Monday, May 7, 2018

උතුරැ කොරියාවේ සාම ප්‍රයත්නය උපායක්ද?

උතුරැ කොරියාවේ සාම ප්‍රයත්නය උපායක්ද?



පසුගිය සිකුරාදා උතුරැ සහ දකුණු කොරියා නායකයින් විසින්  වසරක් ඇතුලත කොරියන් අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් දෙරට අතර ඇතිව පවතින සීතල යුද්ධය නිමා කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ අකඃන්ඩව සාකච්ඡා පැවැත්වීමටත් තීරණය කරන ලදි.මෙමඟින් දැනට පවතින කාලාපීය නොසන්සුන්තාවය  1950-1953 කාල වකවානුවේ පැවති යුදමය වාතාවරණය මෙන් විනාශකාරී තත්වයක් දක්වා රැගෙන යාම වළක්වනු ඇත.

මෙම ඵෛතිහාසික හමුව උතුරැ කොරියානු නායකයෙක්  දකුණු කොරියාවට පය තැබු ප්‍රථම අවස්ථාව ලෙස වාර්තාගත විය. උතුරැ දකුණු ලෙස බෙදී වෙන්වී සිටින කොරියන් අර්ධද්වීපයේ සාමය සඳහා බාධාවන අයුරින් දශක හයකට වැඩි කාලයක්  ස්ථානගත කර ඇති දෙරට හමුදාවන් ඉවත් කිරීම සඳහා කිසියම් ගිවිසුමකට එලඹීමේ අවශ්‍යතාවය මෙහිදී නායකයන් දෙපළ විසින් අවධාරණය කරන ලදි.සාම ගිවිසුමකට එලඹීම උතුරැ කොරියාව සඳහා වාසි සහගත තත්වයක් වන අතර එයට හිලව් වශයෙන් එය මඟින් ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික වැඩසටහන නවතා දමන කොන්දේසිය ඉදිරිපත් වනු ඇත.


න්‍යෂ්ටික අවි වලින් තොර කොරියන් අර්ධද්වීපයක්  නිර්මාණය කිරීම සඳහා පූර්ණ න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලියක නිරතවීම දෙරටේම පොදු ඉලක්කය වශයෙන් මෙහිදී නායකයන් දෙපළ අවධාරණය කරන ලදි.පැන්මූන්ජොන් නම් දේශසීමා මායිම අසල පිහිටි ගම්මානයේදී පැවති මෙම හමුවේදී ඉහත ප්‍රකාශය  කියවා ඒ සඳහා උතුරැ කොරියානු නායක කිම් ජොන් උන් මහතා සහ දකුණු කොරියානු ජනාධිපති  මූන් ජෙයි මහතා විසින් අත්සන් තබන ලදි.

මෙම ගිවිසුමට එලඹෙන ලද්දේ දිනය අවසානයේදී වන අතර එය සුවිශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික සම්භන්ධීකරණයක් ලෙස හැඳින්විය හැකිය.සමඟිසන්ධානය සහ අවිහරණය සදහා වූ මෙම හමුව එම මෙහොතේම ලෝකය පුරා ජනමාද්‍ය මඟින් සජීවීව ප්‍රචාරය කරන ලදි.දිනය අවසානයේදී සිනහ මුහුණින් යුතුව අතට අත දුන් ඔවුන් මිනිත්තු 30කට ආසන්නව සුහදශීලී සාකච්ඡාවක නිරතව සිටියේ පැන්මූන්ජොන් ගම්මානයේ වනගත ප්‍රදේශයකදීය.


විස්මයජනක විවෘතභාවයක් සහ දැඩි එකඟතාවයක් ප්‍රකාශවූ මෙකී හමුවේදී උතුරැ කොරියානු ජනාධිපති කිම් ජොන් උන් මහතා ප්‍රකාශ කර සිටියේ "මා මෙහි පැමිණියේ හුදෙක් අප දෙරට අතර අතීත පාරම්පරික එදිරිවාදීත්වය අවසන් කිරීමට බවයි." එකඟතාවය විස්තරාත්මකව කෙටියෙන් දක්වා තිබෙන අතර  අදාල කාල සටහන් සහ මී ලඟ පියවර සාකච්ඡා කිරීමට අවශ්‍යයි" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම සිදුවීම සහ සංවාදය දකුණු කොරියානු පැන්මුන්ජොන්  රාජ්‍යතාන්ත්‍රිකයන් ඉතා ප්‍රවේශමෙන් අධ්‍යයනය කරන ලද්දේ එමගින් මී ලඟට පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරැ කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ගේ තීරණාත්මක හමුව සඳහා අදාල පදනම සැකසෙන බැවිනි.මෙම නායකයන් දෙපළම ඉතා නිර්භීත ලෙස සැලකෙන අතර න්‍යෂ්ඨික යුද්ධයක අවධානම්කාරී භීතිය පසුගිය සමයේ ලෝකය පුරා පැතිරීමට ඔවුන්ගේ වගකීමකින් තොර ක්‍රියාකලාපය හේතුවිය.


ට්‍රම්ප් පාලනය මඟින් උතුරැ කොරියාව මත ක්‍රියාත්මක කල සම්භාදක තර කරනු ලැබුවේ චීනයේද සහයෝගය සහිතව වන අතර මෙහිදී  උතුරැ කොරියාව විසින් කලින් සිය එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීමද සැලකිල්ලට ගනු ලැබිනි.මේ නිසා උතුරැ කොරියාව මත පනවා ඇති සම්භාදක ලිහිල් කිරීමට ප්‍රථමව න්‍යෂ්ටික අවි හරණ ක්‍රියාවලියේ පැහැදිලි ප්‍රගතියක් පෙන්වීම අවශ්‍යයැයි  ට්‍රම්ප් පරිපාලනය බලාපොරොත්තු වේ.මෙම වසරේදී උතුරැ කොරියාව මඟින් සාම ක්‍රියාවලිය සඳහා සිය එකඟතාවය ප්‍රකාශ කිරීමේදී න්‍යෂ්ටික අවි හරණයට ප්‍රථමව එරට විසින් ක්‍රියාත්මක කල යුතු ප්‍රධාන කටයුත්තක් ලෙස යුද මුක්ත කලාපයේ සිටින උතුරැ කොරියානු හමුදා කන්ඩායම් එම කලාපයෙන් ඉවත් කර ගැනීම බව දකුණු කොරියානු ජනාධිපති  මූන් ජෙයි මහතා විසින් අවධාරණය කරන ලදි.

එමෙන්ම දෙරට අතර පවතින අතිශය සන්නද්ද පොදු කලාපයෙන්  දෙරට හමුදා ඉවත් කර ගැනීම සඳහා  විධිමත් වැඩපිලිවෙළක අවශ්‍යතාවය කැපී පෙනිනි.  අර්බුදයට ලක්ව පවතින හා නිතර දෙරට අතර ලේ වැඟිරීම් සහිත නාවික සටන් බහුල ,  බටහිර මුහුදු තීරැවේ ඒකාබද්ධ ධීවර කලාපයක් ඇති කිරීමට මෙහිදී අවධානය යොමු විය.මෙම කරැණු සියල්ල සඳහාම න්‍යෂ්ඨික අවිහරණයට ප්‍රථමව ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම දකුණු කොරියානු ජනපතිවරයා විසින් අවධාරණය කරන ලදි.


දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් අතීතයේදී ලබා දෙන ලද පොරොන්දු නැවත වරක් තහවුරැ කරමින් උතුරැ කොරියාවට ආර්ථික සහනයන් ලබා දීමට සූදානම් බවට ඉඟි කලේය.උතුරැ කොරියානු මහා මාර්ග පද්ධතිය සහ දුම්රිය පද්ධතිය ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශාල ආයෝජනයන් සිදු කිරීමට දකුණු කොරියාව සූදානමින් සිටින බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයි මහතා ප්‍රකාශ කරන ලදි.නමුත් පෙරදී ඇති කරගන්නා ලද එකඟතාවයන් උතුරැ කොරියාව විසින් නොනවත්වා න්‍යෂ්ටික වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම නිසා බිඳ වැටුනි.මෙම ආර්ථික සහන ලැබීමට පෙර උතුරැ කොරියාව න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලියේ සැලකිය යුතු  ප්‍රවර්ධනයක් පෙන්විය යුතු සේම ඒ සඳහා අවසර ලබා දීම අත්‍යාවශ්‍ය බව දකුණු කොරියාව අවධාරණය කරයි.

වොෂින්ටන් පාලනය මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ස්ථාවරයට සිය එකඟත්වය පළ කරනු ලබයි.මෙහිදී ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ "කොරියන් අර්ධද්වීපයේ  යහපත් දෑ සිදු වෙමින් පවතින මුත් කාලය විසින්  පමණක් එය තහවුරැ කරනු ඇත "යන්නය.එයට මිනිත්තු 15කට පසුව  ජනාධිපති ට්‍රම්ප් විසින් "කොරියන් යුද්ධය අවසානයක් දක්වා පැමිණ ඇති බවත් සියළු ඇමරිකානුවන් කොරියන් අර්ධද්වීපයේ සිදු වෙමින් පවතින ක්‍රියාවලිය පිලිබඳ ආඩම්බර විය යුතු බවත්" ප්‍රකාශ කරන ලදි.ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය ඕවල් මන්දිරයේදී එක්සත් ජනපද ජනපතිවරයාව හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ උතුරැ කොරියානු නායකයා න්‍යෂ්ටික අවිහරණයට මෙවර  සත්‍ය වශයෙන් එකඟවී ඇතැයි තමන් විශ්වාස කරන බවය."ඔහු සෙල්ලම් කරන බව මා සිතන්නේ නෑ.උතුරැ කොරියාව අනෙකුත් රටවලට  තර්ජනයක් වන ලෙස එය මෙහෙයවන ලද වත්මන් උතුරැ කොරියානු ජනපතිවරයාට පෙර එම තනතුර දැරෑ පුද්ගලයන් ,  වරදක් සිදු කර ඇති බවත් එයින් රැවටී ඇත්තේ ඔවුන්ම බවත් මෙහිදී ජනාධිපති ට්‍රම්ප් පැවසීය.


මෙම සමුළුවේ සිදුවීම්  බොහෝමයක් දකුණු කොරියාවේ ජනමාද්‍ය මඟින් සජීවීව ප්‍රචාරය කරන ලද මුත් උතුරැ කොරියානු ජනමාද්‍ය මඟින් එවැනි සජීවී විකාශනයක් සිදු නොකෙරිනි.දෙරටේ පවතින මෙකී වෙනස්කම් පිලිබඳව උතුරැ කොරියානු ජනාධිපතිවරයා විසින් දක්වන ලද්දේ පුදුම සහගත ගරැත්වයකි.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මාද්‍ය ප්‍රකාශක යූන් යුන් චෑන් මහතා ප්‍රකාශ කල පරිදි උතුරැ කොරියානු නායකයා ඔහුගේ රටේ පවතින මාවත් වල දුර්වල තත්වය පිලිබඳ මෙහිදී විශේෂයෙන් සදහන් කලේය.පසුගිය පෙබරවාරි මස පැවති  ශිත ඔලිම්පික් උළෙලේදී  දකුණු කොරියාවට පැමිණි උතුරැ කොරියානු ක්‍රිඩකයන් එහි දක්නට ලැබුන බුලට් දුම්රිය දැඩි සේ අගය කල බව මෙහිදී වැඩි දුරටත් උතුරැ කොරියානු ජනාධිපතිවරයා පැවසූ බව චෑන් මහතා ප්‍රකාශ කලේය.ඔහුගේ පාලක පවුලේ සාමාජිකයන් වෙත උතුරැ කොරියානුවන් දක්වන දේවත්වයෙන් සැලකීම සහ තද බල විශ්වාසය පිලිබඳව  මෙහිදී උතුරැ කොරියානු නායකයා සිහිපත් කලේය.

මූන් මහතා මෙහිදී උතුරැ කොරියාවේ සංචාරයකට සිය කැමැත්ත ප්‍රකාශ කල අතර එයට ප්‍රතිචාර වශයෙන් උතුරැ කොරියානු නායකයා විසින් ප්‍රකාශ කරන ලද්දේ  උතුරැ කොරියානු මාර්ග වල පවතින අබලන් තත්වය හේතුවෙන් එය ඉතා කරදරකාරී හා වෙහෙසකාරී විය හැකි බවකි.


පසුගිය මාසයේදී උතුරැ කොරියාවේ පියොන්ග් යැන්ග් න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට පැමිණි දකුණු කොරියානු නියෝජිතයන් හමුවීමටද මෙහිදී උතුරැ කොරියානු නායකයා අමතක නොකලේය.එමෙන්ම  පසුගියදා අත්හදා බලන ලද උතුරැ කොරියානු  මිසයිල පරීක්ෂණ නිසා දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නින්දට බාධාවීම පිලිබඳව උතුරැ කොරියානු නායකයා  මෙහිදී සිහිපත් කලේය. එමඟින් දකුණු කොරියානු ආරක්ෂක කවුන්සිලය හදිසියේ  අළුයම රැස් කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ව පෙලඹවීමට සිදුවීම පිලිබඳව  ඔහුගෙන් සමාව ඉල්ලා සිටීමට කිම් ජොන් උන් මහතා මෙහිදී කාරැණික විය.


ඔබගේ පාන්දර සුව නින්දට අපගේ මිසයිල අත්හදා බැලීම් නිසා අවස්ථා ගනනකදීම බාධා වූ බව මා අසා තිබෙනවා."ඒ සෑම අවස්ථාවකදීම පැවැත්වූ  ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට අප නිසා ඔබට අළුයම සාභාගීවීමට සිදුවීම නිසයි"යනුවෙන් උතුරැ කොරියානු නායකයා මෙහිදී ප්‍රකාශ කලේය."පාන්දරින්ම අවදිවීම දැන් ඔබේ දෛනික සිරිතක් වී තිබිය යුතුමයි.මින් පසුව ඔබේ පාන්දර නින්දට බාධා නොකරන බව මම සහතික වනවා" යයි උතුරැ කොරියානු නායකයා මෙහිදී පැවසීය.මෙයට ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියා ජනපතිවරයා "දැන් මට සාමකාමීව නිදාගත හැකියි "යනුවෙන් පැවසීය.


නිව්යෝක් ටයිම්ස් ඇසුරිනි.
සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment