූ අවස්ථා හතරෙන් අවස්ථා දෙකක් ගාල්ල අන්තර් ජාතික ක්‍රිඩාංගනයේදී සිදුව ඇත. චෙන්නායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී 2016 වර්ෂයේ පැවති ඉන්දියා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී   අදාල ක්‍රිඩා පිටියේ තණතිලි සකසන්නා විසින් තණතිල්ලේ ස්භාවය තරඟ දෙකකදී විකෘති කල බවට අල් ජසීරා මාධ්‍ය ජාලය චෝදනා කරනු ලබයි.

මෙකී තරඟ පාවාදීමේ චෝදනාවන් මේ වන විටත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂණයට ලක් කරමින් පවති.  2018 මැයි මස 29 වන දින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් අල් ජසීරා මාධ්‍ය ජාලය දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුවේ තරඟ පාවාදීමේ චෝදනාවන් ඔප්පු කිරීමට අදාල සාක්ෂි එම මාධ්‍ය ජාලය විසින් අණාවරනය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙනි.



2018 දී ඕස්ට්‍රේලියාවේ සිදුවූ පන්දුව විකෘති කිරීමේ සිදුවීමෙන් පසු අන්තර් ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවූ ආන්දෝලනාත්මකම සිදුවීම වූවේ ඉන්දියාව සහ ලංකාව සම්භන්දයෙන් වූ මෙම තණතිල්ල විකෘති කිරීමේ සිදුවීමයි.

ශ්‍රී ලංකාව පලමු පන්තියේ ක්‍රිකට් තරඟ වලදී මෑත කාලය දක්වාම තරඟ පාවාදීමේ සිදුවීම් වාර්තාවී ඇත.2017 වර්ෂයේදී පානදුර ක්‍රිකට් සමාජය(Panadura cricket club) සහ කළුතර ක්‍රිකට් සමාජය(Kalutara  physical culture club) යන ක්‍රිකට් සමාජ ද්විත්වයේ එවකට නායකයන්ව සිටි චාමර සිල්වා සහ මනෝජ් දේශප්‍රිය යන ක්‍රීඩකයන් සඳහා කිසියම් කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තරඟ තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය විසින් පනවන ලදි.මෙයට හේතුවූවේ  2017 ජනවාරි මස පැවති පලමු පෙළ මෙකී ක්‍රිකට් තරඟයකදී පානදුර ක්‍රිකට් සමාජය විසින් වාර්තා කරන ලද අසාමාන්‍ය ලකුණු ප්‍රමාණයන් සහ ලකුණු වේගයන්ය.

මෙම තරඟ පාවාදීමේ සිදුවීම් ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය පිලිබඳ බරපතල අවිනිශ්චිතතාවක් ඇති කරනු ලබයි.එයින් දින කිහිපයකට පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින්  අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී කාසිය උඩ දැමීමේ ක්‍රමවේදය ඉවත් කරමින් ඒ සඳහා උචිත වෙනත් ක්‍රමවේදයක් යොදා ගත යුතු බව ප්‍රකාශ කරන ලදි.අනාගත ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදීද මෙලෙස තණතිල්ල විකෘති කිරීම මඟින් දීර්ඝ සැලසුමක් යටතේ තරඟ වංචාකිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරීමට අවකාශ පවතී .2018 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පැවති ටෙස්ට් තරඟවලදීද පන්දුව විකෘති කිරීමේ චෝදනාවන් ඕස්ට්‍රේලියානු කන්ඩායමට එල්ලවී තිබේ.



මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇදුම් මාරැ කරන කාමර තුලදීත් පිටියේදීත් ක්‍රිඩකයන් සඳහා ස්මාර්ට් වර්ගයට අයත් ඔර්ලෝසු සහ අනෙකුත් ඉලෙක්ට්‍රෝනික උපාංගයන් භාවිතා කිරීම තහනම් කරමින් නව නීතියක් ඉදිරිපත් කර තිබේ.2018 වර්ෂයේදී පැවති එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලියේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්මාර්ට් වර්ගයේ අත්ඔර්ලෝසු පැළඳීම තහනම් කරන ලදි.තරඟය ඇතුලතදී විය හැකි තරඟ පාවාදීමේ අවස්ථාවන් වළක්වා දැමීමට මෙම නීතිය මඟින් අපේක්ෂා කරනු ලබයි.

2016 සහ 2017 වර්ෂවලදී ඕස්ට්‍රේලියා සහ ඉන්දීය කන්ඩායම් වල ශ්‍රී ලංකා සංචාර වලදී සිදුවූ බොහෝ තරඟ පාවාදීම් සම්භන්දයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් සැක කරනු ලබන්නේ  මුම්බායි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රොබින් මොරිස් නැමැත්තායි.

ICC ආයතනය  විසින් හෙළිකරන පරිදි  ගාල්ලේදී පැවති පසුගිය එංගලන්ත- ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී  මෙකී රොබින් මොරිස් නැමැත්තා හා එක්ව ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නා තරඟයේ තණතිල්ල විකෘති කිරීම මඟින් තරඟ ප්‍රතිපල කෙරෙහි බලපෑම් කර ඇති බව පෙන්වාදේ.වඩාත් විශ්වාසවන්ත වාර්තාකරැවන්ට  ඉන්දීය හිටපු  මෙම පලමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයා පවසා ඇති පරිදි  ඔහු විසින්  තරඟ ඔට්ටුකරැවන්ට රිසි පරිදි ජය පරාජය තීරණය වන ලෙසින් තණතිල්ලේ ස්වභාවය වෙනස්කිරීමට ගාල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නාට අල්ලස් ලබාදී තිබේ.

2018 මැයි 28 වන ඉරිදා 10.00GMT අල් ජසීරා ප්‍රවෘත්ති විකාශයෙන් මෙකී ප්‍රවෘත්තිය ප්‍රකාශ කලේය.ඒ සමඟම අන්තර් ජාතික ක්‍රිකට් කමිටුව අල් ජසීරා පුවත පිලිබඳ සිය පරීක්ෂණ අරඹන ලදි

.


මේ අතර අල් ජසීරා රෑපවාහිනිය  මඟින් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදීද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් දෙදෙනෙක් අදාල ක්‍රිකට් තරඟ පවාදීම් සඳහා සම්භන්ද බවට අණාවරනය කරන ලදි.නමුත් අල් ජසීරා චැනලයේම මීලඟ 2018 මැයි 28  ප්‍රවෘත්ති විකාශයේදී මුලින් චෝදනා කල එක් ක්‍රීඩකයෙකු වූ ජීවන්ත කුලතුංග සම්භන්ද  චෝදනාව  ඉවත් කර ගන්නා ලදි.

පාකිස්ථානු පලමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ හසන් රාසා  , රොබින් මොරිස් නම් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා සමග තරඟ පාවාදීමේ සම්භන්දතාවක් නොමැතිබව පසුව අණාවරනය විය.එමෙන්ම රාසා මෙහිදී ප්‍රකාශ කර තිබුනේ තමාගේ නම අනවශ්‍ය ලෙස තරඟ පාවාදීමේ චෝදනා සඳහා අල් ජසීරා රෑපවාහිනිය විසින් ඈඳා ඇති බවයි.ඉන්දියාවේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ තරඟයක් අතරතුරදී මුම්බායි චැම්ප් ක්‍රිඩා සමාජය වෙනුවෙන් ක්‍රිඩා කල  චෝදනාලත් එක්තරා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් රොබින් මොරිස් සමඟ එක්ව හිද කතා කරන වීඩියෝ පටයක්ද අල් ජසීරා රෑපවාහිනියෙන් නිකුත් කැර තිබිනි.

මේ අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු තණතිලි සකසන්නා ක්‍රීඩාංගනයේ සහාය කළමනාකරැ වූ නිසා තමන්ට අභිමත පරිදි පන්දු යවන්නන්ට හෝ පිතිකරැවන්ට වාසිදායක ලෙස තණතිල්ල සැකසීමේ අවකාශය තමන් සතුවන බව ප්‍රකාශ කරන ලදි.නමුත් පසුව ඔහු වැඩ තහනමට ලක්විය.

අල් ජසීරා රෑපවාහිනිය මඟින් වැඩිදුරටත් අණාවරනය කරන පරිදි හසන් රාසා සහ තවත් ශ්‍රී ලාංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.මෙහිදී ක්‍රිකට් තරඟ වංචා කිරීම හරහා බුකීකරැවන් ඔස්සේ විශාල මුදලක් උපයා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද අණාවරනය කර තිබේ.



අල් ජසීරා රෑපවාහිනිය අනීල් මුනවාර් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙක් සම්භන්දව මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබේ.මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ සුප්‍රසිද්ධ අපරාධකරැවෙකු ලෙස හඳුන්වන ඩාවුඩ් ඉබ්‍රාහිම් සමඟ එක්ව අන්තර් ජාතික  ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පගාව ලබා දෙමින් තරඟ පාවා දීමේ ක්‍රියාවලියකට සූදානම් වන බව අණාවරනය කරයි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු ලේකම් හලම්බාගේ ප්‍රේමසිරි නම් අයද මෙම තණතිල්ල විකෘති කිරීමේ ක්‍රියාදාමය හා සම්භන්ද බව පසුව වාර්තාවිය. මෙම පුද්ගලයා නාඳුනන තුවක්කුකරැවෙකුගේ ප්‍රහාරයට ලක්වී මිය ගියේය.ඔහුගේ මරණය හා තණතිල්ල විකෘති කරමින් තරඟපාවාදීම අතර කිසියම් සම්භන්දතාවක් තිබේද?පොලිස් අපරාධ විමර්ෂණ කාර්යාංශය මේ සම්භන්දව පරීක්ෂණ පවත්වන්නේද?

කලක් ඉතා ඉහල මට්ටමක පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් පරිපාලනය සමඟ දේශපාලන අරමුණු මෙන්ම බුකීකරැවන්ගේ අරමුණු ද ප්‍රමුඛත්වය ලබා ගනිමින් ඉදිරියට පැමිණීම නිසා වර්තමාන ඛේදජනක වාතාවරනයට මුහුනදෙමින් සිටියි.

ක්‍රිකට් පරිපාලනයේ ඉහල පුටු සඳහා ක්‍රිකට් කළමණාකරනය හෝ ක්‍රිකට් පිලිබද අල්ප දැනුමක් සහිත පුද්ගලයන් ප්‍රවිශ්ඨ වීමද ඔවුන් විසින් ජාතික අභිමානය පිලිබඳ හැඟීම හෝ ක්‍රිකට් පිලිබඳ හැඟීම දෙවැනි ස්ථානයේ තබමින් ක්‍රිකට් ක්‍රීඩාව සිය පුද්ගලික ආදායම් මාර්ගයක් බවට පත් කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඇතැම් ක්‍රිකට් පරිපාලකයන් අල්ලේ නැටවීමත් වත්මන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට ප්‍රධාන හේතුව වී තිබේ.



ක්‍රිකට් නිළවරණ වල සිට ක්‍රිකට් වල සෑම අංශයක්ම මුදලට යටවූ තත්වයක් තුල ක්‍රිකට් තරඟද මුදලට යටවීම අරැමයක් නොවේ.දූෂිත දේශපාලඥයන් ,ඔවුන්ගේ හිතවතුන් , ඔට්ටුකරැවන්, පාතාල කෙරැමන් , සුපිරි ගණිකාවන් සහ ඔවුන් විසින් උලුප්පනු ලැබූ අදක්ෂ ක්‍රීඩකයන් යන සියලු සාධක හා එක්ව අල්ලස් හා දූෂණ මතින් කනගාටුදායක ගමනක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් වල අවසන් ඉරනම යක්ෂයාගේ මුඛයෙන් අවසන්වන දිනය වැඩි ඈතක නොවේ.



අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment