Saturday, April 21, 2018

පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට එ.ජා.ප රජයෙන් වැඩපිලිවෙලක්

පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට එ.ජා.ප රජයෙන් වැඩපිලිවෙලක්


මෑතකදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ශිෂ්‍යයන්ට සිය පුද්ගලික පන්ති වලට සාභාගි වීමට බලපෑම් කරන පාසල් ගුරැවරැන් පිලිබඳව පැමිණිලි කිරීමට හොට්ලයින් දුරකථන අංකයක් (1988)හඳුන්වා දෙන ලදි.වර්තමාන ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පුද්ගලික අධ්‍යාපනය කෙරෙහි කොතරම් ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේදැයි  හොඳින්ම පැහැදිලි වන්නේ පාසලෙන් පරිභාහිර දවසේ ඉතිරි කාලය සිසුන් පුද්ගලික පන්තිවල ගත කිරීමෙනි.

මෙම තත්වය යටතේ සිය පුද්ගලික පන්ති වලට සාභාගීවීමට සිසුන්ට බලපෑම් කරනු ලබන පාසල් ගුරැවරැන්ට අනතුරැ ඇඟවීම මඟින් පාසල් අධ්‍යාපන රටාව තුල සිසුන් මුහුන දෙමින්  සිටින පීඩාකාරී වාතාවරණය එක්තරා දුරකට සමනය කිරීමට රජය බලාපොරොත්තු වන බව පෙනීයයි.

රටේ අනාගත පරපුර හැඩගැස්වීමේ ප්‍රධානතම වගකීම දරන අධ්‍යාපන අමාත්‍යාංශයට එහි සමහර අභ්‍යන්තර ගැටළු තවමත් විසඳාගැනීමට  ඉතිරිව තිබේ.පහසුකම් ඌනතාවයන්, ගුරැවරැන්ගේ හිඟය, යටිතල පහසුකම් වල දුර්වලතා, පාසල් අතර සම්පත් ව්‍යාප්තියේ විෂමතාවය යනාදී ගැටළු රැසක්ම ලංකාවේ වත්මන් අධ්‍යාපන පද්ධතිය දුර්වල කිරීමට බලපා ඇත.



මෙලෙස පාසල් අධ්‍යාපනයට වඩා වැඩි ප්‍රමුඛත්වයක් සිසුන් පුද්ගලික අධ්‍යාපනයට ලබාදීම හේතුවෙන් මෙරට පාසල් අධ්‍යාපනය සහ සාරධර්මීය වටිනාකම් ක්‍රමික අගාධයකට තල්ලු වෙමින් පවතී.අධ්‍යාපනය කලුකඩ ව්‍යාපාරයක් බවට පත් කර ගනිමින් ඒ තුලින් විශාල වශයෙන් මුදල් සෙවීමේ නිරත පුද්ගලික පන්ති ගුරැවරැන් ඇතුළු  කන්ඩායමක් පාසල් අධ්‍යාපනය විනාශකාරී අගාධයකට තල්ලු කිරීමේ සංවිධානාත්මක උත්සහයක නිරතව සිටිති.

දශක දෙකකට පෙර කාලයේ මෙන් නොව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත දරැවන් පවා පුද්ගලික පන්ති වලට යැවීමට දෙමවිපියන් දැඩි උනන්දුවක් දක්වයි.පාසල් වාර පරීක්ෂණ සහ රජයේ විභාග වලදී ඉහල ලකුණු ලබා ගැනීමට අවශ්‍ය කුසලතාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් දෙමව්පියන් විසින් මෙලෙස ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත දරැවන්  පවා පුද්ගලික  පන්ති වලට යොමු කරනු ලැබේ.

පුද්ගලික අධ්‍යාපනය යනු ගුරැවරැන්ට රැකියාවෙන් පරිභාහිරව විශාල ලෙස මුදල් උපයාගත හැකි අමතර ආදායම් මාර්ගයකි.වර්තමාන විවෘත  ආර්ථික පද්ධතිය තුල වානිජ්‍යමය සංකල්පයන් පදනම්වූ ආර්ථික-සමාජ ක්‍රමයන් ගොඩනැඟී ඇත.මේ නිසා වර්තමාන නිදහස් අධ්‍යාපනය මෙහි කනගාටුදායක ගොදුරක් බවට පත්වී ඇත.


විශාල මුදලක් ගෙවා දරැවා ජනප්‍රිය පාසලකට ඇතුලත් කල පසු ද දරැවන්ගේ අධ්‍යාපනය සාර්ථක වීමට හොඳ පුද්ගලික  පන්තිවලට ඇතුල් කිරීමට දෙමව්පියන් උත්සහ කරති.පාසලේ පැය 6ක අධ්‍යාපන කාලයෙන් අනතුරැව දවසේ ඉතිරි කාලය වැය කරමින් ඔවුන්ට පුද්ගලික පන්ති අධ්‍යාපනය හැදෑරීමට සිදුවේ.මෙම තත්වය නිසා දිනය අවසානයේ දරැවන්  මානසිකව දැඩි වෙහෙසකාරී තත්වයකට පත්වීම සිදුවේ.මෙහිදී දරැවන්ගේ අධ්‍යාපනය සහ විෂයය භාහිර ක්‍රියාකාරකම් අතර සමතුලිතතාවය බිඳී යාමක් සිදුවේ.

පාසල් ගුරැවරැන් තම සිසුන්ට තමන් මෙහෙයවන පුද්ගලික පන්ති වලට පැමිණෙන ලෙස බලපෑම් කිරීම මෙයට දශකයකට පෙර සිටම මෙම සමාජ ක්‍රමය තුල ඇතිවූ තත්වයකි .පාසල් ගුරැවරැන්  පුද්ගලික පන්ති පැවැත්වීම වරදක් ලෙස අප දකින්නේ නැත.නමුත් එය අතිශය ගැටළුකාරී වන්නේ පාසල් ගුරැවරැන් පාසල් අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොකරමින් සිසුන්ට තමන් විසින් මෙහෙයවනු ලබන පුද්ගලික පන්ති වලට පැමිණීමට බලපෑම් කිරීමෙනි.

වර්තමානයේ බොහෝ පාසල් දරැවන් තමන් හදාරන සෑම විෂයයක් සඳහාම පුද්ගලික පන්ති වලට සාභාගී වන අතර ඇතැම් විෂයයන් සඳහා පන්ති එකකට වඩා වැඩියෙන් සාභාගී වෙති.සදාචාරාත්මක පදනමක් මත කිසිදු පාසල් ගුරැවරයෙකුට තම පාසලේ පන්තියේ සිසුන්ට තම පුද්ගලික පන්ති සඳහා සාභාගී වන ලෙස බලපෑම් කල නොහැකිය.මෙලෙස රටේ සමස්ථ අධ්‍යාපනය මුළුමනින්ම පුද්ගලික අධ්‍යාපනය මත රඳා පවත්වා ගැනීමට උත්සහ කිරීම අතිශය කනගාටුදායක තත්වයකි.


පාසල් අධ්‍යාපනය , පුද්ගලික පන්ති අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ වීමෙන් විෂයය භාහිර  ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා කටයුතු සිදු කිරීමට සිසුන්ට කිසිදු අවකාශයක් නොලැබේ.වර්තමාන සමාජයේ අන්තර් ජාලය සහ සමාජ ජාලා සඳහා ඇති ඇබ්බැහිවීමත් සමඟම විෂයය සහ විෂයය භාහිර ක්‍රියාකාරකම් අතර තුල්‍යතාවය බිඳී යන තත්වයක් නිර්මාණය වේ.මේ නිසා පුද්ගලික පන්ති මඟින් සිසුන් පොත් හා මොබයිල් දුරකථන වලින් එහා සීමාවට ගමන් කිරීම  වළක්වනු ලැබේ.

පාසල් විසින් සිය අධ්‍යාපන කටයුතු නිසි ලෙස ඉටු නොකරන්නේ නම් සහ ගුරැවරැන් විසින් සිය පුද්ගලික පන්ති වලට සාභාගීවීමට බලපෑම් කරන්නේ නම් එම තත්වය වැළැක්වීම සඳහා එ.ජා.ප රජය සහ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා නිසි පියවර ගෙන ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ අධ්‍යාපනය සම්භන්දයෙන් අනුගමනය කල ඔලමොට්ටල ප්‍රතිපත්තීන් සහ පුද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රමිතියකින් තොරව පිහිටුවීමට ලබා දුන් වල්බූරැ නිදහස නිසා ලංකාවේ වත්මන් නිදහස් අධ්‍යාපනය විනාශ මුඛය අභිමුවට පැමිණ ඇති බව කනගාටුවෙන් වුවද පෙන්වාදිය යුතුය.


  හතු පිපෙන්නාක් මෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව ස්ථාපිත කිරීමට අවසර ලබාදුන් ඊනියා  අන්තර් ජාතික ලේබලය සහිත පුද්ගලික පාසල් මෙන්ම , නිසි ප්‍රමිතියකින් තොරවූ සයිටම් වැනි වෛද්‍ය විද්‍යාල නිසාද ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් මෙරටට හදුන්වා දුන් නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය විනාශයට පත්කිරීමේ අවාසනාවන්ත පාපකර්මයට  පසුගිය පවුල් පාලන ඒකාධිපති ජුන්ටාව කරගසා ඇත.

Translated in related with the article of Hufpost.

Anuradha Senarathna

No comments:

Post a Comment