Thursday, May 17, 2018

ජනාධිපති මැන්ඩෙලා අවසන් කල ඇපතීඩ් යුගය

ජනාධිපති මැන්ඩෙලා අවසන් කල ඇපතීඩ් යුගය





දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ගරැ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් 1994 මැයි මස ජනාධිපති ධූරයට පත්වීමත් සමඟම ඒ පිලිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කල අයුරැ සහ එහි සිංහල අනුවාදය පහත පරිදි දක්වමු.අධිරාජ්‍යවාදී කෲර මෙලේච්ඡත්වයෙන් සහ වහල්භාවයෙන් මිදීමට විප්ලවීය ප්‍රඥාව සහ විප්ලවීය ජවය අවදිකර ගත යුතු කවර ජාතියක් , ජන කන්ඩායමක් හෝ පුද්ගලයෙක් විසින්  හෝ දතයුතු කරැණු රැසක් මෙම ලිපියේ අන්තර්ගතව ඇත.මෙම ලිපිය වර්තමානයේ කපටි ඒකාධිපති කෲර හස්තයන්ට යටවී සිටින කවර ජනතාවකට උවද සිය නිදහසට පිවිසීමේ ස්වර්ණමය දොරටුව විවරකර දෙන බවට බොහෝ විද්වතුන් විශ්වාස කරති.

කේප් ටවුන්හිදීය.මැයි 09

වසර 342කට පෙර කේප් වලට මුලින්ම  පැමිණි සුදු ජාතීන්ගේ දීර්ඝ කාලීන පීඩාකාරී බලය අද පුළුල් විවිධත්වයකින් යුතු පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රික පසුබිමක් වෙතට සම්ප්‍රේශනය විය.සාඩම්බර ජයග්‍රාහී  දකුණු අප්‍රිකානු ජාතිය දකුණු අප්‍රිකාවේ පලමු කලු ජාතික ජනාධිපතිවරයා ලෙස නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන්  තෝරා පත් කර ගන්නා ලදි.



 කිසිදු වාචික හෝ  අවම වශයෙන් අභිනය  විරෝධතාවයක් හෝ රහිතවම  ජනාධිපති මැන්ඩලා විස්මයට පත්වූ මුහුනින් යුතුව වාඩි විය. ඔහුගේ  ආධාරකරැවන් උද්යෝගීමත් ලෙස ප්‍රීති ඝෝෂා පවත්වන්නට වූහ.

මිනිත්තු 90කට පසු කේප් ටවුන්හි පැරණි නගර ශාලාවක ඉහල ආලින්දයේ අභිනව ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් පෙනී සිටින ලදි.සිය මැදි වයසින් හතරෙන් තුනකටම වඩා කලක් අන්ත දුක්විඳිමින් ගත කල සිරගෙය පිහිටි නිද්‍රාශීලී දූපත දෙස සයුරැ කලපුව ඔස්සේ ඉතා තියුනු බැල්මක් හෙලූ එතුමන් , සිය කතාවේ සාරවත් අන්තර්ගතය මෙලෙස දිග හරින්නට විය.

දකුණු අප්‍රිකාව සඳහා නව විව්‍යස්ථාමය රාමුවක් තුලින්  අපගේ දර්ශනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට ප්‍රවිශ්ඨ කරන අප  ඒ සඳහා කිසිදු ආක්‍රමණශීලී ප්‍රවේගයක් හෝ එවැන්නක් නිර්දේශ කිරීමට බලාපොරොත්තු නොවන්නෙමු. සිර ගෙදරින් නිදහස ලැබී , සංවේදී විප්ලවීය ක්‍රියාකාරීත්වයන් සමඟ ඒකාත්මික වූ සිව් වසරකට පෙර දිනක  සිය සගයන් අමතන ලද එම ආකර්ෂණීය වදන්පෙල ඔහුගෙන් නික්මෙන්නට විය.



අතීතයේ පැවති තුවාල සුව කිරීම සඳහා සහෝදර වැසියන් ලෙස සංවාදයක යෙදෙන අප , සැමට යුක්තිය ඉටු කිරීම සදහා සුදුසු නව පදනමක් ගොඩනැඟීම සඳහා උනන්දුවෙන් පසුවෙමු යනුවෙන් මෙහිදී මැන්ඩෙලා සිහිපත් කලේය.මෙයට පසු වදනක් සපයමින් සංවාදයට එක්වූ හිටපු උතුරැ අප්‍රිකානු ඇංග්ලිකන් නිකාය තුල වගකීම් රහිතව ක්‍රියාකල ආර්ච් බිෂොප් ඩෙස්මන් එම් ටුටු  මෛක්‍රපෝනය වෙත නැඟෙමින් "අප අද ස්වාධීන ජාතියක් බවට පත්වුනා" යනුවෙන් උද්වේගයෙන් කෑගසන්නට විය.දකුණු අප්‍රිකානු කලු ජාතිකයන්ගේ නිදහස උදෙසා ඔවුන් අවධි කල සහ උද්වේගී කල නිදහසේ නියමුවෙකි ඔහු.

එයින් සතියක පමණ කාලයක් ගතවන තෙක් මැන්ඩෙලා මැතිතුමන් ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දුන්නේ නැත.ප්‍රිටෝරියාහිදී දිවුරැම් දීමට නියමිතව තිබූ උත්සවය අතරතුර දකුණු අප්‍රිකාව සඳහා වූ සංඛේතාත්මක පාලන විව්‍යුහයක් සෙමෙන් නිර්මාණය වෙමින් පැවතින.


පෙර කලු ජාතිකයන් සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කැර තිබූ පාර්ලිමේන්තු ගර්භයට පිවිසි මැන්ඩෙලා මැතිතුමන්ට උඩුකය නිරැවත් ඉම්බෝංගි ජනවාර්ගිකයන්ගේ ප්‍රසස්ති ගැයුමක් පිලිගැන්වූ අතර ලෝක ප්‍රසිද්ධ  මෙම ඇපතීඩ් සිරකරැවට හතරවටින් ඔල්වරසන් නැඟෙන්නට විය.

නව පාර්ලිමේන්තුව එහි මංගල සැසිවාරය ආරම්භ කිරීමට ප්‍රථම එහි කතානායක අසුනේ ශතවර්ෂ ගනනාවක් වාඩිවී සිටි කලු ලෝගුවක් පැලඳි සුදු ජාතික කතානායකවරයෙක් වෙනුවට සිටියේ ඉන්දියන් සාරියකින් සැරසුන ප්‍රීන් ගින්වාලා මැතිනියයි.දකුණු අප්‍රිකාවේ ප්‍රකට කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් සහ චතුර නීතීඥවරියක් වූ ඇය තෝරා ගත්   කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන් 70න් අයෙක් ලෙස කලු ජාතික නිදහස සැමරීමේ භාග්‍ය හිමිකරගෙන සිටියාය.

නෙල්සන් මැන්ඩෙලා පාර්ලිමේන්තු ගර්භයට පිවිසෙන්නේ සිය හිටපු ජනාධිපතිවරයා වන එෆ් .ඩබ්.ඩී ක්ලාක් මැතිතුමන්ගේ බඳ වටා සිය හස්තය දවටමින්ය.පසුගිය සිවු වසර තුලදී එෆ්.ඩබ්.ඩී ක්ලාක් මැතිතුමන් ඇපතීඩ් නීතිය දකුණු අප්‍රිකාවෙන් තුරන් කිරීමට ක්‍රියාත්මක වූ දුඹුරැ පැහැති සම් කවරයකින් සමන්විත අසුන මත වාඩිවිය.


තවත් දිනක කාලයක් ජනාධිපති ධූරයේ සිටි එෆ්.ඩබ්.ඩී ක්ලාක් මැතිතුමන් වර්ගවාදී සුදු ඇපතීඩ් රජය සිය වාර්ගිකත්වයට ද්‍රෝහීවීමේ චෝදනාව මත තමන්ට හිංසා කරන ලද දූපත් සිරගෙය වෙත ද ගමන් කිරීමට අමතක නොකලේය.

නව විව්‍යස්ථාව අනුව ජනාධිපති එෆ්.ඩබ්.ඩී ක්ලාක් මහතාටද නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලැබෙනු ඇත.

දිව්රැම්දීමේ උත්සවය විචිත්‍රවත් වූයේ විවිධ වාර්ගිකයන්ගේ සහ සාම්ප්‍රදායික ඇඳුම් සැරසිලි වල එකතුවකිනි.සුදු ජාතිකයන් සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඇඳුමෙන් සැරසී සිටි අතර කලු ජාතික කාන්තාවන්   ඔවුන්ගේ සාම්ප්‍රදායික  පාර්ලිමේන්තු ඇඳුම වූ දීප්තිමත් තොප්පි පැළඳ සිටියහ.පාර්ලිමේන්තුව ඳල වශයෙන් රටේ ජනතාවගේ වාර්ගික නියෝජනයට සමගාමී ප්‍රතිබිම්බයක්  වූ අතර එහි 75%ක් කලු  ජාතිකයන් වූ අතර , 15%ක් සුදු ජාතිකයන්ද , 10% මිශ්‍ර ඉන්දියන් වාර්ගිකයන්ද විය.



මෙකී විව්‍යස්ථාමය අරමුණු සංකේන්ද්‍රණය වී අැත්තේ සාම්ප්‍රදායික  ඩොමීනියන් රජයක් ඔස්සේ මෙන්ම බහුවාර්ගික පාර්ලිමේන්තු නිදහස  මතයි.මෙහිදී හිටපු වර්ණභේදවාදී සිරකරැවන් ඔවුන්ගේ සිරගෙදර මුලාදෑනිවරැන් ඉදිරිපිට දිව්රැම් දෙන්නට වූහ.ආදී පරම්පරාවෙන් පැවත එන වර්ණභේදවාදී ප්‍රතිපත්තියේ ගොදුරැ බවට පත්වූ වර්ණභේදවාදී ප්‍රතිචක්‍රය තුල සිරවූ එම කලු ජාතික ජනතා නියෝජිත කන්ඩායම වඩාත් කැපී පෙනිනි.මෙම සියළුම පාර්ලිමේන්තු නියෝජිතයනව් ගරැත්වයෙන්  යුතුව ආමන්ත්‍රණය කරනු ලැබූ අතර මැන්ඩෙලා ඔහුගේ ෂුලු ජාතික පක්ෂයේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් පක්ෂ කාර්යාලයේ කාලය ගත කිරීම සිරිතක් කර තිබිනි.

තව දුරටත් සුදු ජාතික බෙදුම්වාදී නියෝජිතයන් ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 9දෙනෙකුගෙන් සමන්විත ජෙනරල් කොන්ස්ටන්ඩිට් විල්ජොයින්ගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කන්ඩායමක් විය.

මෙහිදී මැන්ඩෙලා මැතිතුමන් සමඟ එතුමන්ගේ බිරිඳ වූ විනී මැන්ඩෙලා මැතිණියද පසෙක සිට දිවුරැම් දෙන ලදි.දකුණු අප්‍රිකාව සඳහා නිදහස ලබා ගැනීමට දැවැන්ත අරගලයක නිරතවූ මෙම අඹු සැමි යුවල එකිනෙකා සමඟ කතා කිරීමෙන් වැලකී සිටියහ.පසුගිය සතියේදී ඇය විසින් සම්මුති සන්ධානයක් පිලිබඳ යෝජනාවක් ගෙන ඒමේදී ඔහු විසින් එය ප්‍රතික්ශේප කරන ලදි.නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් විසින් ඔවුන්ගේ දියනියන් දෙදෙනා සමාරම්භක උත්සවයට රැගෙන එන ලෙස දන්වා සිටියද එම උත්සවයේ විනී මැන්ඩෙලා මැතිණිය වෙනුවෙන් කිසිදු ආසනයක් වෙන් කර නොතිබිනි.



පලමු දිව්රැම්දීම සඳහා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන්ගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට  සහයෝගය දක්වන එක් පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂ සභාපති ජෝයි ස්ලෝවෝ මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් 50කට ආසන්න සංඛ්‍යාවක් සාභාගීවී සිටියහ.මෙහිදී ජෝයි ස්ලෝවෝ මහතා රතු පැහැති අත්මේස් පැලඳ රෑපවාහිනී කැමරාවක් ඔහුගේ කලිසම් පාදයක් මත එල්ලාගෙන සිටින ලදි.

මැතිවරණයේදී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය මුළු ආසන 400න් ආසන 252ක් ජයග්‍රහනය කරන ලද අතර එහි පලමු සැසිවාරය ඇපතීඩ් නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ සභාගැබේදී පවත්වන ලදි.මෙය වර්ණභේදවාදය මඟින් බෙදීම් ඇති කිරීමට හේතුවූ බෙදීම් ඇතිවූ ස්ථානය විය.


මා බලාපොරොත්තු වෙනවා මෙහි එල්ලෙමින් පවතින සමහර කර්කෂ සහ කටුක මතකයන් බොහෝමයක් කෞතුකාගාරයක තැන්පත් කිරීම සඳහා ගෙන යයි කියලා.මේ නිසා සැබෑ වෙනසක් ඇතිවෙිවි.සියවස් ගනනක් පුරාවට වහල්භාවයෙන්, වර්ණභේදවාදයෙන් , අතොරක් නොමැති ම්ලේච්ඡ වූ මානව හිමිකම් උල්ලංඝනයෙන් සහ නිරපරාදී ඝාතන සහ අඩම්තේට්ටම් වලින් පීඩාවට පත්ව සිටි සහ සිතීමේ සහ ලිවීමේ ද අධ්‍යාපනය ලැබීමේ සහ අනෙකුත් විලංගු ලා සිටි මානව හිමිකම්  එයින් නිදහස් කර ගැනීමේ ඵෛතිහාසික මොහොත උදාවී ඇත.මෙම විප්ලවීය මෙහොත සඳහා සියවස් ගනනක සිට මානසික සහ කායික විලංගු වලින් බැදී මරණය දක්වා වූ අපමණ ගැහැට විඳි අප්‍රමාණ කලු ජාතික අපගේ මුතුන් මිත්තන්ට සහ වහල්සේවා වල නියැලෙමින් ජීවිතය මරණයෙන් කැප කල කලු ජාතිකයන්ටත් අපගේ අප්‍රමාණ ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාව කර ගනිමි යනුවෙන් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

මේ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය නියෝජනය කරන සිරිල් රමපෝෂා මහතා කියා සිටියේ කුඩා දරැවෙකු විලසින් ඔහු මෙහිදී  නව අද්දැකීමෙන් කලබලයට පත්වූ බවයි.



සියවස් ගනනාවක් කලු ජාතිකයන් බලාපොරොත්තු වූ අධීන නිදහස ලේ, කඳුළු සහ දහඩිය මතින් සහ සටන්කාමී ජවය මතින් ලබාගත් ආශ්චෛර්යමත් මොහොතක් එලෙස උදාවී තිබිනි.

නිව්යෝක් ටයිම්ස් පුවත් පතට ඒබ්‍රහම් කෙලර් යොමු කල විග්‍රහයක සිංහල අනුවාදයයි


අනුරාධ සේනාරත්න




No comments:

Post a Comment