Friday, May 18, 2018

සම්මුති සන්ධාන රජය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන විප්ලවය

 සම්මුති සන්ධාන රජය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන විප්ලවය




චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ගෝලීයකරණය සඳහා වූ 2017 ඩාවෝස් සමුළුවේදී ඒ සඳහා සිය සහයෝගය පල කරන ලදි.මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ප්‍රතිපත්ති සහ එහි සීමා නීර්ණය කිරීමේදී ඇමරිකාව ගෝලීයව සම්භන්දතා ජාලයකින් බැඳී සිටින බව අවබෝධ කර ගත යුතු බව ඩාවෝස් සමුළුවේදී පැවසීය.මෙහිදී වඩාත් යහපත් ලෝකයක් සඳහා සාමූහික ගෝලීය ක්‍රියාදාමයක වැදගත්කම අවධාරණය කෙරිනි.නමුත් ක්‍රමයෙන් වැඩිවන  දේශපාලන අර්බුද වල  උණුසුම සමඟ ගෝලීය යථාර්තය  හාත්පසින්ම වෙනස් රෑපයක් මවා පායි.

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවලදී පටු දේශපාලන දැක්මක් සහ ද්විධ්‍රැව දේශපාලන ප්‍රවේශයන් සහිත රටකි ශ්‍රී ලංකාව.2015දී ශ්‍රී ලංකාවේ  ආරම්භ වූ සම්මුති සන්ධාන රජයේ යහපාලන විප්ලවය , ඵෛතිහාසික ප්‍රංශ විප්ලවය සමඟ විශ්ලේෂණාත්මක ලෙස සන්සන්දනය කිරීමේදී පැහැදිලි වන කැපී පෙනෙන කරැණු කිහිපයක් දක්නට ලැබේ.මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධනය පිලිබඳව සමීප දර්ශනයක් මවා ගැනීමට පුළුවන.



ඇලෙක්ෂිස් ඩී ටොකිවිල්ලි (Alexis de Tocqueville)විසින් ප්‍රංශ විප්ලවය පිලිබඳ දැක්වූ අදහස්  අනුව දේශපාලනික ආයතන මත ඇතිවූ පීඩනකාරී වාතාවරනය ප්‍රංශ විප්ලවය මඟින් ඇතිවූ ප්‍රධානතම වැදගත් ප්‍රතිපලයක් වන අතර බොහෝමයක් යුරෝපීය රටවල් මඟින් ශතවර්ෂ ගනනාවක් තිස්සේ මෙම තත්වය ප්‍රශ්න නොකරම බැහැර කරන ලදි.මානව  වර්ගයාගේ සමානත්වය පදනම් කර ගනිමින් වඩාත් සරල සහ ඒකාකාරී පදනමක් මතින් නව දේශපාලන සහ සමාජමය විප්ලවයක් ඇති කිරීම මෙහි අරමුණයි.

සන්සන්දනාත්මකව, ශ්‍රී ලංකාවේ පැවති නිහඬ විප්ලවය විසින් සිදු කරන ලද්දේ කුමක්ද?නව පාලනය සඳහා අතීතයෙන් කිසිදු දෙයක් ආයෝජනය නොකිරීමට තරම් වත්මන් රජය ප්‍රවේශම්කාරී වී සිටිත්ද?නව රජය විසින් කුමන ආකාරයක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයිද? රජය විසින් කුමන ආකාරයේ සීමා මායිම් ඇති කරමින් පසුගිය රජයෙන් වෙනස්වූ වැඩපිලිවලක් අනුගමනය කරයිද?පටු දේශපාලන අරමුණු සඵල කරගැනීම සඳහා විප්ලවය යන වචනය භාවිතා කරනු  ලබයිද?




බොහෝ විට දේශපාලන නායකයන්ගෙන් සමාජයට ලැබෙන පනිවිඩය ප්‍රබල වුවද එහි නිශ්චිත ස්වභාවයක් නැත.එය දෙබිඩි දේශපාලන පොරොන්දු වලින් සමන්විත අතරම සමාජය එම පනිවිඩ අවශෝෂණය කිරීමේ දී වෙසෙකාරී ස්වභාවයක් දක්වයි.බොහෝවිට දේශපාලඥයන් සමාජයට ලබාදෙන පනිවුඩ සමාජය විසින් නොසලකා හරිනු ලබයි.පළාත් පාලන මැතිවරණ වලදී මෙලෙස දේශපාලඥයන් සමාජයට ලබා දෙන ලබන පනිවිඩය ජනතාව විසින් ග්‍රහණය කිරීමේ හෙවත් ජනතාවට සම්ප්‍රේශනය කිරීමේ  බාධකයක් නිර්මාණය වී පවතී. ඉහල  මට්ටමේ සිට පහල දක්වා දේශපාලඥයන්ගේ මෙලෙස දිස්වන  දේශපාලන ද්විධ්‍රැව දර්ශකය(political bipolar index)යන සංකල්පය මඟින් දේශපාලඥයන්ගේ සාපේක්ෂ වගකීම් සහිතභාවය පිලිබඳ එක්තරා හැඟීමක් ඇති කර ගත හැකිය.

මැතිවරණ කොට්ඪාශය ජයග්‍රහනය කිරීම, ද්වීතියීකව ඇතිවන බල අරගලයන්, රජයේ ප්‍රතිපත්ති මඟින් ඇති වන බලපෑම් සමාජීය සංස්ථා ඔස්සේ විද්‍යාමාන වේ.සමාජ අයිතීන් සම්භන්ද බලවේගයන් සමඟ ගණුදෙනු කිරීමේදීද දේශපාලඥයන්ගේ ප්‍රතික්‍රියාවන් තීරණය වන්නේ අදාල සමාජ ස්වභාවය මතයි.උසස් ශිෂ්ටාචාර සමාජ වටිනාකම් ගර්භිත සමාජ පද්ධතින් තුලදී පොදුවේ පිලිගත් වරප්‍රසාද තේරීම් සංකලනයන් සහ විකල්පයන් ඔස්සේ සාකච්ඡා සම්මුති මාර්ගයන් මඟින් සමාජ අයිතීන් ලබා ගැනීම සිදුවේ.


නමුත් ප්‍රාථමික ප්‍රජාතන්ත්‍රවාදය හෝ නාමික ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුලදී මහජන ඉල්ලීම් සඳහා දේශපාලඥ ප්‍රතිචාර ලෙස බැටන් පොලු ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සහ සමහර විටෙක වෙඩිතැබීම් පවා සිදුවේ.ඒකාධිපති පාලන විහ්‍යුහයක් මත ක්‍රියාත්මක වන සමාජ පද්ධතියකදී නීති පද්ධතිය පවා යුද භූමියක් බවට පත්වේ.

සමහර දේශපාලන පක්ෂ සමාජ විප්ලවීය පරිනාමයන්ට උචිත ලෙස හැඩගැසීමට අසමත් වන අතර සමහර දේශපාලන ධාරාවන් මනා ලෙස සමාජ ප්‍රවාහයන් හඳුනා ගනිමින් එම ප්‍රවාහ සමඟ අනුගතවේ.

උදාහරනයක් ලෙස 2015දි ඡන්ද පත්‍රිකාව පදනම් කර ගනිමින්  ඇතිවූ නිහඬ සමාජ විප්ලවය සහ පරිනාමය කෙරෙහි සාර්ථක ලෙස අනුවර්තනය වීමට එවකට පැවති රාජපක්ෂ රජය අසමත්වී තිබිනි.2008  පටන්ම ඒකාධිපති පවුල් පාලන ප්‍රවේශයක් පෙන්වූ එම රජයේ දූෂිත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී සමහර ප්‍රතිපත්ති කෙරෙහි මහජනතාව තුලින්ම පැනනැඟුන විරෝධය ඉල්ලා සිටින ලද්දේ දූෂණයෙන් හා වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා පටහැනි නොවූ පාලනයකි.ඒ හා සමගාමීව රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති විකරණය කර ගැනීමකට අසමත් වීමත් ඒ වන විට එකී මාවත ඔස්සේ සෑහෙන දුරක් පැමිණ තිබීමත් යන කරැණු නිසා එකී නිහඬ සමාජ විප්ලවය සමඟ අනුගත වීමට රාජපක්ෂ පාලනයට නොහැකි විය.



ඡන්ද පත්‍රිකාව පදනම් වූ මෙම නිහඬ විප්ලවය ටොකිවිලීස් ගේ වචනයෙන් පැහැදිලි කල හැක්කේ කෙසේදැයි විමසා බලමු.විප්ලවීය බලවේගයක් මඟින් විනාශ කරන ලද පාලන තන්ත්‍රයක අවසානය සමඟ වහාම  බිහිවන්නේ වඩාත් ශිෂ්ටාචාරාත්මක හෝ වර්ධනය වූ පාලන රාමුවක් සහිත පාලන තන්ත්‍රයකි.

අහිතකර පාලන තන්ත්‍රයක වෙනස්වීමේ තීරණාත්මක අවස්ථාව වනුයේ එය ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික අවස්ථාව කෙරෙහි යොමුවීමයි.වර්තමානයේ ශ්‍රි ලාංකීය සම්මුති සන්ධාන රජය මුහුන දෙමින් සිටින්නේද 1856  ටොකිවිලීස් විසින් රචිත ප්‍රංශ විප්ලවය පොතේ දැක්වු මූලික ප්‍රතිසංස්කරණ අවධියද?


එක්තරා තීරණාත්මක අවධියකදී ජනතා ප්‍රවාහය සහ සමාජ මතවාද සමඟ ඒකාත්මික නොවන රජයක මී ලඟ තීරණාත්මක ඉරනම ප්‍රතිසංස්කරණ වලට පසුව පැමිණෙන විප්ලවය බව වත්මන් රජය අමතක නොකල යුතුය.

ජාතික ආරක්ෂක අධ්‍යයන ආතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙකුගේ විග්‍රහයක සිංහල අනුවාදය

අනුරාධ සේනාරත්න






No comments:

Post a Comment