Sunday, April 29, 2018

යහපාලනය ප්‍රතිවිව්‍යුහගතකරණයක් අභියස

යහපාලනය ප්‍රතිවිව්‍යුහගතකරණයක් අභියස



ඉකුත්  පෙබරවාරි 10 දින පැවති ප්‍රදේශීය සභා මැතිවරණය සමස්ථ වාතාවරණය මත ඒකාබද්ධ විපක්ෂයට අතිශය වාසි සහගත තත්වයක් ඇති කිරීමට සමත් විය.එමෙන්ම එය වත්මන් රජයේ ස්ථායීතාවයට ක්ෂණික තර්ජනයක් එල්ල කල මැතිවරණ ප්‍රතිපලයක් විය.

අභ්‍යන්තර අර්බුදකාරී තත්වයක් උද්ගතව තිබූ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවනු ලැබූ පාලක සම්මුති සන්ධාන රජය මෙම මැතිවරණයෙන් පරාජයකට මුහුන දෙන ලදි.නව දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම මැතිවරණයේදී උතුරැ නැගෙනහිර පළාත් හැරැන විට දිවයිනේ අනෙකුත් පළාත් වලින් කැපී පෙනෙන ජයග්‍රහනයක් ලැබීමට සමත් විය.

අර්බුදකාරී ස්ථානය

මෙකී අර්බුදය සඳහා ද්විමාන ස්වරෑපයක් ඇත.එනම් පැතිකඩවල් දෙකකින් මෙම අර්බුදය විග්‍රහ කල හැකිය.2015  වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දැරෑ එක්සත් ජාතික පෙරමුණ  ලබාගත් කැපී පෙනෙන ජනවරම මෙම ප්‍රදේශීය සභා මැතිවරණයෙන් දුර්වල වී යාම නිසා එය ජනමතවිමසුමක පදනමින් සලකා  රජයට ඉල්ලා අස්වන මෙන් රාජපක්ෂ දේශපාලන කඳවුරෙන් බලපෑම් එල්ල වන්නට විය.නමුත් සම්මුති සන්ධාන රජය 2015 වර්ෂයේ බලයට පත් කරන ලද සියළුම පාර්ශව ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රතිශතය එකතුව 52%ක් වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත්  ඡන්ද ප්‍රතිශතය 44%ක්  වීම මත රජයට අදාල ඉල්ලා අස්වීමේ බලපෑම පහසුවෙන්ම බැහැර කල හැකිවිය.


එමෙන්ම මෙම ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල රජයේ පාර්ලිමේන්තු බහුතරය මත සෘජු බලපෑමක් කිරීමට සමත් නොවූ අතර රාජපක්ෂ කන්ඩායමට පාර්ලිමේන්තුවේ ආසන 50 ක් පමණක් විය.මේ නිසා පාලක සන්ධානය බිඳ වැටීමක් සිදු නොවන පදනම මත පාර්ලිමේන්තුව තුල නියෝජනය වන පාලක සම්මුති සන්ධානයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල බල තුලනය නොවෙනස්ව පවතී.

නමුත් මෙම අර්බුදකාරී වාතාවරනයේ දෙවන පැතිකඩ මෙයට වඩා බරපතල ස්වරෑපයක් පෙන්වයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහෙයවන සම්මුති සන්ධාන රජය තුල ඇතිවී පවතින දෙදරැම් සහගත ස්වභාවය මගින් රජයේ පදනම අස්ථාවර කිරීමේ වාතාවරනයක් උද්ගතව පවතී.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුව තුල ආසන 106 කට හිමිකම් කියන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොදු ජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු ආසන 37 කට යහපාලන සම්මුති සන්ධානය තුල හිමිකම් සහිතය.නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 32%ක ඡන්ද ප්‍රතිශතයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන එක්සත් පෙරමුණට 12% ක ඡන්ද ප්‍රතිශතයක්ද ලැබිනි.

විසංවාදී  ස්වභාවය


ප්‍රතිපත්තිමය සහ පුද්ගලික කරැණු මත පදනම් වෙමින් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විසංවාදී තත්වයක් ගොඩනැගෙමින් පවතී.අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ කැබිනට් අමාත්‍යවරැන් විසින් ආර්ථිකය අවභාවිතයට ලක් කරන බව ජනපතිවරයා විසින් විවෘතවම චෝදනා කරන්නට විය.රාජපක්ෂ පවුලේ උදවිය විසින් සිදුකරන ලද මූල්‍යමය වංචා වලට අදාල විමර්ෂණයන් මන්දගාමී තත්වයට පත් කිරීම සහ දූෂණ වලින් තොර රජයක් සඳහා ප්‍රතිඥා දී තිබුනද මහා පරිමාන මූල්‍යමය වංචාවන්ට සම්භන්ද වීම එසේ එල්ල කල චෝදනා අතර විය.විව්‍යස්ථාමය කරැණු වලදී අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ව නොසලකා හැර ඇති බව ජනාධිපතිවරයාට හැඟී ගොස් ඇතැයි සිතිය හැකිද?

විසංවාදී ස්වභාවය, අනෝන්‍ය අවිශ්වාසය සහ ගැටුම්කාරී ස්වභාවය නිසා යහපාලන රජයේ සිරිසේන -වික්‍රමසිංහ පාර්ශව ද්විත්වය පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය තරඟ කරන ලද්දේ සම්මුති සන්ධාන පදනමින් බැහැර සිටිමින්ය.ගැටුම්කාරී තත්වයකදී සාම්ප්‍රදායික දේශපාලනික විරැද්ධවාදී මෙම දේශපාලන කඳවුරැ ද්විත්වය අතර පහසුවෙන් ප්‍රතිවාදී බව සහ දේශපාලන එදිරිවාදී ස්වභාවය පැන නඟින්නට විය.

යහපාලන නායකත්වයන් ද්විත්වය අතර මෙලෙස වර්ධනය වූ සීතල විසංවාදී අර්බුදය පසුගාමී ස්වභාවයක් ගෙන දුන් ප්‍රතිපත්තිමය අර්බුදයක් බවට පත්විය.දූෂණයෙන් තොර රජයක් සඳහා ප්‍රතිඥා ලබාදුන් නව රජය බලයට පත්ව තුන් මසක් ඇතුලත වර්ෂ 2015 දී සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සුවිශාල මූල්‍යමය වංචාවක් සිදු විය.


මෙම බැඳුම්කර වංචාව සිදු වීමට අවකාශ සැලසීම සහ පසුව එය ආවරණය කිරීමට උත්සහ කලැයි ඒකාබද්ධ විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකත්වයට චෝදනා එල්ල විය.මේ සම්භන්දයෙන් ගොඩනැගුන මහජන විරෝධය හමුවේ පසුගිය වසරේ ජනාධිපතිවරයා විසින් විශේෂ කොමිෂමක් පත් කල අතර එහි වාර්තාව පසුගිය වසරේම ජනපතිවරයාට ඉදිරිපත් කෙරිනි.මෙම වාර්තාවට අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට, ඔහුගේ බෑනාට සහ තවත් කිහිපදෙනෙකුට චෝදනා ඉදිරිපත් කරන ලදි.මෙම සිදුවීම රජයට එල්ලවූ කුනාටුවක් වූ අතර මේ නිසා තව දුරටත් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සම්භන්දතා දුරස් වීමක් සිදුවිය.නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ 2008- 2015 කාල වකවානුව තුල වාර්ෂිකව සිදුකල මහ බැංකු බැඳුම්කර නිකුතු වංචාවල වටිනාකම රැපියල් බිලියන 2700 ද ඉක්මවන බව පැවසේ.

දෙසැම්බර් මස සිදුවූ මෙම සිදුවීම පසුව පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය මත එක්තරා බලපෑමක් සිදු කල බව පෙනීයයි.එමෙන්ම ප්‍රදේශීය සභා මැතිවරණයෙන් පසු රජය පිරිසිදු කිරීමකට හෙවත් ප්‍රතිසන්ධානගත කිරීමකට තමන් සූදානම් බව ජනපතිවරයා පැවසීම මැතිවරණයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට වක්‍රාකාරයෙන් කල යෝජනාවක් බඳුවිය.


මෙම අර්බුදය පිපිරීමට ලක්වූවේ එහි අවසන් ජවනිකාව වු පසුගිය පෙබරවාරි මස පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කැපී පෙනෙන ලෙස ජයගැනීමෙන් අනතුරැවය.මේ අතර ජනපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමට උත්සහ කරන ලද්දේ ඒ සඳහා කිසිදු විව්‍යස්ථාමය බලතල හිමි කමක් නොමැති පදනමක් යටතේය.අග්‍රාමාත්‍යවරයා හෝ කැබිනට් අමාත්‍යධූර වෙනස් කිරීමට  හෙවත් පත් කිරීමට සහ ඉවත් කිරීමට ජනපතිවරයාට විව්‍යවස්ථාමය බලතල නොමැත.දින දෙකක උත්සහයකින් පසු කිසිදු ප්‍රගතියක් ලැබීමට ජනපතිවරයා අසමාර්ථ විය .

පෙබරවාරි 13 රාත්‍රියේ සිට විසංවාදී වාතාවරණයක් මත සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරැන් සහ කැබිනට් අමාත්‍යවරැන් මෙම අර්බුදකාරී සහ තර්ජනාත්මක වාතාවරනයට එරෙහිව පෙල ගැසෙන්නට විය.මෙහිදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදු ජන එක්සත් පෙරමුණෙන් ස්වාධීන වූ නව සන්ධානයක් සඳහා ප්‍රතිසන්ධානගත වන්නට විය.

මෙම වාතාවරණය යටතේ තවදුරටත් සිය නායක්වය සහ අග්‍රාමාත්‍යධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කන්ඩායම විසින් ඒකඡන්දයෙන් තෝරාපත් කර ගන්නා ලදි .මෙම නව ප්‍රතිවිව්‍යුහගත රජය සඳහා එක්සත් ජාතික පක්ෂ රජය සදහා පාර්ලිමේන්තු ආසන 106ක බලය ජනපතිවරයාගේ පාර්ශවයේ ආසන 37 ට සාපේක්ෂව තිබිනි.

යහපාලන සන්ධානය බිඳ වැටීමක් සිදුවේ නම් වික්‍රමසිංහ පාර්ශවයට සහයෝගය දීමට කැමැත්තෙන් සිටි ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කල කැබිනට් අමාත්‍යවරැ පිරිසක් සිටීම මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තකි.බලය විමධ්‍යගතකරණය, සාම ප්‍රයත්නය, විව්‍යස්ථාමය සංශෝධන සහ ප්‍රතිසංස්කරණ යන අංශවල කොන්දේසි  පදනම් කර ගනිමින් වික්‍රමසිංහ පාර්ශවයට සහයෝගය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානමින් පසුවිය.


අනෙක් වැදගත් සංසිද්ධිය නම් ජනපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වෙන ලෙස දිගින් දිගටම කල බලපෑම් නිසා ඒ වන විට බලය අතහැරීමට කිසිදු සූදානමක නොසිටි  එ.ජා.ප ය සමඟ තිබු අර්බුදකාරී වාතාවරණය උග්‍රවිමයි.

  එ.ජා.ප බලය අහිමි කර ගැනීමට පවතින තත්වය තුල කිසිසේත්ම අකමැති විය.එ.ජා.පයේ ජේෂ්ඨ සාමාජිකයන් මඟින් අගමැතිවරයා වෙනස් කිරීමට උත්සහ කලද එම ප්‍රයත්නයද අසාර්ථක වී තිබේ.එ.ජා.ප ය තුලම විසංවාදයක් ඇති කිරීමෙන් අගමැතිවරයා දුර්වල කිරීම ජනපතිවරයාගේ එක් උපාය මාර්ගයක් වී ඇතැයි සමහරැ පවසති.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අවතීර්ණ වීමේදී  පැවති උණුසුම්කාරී තත්වය රජයේ ප්‍රති විව්‍යස්ථාගත කිරීමත් සමඟම නිමාවෙතැයි සිතිය හැකිය.

ඉදිරි දුෂ්කරතාවයන්


කුමක් සිදු වුවද සම්මුති  සන්ධාන දෙපාර්ශවය අතර ඇතිවූ  සීතල බල අරගලය සමස්ථ සන්ධානයේ ප්‍රතිවිව්‍යුහගතකිරීමක් සමඟ බල තුලනයක් ඔස්සේ අවසන්වේ යැයි සිතිය හැකිය.වඩාත් සුභදායී තත්වය නම් වර්තමානයේ සන්ධාන නායකත්ව ද්විත්වයම එකිනෙකා පරයා යමින් ඉස්මතුවීමේ ගැටුම්කාරී ස්වභාවයට  ඉඩ නොදීමේ වැදගත්කම වටහාගෙන ක්‍රියාත්මක කිරීමයි.නායකයන් ද්විත්වය ප්‍රතිසන්ධානගතවීම සිදුවූ පමණින් ක්ෂණිකව යහපත් ප්‍රතිපල ලබා නොදෙන බව දත යුතුය.ඔවුනට විස්තාරනය වූ එක්ව ක්‍රියාකිරීමේ රාමුවක් සොයා ගැනීමට සිදු වන්නේ දැනට පවතින විකල්පවාදී දේශපාලන ප්‍රවාහය ආපසු හැරවීම සඳහායි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවීමටත් ප්‍රථම ලබා ගත් මෙම ජයග්‍රහණය නිසා රාජපක්ෂ පවුල් පාලනය පාර්ලිමේන්තුව තුල සහ භාහිරයේ බලය තහවුරැ කිරීමට කල හැකි හැම දෙයක්ම කරනු ඇත.මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඔස්සේ එය ලබාගත් ජයග්‍රහණය තවදුරටත් තහවුරැ කර ගැනීමට රාජපක්ෂ පාලනය උපරිම උත්සාහ දරනු ඇත.2019 වර්ෂය අග පැවැත්වීමට නියමිත ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් පුදුම සහගත දේ සිදුවෙනු ඇත්ද?

ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැකි වහාම නිර්මාණාත්මක සන්ධානගත වීමකට (frame work of constructive reconciliation)නොඑලඹ සිටී නම් ඉදිරි වසර දෙකක කාලයද ශ්‍රී ලාංකික දේශපාලනය මන්දගාමී ගමනක නිරත වනු ඇත.එමෙන්ම ප්‍රජාතාන්ත්‍රීය නොවන ඒකාධිපති බලවේගයන් වල ඉස්මතු වීමක් දැකිය හැකි වනු ඇත.


දේශපාලන හා විව්‍යස්ථාදායක ප්‍රතිසංස්කරණයන්, සාම ප්‍රයත්නය,  අන්තර් ජනවාර්ගික සන්ධානගතවීම, ප්‍රජාතාන්ත්‍රික ස්ථායීතාවය ඔස්සේ ස්ථායී ප්‍රජාතාන්ත්‍රීය දේශයක් ගොඩ නැංවීම ඉතා වැදගත් වනු ඇත.



ද හින්දු පුවත්පතට  යහපාලන සිව්ල් ක්‍රියාකාරී කමිටුවක මහාචාර්යවරයෙකු කරන ලද විග්‍රහයක් සිංහලට පරිවර්තනය කලේ

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment