Monday, April 30, 2018

ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය ලෝක බැංකු ඇසින්

ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය ලෝක බැංකු ඇසින්


2017 වර්ෂයේ රට පුරා පැවති   අහිතකර කාලගුණ තත්වයන් සහ 2017 සහ 2018 වර්ෂ වල පැවති සහ තවදුරටත් වර්ධනය වන සංකීර්ණ සහ අර්බුදකාරී දේශපාලන වාතාවරණය පදනම් කර ගනිමින් 2017 සහ 2018 වර්ෂයන් ශ්‍රී ලංකාවට අභියෝගකාරී කාලසීමාවක් බවට පත්වී ඇත.මෙහි ප්‍රතිපලයක් ලෙසට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයේ මන්දගාමී ස්වභාවයක් දක්නට ඇත.මෙය මනාව පිලිබිඹු කරනු ලබන්නේ වර්ෂ 2001 න් පසු එනම් වසර 16 කට පමණ පසු පහලම වර්ධන වේගය වන 3.1%ක වර්ධන වේගයක් 2017 වර්ෂයේ පෙන්නුම් කිරීමත් සමගය.

කෙසේ නමුත් ප්‍රාථමික අතිරික්තයක් (primary surplus)දශකය තුල වාර්තාවූ  ප්‍රථම අවස්ථාව වශයෙන් 2017 වර්ෂය හැඳින්විය හැකිය.එනමුත් සමස්ථ අය වැය හිඟය ( overall deficit) යන්තමින් වැඩිවී ඇත්තේ තියුණු ලෙස වැඩිවූ වැය පොලීය (interest expenditure) නිසාය.2017 වර්ෂයේ පැවති මෙම ප්‍රාථමික අතිරික්තය සහ සාපේක්ෂව විනිමය අනුපාතිකය අවප්‍රමාණවීම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදනයට (GDP) සාපේක්ෂව පොදු ණය (public debt) අනුපාතය යාන්තමින් අඩුවී ඇත.



ලෝක බැංකුවේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාව විසින්  පොදු දේපළ ප්‍රතිසංස්කරණයන්, පොදු මූල්‍යමය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම, පොදු සහ පුද්ගලික ආයෝජන වර්ධනය, යටිතල පහසුකම් ප්‍රවර්ධනයේ මන්දගාමීත්වය අඩුකිරීම සහ තරඟකාරීත්වය වැඩිකිරීම යන අරමුණු ඉටුකර ගනිමින් පවතී.ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සංහිදියාව, හිතකර සහ එ්කාකාරී වර්ධන වේගය සහ යහපාලනය තහවුරැ කිරීම උදෙසා 2017 සැප්තැම්බර් 04 වනදා ලෝක බැංකුව විසින දක්වන ලද  2025 දක්වා එහි  දැක්ම හා දර්ශනය මෙහිදී කැපීපෙනේ.

ඉහත අරමුණු උදෙසා රජයේ කැපවීම පැවතියද පවතින දේශපාලන අස්ථායීතාවය පදනම් කර ගනිමින් තරඟකාරීත්වය ඉහලනැංවීම සදහා ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය, යහපාලනය ප්‍රවර්ධනය කිරීම, අකන්ඩ පොදු දේපළ සංස්ථාපනය යන සංවර්ධනයේ අංශයන් මේ වන විටත්  මන්දගාමී තත්වයට පත්වී ඇත.චිරස්ථායී සංවර්ධනයක් සඳහා මෙම මෙම ප්‍රතිසංස්කරණයන් තීරණාත්මකය.වඩා සුභවාදී දැක්මක් අනාගතය පිලිබඳ තබා ගැනීම සැක සහිතය.


වර්තමාන ආර්ථික සන්දර්භය

ශ්‍රී ලංකාව ජනගහනය මිලියන 21.4 ක් ජීවත් වන පහත් මධ්‍යම ආදායම් මට්ටමක් සහිත රටක් වන අතර 2017 එ්ක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් 4065  ක් වේ . පැවති සිවිල් යුද්ධය 2009 වර්ෂයේ අවසන් වීමත් සමඟ 5.8% ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් සහිතව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා පියනඟමින් සිටි.සාමය උදාවීමත් , නැවත ගොඩනැඟීම සහ වර්ධනය උදෙසා වූ රජයේ ඉලක්කයන් යන සාධක පැවතියද පසුගිය වසර 3  ආර්ථික වර්ධනයේ පසුගාමී තත්වයක් දක්නට තිබේ.නිෂ්පාදන හා සේවා අංශයන් සලකන කල ශ්‍රී ලංකාව දුරස්ථ ග්‍රාමීය ආර්ථික රටාවක සිට නාගරික ආර්ථික විව්‍යුහයක් දක්වා විස්ථාපනය වෙමින් පවතින බව පෙනේ.

සමාජ ආර්ථික  සංවර්ධන සහ මානව සංවර්ධන දර්ශකයන් සම්භන්දයෙන් ශ්‍රී ලංකාව මේ වන විට සැලකිය යුතු වර්ධනයක් ලබා ගෙන ඇත.සමාජ සංවර්ධන දර්ශකයන් දකුණු ආසියාවේ ඉහලම තලයේ පවතින අතර මධ්‍යම ආදායමක් දරන රටවල් වල සමාජ සංවර්ධන දර්ශකයන් සමඟ සැසඳේ.ජාතික දාරිද්‍රතා ශීර්ෂ ගනන අනුපාතිකයේ (national poverty head count ratio)අගය 2006/2007 වර්ෂයේදී තිබු අගය වන 15.3  % ක සිට 2016 දී එම අගය 4.1% දක්වා අඩුවී ඇත්තේ එමඟින්  ආර්ථික වර්ධනය සමෘද්ධි ව්‍යාප්තිය බවට පරිවර්තනය කරමින්ය.


අන්ත දිළිඳු ස්වභාවය ඉතා විරල වූ මෙරට එය එක්තරා  සීමාකාරී භූගෝලීය පටු ප්‍රදේශ වලට සීමාවී ඇත.නමුත් සාපේක්ෂව විශාල ජනගහනයක් අන්ත දිළිඳු මට්ටමට යන්තම් ඉහලින් ජීවත් වන බව පෙනීයයි.2015 වර්ෂයේදී අපේක්ෂිත MDG ඉලක්කයන් බොහෝමයක් පහසුවෙන්ම ශ්‍රී ලංකාව ඉක්මවා ගිය අතර එම වර්ෂයේදී මානව සංවර්ධන දර්ශකයේ  73 වන ස්ථානයට ගෝලීය මට්ටමෙන් ලඟාවී තිබිනි

ආර්ථිකයේ පවතින දුබල තරඟකාරීත්වය සැලකිල්ලට ගත යුතු තවත් කරැණකි. පසුගිය දශකය පුරා ක්‍රියාත්මක වූ සීමාකාරී වෙළඳ ප්‍රතිපත්තීන් මඟින් ප්‍රබල සෘනාත්මක අපනයන ආකල්පයන් හා වෙළඳ පද්ධතියක් ගොඩනැඟී ඇත.මෙම තත්වය වෙළඳ කටයුතු වල සුවිශාල පසුගාමී ස්වභාවයක් ඇති කිරීමට සමත්වී තිබේ.පසුගිය වසර කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ වර්ධනය සතුටුදායක වුවද එය වෙළඳ නොවන  අභ්‍යන්තර අංශයන් සම්භන්දව සිදුවූ වර්ධනයක් ලෙස විස්තර කල හැකිය.සම තත්වයේ අනෙකුත් රටවල ආර්ථිකයන් හා සසඳන විට ශ්‍රී ලංකාව සාපේක්ෂව අඩු විදේශ ආයෝජන පරිමාවක් ආකර්ෂණය කරන අතර ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නොමැතිවීම නව ආයෝජන සඳහා පවතින දුෂ්කරතා නිරෑපනය කරයි .

ශ්‍රම වෙළඳපලේ සහ අනෙකුත් අංශයන්හි ඉහල තරඟකාරීත්වය සදහා රටේ ආර්ථික  අංශය සඳහා ඉහල සාභාගීත්වය හේතුවී ඇත.දළ දේශීය නිෂ්පාදනයේ කොටසක් ලෙස ලැබෙන අඩු ආදායම , පොදු දේපළ ප්‍රමාණය මත අහිතකර ලෙස බලපාන විව්‍යුහාත්මක අහිතකර බලපෑමකි.බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස (ශ්‍රම බලකායෙන් 7% ක් පමණ සාම්ප්‍රදායක පදනමක් මත ආදායම් බදු ගෙවති)බදු පදනම විස්තාරනය කිරීමේ සාර්ථක පදනමක් රහිතව නීත්‍යානුකූල බදු ප්‍රතිශතයන් අඩු අගයක පවත්වා ගැනීම බව පෙනී යයි.බදු අය කිරීමේ පරිපාලන අංශ වල පවතින සම්පත් ඌනතාවයන් සහ බද්දෙන් නිදහස් කිරීමේ නොයෙක් අවස්ථාවන්, පහත් ආදායම් තත්වයන්, පඩි පතෙහි පවතින වියුක්ත වියදම්, පැවරීම්, පොලී ගෙවීම් යන කරැණු මඟින් සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය යන අංශ මත යෙදවෙන පිරිවැය පරිමාව සංකුංචනය වීමට හේතුවී තිබේ.


වර්තමාන ආර්ථික සංවර්ධන ප්‍රවනතා

2017 වර්ෂයේ පැවති අහිතකර කාලගුණ තත්වයන් නිසා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සංවර්ධනය අඩාලවීම සිදුවිය.ෆිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තීන් කළමණාකාරනය තුලින් කිසියම් ස්ථාවරත්වයක් ලඟාකර ගැනීමට හැකිවිය.2017 වර්ෂයේ පැවති දීර්ඝ නියං තත්වය නිසා ඇතිවූ  අහිතකර බලපෑම වර්ධනය පහල වැටීමට (3.1%) සහ උද්ධමනය ඉහල නැඟීමට (6.6% වාර්ෂික)හේතුවිය.මෙම තත්වයන් නිසා දශකයක් ඇතුලත වාර්තාවූ ප්‍රථම ප්‍රාථමික අතිරික්තය 2017 වර්ෂයේ වාර්තා විය.අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කල ව්‍යාපෘතියේ තෙවන අණාවරනය මත පදනම් වෙමින්  නව දේශීය ආදායම් පනත සම්මත කිරීම ඉතා වැදගත් අවස්ථාවකි.

වැය පොලී අනුපාතිකයේ (interest expenditure) තියුණු ඉහල යාම සමස්ථ අය වැය හිඟය යන්තමින් ඉහල යාමට හේතුවිය.ප්‍රාථමික අතිරික්තය සහ විනිමය අනුපාතිකයේ සාපේක්ෂ අඩුවීම මඟින් දළ දේශීය නිෂ්පාදන අනුපාතිකයට සාපේක්ෂව පොදු ණය අනුපාතය යන්තමින් අඩුවී පවතී.හම්බන්තොට වරාය දීර්ඝ කාලීනව චීනයට බදු දීම, ඒ ආශ්‍රිත විශාල භූමි ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා චීනයට බදු දීම සහ අනෙකුත් ණය ජනිත කිරීමේ ප්‍රාග්ධන ප්‍රබවයන් මාස 3.8 කට සෑහෙන ආනයන වලට  ප්‍රමාණවත් සංචිතයක් ජනිත කිරීමට සමත් විය.මෙයට සමකාලීනව ශ්‍රී ලංකා රැපියලේ විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2% කින් පහල වැටිනි.


ආර්ථික දැක්ම

පොදු මූල්‍යමය කළමණාකරනය, පාලනය, තරඟකාරීත්වය යන අංශවල ප්‍රවර්ධනය සඳහා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සැලසුම් කිරීම ඔස්සේ එක්සත් ජාතික පක්ෂ  රජයේ  ආර්ථික දැක්ම ප්‍රශස්ත මට්ටමක සාර්ථකව පවතී.මෙතෙක් පැවති පහත් ආර්ථික වර්ධනය 2018 වර්ෂය තුලදී 4.5% ක්වූ මධ්‍යම මට්ටමක් දක්වා ඉහල නැංවීමට පුද්ගලික පාරිභෝජනය සහ ආයෝජනයන් ප්‍රවේශයක් ලබාදේ.ඉහල යන බොරතෙල් මිල සහ ස්වභාවික විව්‍යසනයන් පදනම් කර ගනිමින් උද්ධමනය  මධ්‍යම මට්ටමක අගයක ස්ථාවරව තබා ගැනීමට සිදු වෙනු ඇත.විදේශ සේවා නියුක්තිකයන්ගේ සම්ප්‍රේශන වල පහත වැටීමක් සිදු වුවද ලැබීම් අංශය යුරෝපීය සංගමය විසින් නැවත ලබාදුන් GSP සහනය සහ සංචාරක කර්මාන්තය  ඔස්සේ වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පෙන්වයි.ලැබීම් ප්‍රවර්ධනයන් (External buffers) ඉහල නංවීමට බලාපොරොත්තු වන්නේ  වෙළඳ පලට හිතකර විනිමය හුවමාරැ අනුපාතිකයක් පවත්වා ගැනීම හා විදේශ ආයෝජන ඉහල නැංවීම මඟිනි.නව ආදායම් මාර්ගයන් හඳුන්වා දීමෙන් සමස්ථ ෆිස්කල් හිඟය මධ්‍ය කාලීනව පහත දැමීමට ඉලක්ක කර ඇත.මෙම වර්ධනය දුප්පත්කම අඩු කිරීමටත් ජීවන තත්වය ඉහල නංවීමටත් පරිවර්තනය කිරීම ඇරඹිය යුතුය.

අභියෝග සහ අනතුරැ


මධ්‍යකාලීන ආර්ථික වර්ධනයක් ඉලක්ක කිරීමේදී මෙරට පවතින දේශපාලනමය අර්බුදකාරී වාතාවරණය ප්‍රධාන අනතුරැදායක තත්වය බවට පත්වේ.විදේශ විනිමය රට තුලට ගලා එන අනෙකුත් රටවල පහල වර්ධන වේගය භාහිර අන්තරාදායක තත්වයන් ලෙස පෙනී යයි.බලාපොරොත්තු වූ ගෝලීය මූල්‍යමය තත්වයන්ට වඩා පහල වාතාවරනයක් උද්ගත වීම ණය බර වැඩි කරන්නකි.2019 කල් පිරෙන යුරෝ බැදුම්කරය මත රදා පැවතීම තව දුරටත් දුෂ්කර වාතාවරනයක් උදාකරනු නිසැකය.

බලාපොරොත්තු වූ වේගයට වඩා පාරිභෝගික භාන්ඩ මිල ගනන් ඉහලයාම මඟින් ගෙවීම් තුලනය (balance of payment) මත වැඩි වැඩියෙන් පීඩනයක් ඇති කිරීමට සමත්වේ.විදුලිය සහ ඉන්ධන මිල ගනන් ප්‍රතිසංස්කරණය මෙමගින් වඩාත් දුෂ්කර තත්වයකට පත්කෙරේ.ෆිස්කල් සහ ණය  කළමණාකරන ප්‍රවේශයේදී ආදායම් ලැබීමේ ප්‍රමාදය, කළමණාකරන ක්‍රමවේදයන්හි විශ්වාසදායක බව පිලිබඳ  ගැටළු, බදු පරිපාලනයේ ඉලක්කගත වර්ධනයට වඩා පවතින වර්ධනය අඩුවීම යන අනතුරැදායක තත්වයන් පවතී.ස්වභාවික විපත් බහුලවීම මඟින් වර්ධනය, අය වැය ලේඛනය, අපනයන අංශය සහ දුප්පත්කම දුරැකිරීම යන අංශයන් කෙරෙහි අහිතකර ලෙස බලපායි.


ශ්‍රී ලංකාව එහි අනාගත ආර්ථික වර්ධනය සහ ස්ථායීතාව අනතුරැදායක තත්වයකට හෙලන අභියෝග කිහිපයකට මුහුන දෙමින් සිටි.මෙම තත්වයන් සාර්ව ආර්ථික සහ විව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුලින් ජය ගත යුතුව ඇත.

1. බදු පද්ධතිය  සරල හා පුළුල් කිරීම, වැය කළමණාකරනය විධිමත් කිරීම, යන තත්ව මහජන ණය, SOE ණය සහ ඇපයන් වලදී යන කරැණු වලදී මෙම නිර්දේශය අතිශය වැදගත්වේ.සහ සුවිශාල දළ මුල්‍යමය අවශ්‍යතා වලදී....

2. පුද්ගලික ආයෝජන සහ වෙළඳ ක්ෂේත්‍රය වෙතට වැඩිපුර නැඹුරැ වීමෙන් වෙළඳ ප්‍රවර්ධනය මත පදනම් වූ වර්ධන ආකෘතියක් වෙත පිවිසීම.වෙළඳාම, ආයෝජනය සහ ව්‍යාපාරික පරිසරය ප්‍රවර්ධනය

3.තොරතුරැ දැනගැනීමේ අයිතිය , SOE සපිරීම් ප්‍රවර්ධනය, සේවා සැපයුම රාජ්‍යපාලනය සහ වගවීම ප්‍රවර්ධනය

4.  ස්වභාවික විපත් කළමණාකරනය විධිමත් කිරීම, විව්‍යස්ථා ප්‍රතිසංස්කරණයන් දුප්පත් ජන කොටස් සහ අනෙකුත් පීඩාවට පත් ජන කන්ඩායම් වලට බලපෑම අවම කිරීම මගින් ආර්ථිකය මත ඇති වන අහිතකර බලපෑම අවම කිරීම

යනාදිය ලෝක බැංකුවෙන් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා කර ඇති යෝජනාවන්ය.


ලෝක බැංකු ප්‍රකාශනය

සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න





No comments:

Post a Comment