Wednesday, April 18, 2018

යහපාලන රජයේ විදෙස් පිළිවෙත මල් ඵල දරයි.


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලාංකීය අපනයන වලට බදු සහන සලසා දීමට තීරණය කිරීම යහපාලන රජයේ මධ්‍යස්ථ සහ දූරදර්ශී විදෙස් ප්‍රතිපත්තිය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් ලෙස පෙනීයයි.2015  වර්ෂයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයට පත්වූ අවස්ථාවේ සිට අග්‍රාමාත්‍ය   රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් දැක්ම මත පදනම් වෙමින් වර්තමානයේ ශ්‍රි ලංකාව වෙත අන්තර්,ජාතික වශයෙන් සහනදායී වාතාවරණයක් ඇති කිරීමට සමත්ව තිබේ.

වර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ අතිශය වැදගත් අංශයන් ද්විත්වයක් වනුයේ ආසියානු කේන්ද්‍රීය මද්‍යස්ථ විදෙස් පිළිවෙතක් අනුගමනය කිරීමත් ගෝලීය වශයෙන් සියළුම රටවල් සමඟ සුහදශීලී රාජ්‍ය තාන්ත්‍රික විදෙස් පිලිවෙතක් අනුගමනය කිරීමත්ය.අන්තර් ජාතික ප්‍රජාව දරන අදහස් කෙරෙහි මුරණ්ඩු ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත පිහිටා කටයුතු කිරීමට ශ්‍රි ලංකාවට හැකියාවක් නොමැත.නිදහස ලබා ගැනීමෙන් පසු පලමු දශකය තුලදී බටහිර හිතවාදී විදේශ පිළිවෙතක් අනුගමනය කරන ලද අප රට , බ්‍රිතාන්‍ය හමුදා කඳවුරැ පවා මෙහි පවත්වා ගෙන යාමට අවසර ලබා දී තිබුනි.ආරක්ෂක ගිවිසුම් දෙකකින්ම ඉවත් වෙමින් මධ්‍යස්ථ විදේශ පිළිවෙතක්  අනුගමනය කරන ලද ශ්‍රි ලංකාව 1956 -1977 කාල සීමාවන් තුලදී එකී මද්‍යස්ථ විදෙස් ප්‍රතිපත්ති වලින්  අපගමනය වීම් පෙන්නුම් කරන ලදි.


හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය නොබැඳි ප්‍රතිපත්තිය සම්භන්ද ක්‍රියාකාරිත්වයන් වලදී පුරෝගාමී කෘත්‍යයක් ඉටු කරන ලදි.නමුත් 1971 වර්ෂයේදී එවකට සන්නද්ධ ක්‍රියාකාරීත්වයන්ට එලඔ සිටි ජනතා විමුක්ති පෙරමුණට උතුරැ කොරියාව විසින් මුල්‍යමය ආධාර සපයා ඇති බව එවකට රාජ්‍ය බුද්ධි අංශ අණාවරනය කර ගැනීමෙන් අනතුරැව ඇය විසින්  කොලඹ පිහිටි උතුරැ කොරියානු තානාපති කාර්යාලය වසා දැමීමට නියෝග කලාය.

1977 වර්ෂයේදී විවෘත ආර්ථික  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්   සමඟම එයට පුරෝගාමී මෙහෙවරක් ඉටුකල එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධනයන් මද්‍යස්ථ විදෙස් පිළිවෙතින් ඉවත් වෙමින් දක්ෂිනාංශික ලෝක දේශපාලනික ප්‍රවාහය වෙත නැඹුරැ වන්නට විය.එවකට පැවති නිරවි යුද තත්වයේදී ඉන්දියාවට අදාල වන සංවේදී යුද-දේශපාලනික-ආර්ථික ප්‍රවණතාවයන් පිලිබඳව නොසලකා හරිමින් බටහිර රටවල් සමඟ සමීප විදේශීය සම්භන්දතා වර්ධනය කිරීමට  ඔහු සමත්විය.නමුත් මෙම බටහිරවාදී විදෙස් පිළිවෙත පුපුරායාම සිදුවූවේ 1987 වර්ෂයේ  ජූලි මාසයේදී ජේ.ආර් ජයවර්ධනයන්ට එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා සමඟ ඉන්දීය- ශ්‍රි ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමට සිදුවීමෙනි.


වර්ෂ 2005 දී බලයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාපයීය ඉන්දීය-එක්සත් ජනපද ආරක්ෂක කටයුතු සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් චීනය සමඟ සමීප ද්විපාර්ශවික සම්භන්දතා  වර්ධනය කිරීමට සමත්විය.මෙම විදෙස් පිළිවෙත නිසා ඔහුට විරැද්ධව යුරෝපා සංගමය, එක්සත් ජනපදය ඇතුළු ප්‍රබල සතුරන් රැසක් නිර්මාණය වීමට හේතුවිය.මෙහි ප්‍රතිපලය වූවේ ශ්‍රි ලංකාව අන්තර්  ජාතික වශයෙන් අප්‍රසාදයට මෙන්ම හුදකලාභාවයට පත්වීමයි.මෙතෙක්  යුරෝපා සංගමයෙන් ලැබූන ජී.එස්.පී සහන නොලැබී යාමත් මානව හිමිකම් කොමිෂම හමුවේ ශ්‍රී ලංකාව සම්භන්දව අර්බුද රාශියක් ඇතිවීමත් මෙහිදී සිදුවිය.

පසුගිය මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වූ පරිදි යහපාලන රජය විසින් ඉන්දියාව- එක්සත් ජනපදය හා බටහිර රටවල් සමග මහින්ද පාලන සමය තුල පලුදුවී තිබුන අන්තර් ජාතික සම්භන්දතා යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි.මේ කාලය තුල රජය විසින් අනෙකුත් රටවල් සමඟ අන්තර් ජාතික සම්භන්දතා ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදි.චීනය හා ඉන්දියාව යන රටවල් ද්විත්වය සමඟම තුල්‍යමය සහ පරිපූර්ණ විදේශ සම්භන්දතා  පවත්වාගෙන යාමට පසුගිය කාලය තුලදී යහපාලන රජය මැනවින් කටයුතු කර තිබේ.


සිරිසේන-වික්‍රමසිංහ රජය විසින් එක්සත් ජනපදය, රැසියාව, බටහිර යුරෝපය, ජපානය සමඟද විශිෂ්ඨ අන්තර් ජාතික හා ද්විපාර්ශවික සම්භන්දතා වර්ධනය කරගෙන තිබේ.නමුත් නිරපේක්ෂ මද්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක පිහිටා සිටීමට ශ්‍රි ලංකාවට එක්තරා විකරණ කිහිපයක් සිදුකිරීමට සිදුව ඇත.මෙම  තත්වය  ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් අන්තර් ජාතික ප්‍රතිරෑපයක් නිර්මාණය කර ගැනීමට උපකාරවී ඇත.දකුණු කොරියාව, මැද පෙරදිග රටවල් සමඟද යහපාලන රජය මේ වන විට වඩාත් සමීප සම්භන්දතා ගොඩනඟා ගනිමින් සිටි.


වඩාත් අර්ථවත් සාර්ථක විදේශ පිළිවෙතක් සඳහා වික්‍රමසිංහ-සිරිසේන යහපාලන රජය මේ වන විටද ඉතා ශක්තිමත් පදනමක් ගොඩනඟා අවසානය.

 සිංහලට පරිවර්තනයකි.

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment