Wednesday, May 30, 2018

වර්ෂ 2025 වන විට තරැණ- තරැණියන් සැමට රැකියා

වර්ෂ 2025 වන විට තරැණ- තරැණියන් සැමට රැකියා



සමාජ විෂමතාවයන් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක් වන අතර එය නොවැළැක්විය හැකි සිදුවීමකි.

වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය  සමාජයීය, ආර්ථික,සංස්කෘතික සහ ආගමික අංශයන් වලදී පුළුල් විවිධත්වයක් පෙන්නුම් කරන සමාජයකට කදිම උදාහරණයකි.බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම්  ආදී පුළුල් ආගමික විවිධත්වයක් ශ්‍රී ලාංකික සමාජය තුල පවතී.සමාජ තත්වය, අධ්‍යාපනය, ආර්ථික තත්වය යන ක්ෂේත්‍රවල පුළුල් විවිධත්වයක් ද මෙරට පවතී.

මූල්‍යමය පසුබිම, අධ්‍යාපන තත්වය, ආගම, ජාතිය සහ කුලය යන සෑම සාධකයකින්ම ස්වායත්තව සම අවස්ථාවන් සෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුටම ලබාදීම වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.



සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ස්වකීය අරමුණු ඉටුකර ගැනීමේදී සම අවස්ථා ලබාදීම එක්සත් ජාතික පක්ෂ රජයේ අපේක්ෂාවයි.


1.    එවකට එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන ඇමති සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමන් විසින් බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාම නිදහස් අධ්‍යාපන හිමිකම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලබා දීම එක්සත් ජාතික පක්ෂය තුල පවතින පුළුල් ජනතා හිතවාදී දැක්මේ මූලික පදනම විදහා දක්වයි.


ධනවාදී දේශපාලන පක්ෂයක්  ලෙසින්  සමාජවාදී හෝ වාමාංශිකයැයි කියා ගන්නා දේශපාලන පක්ෂ විසින් හංවඩු ගැසූ  එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ පුදුම සහගත ලෙස නොවේද?



2.   ආර්ථික දුෂ්කරතා වලින් දැඩි ලෙස පීඩාවිඳින විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගැනීම සඳහා එවකට එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන් මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දෙන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් සිය පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහාත් ශ්‍රි ලංකාවට එරෙහි  ඉන්දියන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට මුදලට සාභාගි කරවා ගැනීමටත් "කඩේ යවන " දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂයේ වගකිවයුතු ක්‍රියාකාරීත්වය පිලිබඳ ඔබ සිතන්නේ කුමක්ද?



3.    බෞද්ධ උරැමයන් සහ සංස්කෘතිය රැක ගනිමින් එහි ගෝලීය ව්‍යාප්තිය තහවුරැ කරනු වස් ජේ.ආර් ජයවර්ධන යුගයේ එවකට අධ්‍යාපන ඇමතිධූරය දැරෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ‍බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය ස්ථාපිත කිරීමට ක්‍රියා කරන ලදි.

සිංහල ‍බෞද්ධ ආකල්ප සහ අනන්‍යතාවයන් සිය පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීමට යොදා ගන්නා ඊනියා සිංහල බෞද්ධයයි කියා ගන්නා වත්මන් නායකයන් ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?




4 .     ජාතියේ තාරැන්‍යය නව ලොව තාක්ෂණික දැනුම සමඟින් නඟා සිටුවීම මඟින් සෑම තරැණ තරැණියෙකුටම රැකියාවක් ලබාදීමේ එක්සත් ජාතික පක්ෂ දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කරනු වස්

a.   ජාතික තරැණ සේවා සභාව

b.  තරැණ කටයුතු අමාත්‍යාංශය

c.  තරැණ සමාජ වැඩසටහන්

d.  යොවුන් සේනාංකය

e.  ජාතික ආධුනිකත්ව මණ්ඩලය

f.  නිස්කෝ ආයතනය

g.  බෙල්වුඩ් ගම්මානය

ආදී ජාතික ආයතන ස්ථාපනය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ රජය මඟිනි.මෙම ආයතන වලින් බොහෝමයක් ස්ථාපිත කිරීම සිදු කරනු  ලැබුවේ ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ එවකට සිටි අධ්‍යාපන සහ තරැණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි.

තරැණ සංවර්ධනය හා වෘත්තීය පුහුණුව වෙනුවෙන් ශ්‍රී ලාංකීය තාරැන්‍යයට මෙතරම් කාර්යභාරයක් ඉටුකර ඇති වෙනත් පක්ෂයක් තිබේද?

වර්තමාන ශ්‍රී ලංකාවේ අපට හමුවන සංගීතඥයන්, නර්තන ශිල්පීන්, පුවත්පත් කලාවේදීන් සහ ඡායාරෑප ශිල්පීන් බොහෝමයක් සිය වෘත්තීය දිවිය‍ෙ පිවිසීම සඳහා ඇවසි පන්නරය ලැබ ඇත්තේ මෙම තරැණ සංවර්ධන ආයතන ඔස්සේයි.




5.   තරැණ නගර (youth city) සංකල්පය හරහා තරැණ පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට  වර්තමාන එක්සත් ජාතික පක්ෂ  රජය විසින 2015 වර්ෂයේදී  රැපියල් මිලියන 250 ක මුදලක් වෙන්කර තිබේ.මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ව්‍යපෘතීන් 100 ක් පමණ මෙම ප්‍රතිපාදන මඟින් හඳුන්වා දී තිබේ.

කෙසේ වුවද දැනුමෙන් සහ සමාජ වටිනාකම් වලින් පරිපූර්ණ   බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකරනු වස් තවත් කල යුතු දෑ එලෙසම ඉතිරිවී පවතී.වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය විසින්  සමාජයේ සම  අවස්ථාවන් සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කරමින් සිටියි.

ස්ථාවර රජයක් සහ ස්ථාවර ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරනු සඳහා  සම්මුති සන්ධාන දේශපාලන ක්‍රමයෙන් ඔබ්බට ගිය  තනි එක්සත් ජාතික පක්ෂ රජයක් ස්ථාපිත කිරීම පක්ෂයේ බහුතරයක අපේක්ෂාවයි.


6.       එක්සත් ජාතික පක්ෂ රජයේ වඩාත් වැදගත් ප්‍රතිපත්තියක් වනුයේ වසර 4ක් ඇතුලත රැකියා අවස්ථා මිලියනයක් පුද්ගලික සහ රාජ්‍ය අංශයන්හි ජනිත කිරීමයි.උතුරැ නැගෙනහිර සිවිල් යුද වාතාවරණය මර්දනය කිරීමෙන් සමනය කලද ඒ හා සබැඳි තරැණ අසහනකාරී තත්වය තවදුරටත් අවසන්ව නොමැත.

සාධාරණ සමාජයක් සඳහා උතුරැ- නැගෙනහිර දෙමළ තරැණ ප්‍රජාවට ඇති අයිතීන් තහවුරැ කිරීම මඟින් චිරස්ථායී සාමයකට සහ ජනවාර්ගික ඒකාග්‍රතාවයකට මඟ පෑදීම එක්සත් ජාතික පක්ෂයේ දැක්ම සහ අරමුණයි.





7. රැකියා අවස්ථා මිලියනයක්


මෙම රැකියා අවස්ථා මිලියනය ලබා දීමේදී නිශ්චිත සැලැස්මක් රජය සකස්කල යුතුය.මෙලෙස රැකියා අවස්ථා මිලියනයක් ජනිත කිරීම  සඳහා හුදෙක් රාජ්‍ය අංශය පමණක් උපයෝගී කර ගැනීම ප්‍රමාණවත් නැත.ඒ සඳහා දේශීය පුද්ගලික අංශයේ මෙන්ම විදේශීය ආයෝජකයන් ගේද උපකාර ලබා ගැනීමට රජයට සිදුවනු ඇත.

ස්ථාවර රජයක් මෙන්ම ස්ථාවර ආර්ථිකයක්ද ඇති කිරීම මෙම වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේදි අතිශය වැදගත්වේ.එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන්, මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් මෙන්ම ඉන්දියාවේ නරසිංහ රාඕ වැනි නායකයන්ට ප්‍රථමව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1977 වර්ෂයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන ලදි.

දුරස්ථ පළාත් වල වාසය කල අඩු ආදායම්ලාභී තරැණ තරැණියන් මෙකී අවස්ථාවන් ලැබෙන තෙක් එම පළාත් වල ප්‍රභූ ජනතාවට සාපේක්ෂව පසුගාමී තත්වයක පසුවූ බව රහසක් නොවේ.රටක් ලෙස අප මුහුන දෙමින් සිටින ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට නම් අප ගෝලීයකරණ ක්‍රියාදාමයට විවෘත විය යුතුය.අතීතයේ දී මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය ද මෙම යථාර්තය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බව පෙනී යයි.




8.   දැවැන්ත සංවර්ධන වැඩසටහන් සඳහා තරැණ සාභාගීත්වය පුළුල්ව ලබා ගැනීම



a.  මහනුවර- කොලඹ- හම්බන්තොට කොරිඩෝරයේ පුළුල් සංවර්ධන ව්‍යාපෘති සඳහා තරැණ ශ්‍රම බලකාය යොදා ගන්නා රැකියා අවස්ථා ජනිත කිරීම

b.  බස්නාහිර මහනගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා රැසක් ජනිත කිරීම

c  .   හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ කර්මාන්ත කලාපයන් ස්ථාපනය  කිරීමෙන් තරැණයන් සඳහා රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.


9.  නව තාක්ෂණික හා ගෝලීය දැනුමෙන් පරිපූර්ණ වූ තරැණ පරපුරක් ඇති කිරීම, දැනුම හා පුහුණුව ඉලක්ක කර ගත් රැකියා අවස්ථා වලට තරැණ තරැණියන් යොමු කිරීම සහ තරැණ පරපුරේ ආර්ථික සංවර්ධනය එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයේ අපේක්ෂාවයි .

ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවේද රැකියා වෙළඳපොලට සරිලන වෘත්තීය අධ්‍යාපන සහ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම එක්සත් ජාතික පක්ෂයේ උපායමාර්ගය බවයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අධ්‍යාපන හා වෘත්තීය පනතේ ප්‍රධාන අරමුණ වූවේ මෙයයි.


10.    තරැණතරැණියන් සඳහා ඉහත ආකාරයේ ව්‍යාපෘති හඳුන්වා දීමේදී අන්තර් ජාතික අත්දැකීම් වල අවශ්‍යතාවය පිලිබඳ කාලීන පසුබිම අපට අමතක කල නොහැකිය.

ශ්‍රී ලාංකීය තරැණ පරපුර දැනුමෙන් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ කිරීම සඳහා සැලසුම් සහගත පදනමක් නිර්මාණය කිරීමෙන් ගෝලීය ප්‍රජාවට නොදෙවෙනි තරැණ ප්‍රජාවක් ඇති කිරීමඑක්සත් ජාතික පක්ෂයේ දැක්මයි.




11.   තරැණ භාහිර ක්‍රියාකාරකම් සහ දක්ෂතා ප්‍රවර්ධනය සඳහා රැපියල් බිලියන 200ක් වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයෙන් වෙන් කර ඇත.

a.    විශ්වවිද්‍යාල සිසුන්ට සහනදායී මිලකට ලැප්ටොප් මිලදී ගැනීමේ පහසුකම් සලසාදීම

b.  ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ඩිජිටල් දැනුම ලබා ගැනීමේ සහ භාවිත කිරීමේ අවස්ථා පුළුල් කිරීම

c.   පොලිස් සහ අධිකරණ විශ්වවිද්‍යාලය ක් පිහිටුවීම  යන  අරමුණු සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම ප්‍රතිපාදන වෙන් කිරීම් වලින් ප්‍රතිලාභ ලබන්නේ සමස්ථ තරැණ ප්‍රජාවමයි.එහිදි කිසිදු ජාති, ආගම් , කුල , මුල්‍යමය හෝ අනෙකුත් සමාජ විෂමතාවයන් හෝ දේශපාලන විෂමතා නොසලකනු ඇත.

12.    සංවර්ධනයේදී තරැණ ප්‍රජාව ක්‍රියාශීලීව එම ක්‍රියාවලියට දායක කර ගැනීම එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධාන අරමුණකි.ප්‍රතිපත්ති සම්පාදනය, තිරණ ගැනීම සහ සංවර්ධන ව්‍යාපෘති වලදී තරැණ දායකත්වය පුළුල්ව ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.



වර්තමානයේදී බොහෝ දේශපාලන පක්ෂ ආගම්වාදී, ජාතිවාදී ප්‍රවාහ ඔස්සේ තරැණ සිත් වෛරයෙන් කලඹා ඒ ඔස්සේ ශ්‍රී ලාංකිකයන් භේද බින්න කරන පසුබිමක් තුල එක්සත් ජාතික පක්ෂය තාරැන්‍ය වෙත ලබාදුන් ප්‍රතිඥාාවන් ඉටු කරමින් තරැණ සංවර්ධනය පිලිබඳ සිය සීමාවන් පුළුල් කරමින් සිටියි.

1960 දශකයේදී සිංගප්පූරැව සහ මැලේසියාව යන රටවලට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව වැටී සිටින  වත්මන් තත්වයෙන් එය ගලවා ගැනීමට හැක්කේ සාර්ථක ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තීන් අනුගමනය කරන ප්‍රතිපත්තිවාදී  දේශපාලන පක්ෂයකට පමණි.

එක්සත් ජාතික පක්ෂය සෑම විටම කෙටිකාලීන මෙන්ම දිගු කාලීන චිරස්ථායී ඉලක්කයන් මත කටයුතු කරමින් චිරස්ථායී සංවර්ධනයකට ශ්‍රී ලාංකීය තරැණ පරපුර යොමු කරයි.

The economist ඇසුරෙනි

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment