Wednesday, April 25, 2018

ව්‍යවස්ථාදායක සභා නාටකය සහ ඉදිරි මැතිවරණ ප්‍රතිපල

ව්‍යවස්ථාදායක සභා නාටකය සහ ඉදිරි මැතිවරණ ප්‍රතිපල


මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වූ පරිදි යහපාලන රජය විසින් ශ්‍රී ලංකාව තුල ප්‍රජාතාන්ත්‍රිය සංකල්ප බල ගැන්වීම සඳහා වැදගත් පියවර කිහිපයක්ම ගැනීමට සැලසුම් කරන ලදි.මෙම වෙනස්වීම් හඳුන්වා දෙන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේය.ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම මෙහි එක් වැදගත් අරමුණකි.ස්වාධීන පොලිස් කොමිෂන් සභාව, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව යන විව්‍යස්ථාමය ආයතනික විව්‍යුහයන් ස්ථාපිත කිරීමට සැලසුම් කිරීම එම ආයතන වලට සුවිශාල කීර්තියක් ගෙන දෙන විප්ලවීය වෙනසක් විය හැකිව තිබිනි.

1978 සිට මේ දක්වාම පැවති සෑම රජයක් යටතේම දූෂිත සහ අක්‍රමික තත්ව වලට ලක්වූ මෙම කොමිෂන් සභා ස්වාධීන තත්වයට ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී තිබිනි.විධායක ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලද ආකාරයට ත්‍රිවිධ හමුදාවල සහ අනෙකුත් රාජ්‍ය ආයතන වල ස්වාධීන ක්‍රියාකාරීත්වය මෙමඟින් සහතික කිරීමට සමත්වේයැයි විශ්වාස කෙරිනි.17වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද විව්‍යස්ථාදායක සභාව මඟින් මෙකී ගැටළු වලට විසඳුම් සෙවීම අරමුණු කරන ලදි.නමුත්  රාජපක්ෂ පාලනය මඟින්ම මෙකී විව්‍යස්ථාදායක සභාව පසුකාලීනව දියාරැ කර දමන ලදි.


රාජපක්ෂ රෙජීමයේ පාලනය අවසන් කරමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විව්‍යස්ථාදායක සභාව නැවත වරක් හඳුන්වා දෙන ලදි.එසේ වුවද නැවත වරක් විව්‍යස්ථාදායක සභාවේ බලතල දියාරැ කර දමන ප්‍රවණතාවය කරළියට පැමිණ ඇත.

19 වන විව්‍යස්ථා සංශෝධනයේ අවසන් සංශෝධනය ඉදිරිපත් කිරීමේදී එය මඟින් විව්‍යස්ථාදායක සභාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා,විරැද්ධ පක්ෂ නායකවරයා, ජනපතිවරයා විසින් පත්කරන නියෝජිතයෙක් සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලදුව පත්කල නියෝජිතයන් 6දෙනෙක් ඇතුලත් කරන ලදි.මෙකී නියෝජිතයන් සය දෙනා තෝරා පත්කර ගැනීමට විශේෂ තෝරා ගැනීමේ සැලැස්මක්ද සකස්කර තිබිනි.නමුත් මෙකී සමස්ථ ක්‍රියාවලියම දේශපාලනීකරණය වී තිබෙන බව බැලූ බැල්මට ඉතා හොඳින් පැහැදිලිය.

විව්‍යස්ථාදායක සභාව මෙහෙයවනු ලබන්නේ විව්‍යස්ථාවේ 41/A වගන්තිය මඟිනි.මෙකී විව්‍යස්ථාදායක සභාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා, ජනපතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායක විසින් පත්කරන ලද නියෝජිතයන් පස් දෙනෙකු අයත්වේ.විපක්ෂනායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු  ලබන නියෝජිතයන් පස්දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකුවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් විය යුතුය.


විව්‍යස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 10ක් වන විට එම කවුන්සලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ සංඛ්‍යාව 3-10දක්වා විචලනය විය.විව්‍යස්ථාදායක සභාවේ වත්මන් නොනිල සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරැ ජයසූරිය මහතා, විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා යන මහත්වරැන් ඇතුලත් වෙති.මෙම විව්‍යස්ථාදායක සභාවේ  ජනාධිපති නියෝජිතයා වන්නේ මහනඟර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.කම්කරැ සහ වෘත්තීය සංගම් අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ගරැ විපක්ෂනායකයා විසින් යෝජනා කරන ලද නියෝජිතවරයායි .මෙම විව්‍යස්ථාදායක සභාවේ පාර්ලිමේන්තුව විසින් යෝජනා කරන ලද නියෝජිතයා වන්නේ විජිත හේරත් මහතායි.මෙයට පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා ගේ නියෝජිතයා වන්නේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතායි.

පසුගියදා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වෙන ලදුව ඒ වෙනුවට විව්‍යස්ථාදායක සභාවට පත්කිරීමට කිසිදු පුද්ගලයෙකුගේ නමක් යෝජනාවී නොමැත.මෙම තත්වය මත ඉදිරි දින 14ක කාලය ඇතුලත විව්‍යස්ථාදායක සභාවේ ඇතිවූ පුරප්පාඩුවට කිසියම් පුද්ගලයෙකු යෝජනා කරන ලෙස ජනපතිවරයා වෙත විව්‍යස්ථානුකූල ඉල්ලීමක් කරන ලදි.මෙම සභාව වෙත යෝජනා කරන ලද සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනා වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා, ආචාර්ය රාධිකා කුමාරස්වාමි මිය සහ ෂිබ්ලි අෂීස් යන නම් යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍යවරයායි.


විව්‍යස්ථාදායක සභාවේ මූලික කාර්යභාරය වනුයේ ස්වාධීන කොමිෂම් සභාවන්ට අදාල නව පත්වීම් සඳහා සුදුසු පුද්ගලයන් නිර්දේශ කිරීමයි.මෙයට මැතිවරණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිෂම, අල්ලස් කොමිෂම සහ අනෙකුත් රාජ්‍ය ආයතන අයත්වේ.විව්‍යස්ථාදායක සභාවේ පූර්ව නිර්දේශයෙන් තොරව කිසිදු පත්වීමක් සිදුකිරීමට විධායක ජනපතිවරයාට බලතල නැත.

දේශපාලන පත්වීම් සහිත වුවද විව්‍යස්ථාදායක සභාව පිහිටුවාලීම සත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරැ කිරීමට යහපාලන රජය ගත් නිර්භීත සහ හොඳ පියවරකි.පසුගිය රාජපක්ෂ රජය පාර්ලිමේන්තු කවුන්සිලය නමින්  විව්‍යුහයක් ස්ථාපිත කර තිබූ අතර එහි රජය පාර්ශවයෙන් නියෝජිතයන් තිදෙනෙකුද විරැද්ධ පාර්ශවයෙන් නියෝජිතයන් දෙදෙනෙකුද  සහිත විය.වෙනත් අයුරකින් පවසතොත් රජයට අවශ්‍ය දේ රජය අනිවාර්යෙන්ම ලබා ගැනීම එකල සිරිතයි.

මෙලෙසට විව්‍යස්ථාදායක සභාව මඟින් පාර්ලිමේන්තු කවුන්සිලය විස්ථාපනය වූ අතර අදාල පත්වීම් සිදු කරන ආකාරයේ ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ වල ප්‍රගමණයක් දැකිය හැකිවිය.නමුත් එහි සියළුම සාමාජිකයන් පාහේ රජය නියෝජනය කරන්නන් විය.සිවිල් නියෝජිතයන් පවා පත්කරන ලද්දේ අග්‍රාමාත්‍යවරයා විසිනි.විපක්ෂ නායකවරයා විසින් අදාල විව්‍යස්ථාදායක සභාවට කරන ලද පත්වීම් වල දේශපාලනික ස්වභාවය පිලිබඳව අවස්ථා කිහිපයකදීම වාද විවාද ඇතිවිය.ආරම්භක අවස්ථාවේ සිටම විපක්ෂනායකවරයා මෙම සභාවට කරන ලද පත්කිරීම් සම්භන්දව විවාදාත්මක තත්වයක් විය.මේ අතර ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන බහුතරය පදනම් කර ගනිමින් විපක්ෂනායක ලෙස ඔවුන්ගේ කන්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත්කරන ලෙස ඔවුන් විසින් ඉල්ලා සිටින ලදි.නමුත් තවදුරටත් කථානායකවරයා දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා කෙරෙහි  විපක්ෂනායක වශයෙන් සිය විශ්වාසය තබා ඇත.


කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට විරැද්ධව ඒකාබද්ධ විපක්ෂය මඟින් ගෙන එන ලද විශ්වාසභංග ඡන්ද විමසුමේදී විපක්ෂනායකවරයා එයට විරැද්ධව සිය ඡන්දය භාවිතා කිරීම විරැද්ධ පක්ෂ නායකත්වයකින් බලාපොරොත්තු විමට අපහසු තත්වයකි.සත්‍ය වශයෙන්ම විරැද්ධ පක්ෂ නායකත්වය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ දුර්වලතා දැකිය යුතු වුවද විපක්ෂනායකවරයා නිරන්තරවම විරැද්ධ පක්ෂය විවේචනය කර තිබෙන බව පෙනේ.

විපක්ෂනායකවරයා පිලිබඳ මෑතදී දෙවන වරට ඇතිවූ ආන්දෝලාත්මක සිදුවීම නම් ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ඔහු විසින් ඒ පිලිබදව සිදු කරන ලද  පසු විපරම් කතාවයි.එහිදි ඔහු විසින් පවසන ලද අයුරට එ.ජා.ප, යූ.පී.එෆ්.ඒ , ශ්‍රී.ල.නි.ප ජ.වි.පෙ සහ ටී.එන්.ඒ ඡන්ද එක්ව ගතහොත් සමස්ථ ඡන්ද ප්‍රතිශතය 55.31% වන බවත් එම ප්‍රතිශතය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත් 46.19%ඡන්ද ප්‍රතිශතයට වඩා බෙහෙවින් වැඩි වන බවත්ය.මෙම ප්‍රකාශය  මගින්  ඔහු රජයේ පාර්ශවය නියෝජනය කිරීම මනාව පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි.

මෙම තත්වය මඟින් පැහැදිලි වන්නේ විව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් පත් කිරීමේදී රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය පවත්වා ගනිමින් රජයේ පාර්ශවයෙන් පමණක් නොව විරැද්ධ පාර්ශවයෙන්ද සාමාජිකයන් පත් කිරීමේ වැදගත් කමයි.පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට විව්‍යස්ථාදායක සභාවේ සාමාජිකත්ව අවස්ථාවක් නොලැබීම සැලකිය යුතු තත්වයකි.


හිටපු අග්‍ර විනිශ්ච්‍යකාරවරයා පත් කිරීමේදී එය විව්‍යස්ථාදායක සභාවෙන් සිදු කල නිර්දේශයක් නොවීම මෙහි ලා යහපාලන සංකල්ප වලට විරැද්ධව යාමක් බව පැහැදිලිය.පසුව ඔහුට විරැද්ධව චෝදනාද එල්ල විය.අනෙක් වැදගත් කරැණ නම් අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රැක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අදාල ධූරයෙන් ඉල්ලා අස්වීමය.මෙයට හේතු ලෙස දක්වා තිබුනේ එල්ලවූ දේශපාලන බලපෑම්ය.මෙවන් තත්වයන් යහපාලන සංකල්ප වලට හෝ පවතින සම්මුති රජයට හෝ කිසිදු හිතකර තත්වයක් ජනිත නොකරන බව අවධාරණය කල යුතුය.දිරාපත්වූ පදනමක සිට කඩා වැටීමට ප්‍රථමව ඒ බව අවධානයට ගෙන දුර්වල පදනම ශක්තිමත් කර ගැනීම යහපාලන සංකල්ප වල පැවැත්මට හිතකාමී වූ සියළු දෙනාගේ  දැක්මයි.මන්ද මෙවන් අඩු පාඩු කෙරෙහි එජාප ප්‍රමුඛ යහපාලන රජය අවධානය දැක්විය යුතු කාල සීමාව දැන් දැන් වේගයෙන් ගෙවී යමින් පවති.මෙම ප්‍රවාහයේ අවසානය ඉදිරියේ පැමිණෙන පළාත් සභා , මහ මැතිවරණ සහ ජනපතිවරණ කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපෑම් කල හැකිය

ඉංග්‍රීසි ජාතික පුවත්පතක් ඇසුරිනි
පරිවර්තනය

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment