Friday, April 27, 2018

රැපියල අවප්‍රමාණවීම- ආර්ථික වාසි හා අවාසි

රැපියල අවප්‍රමාණවීම- ආර්ථික වාසි හා අවාසි



(මෙම ලිපිය රැපියල අවප්‍රමාණ වීමේ වාසි අවාසි පිලිබඳව 2012 වර්ෂයේදී කරන ලද විග්‍රහයක සිංහල පරිවර්තනය බව කරැණාවෙන් සලකන්න)

 අපනයන ධාරිතාවය ඉහල නැංවීම සහ ආර්ථිකය ප්‍රවර්ධනය යන අරමුණු උදෙසා රැපියලේ අගය අවප්‍රමාණ කරන මෙන් ඉල්ලීමක් කර ඇත.මෙම ක්‍රමවේදය තුලින් රටේ ආර්ථිකයේ වර්තමාන පසුගාමී ස්වභාවය සදහා  විසඳුමක් ලෙස දළ ජාතික නිෂ්පාදනයට අයත්  අපනයන ප්‍රතිශත ධාරිතාවය ඉහල නැංවීම සාර්ථක වන බව යෝජනාවී ඇත.මේ වන විටත් දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව අපනයන ප්‍රතිශතය පැහැදිලි ලෙස අව ප්‍රමාණ වෙමින් පවතින බව පෙනීයයි.අනෙකුත් ප්‍රතිපත්ති මෙන්ම රැපියලේ අගය අව ප්‍රමාණ කිරීමේද හොඳ මෙන්ම නරක ප්‍රතිපල රැසක් ඇත.

මෙම ලිපිය මගින් රැපියල අවප්‍රමාණ කිරීමේ වාසි හා අවාසි පිලිබඳ තුලනාත්මක විශ්ලේෂනයක් සිදුකිරීමට බලාපොරොත්තුවේ.දශක ගනනාවක් තිස්සේ බොහෝමයක් ආර්ථික අර්බුදයන් සදහා ප්‍රතිකාරාත්මක ක්‍රියාවලියක් ලෙස රැපියල අවප්‍රමාණ කිරීම අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ සාම්ප්‍රදායික නියෝ මුලධර්මයන් යෝජනා කර තිබිනි.ඇත්ත වශයෙන්ම අපනයනකරැවන් අවප්‍රමාණ වූ රැපියල කෙරෙහි දැඩි කැමැත්තක් දක්වයි.මෙමගින් කෙටිකාලීනව අපනයන තරඟකාරීත්වය වර්ධනය කරනු ලබන අතර ආදායම ප්‍රවර්ධනය වේ.


ආර්ථිකව දුෂ්කර අවස්ථා වලදී ගොවීන්ට රජයේ පොහොර සහනාධාරය ලබා දෙමින් අදාල වැය පිරිවැය වෙළඳපල තුලදී ඔවුන්ගේ නිෂ්පාදන  තරඟකාරී අඩු මිලකට මිලදී ගැනීම මඟින් පියවා දැමීම රාජ්‍ය අංශයේ සාර්ථක උපාය මාර්ගයකි.අපනයනකරැවන්ද මෙහිදී බොහෝවිට රජයේ අනුග්‍රහය සිය අපනයන කටයුතු වලදී බලාපොරොත්තුවේ.

විරැද්ධ පක්ෂය (ඒ වන විට එක්සත් ජාතික පක්ෂය) ඔවුන් සාමාන්‍යයෙන් සෑම විටම දක්වන ප්‍රතිචාරය මෙහිදී දක්වා ඇත.මෙහිදී යමෙකුට මෙම ප්‍රතිපත්ති හඳුන්වා දීමේ වාසි සහගත තත්වය ලබා ගත හැකි වුවද එම ප්‍රතිපත්ති නිසා අවාසි සහගත තත්වයට මුහුණ දෙන පුද්ගලයන් සඳහා නිසි ආවරණ විව්‍යුහයක් සැලසුම් කිරීම අත්‍යාවශ්‍යය.මෙම සන්දර්භය තුල පවතින නිසි අවාසි කළමණාකරන ක්‍රමවේදය එයයි.නමුත් මෙහිදී විපක්ෂය විසින් ආර්ථිකය කෙරෙහි පවතින විශේෂිත හිතකාමීභාවය නිසා රැපියල අවප්‍රමාණ කිරීමට ඉල්ලා සිටින්නේ යයි සිතීමට වඩා එම කරැණ පදනම් කර ගනිමින් රජය අප්‍රසාදයට පත්කිරීම අරමුණු කර ඇති බව සිතීම තර්කානුකූලය.

වර්තමාන විපක්ෂය  (ඒ වන විට එක්සත් ජාතික පක්ෂය)ආණ්ඩු පක්ෂය වශයෙන් සිටි 2001-2004  කාලවකවානුව තුලදී  ඉහත පරිදි රැපියල අවප්‍රමාණ කිරීම කිසිදු විටෙක සිදු නොකරන ලදි.එම කාල වකවානුව තුල රැපියල එක්සත් ජනපද ඩොලරයෙන් 1/10 ක අගයක්වත් පහල වැටීම සිදුනොවීය.මේ නිසා මෙම තත්වය රැපියල අවප්‍රමාණ වීමක් ලෙස හැඳින්වීම දුෂ්කරය."යලි නංවමු ශ්‍රී ලංකා "ව්‍යාපෘතිය යටතේ රැපියල හෝ එය අවප්‍රමාණවීම පිලිබඳ කිසිදු සඳහනක් නොකරමින්  අපනයන සංවර්ධනයේ වැදගත්කම, අන්තර් ජාතික වෙළඳපලට පවතින ප්‍රවේශයන් විස්තාරණය කිරීම යන උපායමාර්ග ඔස්සේ 10% ක වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ලදි.ගොවීන් සදහා අදාල පොහොර සහනාධාර ප්‍රතිපත්තිය මෙහිදී යොදා ගැනීමට නොහැක්කේ මන්ද?


රජයට මේ මොහොතේදී රැපියලේ අගය අවප්‍රමාණ කිරීමේ කිසිදු බලපෑමක් නොමැති බව අනෙක් සෑම පාර්ශවයක් මෙන්ම විරැද්ධ පක්ෂයද මේ මොහොතේ හොඳින්ම දනී.නමුත් රජයේ ප්‍රධාන අවධානය මේ මොහොතේ යොමුවී ඇත්තේ වර්ධන වේගය වෙතයි.මෑතක් වන තෙක්ම ශ්‍රී ලංකාව  හිතකර සහ නියත ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන පැමිණ තිබේ.වර්ෂ 2005 දී එක්සත් ජනපද ඩොලර් 1000 ක් වූ ඒක පුද්ගල ආදායම වර්ෂ2010 වන විට දෙගුණයක් වෙමින් එක්සත් ජනපද ඩොලර් 2400 ක් බවට පත්විය.ශ්‍රී ලංකාව නිදහසින් පසු ලැබු ඉහලම ආර්ථික වර්ධන වේගය ලෙස මෙය හඳුන්වා දිය හැකිය.වර්ෂ 2016 වන විට අපේක්ෂිත ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 4000 ක් විය.මෙම ඉලක්කයට පැමිණීමට අපේක්ෂා කලද රාජපක්ෂ පාලනය බිඳවැටීමත් ඔවුන් විසින ලෝක බංකුව සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙන්ම චීනයෙන්ද  ලබාගෙන තිබු සුවිශාල ණය මුදල් සදහා ණය පොලී වාරික ගෙවීමට යාමෙන්ම මෙම අපේක්ෂිත ඒක පුද්ගල ආදායම මෙන්ම ආර්ථික වර්ධනයද මේ වන විට පහත් මට්ටමකට පත්වී ඇත.

සත්‍ය වශයෙන්ම රාජපක්ෂ රජය මෙවන් සාර්ථක ආර්ථික වර්ධන වේගයක් මෙන්ම ඉහල ඒක පුද්ගල ආදායමක්ද පෙන්වනු ලැබුවේ වාරික වශයෙන් පසු කාලීනව ගෙවීමට ගිවිසුම් ගත ලෙස ලබාගත් සුවිශාල ණය ප්‍රමාණයෙන්ය.එම ණය මුදල් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොමිස් සහ නාස්තිය යටතේ සංවර්ධන ක්‍රියාදාමයෙන් බැහැරට ගලාගෙන ගොස් ඇතත් වර්තමානයේ එ් මුදල් සදහාද මහජනතාව විශාල ණය වාරිකයක් (රැපියල් කෝටි 900 -2018)ගෙවීමට සිදුවී ඇත.

රැපියල අවප්‍රමාණ කිරීමෙන් කල හැක්කේ මොනවාද?

ප්‍රථමයෙන් වචන වල අර්ථය මදක් විග්‍රහ කර ගැනීම යෝග්‍යය.විනිමය අනුපාතිකය අවප්‍රමාණ කිරීම සහ පහත වැටීම එකිනෙකට වෙනස් සංසිද්ධි ද්විත්වයක අර්ථ දැක්වීම්ය.නියත විනිමය අනුපාතික සීමාවන් තුල රටක මුදල් ඒකකයේ වටිනාකම නිල වශයෙන් පහත හෙලීම විනිමය අනුපාතිකය අවප්‍රමාණ (devaluation)කිරීම ලෙස හඳුන්වයි.මෙහිදී එම රටේ මූල්‍ය පරිපාලන අධිකාරිය විසින් සාම්ප්‍රදායිකව නව විනිමය අනුපාතික අගයන් මූල්‍ය ඒකකයට ස්ථාපනය කරනු ලැබේ.මෙයට සාපේක්ෂව විනිමය අනුපාතිකය පහත වැටීම (depreciation)යනු  පාවෙන විනිමය අනුපාතික පද්ධතියක් තුල විනිමය ඒකකයේ  පහත වැටීම හෙවත් කඩා වැටීමයි.මෙම පද්ධතිය යටතේ මහ බැංකුව විසින් මිලදී ගන්නා හෝ විකුණනු ලබන විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලරය වැනි මූල්‍ය ඒකකයන්හි  අනුපාතිකය ඉහල හෝ පහළ දමනු ලැබේ.

පෙර පැවති ස්ථායී විනිමය අනුපාතික පද්ධතිය තුල අවස්ථා දෙකකදී රැපියල අවප්‍රමාණ විය .මෙයින් පලමු අවස්ථාව වූවේ 1965 ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ පාලන සමයේදීය.මෙහිදී විරැද්ධ පක්ෂයේ ක්ෂණික සටන් පාඨය වුවේ "රැපියල බාල්දු කරනවා"යන්නයි.දෙවන අවස්ථාවෙිදී රැපියලේ අගය අවප්‍රමාණ වූවේ  විවෘත ආර්ථික පද්ධතිය හඳුන්වා දුන් 1977 තේරි පත්වු ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේදීයි.මෙහිදී නාමික සහ සත්‍ය විනිමය හුවමාරැ අනුපාතිකන් අතර සුවිශාල පරතරය පියවීමට කිසිදු විකල්පයක් සොයා ගැනීම අසීරැ විය.



මෙයට සාපේක්ෂව ඉන්දීය රැපියල අවප්‍රමාණ වීමේ අවස්ථවන් ද මෙයට සමාන විය.ඉන්දීය රැපියල මුල්වරට අවප්‍රමාණ වූවේ 1966 වර්ෂයේය.1950 වර්ෂයේ සිටම වර්ධනය වු වෙළඳ හිඟය නිසා විදේශ ණය ලබා ගත නොහැකි තත්වයක් ඇතිවීම නිසා මෙම තත්වය ඇතිවිය.1965 දී ඇතිවු ඉන්දු පාකිස්ථානු යුද්ධය සඳහා අදාලවූ ඉඑල ආරක්ෂක වියදම් ප්‍රමාණයද මෙම තත්වය තවත් දරැණු අතට හැරවීමට හේතුවිය.පාකිස්ථානයට වඩා සමීප වූ ඉන්දීය විදේශ ආර්ථික සම්භන්දතා බොහෝමයක් මෙම යුද්ධයේදී ඉන්දියාවට අහිමි විය.රට පුරා එම සමයේ පැවති දරැණු නියඟය මෙම මූල්‍ය අවප්‍රමාණ කිරීමට ප්‍රධානතම හේතුවක් විය.1991 වර්ෂයේදී මෙම මූල්‍ය අවප්‍රමාණ වීම සිදුකරන ලද්දේ ගෙවීම් ශේෂය(balance of payment) මත පදනම්වු කරැණු නිසාය.මෙහිදී විනිමය හුවමාරැ සංචිත සිඳීයාම සිදුවූවේ ඉන්දියාවට මාස 03කට පමණක් ප්‍රමාණවත් ආනයන කිරීමට හැකිවන සේය.එවකට නරසිංහ රාඔි රජයේ හිටපු මුදල් අමාත්‍යවරයා වූ  මනමෝහන් සිං මහතා එම අවස්ථාවේ ඉන්දීය රැපියල අවප්‍රමාණ කිරීමට වඩා වෙනත් සාර්ථක විකල්පයක් නොදකින ලදි.මෙම අවප්‍රමාණ කිරීම් කිසිවක් සැලසුම් කරන ලද ඒවා නොවේ.ඒවා අවස්ථාවට අනුකූලව තෝරා ගන්නා ලද විසඳුමිය.මෙහි අරමුණ වුවේද අපනයන ඉහල නැංවීමට වඩා ආර්ථිකය පත්ව තිබූ ආතතිය ලිහිල් කිරීමයි.සාමාන්‍ය තත්වයක් යටතේ එලෙස ආර්ථික පීඩනය ලිහිල් වීමක් සිදු වන්නේ නැත.

ඇතැම් ආර්ථික විශේෂඥයන් සදහන් කරන ආකාරයට රැපියලේ අගය පහල වැටීම ආර්ථික පද්ධතිය තුල තරඟකාරී ස්වභාවය වැඩිවීමට කෙටිකාලීනව  හේතුවන බව පෙනී යයි.මූලික ආර්ථික සිද්ධාන්ත අනුව එයට පූර්ණ ලෙස අපට එකඟ විය හැකිය.මෙම හේතුව නිසාම චීන යුවාන් ඒකකය එක්සත් ජනපද ඩොලරය සමඟ සම්භන්ද කිරීම සිදු කරනු ලබයි.

ගැටළුව වන්නේ වන්නේ විනිමය අනුපාතිකය අවප්‍රමාණ කිරීම සමඟ බැඳී පවතින අවාසිදායක තත්වයන් රැසක්ම තිබීමයි.මෙයට වඩා හොඳම උදාහරණය වන්නේ විනිමය අනුපාතිකය අවප්‍රමාණ කිරීමෙිදී  විදේශ මුල්‍ය ඒකක වලින් ලබා ගන්නා ණය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහල යාමයි.මෙහි ප්‍රතිපලය වන්නේ ණය වලින් බරිත ජාතියක් ඇතිවීමයි.මේ නිසා ප්‍රශ්නය වන්නේ මූල්‍ය අනුපාතිකය අවප්‍රමාණ කිරීමේදී අපනයන වැඩිවීමට වඩා ඒ වෙනවෙන් දරන්නට වන අවාසි සහගත තත්වයයි.



මෙම තත්වය පැහැදිලි කිරීම සඳහා එක් සරල උදාහරණයක් යොදා ගනිමු.මිල රැ 200 වන කිසියම් පාරිභෝගික භාන්ඩයක්  රැපියල් 210ට අලෙවි කිරීමේදී තරමක් විකිණුම අඩු වන අතර එම භාන්ඩයම රැපියල් 250ට අලෙවි කිරීමේදී එහි විකුණුම අවම අගයක් ගනී.නමුත් රැපියල් 200 භාන්ඩයට ඉහල ඉල්ලුමක් පවතී.මෙි නිසා අඩු ලාභයක් තබා විකිණීමේදී ඉහල ඉල්ලුමක් ලැබේ.නමුත් එක් භාන්ඩයක් රැපියල් 100ට අළෙවි කල හැකි බව මින් ප්‍රකාශ නොකෙරේ.එය නිෂ්පාදන මිලට වඩා අඩු අගයක් ගන්නා බැවින් වැඩිපුර විකිණීමේදී වැඩිපුර පාඩු සිදුවේ.

රැපියල අවප්‍රමාණ වීම මගින් අපනයන ධාරිතාවය ඉහල යන බවට පසුගිය ප්‍රායෝගික සාක්ෂි තිබේද?වර්ෂ 1990 දී රැපියලේ අගය එක්සත් ජනපද ඩොලර් 40 ක් වුවද වර්ෂ  2010 දී එය එක්සත් ජනපද ඩොලර් 115 ක් වීමේදී  රටේ අපනයන ගෙවුම් ශේෂය වැඩිවී ඇත්ද? නොමැත.

පෙර අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය න් අවප්‍රමාණ කිරීම් අසාර්ථක වූවේ මන්ද යන ගැටළුවට විවිධ හේතු පවතී.

1. සමහර අපනයන භාන්ඩ සඳහා දේශීය වටිනාකම යෙදවෙන්නේ  නිෂ්පාදන ශ්‍රමය සදහායි.විදේශයෙන් අමුද්‍රව්‍ය මෙහි ගෙන්වන විට  එම අමුද්‍රව්‍ය මිල ඉහල යාමේදී රැපියලේ අගය අවප්‍රමාණ වීම මඟින්  තරඟකාරී ලෙස ලාභ ලැබීමට ඇත්තේ මද සහයකි.

2. අපගේ සමහර අපනයන භාන්ඩවල ඉල්ලුමට අනුකූල වන පරිදි මිළ නම්‍යශීලීතාවය ඉතා අඩුය.අපට ඉතා හොඳ විදේශීය වෙළඳපලක් ඇති කුරැඳු සහ දියුණු රටවලට අපනයනය කරන නිමි ඇඳුම් මෙවන් නිෂ්පාදන ද්විත්වයකි.මෙම නිෂ්පාදන වල අළෙවිය කෙරෙහි මිල පරාසය බලපාන්නේ ඉතා අඩුවෙනි



රැපියල අවප්‍රමාණ කිරීමේ වාසි සහගත තත්වයන් ලෙසට අය වැය පරතරය විශාල ලෙස අඩුවීම ,විචක්ෂණ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන්  සහ ස්ථාවර වැටුප් තල පවත්වා ගැනීම යන කරැණු දැක්විය හැකිය.මෙම වාසිදායක තත්වයන් උපකල්පනය කිරීම මගින් සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද ආර්ථිකයන් කඩාවැටුන අවස්ථා එමටය.

1. රැපියල අවප්‍රමාණ වීම මඟින්  ජීවන වියදම ඉතා සීඝ්‍රයෙන් ඉහල නගී.ආහාර , ඉන්දන සහ අනෙකුත් ආනයන භාන්ඩ වල මිල සීඝ්‍රයෙන් ඉහල යාම  රැපියල අවප්‍රමාණ කිරීම මඟින් සිදුවේ.මෙම තත්වය ජනතාවගේ මුළුතැන්ගෙට පමණක් නොව  දේශීය කර්මාන්ත වලටද බලපායි.දේශීය මෙන්ම අපනයන වෙළඳපළේ භාන්ඩ හා සේවා නිෂ්පාදකයන්ගේ ක්‍රියාකාරීත්වයට  මෙන්ම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වයටද මෙම පසුබිම අහිතකරව බලපායි.මෙය ශ්‍රම පිරිවැය වැඩිවීමට හේතුවේ.

2. පාරිභෝගික භාන්ඩ මිළ , ජීවන වියදම සහ  උද්ධමනය යන අංශ ත්‍රිත්වයම මෙම සන්දර්භය මත වැඩිවී සිදුවේ.ආර්ථික විද්‍යාඥයන් පවසන පරිදි උද්ධමන- විනිමය අනුපාතික අවප්‍රමාණ සර්පිලය (inflation- devalution spiral) ලෙස  මෙය හඳුන්වයි.වැටුප් සහ පිරිවැය එකිනෙක පසුපස හඹාගෙන යාමේ චක්‍රය මගින් කර්මාන්ත මත ප්‍රතිවිරැද්ධ බලපෑමක් ඇති කරයි.

අපනයනකරැවන් සහ සාම්ප්‍රදායක නියෝ ආර්ථික විශේෂඥයින් මෙහිදී පොහොර සහනාධාර බලාපොරොත්තු වන වියලි කලාපයීය ගොවීන් ගේ තත්වයෙන් ඔබ්බට පැමිණ කටයුතු කල යුතු බව පෙනේ.නිෂ්පාදන තත්වය සහ නිෂ්පාදන විවිධාංගීකරණය වර්ධනය නොකර විනිමය අනුපාතිකය අවප්‍රමාණ කිරීම අපනයනකරැවන්ට දීර්ඝ කාලීනව  ප්‍රයෝජනවත් නොවන බව අවධාරණය කල යුතුය.එසේ වුවද එය මීලඟ මැතිවරණයේදී විරැද්ධ පක්ෂයට පමණක් ප්‍රයෝජනවත් වේ.



ටයිම්ස් ඇසුරෙන් ...

පරිවර්තණය

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment