Monday, April 23, 2018

වර්තමාන ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය ලෝක බැංකු ඇසින්

වර්තමාන ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය ලෝක බැංකු ඇසින්


මෙරට මූල්‍යමය සහ බදු ප්‍රතිපත්ති ප්‍රතිසංශෝධනය තුලින් සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල මඟින් දියත් කරන වැඩසටහන් නිසා ආර්ථිකයේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇතිවී තිබේ.ලෝක බැංකු වාර්තාව මඟින් අවධාරණය කරන ආකාරයට ආදායම් මත පදනම් වූ බදු ප්‍රතිපත්ති ප්‍රවේශයක් මඟින් විදේශ ආයෝජන දිරිගැන්වීම  සඳහා පසුබිම සකසන බදු අවකාශයක් මෙරට තුල නිර්මාණය කරනු ලැබේ.මධ්‍යකාලීන පදනමක් යටතේ රටේ ආර්ථික වර්ධනය රඳා පවත්වා ගත හැකි කාර්යක්ෂම පාරිභෝගික භාන්ඩ හා සේවා සැපයීම මෙහිදී අතිශයින් වැදගත්ය.තරඟකාරීත්වය සහ පාලන විව්‍යුහය ප්‍රවර්ධනය කල හැකි විව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට මෙහිදී ලෝක බැංකු අවධානය යොමුවී ඇත.

ඉහත ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින්  ලෝක බැංකුව බලාපොරොත්තු වූවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය 2016 වර්ෂයේදී 2015 ට සාපේක්ෂව නියත මට්ටමක පවත්වා ගැනීමත් 2017 වර්ෂයේදී  එය  5%කට තරමක් වැඩි අගයක රඳවා තබා ගැනීමත් ය. 2018 වර්ෂයේ සිට ආපසු හැරී බලන විට මෙම ඉලක්ක එක්තරා දුරකට සඵල වී ඇති මුත් 2018 වර්ෂයේ මුල් කාර්තුවේදී  දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය නැවතත් පහල අගයකට පහත බැස ඇති බව පෙනීයයි.පාරිභෝගික භාන්ඩ ආනයන කිරීමේදී දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය කෙරෙහි වන සෘනාත්මක බලපෑම සංචාරක කර්මාන්තය, පොදු සහ පුද්ගලික ආයෝජන මඟින් ආවරණය කල හැකිව තිබේ.


පසුගිය විනිමය අනුපාතික අවපාතනයන් සහ එකතු කල බද්ද මත අගය (vat) ඉහල යාම් නිසා 2016 සහ 2017 වර්ෂ වලදී උද්ධමනය ඉහල නැඟ ඇත්තේ අන්තර් ජාතික පාරිභෝගික භාන්ඩ මිළ පහත වැටීමේ ප්‍රවණතාවයක් පවතින අතරය.ආනයන වියදම අඩුකිරීමෙන් සහ සංචාරක කර්මාන්තය ඉහල නැංවීමෙන් ඉදිරි වර්ෂ  වලදී අය-වැය හිඟය අවප්‍රමාණ කිරීම ලෝක බැංකුවේ එක් අරමුණකි.

වර්තමාන වර්ධනයන්


ගෝලීය මට්ටමෙන් එල්ලවූ භාහිර බලපෑම් නිසා 2015 වර්ෂයේදී සාර්ව ආර්ථික (macro economic) වර්ධනයේ ඇතිවූ පසුබෑම  ආවරණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය විකරණයන් කිහිපයක් සිදු කරන ලදි.මේ නිසා අමාත්‍ය මණ්ඩලය විසින්  ආදායම් බදු සහ  එකතු කල බද්ද මත අගය  සංශෝධනය කිරීමේ  කැබිනට් මණ්ඩල තීරණයන් නිකුත් කිරීම මගින් 2016  අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.9% සිට 5.4% දක්වා අගයකට පහත හෙළීමට ඉලක්ක කරන ලදි.දැඩි  මූල්‍යමය ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම මඟින් නොවැළැක්විය හැකි ලෙස ඉහල යන උද්ධමනය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

ඉහත මූල්‍යමය හා ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමේදී 2016 වර්ෂයේ මුල් අර්ධයේදී ආර්ථිකය 2015 වර්ෂයේ එම අර්ධයට සාපේක්ෂව 3.9% ප්‍රමාණයකින් වර්ධනයක් පෙන්වීය.2016 අගෝස්තු මස උද්ධමනය 4%ක් දක්වා ඉහල යාමේදී හර උද්ධමනය 4.1%ක අගයක ස්ථාවරව පැවතිනි.බදු එකතු කිරීමේ ක්‍රමවේදයන් වඩා විධිමත් වීමේදී එම වර්ෂයේ  මුල් මාස පහ තුල අය වැය  හිඟය  සුළු වශයෙන් අඩු වන්නට විය.කෙසේ වුවද 2016 ජූලි මස මෙම නව  එකතු කල අගය මත බද්ද සංශෝධනය සඳහා වූ යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මඟින් අත්හිටුවන ලදි.එයින් මසකට පසුව නැවතත් එම නව ප්‍රතිසංශෝධනයන් ක්‍රියාත්මක කිරීම සිදු විය.මේ අතර බොරතෙල් මිළ පහල වැටීමත් සංචාරක කර්මාන්තයේ වර්ධනයත් යන කරැණු නිසා ශ්‍රී ලංකාවේ විදේශ ගිණුම්  වල වටිනාකම ඉහල නැංවිනි .සමකාලීන  දේශපාලන ස්ථාවරභාවය සහ යුරෝපා සංගමය මගින් නැවත ලබාදෙන ලද ඇඟළුම් ඇතුළු අනෙකුත් භාන්ඩ අපනයන බදු සහන පදනම් වෙමින්  ලංකාවේ නිල විදේශ සංචිත ඉහල නැඟීම සිදුවිය.


මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින්  එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ආධාර මුදලක් සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ විව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය සඳහා ලබාදෙන ලදි.එමෙන්ම ලෝක බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ආධාර මුදලක් අය වැය ප්‍රතිපාදන ලෙසින් රාජ්‍ය අංශය, තරඟකාරීත්වය , පාරදුෂ්‍යභාවය සහ  අය වැය කළමනාකරණය යන අංශ වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබා දෙන ලදි.මෙම වැඩසටහන ජයිකා(JAICA)ආයතනය විසින් සම්භන්ධීකරණය කරනු ලැබූ අතර එමගින් තවත් වැඩිපුර එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක අය වැය  ණය මුදලක්  ඉහත ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයන් සඳහාම ලබාදී තිබුනි.


                            අභියෝගයන්


5%ක් වූ වර්ධන වේගයක් ස්ථාවරව පවත්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව  බදු පදනම පුළුල් කිරීමෙන්  බදු ආදායම් ඉහල දැමිය යුතුව ඇත.මධ්‍යකාලීන ලෙස  සරල බදු අයකිරීමේ ක්‍රමවේදයන් සහිත පද්ධතියක් ස්ථාපිත කිරීම,බදු පරිපාලන පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම,අපනයන තරඟකාරීත්වය ඉහල නැංවීම,2019 දී කල්පිරෙන යුරෝ බැඳුම්කර ප්‍රතිමූල්‍යකරණය කිරීමේ අවධානම කළමනාකරනය කිරීම යන කරැණු මඟින් ශ්‍රි ලංකාවට බදු ආදායම ඉහල නංවා ගැනීමේ කාලීන අවශ්‍යතාවය පැන නැඟ ඇත.

රජය විසින් රටේ දුප්පත් ජනතාව මත ඇති වන බලපෑම අවම වන පරිදිත් තරඟකාරීත්වය උපරිම වන පරිදිත් එහි බදු ප්‍රතිපත්ති පද්ධතිය සකසා ගත යුතුය.එකතු කල අගය මත බද්දෙන් නිදහස් කිරීම් (VAT) ඉවත් කිරීමෙන් එම අවස්ථා බොහෝමයක්  සමානුපාතික නොවන අයුරින් ඉහල අදායම්ලාභීන්ට වාසි සහගත ලෙස බලපාන අයුරැ පෙනීයයි.සමාජ ආරක්ෂන ජාලයක් යටතේ ඉලක්කගත සමාජ පිරිවැය මත තැබීම සමාජයේ අඩු ආදායම්ලාභීන්ට අවම බදු පිරිවැයක් ලබාදීමේ සාර්ථක ක්‍රමවේදයක් වන්නේය.වැට් පද්ධතිය නවීකරණය සහ සරල හා කාර්යක්ෂම බවට පත් කිරීමෙන් රාජ්‍ය ආදායම් අවකාශය වැඩිවන අතර මෙම අතිරික්ත ආදයම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ රටේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය යන අරමුණු වෙනුවෙන් කැපකල හැකිය.මෙම පියවරවල් ප්‍රතිසංස්කරණ වැඩසටහනකට අත්‍යාවශ්‍යවේ.


චීන ආර්ථිකයේ පසුගිය සමය පුරාවට සිදුවූ අවපාතනය , මැදපෙරදිග, රැසියාව සහ යුරෝපා සංගමයේ ආර්ථිකයන්හි අර්බුදකාරී අලකලංචි තත්වයන්  ශ්‍රී ලාංකේය අපනයනයන් සහ විදෙස් ආදායම් මත සෘජුවම බලපායි.අර්බුදකාරී ගෝලීය මූල්‍ය ආර්ථික පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය පිටතට ගලායන අතර ණය පොලී අනුපාතිකයන් ඉහල අගයන් ගනී.

ආදායම් මෙහෙයුම්, තරඟකාරීත්වය, පාලනය යන අංශවල ප්‍රතිපත්තිමය විකරණයන් සිදුකිරීමේ අවශ්‍යතාවය තවදුරටත් ශ්‍රී ලංකාවට පවතී.මෙම ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයන් නිසි පරිදි සිදු කරන්නේ නම් මෙරටට ඉහල මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල් ගොන්නට එක්විය හැකිවනු ඇත.

ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වාර්තාව ඇසුරෙනි.

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment