Friday, May 25, 2018

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිලිබඳව ට්‍රම්ප්ගේ තීරණය කුමක්වේද?

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිලිබඳව  ට්‍රම්ප්ගේ තීරණය කුමක්වේද?



මහ බලවතුන් හයදෙනා සහ ඉරානය අතර 2015 දී අත්සන් කරන ලද න්‍යෂ්ටික එකඟතාවය එය අත්සන් කලදා සිටම මතභේදයට ලක්වෙමින් පැවතිනි. ආරම්භයේ සිටම ඉරානය ගිවිසුමේ වගන්ති වලට අනුකූලව කටයුතු කිරීම සිදුකලද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම අදාල එකඟතාවයෙන්  තමන් බැහැර වන බවට තර්ජනය කරන ලදි.මෙම මාසය ඇතුලත එක්සත් ජනපදය  ඉරාන න්‍යෂ්ටික ගිවිසුම තුල රැඳී සිටින්නේද හෝ ඉවත්වයන්නේද යන වග තීරණය කරනු ඇත.මෙම ගිවිසුමෙන් යම් හෙයකින් එක්සත් ජනපදය ඉවත් වන්නේ නම් එමඟින් ඉරානයට මෙන්ම දේශසීමා කටයුතු වලට ඇති වන බලපෑම පිලිබඳව මෙම ලිපිය මඟින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම න්‍යෂ්ටික ගිවිසුම ඉරානයේ දේශපාලන විහ්‍යුහය ප්‍රතිව්‍යුහගතකරන්නේ කෙසේද?

සාම්ප්‍රදායිකව ඉරාන දේශපාලන සංස්ථාව  අනෝන්‍ය වශයෙන් තරඟකාරී මූලධර්ම තුනකට බෙදී පවතී.ප්‍රායෝගිකවාදීන්, ප්‍රතිසංස්කරණවාදීන් සහ දැඩිමතධාරීන් ඉරාන දේශපාලන සංස්ථාවට අයත් ප්‍රධාන කැපීපෙනෙන කන්ඩායම් තුනට අයත්වේ.2013  දී ඉරාන ජනාධිපති හසන් රවුහානි  ජනපතිධූරයට පත්වූ අවස්ථාවේ සිට 2015 දී අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්භන්දයෙන් ඉහත කී මතවාදී කන්ඩායම් ප්‍රධාන කඳවුරැ දෙකකට බෙදී ගියේය.ප්‍රතිසංස්කරණවාදී විප්ලවවාදීන් සහ දැඩිමතධාරී විරෝධතාකරැවන් ලෙසට කන්ඩායම් දෙකකට බෙදී ඇති මෙම පිරිස ඉරාන ආර්ථික-සමාජ සහ දේශපාලන අර්බුදයන්ට විසඳුම් සෙවීමේ ප්‍රවේශයන් පිලිබඳ මතභේදකාරී තත්වයක පසුවෙති.


පශ්චාත් න්‍යෂ්ටික ගිවිසුම් අවධියක පසුවෙන ඉරානය එහි සමස්ථ ආර්ථික විභවයන් හඳුනා ගැනීමේ ප්‍රවේශයකට මේ දිනවල පිවිසෙමින් සිටියි.ඉරානය විශ්වාස කරන පරිදි න්‍යෂ්ටික ගිවිසුම මඟින් ආයෝජන සඳහා අහිතකර බලපෑමක් ඇතිවෙමින් පවතී.අන්තර් ජාතික සම්බාදක ක්‍රියාත්මක කල දිනයේ සිටම එම තත්වය දේශීය සහ අන්තර් ජාතික ප්‍රතිපත්ති වලට බලපාමින් පවතින අයුරැ ඉරාන රජයේ ප්‍රකාශකයෙකු වූ සනම් වකීල් විසින් පැහැදිලි කලේ මෙලෙසින්ය.

" වර්තමාන අත්හදා බැලීම් මඟින් ඉරාන අභ්‍යාවකාශ සහ මිසයිල වැඩසටහන ඉතා හොඳ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙනීයයි.ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල සහ ටෙහෙරාන් බැලස්ටික් මිසයිල ව්‍යාපෘතිය ප්‍රතිසහතිකකරණය මේ වන විටත් ඉරානය තුල විවාදයට තුඩුදී ඇති කරැණක් වී තිබේ.පසුගිය වසර තුල ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්භන්දයෙන් සහ අභ්‍යාවකාශ වැඩසටහන සම්භන්දව සිදු කැරැන පරීක්ෂණ ගනනාවක් මගින් එම ක්‍රියාවලි වල සාර්ථකතාවය තහවුරැ කර ඇත.අනාගත සාර්ථක ඉරානයක් යුද කටයුතු චන්ද්‍රිකා සහ දියුණු යුද උපකරණ ඉදිරියේදී නිෂ්පාදනය කරනු ඇත." යනුවෙන්  සඳහන් කලේය.


සම්භාදක වලින් තොරව ඉරානය එහි වානිජ්‍ය ගුවන් සේවාවන් ප්‍රවර්ධනය කරමින් සිටියි.ප්‍රංශ ඒ.ටී.ආර් වානිජ්‍ය මගී ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් ඉරානය විසින් මගී ගුවන් යානා 20 ක් මෑතකදී මිලදීගෙන තිබේ.මෙය ටෙහෙරානය කේන්ද්‍රකොට ගෙන ඉරානයේ සිට ලෝකයට පිවිසෙන ගුවන් සේවා ප්‍රවර්ධනය කිරීමේ දැවැන්ත පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.ඉරාන රජයේ නියෝජිත බිජාන් කාජේපෝර් විසින් ඉරාන ගුවන් සේවා ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේය.

ටෙහෙරානය සහ වොෂින්ටනය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවූ ඉරාන විදේශ ප්‍රතිපත්ති විරෝධතා ව්‍යපාර වලින් එක්තරා අහිතකර බලපෑම් සමූහයක් ඇතිවී ඇත.2017 වර්ෂය පුරාමත් , 2018 වර්ෂයේ මුල්භාගයේදීත් දක්නට ලැබුන මෙම විරෝධතා නිසා එවකට පැවති ඉරාන අධ්‍යාත්මක නායක අයොතොල්ලා අල් කුමේනිගේ පාලන තන්ත්‍රය හා නෛතික පද්ධතිය  සම්භන්ද නව අධ්‍යයනයක් සිදුකිරීමට ලෝකයේ අවධානය යොමු විය.එලින් ලේප්සන් විසින් වොෂින්ටනයේ සහ ටෙහෙරානයේ  දීර්ඝ කාලීන විදේශ ප්‍රතිපත්ති වල ප්‍රතිපල පිලිබඳව දීර්ඝ අධ්‍යයනයක නිරතවී ඇත.

ඉරාන න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම නැවත වතාවක් අර්බුදකාරී වාතාවරණයකට පත්වී තිබේ.ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්භන්දයෙන් එක්සත් ජනපදය ආරම්භයේ පටන්ම දැක්වු නොසතුට කූටප්ප්‍රාප්ත වූවේ  පසුගිය ජූනි මාසයේදී එක්සත් ජනපද සෙනෙට් මන්ඩලය මගින් ඉරානය සහ රැසියාව සඳහා නව සම්භාදක පනවමින් නව  පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමත් සමඟයි.මෙම පනත පෙර ඉරානය හා මහබලවතුන් අතර එකඟවූ න්‍යෂ්ටික එකඟතාවයට අදාල කොන්දේසි වලින් පරිභාහිරට අපගමනය වන්නක් නොවේ.නමුත් එමඟින්  ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙළ සඳහා වඩාත් පුළුල් සහ දීර්ඝ කාලීන තර්ජනයක් එල්ල  කරනු ලැබේ.


අනාගතයේ ඉරානය හා එක්වන එහි මිතුරන් වන  රැසියාව, චීනය, උතුරැ කොරියාව, පාකිස්ථානය හා සමහර මැදපෙරදිග කලාපීය රටවල් සමඟ  ඉරානය එයට විරැද්ධව පැනවූ එක්සත් ජනපද සම්භාදක වලට එරෙහිව සටන පුළුල් කරනු ඇත.ඉරානය හා සම්භන්දව දැනට පවතින ආර්ථික දුර්වලතාවල පදනම ට්‍රම්ප් පාලනය විසින් මෙහිදී ඉත්තෙක් ලෙස යොදා ගනිමින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල කළමනාකරනය කිරීමට උත්සාහ කරන බව පෙනී යයි.මෙහිදී ඉරානය විසින් මෙම සම්භාදක වලට එරෙහිවීම සඳහා එහි ආසියානු හා යුරෝපීය බොරතෙල් පාරිභෝගික රටවල් ද මෙම සමස්ථ ක්‍රියාදාමයට පටලවා ගැනීමට වැඩි සම්භාවිතාවයක් පවතී.මේ නිසා මෙම තත්වය පුළුල් කලාපීය යුද තත්වයක් දක්වා වර්ධනය නොවීමට නම් සම්භාදක පැනවීම සඳහා එක්සත් ජනපදය තනිව මැදිහත්වීම ඉතා වැදගත්ය.

මෙලෙස ඉරානය විසින් න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම මෙන්ම එය මත නව කොන්දේසි පැනවීම ඉරානය වෙනුවෙන් වොෂින්ටන්හි මෙන්ම ටෙහෙරාන් වල උද්ඝෝෂණයේ යෙදෙන උද්ඝෝෂකයින් අපහසුතාවයට පත් කිරීමකි.පසුගිය දෙසැම්බර් මස සිට උද්ඝෝෂණයේ යෙදෙන මෙම උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ එක්සත් ජනපදයට මෙකී ගිවිසුමෙන් ඉවත්වීම වළකින ලෙසයි.නමුත් දැනටමත් පනවා ඇති ආර්ථික සම්භාදක මඟින් ඉරාන ආර්ථිකයට බලපා ඇත්තේ මද වශයෙනි.මෙම උද්ඝෝෂණ සඳහා ඉරාන රජයේ පුළුල් සහයෝගය රහසිගතව පවතී.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ ඉරනම දැනට පැවැත්වෙමින් තිබෙන උතුරැ - දකුණු කොරියානු සාම වැඩපිලිවෙලට කෙසේ බලපානු ඇත්ද?


වත්මන් ගෝලීය අවධානය ටෙහෙරානය සහ පියොන්ග් යැංග් වෙත යොමුවෙමින් පවතී.වොෂින්ටනය සහ පියොන්ග් යැංග් අතර ඵෛතිහාසික සමුළුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පසුබිමක් තුල මෙම අවධානය තවත් වැඩි වෙමින් පවතී.පසුගිය සතියේදී ප්‍රවීන අන්තර් ජාතික විදෙස් විත්ති විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ එලන් ලෙප්සන් ප්‍රකාශ කලේ උතුරැ-දකුණු කොරියා අර්බුදය වඩාත් කල්ගිය සහ පල්වෙමින් පවතින අර්බුදයක් බවත් ඉරාන න්‍යෂ්ටික අර්බුදය නොසලකා හරින ලද අර්බුදයක් බවත්ය.

World politics review ඇසුරෙන්

අනුරාධ සේනාරත්න





No comments:

Post a Comment