Saturday, May 5, 2018

ලෝක බැංකුව ශ්‍රී ලංකාව තුල කරන්නේ කුමක්ද?

ලෝක බැංකුව ශ්‍රී ලංකාව තුල කරන්නේ කුමක්ද?


ආසන්න වශයෙන් දශක හයක කාලයක් තිස්සේ ලෝක බැංකු කන්ඩායම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අනුග්‍රහය දක්වයි.සංවර්ධනයේ සාර්ථකත්වය විදහාලන විවිධ ව්‍යාපෘතීන් අතර ඉහල මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක තත්වයට පත්වීමේ ඉලක්කය සපුරා ගැනීමේ තීරණාත්මක අභියෝගයන්ට වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුන දෙමින් සිටියි.2015 වර්ෂයේ දේශීය ප්‍රමුඛතාවයන් සහ සංවිධිත දේශපාලනික, ආර්ථික සමාජයීය ගැටළු විශ්ලේෂනයන්      පදනම් කර ගනිමින් සැලසුම් කල , ලෝක බැංකු කන්ඩායමේ දේශීය හවුල්කාරීත්ව ක්‍රියාවලිය  සඳහා  2016 ඡුනි මසදී ආයතනික අධ්‍යක්ෂ මණ්ඩලය  විසින් අත්සන් තබන ලදි.

සැමට අවස්ථා සැලසීම, තරඟකාරීත්වය ,  සාර්ව ආර්ථික සහ රාජ්‍ය ආදායම් අංශවල ස්ථායීතාවය යන අංශ වල ප්‍රවර්ධනය මඟින්  තරඟකාරී සහ හානි පූර්ණක  ලක්ෂණ සහිත උසස් මධ්‍යම මට්ටමේ ආදයම් ලබන රටක් බවට පත්වීම සඳහා ලෝක බැංකු කන්ඩායම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දේ.


ආරක්ෂිත වර්ධන අවස්ථාවන් හඳුනාගැනීම සහ ග්‍රහණය කිරීම,පාරිසරික කළමණාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ස්වභාවික ව්‍යවසන හානි  කළමණාකරනය මෙන්ම අවම කිරීම පිලිබඳව ද අවධානය යොමු වී පවතී.ශ්‍රී ලංකාව අන්ත දුගීභාවය දුරලීම සහ සංවර්ධන ප්‍රතිලාභ වල සම ව්‍යාප්තිය පදනම් කර ගනිමින් කටයුතු කිරීමේදී එහි මූලික අභියෝගයන් කිහිපයක් හදුනා ගෙන තිබේ.රාජ්‍ය ආදායම් ක්ෂේත්‍රයේ ස්ථායීතාවය, තරඟකාරීත්වය වැඩිකිරීම, දැඩි ආර්ථික දුෂ්කරතා සහිත 40% ක ශ්‍රම බලකායට රැකියා සම්පාදනය, දුෂ්කරතා සහිත ජනතාවට සමාජ සුභසාදන අවස්ථා සැලසීම , දේශපාලන ස්ථායීතාවය යන අභියෝගයන් මෙහිදී ජයගත යුතුව ඇත.දේශපාලන ස්ථායීතාවය යනු මෙකී සමස්ථයම රඳා පවතින අභියෝගයක් බව පැහැදිලිය.


වර්ෂ 2025 සදහා වූ රජයේ දැක්ම මෙකී CSD නිර්දේශයන් අනුමත කරන අතරම සංවර්ධනය සඳහා  බලපාන ප්‍රධාන සීමාකාරී සාධකයන් 4ක් හඳුනාගෙන තිබේ.

1.   පලදායී ආයෝජන, තරඟකාරීත්වය සහ නව්‍යකරණය කෙරෙහි සෘනාත්මක බලපෑමක් සිදු කරන සංවර්ධන ආකෘතියේ පවතින විව්‍යුහාත්මක දුර්වලතාවයන්

2. ගෝලීය වෙළඳපල සහ අන්තර් ජාතික සැපයුම් ජාලය කෙරෙහි උත්තෝලක වාසි සහගත තත්වයක් ලබාදෙන අපනයන ධාරිතාව අභිභවනය කල  දේශීය ආනයනයන් ප්‍රමාණය

3.  සීඝ්‍රයෙන් වැඩි වන ණය වාරික ගෙවීම, පලදායී ආයෝජනයන් සහිත රාජ්‍ය අංශයට අයත් ව්‍යවසායකත්වයන් මද භාවය සහ අධික  සංවර්ධන පිරිවැය

4.  පුද්ගලික අංශයේ වර්ධනය සහ රැකියා අවස්ථා බිහිවීම කෙරෙහි සෘනාත්මක යාමනයක් ලෙසින් ක්‍රියාත්මක වන බාධාකාරී සාධකයන්

මෙම සීමාකාරී සාධක වලට විසඳුම් සෙවීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුව විසින් රජයට සහයෝගය ලබා දේ.


ලෝක බැංකු වැඩසටහන

එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9 ක  සමස්ථ වටිනාකමකින් යුතු ණය ආධාර ප්‍රමාණයක්  ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ අන්තර් ජාතික බැංකුව(ලෝක බැංකුව) සහ අන්තර් ජාතික සංවර්ධන ආයතනය ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දීමට නියමිතය.මෙම සමස්ථ විෂයගත ආධාර ප්‍රමාණයෙන් නාගරික මෙහෙයුම් සඳහා  21%ක ප්‍රතිශතයක් වෙන් කෙරේ.ජල කළමනාකරනය (16%) , දේශගුණික සහ ස්වභාවික ව්‍යවසනකාරී හානි පූර්ණය(13%) සෞඛ්‍යය (10%) යන ක්ෂේත්‍ර ලෝක බැංකු ආධාර ලබන මූලික ක්ෂේත්‍රයන් වේ.ආයෝජන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන ප්‍රතිපත්තීන් සම්පාදනය, සංවර්ධන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ප්‍රතිපල ඉලක්කගත වැඩසටහන් වලට ලෝක බැංකුව විසින් ඒකාබද්ධ මූල්‍යමය සම්පාදනයන් සැපයේ.


2016 ජූලි මස අනුමත වූ  ලෝක බැංකුවේ මුල්ම සංවර්ධන ප්‍රතිපත්තිමය ආධාර මුදල්  වෙළඳ ප්‍රවර්ධනය සදහා වූ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ වෙළඳ තරඟකාරීත්වය සඳහා ලබා දෙන ලදි.මේ අතර 2017 මැයි මස අනුමත කරන ලද ලෝක බැංකු ආධාර මුදල් මඟින් උසස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ රජයේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය ආධාර ලබාදේ.දැනට ක්‍රියාත්මක වෙමින් පවතින 2020න් අවසන් වන ශ්‍රී ලංකා - ලෝක බැංකු සහයෝගිතාවය (country partnership frame work)රජයේ සංවර්ධන දැක්ම නිරෑපනය කරනු ලබයි.දැනට පවතින ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ  දැඩි නැඹුරැතාවය මෙකී ලෝක බැංකු සහයෝගීතා වැඩසටහන මගින් අවධාරණය කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ අවධාරණය කිරීමකි.

සාර්ව ආර්ථික සහ රාජ්‍ය ආදායම් ස්ථායීතාවය, පුද්ගලික අංශයේ වර්ධනය සඳහා උචිත පරිසරයක් සැකසීම, අපනයන තරඟකාරීත්වය ප්‍රවර්ධනය සහ ගෝලීය සම්භන්දතා ප්‍රවර්ධනය යන අංශ වල දියුණුව සදහා මෙකී ආධාර ලබා දෙනු ලැබේ.ඌන සංවර්ධිත ප්‍රදේශවල සහ උතුරැ නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල  වල ජීවන තත්වය ඉහල නැංවීම සඳහා අධ්‍යාපනය  විධිමත් කිරීම සහ පුහුණු වැඩසටහන් දියත් කිරීම මෙම ආධාර ව්‍යාපෘතියේ අරමුණයි.චිරස්ථායී සංවර්ධනය සඳහා දේශීය ස්වභාවික සම්පත් සුරැකීමේ සහ කළමනාකරණය කිරීමේ අරමුණෙන්  පරිසර සංරක්ෂණය සමඟ තුලිත සංවර්ධනයත් , කාලගුණ විපර්යාස වලදී හානිපූරන ක්‍රියාන්විතය කාර්යක්ෂම කිරීම ත් සිදු කරනු ලැබේ.


රාජ්‍ය ආදායම් සහ බදු ප්‍රතිසංස්කරණයන්, පරිපාලන කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, රාජ්‍ය ව්‍යවසායකත්ව කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය, විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයන්, වෙළඳාම සහ තරඟකාරීත්වය වර්ධනය කිරීම හා චිරස්ථායී නාගරික සංවර්ධනය සඳහා වූ රජයේ ප්‍රයත්නයේදී  ලෝක බැංකුව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදීම, විශ්ලේෂණාත්මක සහයෝගය ලබාදීම සහ තාක්ෂණික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.මෙයට අමතරව භාරකාර අරමුදල් ස්ථාපිත කිරීම සහ එයට අයත් අය වැය ප්‍රතිපාදන ඔස්සේ එම ණය අරමුදල් සපයනු ලැබේ.

ලෝක බැංකු - IFC සහයෝගීතාවය

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන IFC සහයෝගීතාවය මඟින් ලෝක බැංකු හවුල්කාරීත්ව වැඩසටහනේ ඉලක්ක හා අරමුණු ඉටුකර ගැනීම සඳහා උපකාර සපයනු ලබන්නේ පුද්ගලික අංශය, රජය සහ ලෝක බැංකුව එකිනෙක සමිභන්ධීකරණය කිරීමෙනි.පුද්ගලික අංශයේ මූල්‍යමය සම්පත්  ආකර්ෂණය කිරීමෙන් ඵලදායී වර්ධනයක් IFC මගින් අරමුණු කරනු ලබයි.

මූල්‍යමය සහ සමාජමය අන්තර්ගතයන්, යටිතල පහසුකම්, නිෂ්පාදන හැකියාව, චිරස්ථායීතාවය යන කරැණු පිලිබඳ අවධානයට ලක් කිරීමෙන් අන්තර් ජාතික මූල්‍යමය සහයෝගීතාවය මඟින් මූලික සංවර්ධන විෂමතා පිලිබඳ කටයුතු කරනු ලැබේ.සංවර්ධනය ධෛර්යමත් කිරීමෙහි ලා IFC ආයතනය මඟින් කාන්තාවන්ට , කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන්ට මූල්‍යමය ණය පහසුකම් වෙත ප්‍රවිශ්ඨවීමේ අවස්ථාවන් වර්ධනය කිරීම, උසස් සෞඛ්‍යය පහසුකම්  විස්තාරනය කිරීම සඳහා අවස්ථාවන් ප්‍රවර්ධනය, නිවාස අර්බුදය විසඳීම , කුසලතා වර්ධනය සඳහා අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් දියත් කිරීම  යන කටයුතු සිදු කරනු ලබයි.


2017 අප්‍රේල් මස අන්තර් ජාතික මූල්‍ය සහයෝගීතාවය (IFC), ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව  පුද්ගලික අංශයේ පිරිමි සහ කාන්තා විෂමතාවය අවම කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයේ අවශ්‍යතාව අවධාරණය කරන වැඩසටහනක් (Woman in work-වෘත්තික කාන්තාව)දියත් කරන ලදි.විදුලි බල සේවා ප්‍රවර්ධනය, භාන්ඩ හා සේවා සැපයුම් සංවිධානය නවීකරණය හා සේවා යටිතල පහසුකම් සම්භන්ද අනෙකුත් සේවා ප්‍රවර්ධනය මඟින් IFC ආයතනය  චිරස්ථායී යටිතල පහසුනම් ඉලක්ක සපුරා ගැනීමට උපකාරීවේ.

චිරස්ථායී සංවර්ධනය සඳහා IFC ආයතනය මඟින් නැවත යාවත්කාලීන කල හැකි විසඳුම් ප්‍රවර්ධනය කරයි.දේශගුණ වෙනස්වීම් සඳහා අනුවර්තනය වීමට උපකාරීවීම, සම්පත් කාර්යක්ෂම ලෙස යෙදවිම ප්‍රවර්ධනය, කෘෂි ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සහ ඖෂධ සම්භන්ද නව රැකියා අවස්ථා ජනනය සහ  නිවාස වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක විෂමතා අවම කිරීම මඟින්  චිරස්ථායීතාවය වැඩි දියුණු කිරීම IFC හි අරමුණයි.

2017 ජුනි 30 වන විට IFC හි සමස්ථ විෂයානුගත ආයෝජන පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 334ක් විය.සමස්ථ වටිනාකම ඩොලර් මිලියන 12.8ක්වූ ඒකාබද්ධ විෂයානුගත ව්‍යාපෘතීන් 12කින් සමන්විත වූ  IFC උපදේශක ව්‍යාපෘතීන් මඟින් ණය ආධාර, රක්ෂණ පහසුකම් වලට පිවිසීමේ අවස්ථා ප්‍රවර්ධනය , ව්‍යවසායකයන් සඳහ‍ා ව්‍යාපාරික කුසලතා ගොඩනැඟීම, සැපයුම් දාමයන් සංවර්ධනය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.


මිගා(MIGA)



දැනට ශ්‍රී ලංකාව තුල දියත්ව නොමැති මෙම වැඩසටහන විවිධ අංශ ඔස්සේ ඵලදායී ව්‍යාපෘතීන් දියත් කරමින්, සුදුසු පරිදි අවස්ථානොචිතව කටයුතු කිරීමට සූදානමින් සිටියි.වර්ධනය කල හැකි විෂයගත කටයුතු පිලිබඳ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ගවේෂනයකින් පසු MIGA මගින් ලෝක බැංකුව සහ IFCආයතනය සමීපව සම්භන්දීකරණය කරනු ඇත.එය ලෝක බැංකු කන්ඩායමේ සහයෝගීතාවය උපරිමයට ලඟා කරනු නිසැකය.

සිංහල පරිවර්තනය(ලෝක බැංකු ප්‍රකාශනය ඇසුරෙනි)

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment