Thursday, May 3, 2018

2015 ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ප්‍රවණතා

2015 ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ප්‍රවණතා


ශ්‍රී ලංකා රජයට එහි විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රතිරෑපය නිර්මාණය කිරීමෙහි ලා තීරණාත්මක කරැණු සහ අර්බුද   රැසක් සමඟම කටයුතු කරමින් එහි රාජ්‍ය තාන්ත්‍රික ගමන් මඟ නීර්ණය කිරීමට සිදුවේ.මෙම ලිපිය මඟින් ශ්‍රී ලංකාවේ ගෝලීය සම්භන්දතා පිලිබඳ පූර්ණ විශ්ලේෂණයක් සිදු කිරීමට බලාපොරොත්තුවේ. පැවති රජයන් සියල්ලම සහ විශේෂයෙන්ම පසුගිය රජය මෙන් වත්මන් රජයට එහි ගෝ්ලීය සම්භන්දතා පිලිබඳ ශක්තිමත් සංකල්පීය ප්‍රතිරෑපයක් ස්ථාපිත කිරීමට අවශ්‍යව තිබූ බව මේ දක්වා සාක්ෂි ලැබී නැත.කාල්පිත ප්‍රතිරෑප සහ උපායමාර්ග වලින් වියුක්තව එහි අන්තර් ජාතික සම්භන්දතා මෙහෙයවීම සිරිසේන-වික්‍රමසිංහ රජයේ මූලික සිද්ධාන්තයක් බවට පත්වී ඇත.

දේශීය, කලාපීය සහ ගෝලීය කරැණු

විදේශ ප්‍රතිපත්තිවලදී යහපාලන රජයේ දැකිය හැකි මෙම නම්‍යශීලීතාවය දුර්වලතාවයක් ලෙස ඇතැම්හු දකිති.කෙසේ වුවද මෙම තත්වය දෙස වෙනත් පැති කඩකින් දැකිය හැකිය.එය කාර්යක්ෂම සහ ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක වැදගත්  මානයක් නිරෑපනය කරනු ලබන අතර අත්‍යවශ්‍ය දේශීය, කලාපීය, ගෝලීය සංකීර්ණතා සීමාවන් සඳහා පදනම බවට පත්වේ.වත්මන් රජය සමහර විදේශ ප්‍රතිපත්ති නිර්ණායකයන් ගේ විවිධ ප්‍රතිචාර පරීක්ෂණයට ලක් කරමින් සිටින අතර රජයේ විදේශ ප්‍රතිපත්තියේ මෙකී නම්‍යශීලී ස්වභාවය දුර්වලතාවයක් හෝ අර්බුදකාරී ප්‍රවේශයක් නොවේ.



2015 වර්ෂයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලාංකීය විදේශ ප්‍රතිපත්තියේ ස්වරෑපය නිර්මාණය කිරීමෙහි ලා තීරණාත්මක වන නිර්ණායකයන් මොනවාද?එම නිර්ණායකයන් අපට කාන්ඩ දෙකක් යටතේ වර්ගීකරණය කල හැකිය.

මින් පලමු වැන්න මැතිවරණ සහ පාලන පද්ධති වල වෙනස්කම් කිරීමයි.සෑම නව රජයක්ම විදේශ ප්‍රතිපත්තියේ නවමු මාවතක් ඔස්සේ ගමන් කිරීමට අපේක්ෂා කරයි.කලාපීය සහ ගෝලීය වශයෙන් බල කඳවුරැ අතර පවතින උණුසුම් සහ අර්බුදකාරී පසුබිම් පදනම් කර ගනිමින් නව රජය විසින්  පසුගිය රාජපක්ෂ රජයේ අසමතුලිත විදේශ ප්‍රතිපත්තියෙන් ක්ෂණිකව අපගමනය වෙමින් නව විදේශ පිලිවෙතක් කරා ගමන් කරන ලදි.රාජපක්ෂ රජය සමයේ සීමා කරන ලද කලාපීය මෙන්ම ගෝලීය සම්භන්දතා ජාලය නැවත  ශක්තිමත් කිරීම  සහ ප්‍රකෘතිමත් කිරීම මඟින් සමීප විදේශ සම්භන්දතා ජාලයක් බවට පත් කිරීම නව රජයේ දැක්මයි.විදේශීය ප්‍රතිපත්තියේ හරාත්මක පැතිකඩ යම් විකරණයක් යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ.


මෙම වෙනස ප්‍රාථමික වශයෙන් චීනය සමඟ පැවති කලාපීය සම්භන්දතා වල විකරණය කිරීම සමඟ සිදුවිය.පසුගිය රජය සහ එහි ජනාධිපතිවරයා සමඟ චීනය වඩාත් සමීප දේශපාලනමය සහ ආර්ථික සම්භන්දතා පැවැත්වීය.2014 වර්ෂය තුලදී පවා චීනය පැවති රජය සමඟ ඉතාම සමීප සම්භන්දතා පවත්වනු ලැබුවේ ඉන්දියාව වැනි කලාපීය අනෙකුත් රටවල් මෙන්ම එක්සත් ජනපදය, යුරෝපා සංගමය වැනි ගෝලීය බලවේග සමඟද අන්තර් ජාතික සම්භන්දතා වල එක්තරා අර්බුදකාරී තත්වයන් නිර්මාණය කරමින්ය.

මෙම සියළු සාධකයන් පදනම් කර ගනිමින් වත්මන් රජය චීනය සමඟ මෙතෙක් පැවති ආර්ථික සහ දේශපාලනික සම්භන්දතා දුරස්කිරීමේ ප්‍රතිපත්තියකට එලඹිනි.මෙය ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර පැවති ආතතික තත්වයක් ලෙසද සමහවෙිදෙස් විචාරකයන් දකින ලදි.මෙම තත්වය හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේදී වඩා පැහැදිලිව දක්නට ලැබිනි.රජය විසින් එහි විදෙස් ප්‍රතිපත්තියේ අවිනිශ්චිත ප්‍රාරම්භක අවස්ථාව පසුකරන ලද අතර එහි හරාත්මක විදේශ ප්‍රතිපත්ති රටාවේ නවීකරණයක්  සිදු කරමින් කලාපීය සහ ගෝලීය වශයෙන් සියල්ලන් සමඟම සුහදශීලී සම්භන්දතාවක් ගොඩනඟා ගැනීම එහි අරමුණ වේ.


අභ්‍යන්තර දේශපාලනය සහ භාහිර සම්භන්දතා

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයේදී සහ භාහිර විදේශ සම්භන්දතා වලදී ජනවාර්ගික ප්‍රශ්නය සහ සිවිල් යුද්ධය  යන සාධක ද්විත්වයම අන්නෝන්‍ය වශයෙන් පොදු රාමුවක් තුල ක්‍රියාත්මක වන මධ්‍යම අරමුණක් නියෝජනය කරයි.නිව්යෝක්, ජිනීවා, වොෂින්ටන්, ලන්ඩන්, බ්‍රසල්ස්, නවදිල්ලිය යන ඒවා ශ්‍රී ලංකාවේ භූගෝලී දේශපාලනයේ මූලික සන්ධිස්ථාන වේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය සම්භන්දතා සහ උපායමාර්ගයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ වූවේ 2015 ඔක්තොම්බර් මස පැවැත්වූ ජිනීවා සමුළුවත් සමඟයි.වර්ෂ 2009 න් පසු ශ්‍රි ලංකා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය, බටහිර රටවල්, ගෝලීය සහ දේශපාලනික පද්ධති වල කළමනාකරැවන් එකම වේදිකාවක සිට මිත්‍රත්වයෙන් සංවාදයේ යෙ‍දෙනු මුල්ම වරට අප දුටුවේ මෙම ජිනීවා සමුළුවේදීය.පශ්චාත් යුද සාම වැඩපිළිවෙල සහ සංවර්ධන ක්‍රියාදාමය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.


පසුගිය 2016 වර්ෂයේදී මෙම විදේශ සම්භන්දතා  ප්‍රතිව්‍යුහගතකරණය තරමක් දුෂ්කර කාල සමයක් තරනය කලේය.එහි හේතුව ප්‍රාථමිකව අභ්‍යන්තර දේශපාලනික හේතූන් පදනම් විය.මෙරට මුහුන දෙන ගැටළු වන  බරපතල ගෙවීම් ශේෂ අර්බුදය , ඉහල යන ණය අර්බුදය, පුද්ගලික විදේශ ආයෝජන පහත වැටීමේ තත්වය යන ගැටළුවලට විසඳුම් සෙවීම මෙයින් අදහස් කරයි.

ශ්‍රී ලංකාව මුහුනදෙන සෑම ආර්ථික  ගැටළුවකටම විසඳුම් ලබා ගැනීමට උපකාරී වීමට යුරෝපා සංගමය ඇතුළු බටහිර බලවේගයන් සූදානම් නොමැති බව රජය විසින් තහවුරැ කරගෙන ඇත.සිරිසේන-වික්‍රමසිංහ රජය හොඳින්ම තහවුරැ කරගෙන ඇති පරිදි  යුරෝපයෙන් හෝ ඇමරිකාවෙන් ලබා දෙන කිසිදු ආධාරයක්  නොමිලයේ ලබා නොදෙන අතර ඒවා සමඟ නොයෙකුත් කොන්දේසි බැඳී පවතී.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මුහුන දුන් ආර්ථික අවපාතමය විනාශකාරී තත්වය නිසා වත්මන් රජයට එහි විදේශ සම්භන්දතා ප්‍රති සංවිධානය කිරීමට අවශ්‍යව තිබේ.මෙය සඳහා පැවතුන එකම මඟ නම් මුලදී දුරස් කරන ලද චීනය සමඟ නැවත වරක් සමීප හා පුළුල් ආර්ථික දේශපාලනික සම්භන්දතා වර්ධනය කර ගැනීමයි.මේ සඳහා සම්මුති සන්ධානය තුලින් හා පරිභාහිර විපක්ෂයෙන් විවිධ විවේචන එල්ලවිනි.


මෙහිදී රජය විසින් චීනය හා නැවත සමීප ආර්ථික හා දේශපාලනික සම්භන්දතා වර්ධනය කර ගැනීමේදී වඩාත් සැලකිලිමත්  පැතිකඩකින් එම සම්භන්දතා තර කරනලදි.මෙහිදී වඩාත් සමීප දේශපාලනික සහ සංකල්පීය සම්භන්දතා වර්ධනය කරන ලදි.

මෙම රජයේ විදේශ ප්‍රතිපත්ති පවතින රජයෙන් යම්තාක් දුරකට වෙනස් වන්නේ ඒ නිසාය.රාජපක්ෂ පාලන සමයේ ඒකාධිපති පවුල් පාලන ජුන්ටාව පවත්වාගෙන යාමට චීනය විසින් එහි විධායක ජනපතිවරයාට සහයා්ගයක් ලබා දෙන ලදැයි දැඩි විශ්වාසයක්  පවතී.

ජාතික ප්‍රමුඛතා


ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයා සමඟ තිබූ පුද්ගලික සහ දේශපාලනමය සම්භන්දතා චීන නායකත්වය විසින් කිසිදු විටෙක අතහැරීමට සූදානම් නොමැති බව පෙනේ.විදේශ ප්‍රතිපත්ති වලදී චීනය ඵෛතිහාසිකවම ජාතික අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වීමට වඩාත් විශ්වාසය දිනාගෙන තිබේ.මෙලෙස චීනය විසින්  ශ්‍රී ලංකාව සමඟ විදේශ සම්භන්දතා නැවත ගොඩනඟන අතර මෙම සම්භන්දතා වල රෙගුලාසි සහ කොන්දේසි සිය වාසිය සඳහා පරිවර්තනය කල හැකි තත්වයක් ඇති කරන ලදි.

මේ අතර දේශීය දේශපාලන ආර්ථික සහ සමාජයීය තත්වයන් ශ්‍රී ලංකාවේ විදේශ සම්භන්දතා මෙහෙය  වන ඉහල හස්තය බවට පත්වී තිබේ.එක් ප්‍රකට උදාහරණයක් යොදා ගනිමින් මෙම තත්වය පැහැදිලි කරමු.

ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ දේශීය ප්‍රතිපත්ති පිලිබඳ රජයේ සමස්ත වාර්තාව අනුව එම ප්‍රතිපල පහල සපිරැම් මට්ටමක පවතී.පසුගිය රජය දේශීය වශයෙන් ලබා ගත් ජයග්‍රහනයන් බොහෝමයක් සෘනාත්මක පදනමක් බවට පත්වී ඇත.උදාහරන ලෙස හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ සඳහන් කල හැකිය.සෘනාත්මක වශයෙන් අදහස් කරන්නේ උචිත හා ඔබින සමහර දේවල් නොකිරීම හා ජනප්‍රියතා පදනමක් මත තීරණ ක්‍රියාත්මක කිරීමයි.මේ නිසා රජයේ අරමුණ විවෘත, ප්‍රජාතාන්ත්‍රීය සහ සීමාකාරී නොවන වටපිටාවක් නැවත ගොඩනැඟීම සහ පවත්වාගෙන යාමයි.මෙමගින් රජයේ ආයතන කිසියම් දෙයක් කිරීම වෙනුවට වඩාත් ධනාත්මක දෑ සිදුකිරීමේ වැදගත්කම විදහාදක්වයි.

මෙම දුර්වල ප්‍රජාතාන්ත්‍රික ධනාත්මක ප්‍රවර්ධනය පිලිබඳ වාර්තාවන් පැහැදිලි කිරීමට හොඳ හේතු පවතී.මේනිසා රජය මේ වන විටත් දේශීය සිවිල් ප්‍රජාවේ සහයෝගීතාවය අහිමි කර ගෙන තිබේ.


මේ නිසා කලින් සඳහන් කල ආකාරයට රජය ක්ෂේත්‍ර තුනක සාර්ථකත්වය මේ වන විට ලබා ගෙන තිබේ.

1. ප්‍රතිපත්ති නම්‍යශීලීත්වය මඟින් විදේශීය සම්භන්දතා කළමනාකරනය කිරීමමෙයින් එකකි.

2. ශ්‍රී ලංකාව පාලන ඒකාධිපති ව්‍යුහයක් වෙතට තල්ලුවී යාම 19වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති බලතල කප්පාදුවෙන් වළක්වා ලීම

3. මානව හා සමාජ සංවර්ධන දර්ශකයන් හා හිතකර විදේශ සම්භන්දතා ඉහල නංවා ගැනීමෙන් යුරෝපීය ආයෝජන සහන සහ නිදහස් වෙළඳ අවස්ථා වැඩි වැඩියෙන් හිමිකර ගැනීම

යන විදේශ සම්භන්දතා අංශයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය මේ වන විට ඉහල මට්ටමේ ප්‍රගතියක් ලබාගෙන ඇත

සම්මුති සන්ධාන රජයේ සිවිල් කමිටු මහාචාර්යවරයෙකු ශ්‍රී ලංකාවේ නව විදේශ සම්භන්දතා සම්භන්දයෙන් ඉදිරිපත් කල විග්‍රහයක් සිංහලට පරිවර්තනය කලේ

අනුරාධ සේනාරත්න


No comments:

Post a Comment