Wednesday, May 2, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික හා මානව සංවර්ධනය ලෝක බැංකු ඇසින්-2

ශ්‍රී ලංකාවේ ආර්ථික හා මානව සංවර්ධනය ලෝක බැංකු ඇසින්-2


ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සාභාගිත්වය, ද්වීතීයික අධ්‍යාපනය සඳහා වන ඉහල සාභාගීත්වය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනයේදී ස්ත්‍රී පුරැෂ විෂමතාවය අවම තත්වයක පැවතීම සහ අධ්‍යාපනය සඳහා වන විශ්වීය ප්‍රවේශය යන අංශ වලදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රශංශනීය ප්‍රගතියක් ලබා තිබේ.ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වන සභාගීත්වය 99%ක් පමණ වන අතර ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය 95%ට වඩා වැඩිවේ.අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වන ස්ත්‍රී පුරැෂ සාභාගිත්ව අනුපාතය සතුටුදායක මට්ටමක පවතින අතර ද්වීතීයික අධ්‍යාපනය සම්භන්දයෙන් සලකන කල එහි ස්ත්‍රී සාභාගීත්වය තරමක් ඉහල මට්ටමක පවතී.

සෑම මට්ටමකම අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ඔස්සේ ලෝක බැංකුව මානව ප්‍රාග්ධන ප්‍රවර්ධනය සඳහා උපකාර කරනු ලැබේ.දුෂ්කරතා සහිත පවුල්වල දරැවන්ට පූර්ව ළමාවිය අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීම සඳහා  ප්‍රවේශවීමට පවතින අවස්ථාවන් පූර්ව ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රවර්ධනය කරනු ලැබේ.2018 වර්ෂයේ මැද ආරම්භ කිරීමට නියමිත පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහාද ලෝක බැංකුව විසින් ආධාර කිරීමට නියමිතව තිබේ.


මෙමඟින් පාසල් අධ්‍යාපන පද්ධතියේ  ගුණාත්මක තත්වය  ප්‍රවර්ධනය කරන අතරම සුපරීක්ෂණය විධිමත් කරනු ලබයි.මෙමඟින් ඉංග්‍රීසි සහ ගණිතය යන විෂයයන්ගේ කාර්යක්ෂම ප්‍රතිපල වර්ධනය කරන අතරම ගුරැවරැන්ගේ කුසලතා ඉහල නැංවීමක් සිදු කරනු ඇත.උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම(AHAED) උසස් අධ්‍යාපන පද්ධතියට නවමු ලෙසින් හඳුන්වා දෙන අතර මෙමගින්  ප්‍රධාන වශයෙන්ම  ආර්ථික සංවර්ධනය සඳහා නව  ශික්ෂකයින් කාර්යක්ෂම ලෙසින් ප්‍රවේශ කිරීම, උපාධි වැඩසටහන් වල තත්වය වර්ධනය කිරීම සහ  පර්යේෂණ සහ නව ප්‍රවණතා ප්‍රවර්ධනය  කිරීම අපේක්ෂා කරනු ලැබේ.මෙම AHAED වැඩ සටහන  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට දියත් කරනු ලබන්නේ ලොව ප්‍රථම වතාවටයි.


සෞඛ්‍යය

පසුගිය 80 දශකයේ සිටම අන්තර් ජාතික සංවර්ධන සහයෝගීතාවයක් හරහා ලෝක බැංකුව විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්ලේෂණාත්මක ක්‍රියාකාරකම් සහ ඇඟයීම් සඳහා සහයෝගීතාවය ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා සෞඛ්‍යය ක්ෂේත්‍රයට උසස් කාර්යක්ෂමතා හා කුසලතා සම්භන්ද වාර්තාගත සාර්ථකත්වයක් ඇත.එයට වෙන් කරනු ලබන ප්‍රතිපාදන පරිමාවට සාපේක්ෂව මාතෘ සෞඛ්‍යය , ළදරැ සෞඛ්‍යය සහ ආසාදිත රෝග පාලනය යන අංශ වලදී එය විසින් සාර්ථක ප්‍රතිපල සාක්ෂාත් කර ඇත.ළදරැ සහ මාතෘ මරන අනුපාතිකය  ඉතා පහත් මට්ටමකට අඩුවීම (පිලිවෙලින් ළදරැ මරණ අනුපාතිකය 30:100000 සහ මාතෘ මරණ අනුපාතිකය 8:100000 යන අගයන්)මගින් පසුගිය අඩ ශතවර්ෂය තුල කාර්යක්ෂම සහ ඒකාබද්ධ කරන ලද මාතෘ සහ ළදරැ සෞඛ්‍යය සේවාවන් දක්නට ලැබිනි.


ජාතික සෞඛ්‍යය වැඩසටහනට  රැපියල් මිලියන 200 ක් වටිනා දෙවන සෞඛ්‍යය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වර්තමානයේදී  ආධාර සපයනු ලැබේ.මෙමගින් මහජන සෞඛ්‍යය පද්ධතියේ කාර්යක්ෂමතා සම්මතයන් වර්ධනය කරමින් මන්දපෝෂණය සහ බෝ නොවන රෝග මර්දනය සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දෙමින් පවතී.මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ  නව්‍යකරණය, ප්‍රතිපල සුපරීක්ෂණය සහ ධාරිතා වර්ධනය යන අරමුණු ඉටුකෙරේ.

මෙම ව්‍යාපෘතිය මඟින් ඉලක්කයන් 20 ඉටු කර ගැනීම අරමුණු කරයි .(ජාතික සෞඛ්‍යය සංවර්ධන සැලසුම් ප්‍රතිපල)වසර තුනක් පුරාවට ප්‍රතිපල වාර්තාගතකිරීමෙන් අනතුරැව  අපේක්ෂිත ඉලක්කයන් බොහෝමයක් ඉක්මවා යාමට මෙම ව්‍යාපෘතිය සමත්වී ඇත.

1. රට පුරා ක්‍රියාත්මක වන ළමා සහ මාතෘ සායන 3883 කින් 58%ක ප්‍රතිශතයක් අපේක්ෂිත ඉලක්ක සඵල කරමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා පූර්ණ පහසුකම් සපයමින් පවතී.වෛද්‍ය නිලධාරීන් 330 කගෙන් 260 ක්ම අපේක්ෂිත ඉලක්ක ඉක්මවමින් පවතී.

2. වෛද්‍ය නිලධාරීන් 330කින් 55%ක ප්‍රමාණයක්ම අවම වශයෙන් ක්‍රියාකාරී සෞඛ්‍යය මධ්‍යස්ථාන දෙකක් සඳහාවත් සිය සේවාව සපයා දෙමින් අපේක්ෂිත ඉලක්කයන් ඉක්මවා සිටිති.

3. ආබාධිත පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පුනුරැත්ථාපන සේවාවන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම

4. ප්‍රාථමික සෞඛ්‍යය සේවා අංශ 855කින් 62%ක් සදහාම යටත් පිරිසෙන් එක් මසක් සඳහාවත් ප්‍රමාණවත් වන අත්‍යාවශ්‍ය ඖෂධ 16ක සංචිතයන් පැවතීම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යන්නකි.

5. රජයේ රෝහල් වල පරීක්ෂනාගාර වලින්   94%ක  ප්‍රතිශතයක්  වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සුපරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

6.  ද්වීතීයික රෝහල් වලින් 95% කම තත්ව පාලන ඒකකයන් ක්‍රියාත්මක වන අතර තත්ව පාලන ඒකකයන් සඳහා නියමු වැඩසටහන් සැලසුම් කර ඇති අතර පරිපාලනය සදහා විශේෂ පුහුණු වැඩසටහන්  අදාල නියමු කාර්රයන්ට අනුකූලව ක්‍රියාත්මක කරනු ලැබේ.

7. මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන රෝහල් වලින් 55%ක්ම අභ්‍යන්තර මරණ දත්තයන් වාර්තා කරනු ලබන අතර පරිගණකගත කල එම දත්තයන් අපේක්ෂිත ඉලක්කයන් පසුකරයි.


නාගරික සංවර්ධනය

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ කොලඹ මහ නඟර ප්‍රදේශය පදනම් කර ගෙනයි.රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 45%ක ප්‍රතිශතයක් මෙම ප්‍රදේශයෙන් නිෂ්පාදනය කරනු ලබන අතර රටේ ජනගහනයෙන් 28%  කට ආසන්න ප්‍රමාණයක් මෙම කොලඹ මහනගර සභා ප්‍රදේශයේ පදිංචිවී සිටිති.චිරස්ථායී  සංවර්ධනය  සහ දීර්ඝ කාලීන සමෘද්ධිය උදාකර ගත හැක්කේ ආර්ථිකයේ අවස්ථාවෙන් වඩාත් තුල්‍ය ලෙස ව්‍යාප්ත කිරීමෙනි.කොලඹ, මහනුවර, ගාල්ල , යාපනය යන මහ නගර වල ඉහත ආර්ථික සම්පත් තුල්‍ය ලෙස ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය පවතී.

නාගරිකරණය සහ ග්‍රාමීය-නාගරික සම්භන්ධීකරණ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ලෝක බැංකුව ලංකාවට සිය සහයෝගය ලබාදේ.මූලික නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නවීකරණය කල ඒකාබද්ධ නාගරික ඟංවතුර පාලන පද්ධතියක් සකස් කිරීම, තෙත් බිම් කළමණාකරණ පද්ධතියක් පිහිටුවීම සඳහා මහකොලඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් 2013 වර්ෂයේදී ඉදිරිපත් කරන ලදි.කිලෝමීටර් 3 ක් දිගින් යුතු ප්‍රාථමික ඇල මාර්ගයක් ඉඳිකිරීම, ක්ෂුද්‍ර පරිවහන උප ඒකක දෙකක් ගොඩනැඟීම, කිලෝමීටර් 29 මහා මාර්ගයන් අදාල සම්මතයන්ට අනුකූලව ගොඩනැංවීම මේ යටතේ සිදු කරනු ලැබේ.අභිනවයෙන් ඇති කරන ලද බැද්දගාන තෙත් බිම සහ අභයභූමිය  ඟංවතුර තත්වයන් පාලනය සඳහා උපකාරී වන අතර නාගරික සුවිශේෂ  තෙත් බිම් වල අත්දැකීම ලබාගැනීමට ජනතාවට අවස්ථාව ලබාදේ.මෙම ව්‍යාපෘතිය මඟින් නගර චතුරශ්‍රය හා විහාර මහාදේවී උද්‍යායනය ප්‍රතිසංස්කරණය සඳහා අරමුණු කරනු ලබයි.මෙයට මහජන පහසුකම්, බයිසිකල් තීරැ සහ ක්‍රීඩාපිටි සැකසීම අයත්වේ.


උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ ව්‍යාපෘතියට අමතර මුදල් ප්‍රතිපාදන සැපයීම මඟින් නාගරික යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.මහනුවර, ගාල්ල, යාපනය යන මධ්‍යම, දකුණු සහ උතුරැ පළාත් ආශ්‍රිත උපාය මාර්ගික නගර වල යටිතල පහසුකම් ප්‍රවර්ධනය , නාගරික ජල සම්පාදන ආයෝජන ප්‍රවර්ධනය, පළදෝරැ පද්ධති සහ කානු පද්ධති ප්‍රතිසංස්කරණය, සංස්කෘතික උරැමයන් ප්‍රතිසංස්කරණය, නාගරික ප්‍රවාහනය සහ මාර්ග තදබදය කළමණාකරනය යන අංශ ප්‍රවර්ධනය කිරීම මෙයට අයත්වේ.


ලෝක බැංකු ප්‍රකාශනය ඇසුරෙන්  පරිවර්තනය

අනුරාධ සේනාරත්න





No comments:

Post a Comment