Wednesday, May 23, 2018

ශ්‍රී ලංකා වේ අතීත දේශපාලන කුමන්ත්‍රණ -2

ශ්‍රී ලංකා වේ අතීත දේශපාලන කුමන්ත්‍රණ -2



2001 දී ආණ්ඩු පක්ෂයේ කන්ඩායමක් විපක්ෂයට ගමන් කිරීම

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂයට යාම  ආණ්ඩුව එක්තරා දේශපාලන අස්ථාවරභාවයක පවතින බව නිරෑපනය කරන්නකි.2001 වර්ෂයේදී පොදුජන එක්සත් පෙරමුණ(people's alliance) නියෝජනය කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් රැසක් රජයේ සිට විපක්ෂයට යාමට තීරණය කිරීමේදී රජය තුල ඇතිවූ අස්ථායී ස්වභාවය කෙතරම්දැයි සිතා ගැනීම පාඨකයාට භාර කරමි.මෙම සිදුවීම වාර්තාවූවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ධූර කාලයේදී වන අතර එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය (U.N.P)ගෙන ආ විශ්වාසභංග යෝජනාව හමුවේ එම රජය බිඳ වැටිනි.මේ නිසා ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිණියට 2000 ඔක්තොම්බර් මසදී  එතෙක් පැවති පාර්ලිමේන්තුව විසුරැවා ලීමට සිදුවූ අතර වහාම මැතිවරණයක් කැඳවීමට සිදුවිය.

මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දරන ලද අතර පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහනය කරන ලද්දේ  සුළු පක්ෂ දෙකක් වූ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (E.P.D.P) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගයත් සහිතවය.2001 ජූනි මස චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එතෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකත්වය දැරෑ රවුෆ් හකීම් මහතාව එතෙක් දැරෑ තනතුරැ වලින් ඉවත් කලාය.මෙය බුද්ධිමත් තීරණයක් නොවූ අතර  මෙි අරමුණ වූයේ පක්ෂ මෙහෙයුම් යාන්ත්‍රණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පක්ෂ නිර්මාතෘ එම් එච්.එම් අෂ්රොෆ් මහතාගේ බිරිය වූ ෆෙරියල් අෂ්රොෆ් මහත්මියට ලබා දීමයි.


මෙම තත්වය නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පස් දෙනෙක් එම පක්ෂය හැර යමින් විරැද්ධ පක්ෂය හා එක්වීම සිදුවේ.මෙම දේශපාලන කැලඹීම අවස්ථානුචිතව උපයෝගී කර ගත් එක්සත් ජාතික පක්ෂය විසින් එවකට සමඟි පෙරමුණු රජයට විරැද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලදි.මෙකී විශ්වාස භංග යෝජනාව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයන් 88ක්ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු( TULF) මන්ත්‍රීවරැන් 05 දෙනෙක්ද, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයේ (TELO) මන්ත්‍රීවරැන් 03 ක්ද සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසයේ (ATCT) මන්ත්‍රීවරයෙක්ද වශයෙන් මන්ත්‍රීවරැන් 97 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශය කලහ.

මේ වන විට ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්ෂය තුල සහ පක්ෂයෙන් පිටත ප්‍රශ්න වලින් හෙම්බත්වී සිටියාය.


සිය සුළුතර රජය රැක ගැනීම සඳහා දරන ලද අසාර්ථක උත්සහයේදී ඇය විසින් සිය විධායක බලය උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තුව දින 60 ක් හෙවත් දෙමසක් සඳහා කල් දමන ලදි.විව්‍යස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දේශපාලන පක්ෂ වලට  සැලකිය යුතු කාලයක් ලබා දෙමින් , ඔවුන් විසින් දරන ලද මත වල වෙනස්කම් සමථයකට පත් කිරීම මෙලෙස පාර්ලිමේන්තුව දෙමසකට කල් තැබීමේ අභිප්‍රාය විනැයි පැවසේ.2001 අගෝස්තු 21 දින ට ජනමතවිචාරණයක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර පසුව එය ඔක්තොම්බර් 18ට කල් තබන ලදි.මෙම කාල සමය ඇතුලත ඇය විසින්  එක්සත් ජාතික පක්ෂය සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සහ කලාය.

පොදුජන එක්සත් පෙරමුණේ  (P.A) අවසාන කඩා වැටීම සිදුවූවේ ඇයගේ සන්ධානයේ ඇයට වඩා සමීප ඇමතිවරැන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 08 දෙනෙක් විරැද්ධ පක්ෂයට යාම නිසයි.මෙම කන්ඩායමට අමාත්‍ය එස්.බී දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල් පීරිස් යන එවකට ජනතා සන්ධානයේ හිටපු ප්‍රබල සාමාජිකයන් මෙන්ම ලංකා කම්කරැ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සිවු දෙනෙක් අයත්විය.


මෙම තත්වය නිසා එවකට පොදුජන එක්සත් පෙරමුණ සතුව තිබූ පාර්ලිමේන්තු බලය අඩුවිය.විධායක ජනාධිපති ධූරය පමණක් ජනතා පෙරමුණට ඉතිරි වෙමින් එහි පාර්ලිමේන්තු බලය අඩුවිය.





2.   2015 සුප්‍රසිද්ධ  ආප්ප -කෝපි  කුමන්ත්‍රණය



2015 පැවති ජනාධිපතිවරණයේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  ඉදිරිපත් විය.වර්ෂ 2005 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරයට පත්විය.ඔහු වසර 05 බැඟින් වූ පාලන කාල දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරැව  2015 පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කලේ සිය තෙවන ධූර කාලයට එලඹීමටයි.මේ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ අතර මහින්ද රාජපක්ෂ මහත‍ා සිය දෙවන ධූර  කාල සීමාව අවසන් වීමට වසර 2කට පෙර තෙවන ධූර කාලය සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කරන ලදි.

නමුත් වඩාත් පුදුම සහගත කරැණ නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  මහින්ද රාජපක්ෂ මහතාට විරැද්ධව  තරඟ වදින බව මාධ්‍යයට ප්‍රකාශ කිරීමට පැයකට ප්‍රථම පවතින දේශපාලන වාතාවරනය සහ මැතිවරණ සැලසුම් වලට අදාල සාකච්ඡාවකට සාභාගී විමයි.මෙම රැස්වීමේදී පක්ෂ නායකයා සහ පක්ෂයේ සෙසු සාමාජිකයන් සමඟ කිසිදු වෙනසක් නොපෙන්වා ආප්ප සහ කෝපි සංග්‍රහයක්ද එතු
මන් විසින් බුක්තිවිඳ ඇති බව ඉතා ප්‍රකට කරැණකි.


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජයග්‍රහනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයා විසින් සිය පක්ෂයේ එවකට මහ ලේකම්වරයාට සිය විශ්වාසය පළ කලේලු.නමුත් ඒ වන විටත් එලෙස පවසන්නේ සිය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයාට බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නොදැන සිටීම කෙතරම් පුදුමයක්ද? මෙම තත්වය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ දේශපාලන කුමන්ත්‍රණ වල සියුම්ම සහ තීක්ෂණම පැතිකඩක් නියෝජනය කරනු ලැබේ .


නමුත් මෙම මැතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙසින්  ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහයෝගය ලබා ගනිමින්විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන ලදි.

ඉතිහාසය අපට උගන්වන පාඩම් කිසිදා කිසිම ගුරැවරයෙක් වෙතින් උගත හැකි නොවේ.ඇතැම් විට පක්ෂයට හා පාක්ෂිකයන්ට කොකා පෙන්වන දේශපාලඥයන් , තමන්ට වරෙක උපකාර කල මිතුරන්ටත්, රටටත් කොකා පෙන්වීමෙන් අනතුරැව අවසානයේදී ජනතාව විසින් ඔවුන්ට කොකා පෙන්වනු ලැබේ.වරෙක රාජපක්ෂ රෙජීමයට අදාල වූ මෙම රීතිය තම තනතුරැ වල දිගටම රැඳී සිටීමට ඇවසි දේශපාලඥයන් විසින් මැනවින් උගත යුතු නොවේද?

Srilankan politics review ඇසුරෙනි.


අනුරාධ සේනාරත්න


2 comments:

  1. "people's alliance" සිංහලෙන් පොදුජන එක්සත් පෙරමුණ කියා තමයි කිව්වෙ

    ReplyDelete
  2. ස්තුතියි......වරද නිවරදි කලා

    ReplyDelete