Thursday, April 19, 2018

යහපාලනය ප්‍රතිසංවිධානය තුලින් ඉදිරි මැතිවරණ ජයගැනීම

යහපාලනය ප්‍රතිසංවිධානය තුලින් ඉදිරි මැතිවරණ ජයගැනීම



ලෝක බැංකුව විසින්   ගෝලීය දේශපාලනයේදී රාජ්‍ය පාලන දර්ශකයන් ලෙස දක්වා ඇත්තේ දේශපාලනමය ස්ථාවරභාවය, වගවියයුතු ස්වභාවය, ප්‍රචන්ඩක්‍රියා වලින් තොරවීම, රජයේ කාර්යක්ෂම ස්වභාවය, රාජ්‍ය තන්ත්‍රය යාමණය කිරීමේ ස්වභාවය, නීතියේ ආධිපත්‍ය සහ දූෂණ , වංචා පාලනය කිරීම  යන සාධකයන්ය.ඉහත දර්ශකයන් බරපතල ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුලදී උල්ලංඝනය වීමට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස 2005 ජනවාරි 08 වන දින මෛත්‍රීපාල සිරිසේන මහතා බහුතර ජන බලයෙන් වර්තමාන ජනාධිපති ධූරයට පත් කරන ලදි.

පසුගිය මහින්ද රාජපක්ෂ  පාලනය සමය තුල ඉතා පුළුල් වශයෙන් ක්‍රියාත්මක වූ ඥාති සංග්‍රහය(nepotism), යහළු මිත්‍රයන්ට වරප්‍රසාද ලබා දීම(cronyism), මූල්‍ය ගණු දෙනු වංචා සිදුකිරීම සහ රාජ්‍ය තාන්ත්‍රීය පාලනය පවුල් සංස්ථාව පදනම් කොට ක්‍රියාත්මක කිරීම යන කරැණු මත පදනම් වෙමින්  විශාල පොදු මහජන ධනස්කන්දයක් එම රජයේ විවිධ දේශපාලඥයන්ගේ පුද්ගලික ගිණුම් වලට මාරැකර ඇති බව අනාවරණය වේ. පසුව පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහනය කල එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පසුගිය රාජපක්ෂ රජයේ දූෂණ හා වංචා විමර්ෂණයට ප්‍රමුඛ අවධානයක් යොදවන ලදි.නිසැකවම රාජපක්ෂ පාලන සමය තුලදී රාජ්‍ය ධනය සුවිශාලව මහා පරිමානයෙන්  නාස්ති කිරීමට මෙන්ම සොරකම් කිරීමට ලක්කර තිබේ.


මේ අතර ගොනු කරන ලද සමහර චෝදනා අතිශෝක්ති සහගත විය.කොලඹ නගර සංවර්ධන පර්යන්ත මහා මාර්ග ඉදි කිරීමේදී චීන සමාගමක් විසින් අදාල ව්‍යාපෘති වියදමින් රැපියල් බිලියන 30 ක මුදලක්  රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයෙකුට කොමිෂන් ලෙස ලබාදුන්නේ යැයි එල්ලවූ චෝදනාව පසුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

යහපාලන රජයෙන් මහජනතාවට ලබා දුන් පොරොන්දුව වූවේ රාජ්‍ය අංශයේ වගකිවයුතු  තනතුරැ සඳහා පුද්ගලයන් පත්කිරීමේදී සහ එහි ප්‍රධාන කටයුතු සිදුකිරීමේදී එක්තරා සාරධර්මීය රාමුවකට අනුගත වෙමින් එම කටයුතු සිදු  කරන බවයි.රටේ මුල්‍ය සහ ආර්ථික කටයුතු වල යහපැවැත්ම   සඳහා  උසස් තනතුරැ වලට පුද්ගලයන් පත්කිරීමේදී  සුවිශේෂ අවධානයක් දැක්විය යුතුවිය.ශ්‍රි ලංකාව තුල වෘත්තීය  කුසලතා සහ අද්දැකීම් බහුල වෘත්තිකයන් අවශ්‍ය තරම් සිටියද අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද පත්කිරීම් වලට අදාල සමහර පුද්ගලයන්ගේ පාරදුෂ්‍යභාවය සම්භන්ද   මූල්‍යමය සහ නෛතික ගැටළු තිබිනි.මෙම තත්වය  යහපාලන රජයේ දූෂණ විරෝධී සහ ක්‍රමික පාරදුෂ්‍යභාවය සම්භන්ද වත්මන් ගැටළු රැසකට හේතු සාධක වී තිබේ.

රාජරත්නම් නම් අප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 03ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය පාලන පනත සහ මහබැංකු  විධිවිධාන උල්ලංඝනය කරමින් ලංකාවට ගෙන ඒමට පහසුකම් සැපයීම සඳහා සම්භන්ද පසුගිය රජයන් කිහිපයකම හිටපු  ඇමතිවරයෙකුට වගකිව යුතු තනතුරක් ලබාදීම ඉහත යහපාලන රජයේ  මූලධර්ම ප්‍රබල ලෙස  උල්ලංඝනය වීමට හේතුවී තිබේ.මෙම ව්‍යාපාරිකයා එක්සත් ජනපදයෙහි වෝල් වීදියේ ඉතිහාසය තුල විශාලතම වෙළඳ වංචාවකට සම්භන්දව වසර 11ක්  එහි සිරගතව  සිටි පුද්ගලයෙකි.


2015 ජනවාරි 25 දින ඉහත ඇමතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  නියෝග කරනු ලැබුවද ඒ වන විටත් එදිනටම නියම වී තිබූ පාර්ලිමේන්තු අය- වැය විවාදය හේතු කර ගනිමින් අදාල අධිකරණ ක්‍රියාමාර්ගය කල් දැමුන මුත් එය කිසි දිනෙක යලි ක්‍රියාත්මක නොවීය.

විදේශිකයෙකු වූ හිටපු මහබැංකු ප්‍රධානියෙකු සඳහා ශ්‍රී ලංකාවේ  අදාල තනතුර භාරගැනීමට පැය 24ක් ඇතුලත ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලදි.ඉහත පුද්ගලයා මුලින් සඳහන් කල රාජරත්නම් නම් ව්‍යාපාරිකයාගේ  මිතුරෙකුද වන බව සඳහන් වේ.කෙසේවුවද මෙම පුද්ගලයාට මහබැංකු අධිපති තනතුර ලබාදී ඇත්තේ මිත්‍ර සංග්‍රහක් ලෙසද යන්න ප්‍රබල ගැටළුවක් බවට පත්ව ඇත.

වසර 30ක් ඇතුලත මහාභාන්ඩාගාර බැඳුම්කර අනුපාතිකය 9.5% සිට 12.5% දක්වා එක්වරම ඉහල නැඟීම සිදුවූවේ එය පෙර වතාවේදී අනුමත කල  රැපියල් බිලියන එකක ලංසු වෙනුවට රැපියල් බිලියන 10 ක ලංසු අනුමත කිරීමෙනි.කෙසේවුවත් අවසානයේදි හිටපු මහබැකු අධිපතිවරයා තනතුරෙන් ඉවත්ව රට හැර ගි යද අදා ල ආර්ථික සමාජමය පාඩුව මෙන්ම එයින් යහපාලන මූලධර්ම වලට සිදුවූ කැළල මකා දැමිය හැකිද?

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ  මහා පරිමාන ණය ගැනීම් මෙන්ම වංචා, දූෂණ, කොමිස් ලබාගැනීම් නිසා මෙම වර්ෂය තුල රැපියල් කෝටි 824ක පමණ  සුවිශාල ණය පොලී වාරිකයක්  ගෙවීමට වර්තමාන යහපාලන  රජයට සිදුවී ඇත.මෙම වාතාවරණය යටතේ පසුගිය රජයෙන් දියත් කරන ලද යටිතල පහසුකම් සංවර්ධන හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සමහරක් සීමාකිරීමට හෝ නවතා දැමීමට සිදුව ඇත.මෙම තත්වය මඟින්  රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ සමාජ සන්දර්භයට එක්තරා බලපෑමක් ඇතිවිය හැකිය.


පසුගිය පාලන සමයේදී විශාල වශයෙන් උල්ලංඝනය වූ මානව හිමිකම් සහ  අනෙකුත් හිමිකම් මෙන්ම ජනවාර්ගික සංහිදියාව මේ වන විටත් ඉහල මට්ටමේ ප්‍රගතියක්  අත්කරගෙන ඇති බව පැහැදිලිය.පසුගිය මස මහනුවර කේන්ද්‍ර කොට ගනිමින් සිදුවූ මුස්ලිම්- සිංහල ගැටුම් ඉහත තත්වයේ එක්තරා අර්බුදකාරී අවස්ථාවක් වුවද එහි සම්භවය සිංහල අන්තවාදී කන්ඩායම් සහ දේශපාලන වාසි බලාපොරොත්තු වන නව  දේශපාලන පක්ෂයක පිරිසක් බව  සාක්ෂි සහිතව අනාවරණය විය.

යහපාලන රාජ්‍ය පාලන සමය තුල විදේශ සම්භන්දතා වල පැහැදිලි ප්‍රගමනයක් දක්නට ඇත.පසුගිය පාලන සමයේ අනුගමනය කරන ලද අසමතුලිත විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඉන්දියාව-චීනය-එක්සත් ජනපදය-රැසියාව සමඟ ඉතා සමබර විදේශ ද්වි පාර්ශවික සම්භන්දතා වර්ධනය කර ගෙන තිබේ.එමෙන්ම දකුණු  කොරියාව, ජපානය, බටහිර ආසියානු රටවල් සහ යුරෝපීය සංගමය සමඟ පළුදු වූ සම්භන්දතා තර කරගනිමින් සිටියි.මෙහි ප්‍රතිපලයක් ලෙස යුරෝපීය  සංගමය මඟින් පසුගිය කාලවලදී ලබාදුන් බදු සහන හා  විශාල ආයෝජන අවස්ථා  එක්සත් ජාතික පක්ෂය ඇතුළු යහපාලන රජයේ විශාල ජයග්‍රහනයකි.


එක්තරා අඩුපාඩු සහිතව වුවද පසුගිය රාජපක්ෂ පාලන සමයට සාපේක්ෂව ජනතාවාදී ලෙසින් සහ දූෂණ වංචා අවප්‍රමාණ ලෙසින් වර්තමාන යහපාලන රජය මෙි වන විට ක්‍රියාත්මක වන බව තර්කානුකූලව විමර්ෂණයේදී පෙනීයයි.එමෙන්ම මානව හිමිකම් සහ සංහිදියාව යන කරැණු අතින් පසුගිය රාජපක්ෂ  පාලන සමයට වඩා යහපාලන රාජ්‍ය තන්ත්‍රය ප්‍රසංශනීය ලෙස ඉදිරියෙන් සිටියි.විදේශ සම්භන්දතාවල දූරදර්ශී සහ නවමු ප්‍රගමනයක් මේ වන විටත්  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය විසින්  පෙන්නුම් කර තිබේ.


Hufpohst ඇසුරෙන් සිංහලට පරිවර්තනය කලේ

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment