Sunday, April 22, 2018

ශ්‍රී ලාංකීය වර්තමාන දේශපාලන අර්බුදය තුල යහපාලනය ප්‍රතිසංස්කරණය කල හැක්කේ කෙසේද?

ශ්‍රී ලාංකීය වත්මන් දේශපාලන අර්බුදය තුල  යහපාලනය  ප්‍රතිසංස්කරණය කල හැක්කේ කෙසේද?


වර්තමානයේ ශ්‍රී ලංකාව තුන්කොන් දේශපාලන අර්බුදකාරී තත්වයකට පිවිසෙමින් පවතී.මින් පලමු වැන්න පරිපාලන මට්ටමින් විධායකය සහ ව්‍යවස්ථාදායකය එක් දේශපාලන කන්ඩායමක් සතු වීමත් විමධ්‍යගත බලය තවත් දේශපාලන කන්ඩායමක් සතුවීමත් යන කරැණයි.දෙවැන්න ආණ්ඩුව තුල පවතින අර්බුදකාරී වාතාවරණයයි.තෙවැන්න  පරිවර්තනීය පුළුල් දේශපාලන ප්‍රවාහයක් වර්තමාන දේශපාලන ආකෘතිය ආක්‍රමණය කරමින් තිබීමයි.

පලමු වැන්න ලෙස යහපාලන රජය සම්මුතිවාදී ප්‍රවාහයක් තුල ඉදිරියට යාමේදී දක්වන දුබලතාවය හෝ නොහැකියාව කැපීපෙනේ.යහපාලන රජයේ මූලික අරමුණු වූ ව්‍යවස්ථාව විකරණය කිරීමෙන් දේශපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම, දූෂණයෙන් තොර රජයක් ඇතිකිරීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් බලගැන්වීම මඟින් ජනවාර්ගික ඒකාබද්ධතාවය සහ සංහිදියාව තහවුරැ කිරීම යන අරමුණු සාක්ෂාත් කිරීම
 මේ වන විටත් අර්බුදකාරී තත්වයක පවතී.


කෙටිකාලීන හා සුළු ඉලක්කයන්  සපුරාලීම මත සෑහීමකට පත්වීමට යහපාලන රජය උත්සහ කරමින් සිටියදී , එහි බහුතර ජනප්‍රියතාවයේ පදනම දිගින් දිගටම සෝදාපාළුවට ලක්වෙමින් පවතින බව පෙනීයයි.මෙි නිසා එහි බහුතර ඡන්ද පදනම රැක ගැනීමේ හා වර්ධනය කිරීමේ උපායමාර්ගික සැලසුමක් එය ගොඩනැංවීමට මුල්වූ කිසිදු නායකත්වයකට නොමැති බව අවධානයට ලක්වේ.හීනවෙමින් පවතින ජනප්‍රියභාවය සහ ඡන්ද පදනම වේගයෙන් බිඳවැටෙමින් පවතින වාතාවරණයක් යටතේ සිරිසේන-වික්‍රමසිංහ රජය ඉදිරියේදී පැවැත්වීමට නියමිත  පළාත් සභා , පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ කෙරෙහි මීට වඩා දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය දකිමු.

ද්වීතිය මට්ටමේදී ඉස්මතු වන අර්බුදයන් ආංශීයව විවිධ මට්ටම් වලින් පැන නැඟී ඇත.දෛනිකව ප්‍රාදේශීය සභාවල පරිපාලන ගැටළු ඉස්මතුවීම මෙහි වඩාත් කැපීපෙනෙන තත්වයකි.වසංගත රෝග තත්වයන් උත්සන්න වෙමින් පවතින වාතාවරණයක් තුල නාගරික කැලිකසල ගැටළුවට සාර්ථක පිලිතුරක් ලබාදීමට නොහැකිවීම සහ රජයේ වැදගත් සමහර සේවාවන් පවත්වාගෙන යාමට මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවන් අසමත්වීම මෙහි ලා ප්‍රධාන තැනක් ගනී.බොහෝවිට මධ්‍යම රජයේ දර්ශනය පළාත්සභා සහ ප්‍රාදේශීය සභා වලින් නොසකා හැරීම මෙහිලා ලඝුකොට නොසැලකිය යුතුය.ප්‍රාදේශීය සභා සහ පළාත්සභා වෙනත් දේශපාලන හස්තයක බහුතර බලය යටතේ පැවතීමත් ඒ හරහා මධ්‍යම රජය අපකීර්තියට පත්වන ආකාරයේ කුමන්ත්‍රණ දියත් කිරීමත් පසුගිය ඒකාධිපති පවුල් පාලන රාජ්‍යතන්ත්‍රය තුලින් දියත්වූ කූට උපක්‍රමයන්ය.


ප්‍රජාතාන්ත්‍රික රජයකින් ජනතාව බලාපොරොත්තු වන ඉතා වැදගත් අරමුණක් යහපාලන රජය මඟින් ජනතාවට ඉටුවී නොමැති බව පෙනීයයි.සංවාධාත්මක, විවාදාත්මක, ගිවිසුම් සහගත ප්‍රවේශයන් ඔස්සේ විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරනු ලබන තරඟකාරී ඉල්ලීම් නිසි කළමණාකරනය හෝ ඒවාට විසඳුම් ලබාදීමට යහපාලන රජය දැරෑ උත්සහයන්  උපායමාර්ගිකව සාර්ථක තලයකට පැමිණ නොමැත.සයිටම් ගැටළුවේදී යහපාලන රජය විසින් ලබාදෙන ලද විසඳුම එම ගැටළුව  නියෝජනය කරන සියළු සමාජ ස්ථර වලට වගකීම් සහ අවස්ථාවන් සාධාරණව ලබාදුන් බවක් නොපෙනේ.පසුගිය රාජපක්ෂ පාලන සමය විසින් නිදහස් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් කල මෙම සංකල්පය , පෞද්ගලික අධ්‍යාපන විව්‍යසායකයන් සඳහා රාජපක්ෂ රජයේ පැවති පූර්ණ පක්ෂපාතීත්වය පෙන්වූ ප්‍රතිමූර්තියක් බඳුය.නිදහස් අධ්‍යාපනය සඳහා පූර්ණ අභියෝගයක් ලෙසත් අධ්‍යාපනය වානිජ්‍යකරණයේ සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමක් ලෙසත් මෙම වෛද්‍යවිද්‍යාලය එම රජයෙන් අරඹන ලදි.

ප්‍රතිපත්ති නවීකරණය(policy innovation) සහ නිර්මාණාත්මක කළමනාකරණය(creative compromise)තුලින් ඉහත සයිටම් ගැටළුව නිරාකරණයේදී  යහපාලන රජය විසින් තුල්‍ය විසඳුමක් තුලින් සමාජය වෙත ඉටුවි යුතු මූලික කාර්රයභාරය මේ දක්වා  සාර්ථකව ඉටුවී නොමැත.අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී, නෛතික  රාමුව තුල වූ එක්තරා සාමකාමී පොදු වේදිකාවක් වෙත මේ වන විට සයිටම් විසඳුම යහපාලන රජය විසින් ප්‍රවේශ කර තිබේ .කෙසේ වුවද යහපාලන රජය සිත්හි තබාගත යුතු වැදගත්ම කරැණ නම්  ප්‍රමාදය නිසා සමාජ අර්බුද  තීව්රවීම සිදුවන්නේ නම් ඒ නිසා ඇතිවන ප්‍රචන්ඩ සමාජ ප්‍රවාහය සමාජ දේශපාලන පදනම අසමතුලිත කරන බවය.

මෙම තුන්කොන් අර්බුදය නිසා ඇතිවන සෘනාත්මක දේශපාලන බලපෑම් අවම කර ගත හැක්කේ කෙසේදැයි විමසා බලමු.කිසියම් ප්‍රතිකාරාත්මක ක්‍රියාවලියකින් වර්තමාන සෘනාත්මක ප්‍රවාහය ආපසු හැරවීමට හැකිවේද?ඒ සඳහා සිරිසේන-වික්‍රමසිංහ රජයට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පවතින කාලය ප්‍රමාණවත්ද?විමසා බලමු.


මෙම අර්බුදකාරී වාතාවරණය සමනය කල හැකි සේම එහි සෘනාත්මක ප්‍රතිපල අවම කල හැකි තත්වයක් ප්‍රමාද වී හෝ තවත් පවතින බව කිව යුතුය.ක්ෂණිකව වෙනස් වෙමින් පවතින වත්මන් සමාජ ප්‍රවාහය හමුවේ යහපාලන රජයේ ප්‍රාථමික කාර්රයභාරයන්  වන කාර්යක්ෂම පරිපාලනමය හා කළමණාකාරීත්ව අරමුණ උදෙසා අභ්‍යන්තර ඝට්ටනකාරී විව්‍යුහයේ සිට  ක්‍රියාශීලී,  එකමුතු දේශපාලනික යාන්ත්‍රණයක් බවට ඉක්මනින්ම පරිනාමයවීම  අත්‍යාවශ්‍ය කටයුත්තකි.බොහෝමයක් අමාත්‍යාංශ වල පසුගාමී තත්වය තවදුරටත් යහපාලන රජයේ පරිපාලනික මන්දගාමී ස්වභාවය හැකි ඉක්මනින් වෙනස් විය යුතු බව පවසන සාධකයකි.

මෙම තත්වය නිවරදි මාවතකට ප්‍රවේශ කිරීමට පවතින වාතාවරණය මත ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබේද? රාජ්‍ය තන්ත්‍රය පවත්වා ගැනීමේ න්‍යාය පත්‍රය සම්භන්දයෙන් යහපාලන රජයේ එක් පාර්ශවකරැවෙකු වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මත අධික වගකීමක් සහ පරාදීනත්වයක් නොපැවරීම යහපාලන රජය කල යුතුව තිබිනි.මෙහිදී අතිගරැ ජනාධිපතිතුමන් සහ ගරැ අග්‍රාමාත්‍යතුමන් යහපාලන රජයේ  ස්ථායීතාවය සහ පැවැත්ම සම්භන්දයෙන් කරට-කර තුල්‍යතාවයක් පවත්වා ගැනීම අතිශය වැදගත් කරැණකි.එමෙන්ම පාලන සන්ධානයේ ඒකාබද්ධතාවය සහ සමායෝජනය වඩාත් පුළුල් ලෙස ප්‍රසාරණය කල හැකි නම් එය අවාසනාවන්ත ලෙස අකර්මන්‍යවීම වළක්වා ගතහැකිය.කාළනුරෑපී හා ප්‍රායෝගික සම්මුති රජයක් ලෙස ක්‍රියාත්මක වීමෙන්  නාමික මට්ටමින් පමණක්  රජයක් ස්ථායී වන බව ලෝක දේශපාලනයේ අනේකවිද උදාහරණ මඟින් පහදාදිය හැකිය.නමුත් කාළානුරෑපී හා ප්‍රායෝගික සම්මුති රජයක් දේශපාලනික මට්ටමෙන් ස්ථායී හා කාර්යක්ෂම වීමට නම් ජනාධිපතිවරයා සම්පූර්ණ බලසහිත විධායක ජනාධිපතිවරයෙක් වීම අත්‍යාවශ්‍ය සාධකයක් බව පසුගිය රාජපක්ෂ පාලන සමය පෙන්වාදේ.


මෙහිදී ඔහුට අවස්ථනුරෑපී හා ප්‍රායෝගික පදනම මත  සම්මුති රජයේ ස්ථායීතාවය හා දේශපාලනික ක්‍රියාකාරීත්වය ඉහල නැංවිය හැකිය.

මෙම  සංකල්පයන් කිසිවක් නව අදහස්  නොවේ.යහපාලන රජය පිහිටවූ මුල්ම මාසය ඇතුලතදීම  සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙයට සමාන යෝජනා රැසක් ගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටද ගරැ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ඉදිරිපත් කරන ලදි.සෘජු හා වක්‍රාකාර යන දෙආකාරයෙන්ම යහපාලන රජය අක්‍රීය වියහැකි ප්‍රතිපත්තීන් පිලිබඳව අනතුරැ අඟවා තිබිනි.දේශපාලනමය මඩගොහොරැවක   පල්වෙමින් පැවති ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භය නවමු ප්‍රජාතාන්ත්‍රීය ප්‍රවේශයකට යොමු කිරීමේ නව රජයක් පිහිටුවීමේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් අතර අතිපූජ්‍ය  මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිනි.නමුත් ඒ වන විටත් අභිනවයෙන් තේරී පත්වී සිටි  ජාතික නායකත්වයන් උන් වහන්සේගේ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මඟපෙන්වීම් කෙරෙහි කාලය හෝ අනුකූලතාවය මිඩංගු නොකල බැව් ඇතැමුන් චෝදනා කරති.මෙහිදී ඒ සඳහා කැමැත්තක් සහ අවශ්‍යතාවයක්  තිබුනද ඔවුන්ට සිය දේශපාලනමය සහ ප්‍රතිපත්තිමය  වගකීම් සම්භන්දයෙන් ගැඹුරැ හැඟීමක් තිබුනේද යන්න ගැටළුවකි.


යහපාලන රජයේ පාලන කාලයෙන් 3/5කට වඩා ගෙවී ගොස් ඇති වර්තමාන අවධියේදී එහි වර්තමාන මන්ද  ක්‍රියාකාරී තත්වයෙන් මිදීමේ අභියෝගයට කෙසේ මුහුන දිය හැකිද?නමුත් මෙකී තත්වය යටතේ යහපාලනයට නැවතත් ඉස්මතු වීමට අවශ්‍ය විභව සම්පත් වර්තමාන සමාජ දේශපාලනික ශක්ති සංචිතය තුල නොමැත.යහපාලනය මුහුනදී තිබෙන මෙකී තත්වය නිසා  මේ වන විටත් ප්‍රජාතාන්ත්‍රික පසුගාමී එක් ප්‍රධාන බලවේගයක් පසුගිය පාලන සමයේ දේශපාලන චරිත ආශ්‍රිතව නිර්මානය වෙමින් පවතී.මේ වන විට ප්‍රාදේශීය සභා කඩයිම දක්වාම පැමිණ ඇති මෙම බලවේගය නුදුරැ අනාගතයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය දක්වාම ගමන් කිරීමේ පෙරනිමිති  පහලවී ඇත.හුදෙක් දේශපාලනමය බලය පමණක් භාවිත කරමින් වත්මන් තත්වය පාලනය කිරීම රජයට පහසු සහ ආන්තික අවාසිදායක තත්වයක් බව පැවසිය යුතුව තිබේ.

මේ අයුරින් 2015 ජනවාරි මස ආරම්භ වූ යහපාලනය මෙබදුවූ පරිනාමීය විභවයක් දක්වා වර්තමානයේ පත්ව තිබේ.ඉහත අර්බුදකාරී තත්වයෙන් බේරිමට හැකි ක්‍රමයක් ඇත්ද?

ඒකාන්තයෙන්ම වර්තමාන ශ්‍රි ලාංකීය දේශපාලනය ප්‍රවාහයක් බවට පරිවර්තනය වී ඇති මොහොතක එවන් ක්‍රමයක් පිලිබඳ සිතීම තරමක් දුෂ්කර කටයුත්තකි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය දේශපාලන ප්‍රතිසංස්කරණ පිලිබඳ මඩවඟුරක එරී සිටින බව තවදුරටත් පැහැදිලිවේ.ජනවාර්ගික සීමාවන් පදනම් කර ගනිමින් සිය ජනප්‍රියතාවය වර්ධනය කිරීමේ නිරතවසිටින එම පක්ෂය පුද්ගල නායකත්ව ප්‍රතිරෑපයන් ද ඒ සඳහා ප්‍රධාන ලෙසම යොදා ගනී

නව දේශපාලන ප්‍රවාහය සතු ප්‍රජාතාන්ත්‍රීය දේශපාලනික අපගමනයවීම්, අසීමිත ඒකපුද්ගල බල සංකේන්ද්‍රණය සදහා ඇති  අත්‍යන්ත නැඹුරැව, ඒකාධිපතිවාදී දේශපාලන සම්ප්‍රදයයන් යන සාධකයන් සිරිසේන -වික්‍රමසිංහ රජයට වර්තමාන දේශපාලන ප්‍රවාහය ආපසු හැරවීම සඳහා යොදා ගත හැකි සරල උපායමාර්ගයන්ය.





නමුත් යහපාලන රජයට පහත සඳහන්  ඉලක්ක හතර සපුරාගත හැකි නම් පමණක් එහි නායකත්වයන් යුග්මයට සාර්ථකත්වය කරා නැවත ප්‍රවාහයේ දිශානතිය වෙනස් කල හැකිවනු ඇත.

1.  නව  ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් හදුන්වාදීම මඟින් සම්මුති රජය නැවත ගොඩනැංවීම සහ ශක්තිමත් කිරීම .ලබන වර්ෂය ඇතුලත ලඟාවිය හැකි ඉලක්කයන් කිහිපයක් හඳුනාගෙන ඒවා මැනවින් සපුරාලීමට අවධානය යොමු කිරීම

2. නව සහ විප්ලවීය කැබිනට් සංශෝධනයක් තුලින්  වර්තමාන ගැටළුකාරී වාතාවරණය සමනය කිරීමට පියවර ගැනීම.කැබිනට් මණ්ඩලය සංඛ්‍යාත්මකව අඩු, කාර්යක්ෂම සහ පාලනය කිරීමට පහසු ක්‍රියාශීලී එකක් වීම.මෙම පියවර රාජ්‍ය තන්ත්‍රයේ සහ ජනතාවගේ ක්ෂණික අවධානයක් යොමු කර ගැනීමට සමත් වනු ඇත.එය ඡන්ද පදනම ශක්තිමත් කිරීමට පිටුවහලක් වනු ඇත.

3. ඉහල යමින් පවතින සමාජ ආතතිය විවාද, සංවාද , කාර්යක්ෂම විසඳුම් මගින් සහ ප්‍රතිපත්තිමය නවමුතාවයන් මඟින් කළමණාකරනය කල යුතුය.නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්ති නැඹුරැව සීමාකිරීම අවස්ථානුරෑපීව වැදගත්ය.

4.  ලිබරල්වාදී නොවන අධිකාරාත්මක දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා  සංවාදාත්මක දේශපාලනික මතවාද රාශීගත වන දේශපාලනික හරපද්ධතියක්  ගොඩනැංවීම.මෙම දේශපාලනික හර පද්ධතිය පාලන සම්මුති රජය මතවාදාත්මකව පෝෂණය කරමින් ස්ථීර පදනමක් නිර්මාණය කිරීමට සමත් එකක් විය යුතුය.නූතන ගෝලීය දැක්ම සමග ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කොටස් ඒකරාශී කරන්නක විය යුතුය.


Grround vieew -  යහපාලන සිවිල් ක්‍රියාකාරී  මහාචාර්යවරයෙකු විසින් රචිත ලිපියක් ඇසුරෙන් සිංහලට පරිවර්තනය කලේ

 අනුරාධ සේනාරත්න












No comments:

Post a Comment