Sunday, May 27, 2018

ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ප්‍රතිරෑපය වර්තමානයේ කෙබඳුද? අනාවරණයක්...

ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ප්‍රතිරෑපය වර්තමානයේ කෙබඳුද? අනාවරණයක්...




වඩා යහපත් අන්තර් ජාතික ප්‍රතිරෑපයක් ප්‍රතිනිර්මාණය කරනු වස් ශ්‍රී ලංකාව තුල පුළුල් සමාජ,  ප්‍රජාතාන්ත්‍රීය නිදහසක් ස්ථාපනය කිරීමත් මානව හිමිකම් අන්තර් ජාතික ප්‍රමිතීන් සමඟ අනුගත කිරීමත් ඉතාමත් වැදගත් වන බව පෙනීයයි.සමාජය තුල කතා කිරීමේ නිදහස,මාධ්‍ය නිදහස සහ මානව අයිතීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන සන්දර්භයක් තුල යහපත් සහ හිතකර අන්තර් ජාතික ප්‍රතිරෑපයක් ඇති කිරීමට නොහැකි සේම  විදේශ ආයෝජකයන් හා ව්‍යවසායකයන් රටින් බැහැරවීමේ ඉහල ප්‍රවණතාවක් පවතී. ශ්‍රී ලංකාව පිලිබඳ හිතකර අන්තර් ජාතික ප්‍රතිරෑපයක් වර්ධනය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් පසුගිය සමයේ අහිමිකල ජී.එස්.පී අපනයන බදු සහනය නැවත ලබා දීමට වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට හැකියාව ලැබිනි.


එමඟින් පසුගිය රජය සමයේ  අහිමිවීමේ අවදානමට ලක්ව තිබූ රැකියා ලක්ෂයකට වඩා රැක ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත.ලෝකයේ සංවර්ධිත රටවල ආර්ථිකයන් සමඟ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වෙළඳ සම්භන්දතා  වර්තමානයේ අපරටට ඇත.මෙමගින් අපගේ අපනයන අවස්ථාවන් පුළුල් කිරීම සඳහාත් අපනයන ධාරිතාවය ඉහල නැංවීම සඳහාත් මනා පිටුවහලක් ලැබෙනු ඇත.


 ශ්‍රී ලංකාව   සමඟ අන්තර් ජාතික ප්‍රජාව එලඹෙමින් පවතින ආයෝජන ගිවිසුම් මෑත කාලීනව වාර්තාගත මට්ටමකට පැමිණ ඇත. මෙම තත්වය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ත් නැවත වරක් ගෝලීය ප්‍රජාව තුල ශ්‍රී ලංකාවේ  විශේෂිත ස්ථානය තහවුරැ කිරීම සඳහාත් බෙහෙවින් උපකාරීවේ.වත්මන් රජයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජ සංස්කෘතික ප්‍රවේශය නිසා නිදහස් මාධ්‍ය සහ සමාජ වටපිටාවක් ඇතිව පවතින අතරම පසුගිය රාජපක්ෂ රෙජීමය මඟින් ඇති කර තිබූ සීතල රාජ්‍ය භීෂණකාරී වාතාවරනය පහව ගොස් ඇත. රජය විසින් පාරදුෂ්‍ය සහ කාර්යක්ෂම ආර්ථික විව්‍යුහයක්  රට තුල ඇති කරමින් පවතින බව මේ නිසා අන්තර් ජාතික ප්‍රජාව තුල දැඩි විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතී.


1.  හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා බදුදීම


ආර්ථික වර්ධනය චිරස්ථායී මට්ටමක ස්ථායීව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන එක්සත් ජනපද  ඩොලර් බිලියන 3.6 ක වටිනාකමකින් යුතු උපායමාර්ගික යටිතල පහසුකම් ව්‍යාපෘතීන් රැසක් ශ්‍රී ලංකාව සඳහා ලබා ගැනීමට 2017 වර්ෂය තුලදී එක්සත් ජාතික පක්ෂ රජයට හැකියාව ලැබී ඇත. රාජපක්ෂ රෙජීමය විසින් චීනයට විකුණා දැමීමට
නියමිතව තිබූ හම්බන්තොට වරාය වසර 99 ක බදු පදනම මත චීනයට පවරා දීම මඟින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදලක් සෘජුවම රටට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ රජයට හැකියාව ලැබිනි.මෙහිදී වරාය නවීකරණයට ලක් කරනු ලබන අතර ශ්‍රී ලාංකීය අපනයන ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් මෙම වරාය මඟින් ඉටු කෙරෙනු ඇත.



2.  LNG විදුලි උත්පාදන ආයෝජන



එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 ක් වටිනා LNG විදුලි උත්පාදන බලාගාරයක් සහ එයට අදාල යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් දේශීය විදුලි බල ධාරිතාවයට  1000MVක විදුලි ධාරිතාවයක් එක් කෙරෙනු ඇත.මෙය ආර්ථික ප්‍රවර්ධනයට අදාලව දිනෙන් දින වැඩි වෙමින් පවතින දේශීය විදුලි බල ඉල්ලුම සපිරීම සඳහා දුරදක්නා මෙන්ම බුද්ධිමත් ආයෝජනයක් වනු ඇත.



3.  මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය හා නවීකරණය කිරීමේ ආයෝජන



මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 200 ක් වටිනා ආයෝජන අවස්ථාවක් මේ වන විට ලැබී ඇත.මෙම ආයෝජන මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ අන්තර් ජාතික වෙළඳාම ප්‍රවර්ධනය සඳහා දැවැන්ත පිටුවහලක් සැපයෙනු ඇත.



4. සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක්



එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වාර්තාගත මිලියන 2ක් පමණ වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාවක් පසුගිය වසර 3ක කාලය ඇතුලත මෙරටට ආකර්ෂණය කිරීමට රජය සමත්ව ඇත.මෙමඟින් නව රැකියා අවස්ථා 35000 කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙනු ඇත.2014 වසරට සාපේක්ෂව සංචාරක කර්මාන්තය 34% ක වර්ධනයක් පෙන්නුම් කරයි .සංචාරක කර්මාන්ත ඉතිහාසයේ ප්‍රථම වරට   විදේශ සංචාරකයන්  2050832 ක සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂ විදෙස් පිළිවෙත හමුවේ හිතකර වූ අන්තර් ජාතික ප්‍රතිරෑපය මඟින් මෙරටට ආකර්ෂණය කර තිබේ.

පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් මෙරට ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 512 ක්වූ ආදායම මෙතෙක් සංචාරක කර්මාන්තයෙන් වසරක් තුලදී ලැබු ඉහලම ආදායම ලෙස වාර්තාගතය.එය 2014 වර්ෂයේදී සංචාරක කර්මාන්තය ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 317 ට වඩා ඩොලර් බිලියන 95 ක වැඩිවීමකි.මෙමගින් අමතර රැකියා 35769 ක් උත්පාදනය කර ඇත.(ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2014 සහ 2016 යන සංගනන වාර්තා ඇසුරෙනි)

වසරකට පමණ ප්‍රථම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ  පැවති සමුළුවේදී ගෝලීය ප්‍රජාව සමඟ සම්භන්ද වීමෙන් අන්තර් ජාතික ප්‍රජාව තුල ශ්‍රී ලංකාවේ කාර්යභාරය සහ පාරදුෂ්‍යභාවය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබ ගත්තේය.මෙහිදී චීන ජනාධිපති ෂි ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි , ජපාන අගමැති ෂින්ෂො අබේ වැනි අන්තර් ජාතික නායකයන් රැසක් සමඟ සම්භන්දතා වර්ධනය කිරීමට අවස්ථාව ලබා ගත්තේය.



5.  මානව හිමිකම් ක්‍රියාකාරීන් හා ජනමාද්‍යවේදීන් කෙරෙහි පසුගිය  රාජපක්ෂ රජයෙන් එල්ලවූ නිර්දය වදහිංසා වලට සහ බියගැන්වීම් වලට තිත තැබීම



මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබඳ වාර්තාව මඟින් ප්‍රකාශ කරන පරිදි පසුගිය රාජපක්ෂ රජය සමයේදී  අදහස් ප්‍රකාශ කිරීමේ සහ විවේචනාත්මක සංවාදය සඳහා වූ අවකාශය මුළුමනින්ම පාහේ අහුරා දමමින් ඒකාධිපතිවාදී ප්‍රවේශයකට පිවිසෙමින් පැවතිනි.මානව හිමිකම් ක්‍රියාකාරීන්ට රාජපක්ෂ රෙජීමයෙන් එල්ලවූ ක්‍රෑර වදහිංසා, නෛතික පද්ධතියේ විනිසුරැවන්ට සහ නීතීඥයන්ට එල්ලවූ බලපෑම් සහ ස්වාධීන ජනමාද්‍යවේදීන්ට එල්ලවූ මැර ප්‍රහ‍ාර මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මෙන්ම නෛතික ස්වාධීනත්වයට එවකට රජයෙන් බලපෑම් එල්ලවූ  බව තහවුරැ විය.(එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව -2015 සැප්තැම්බර් 16)

එක්සත් ජාතික පක්ෂ රජය විසින් එය දිවුරැම් දුන් වහාම මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මත පනවා තිබූ නිශේධක රාජ්‍ය බලපෑම් සහමුලින්ම ඉවත් කර දමන ලදි.මෙලෙස සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධාන මත පනවා තිබූ නිශේධක බලපෑම් සහ සීමාකිරීම් ඉවත් කිරීමත් සමඟම එවකට එ.ජා.ප ප්‍රමුඛ  සම්මුති රජයට පුළුල් ජාතික මෙන්ම අන්තර් ජාතික පිලිගැනීමක් ලැබිනි.(human rights watch -2015)




6.  


රජයේ විවෘතභාවය , පාරදුෂ්‍ය ස්වභාවය සහ වගකිවයුතු ස්වභාවය නිරෑපනය කරමින් එක්සත් ජාතික පක්ෂ රජය තොරතුරැ දැනගැනීමේ අයිතිය තහවුරැ කිරීම සඳහා ලෝකයේ දැනට පවතින හොඳම මට්ටමේ තොරතුරැ තාක්ෂණ නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි.

2017 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි නව තොරතුරැ තාක්ෂණ අයිතිය පිලිබඳ පනත ක්‍රියාත්මක වනු ඇත.මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ගෝලීය ආර්.ටී.අයි දර්ශකයේ (RTI rank) තෙවන ස්ථානය හිමිකර ගත්තේය.



7 .   ශ්‍රී ලාංකීය මාද්‍ය නිදහස තහවුරැ කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ රජය විසින් යුරෝපා සංගමයේ ජී.එස්.පී අපනයන සහන වාසිය නැවත ලබා ගන්නා ලදි.



අපගේ සුවිශාල අපනයන නිෂ්පාදනයන් වලට යුරෝපා සංගමයේ රටවල වෙළඳපළවල් සඳහා සේවා බදු වලින් නිදහස් ප්‍රවේශයක් ලබා ගැනීමට  (duty free access)මේ නිසා හැකියාව ලැබිනි.2016 දී ද්විපාර්ශවික මුළු වෙළඳ වටිනාකම යුරෝ බිලියන 4.7 ක් වූ අතර ජී.එස්.පී ප්ලස් සහනය සමඟ යුරෝපා සංගමයේ රටවලට බදු වලින් නිදහස්ව ලාංකීය නිෂ්පාදන අපනයනය කිරීමට මෙරටට හැකියාව ලැබේ.

වර්ෂ 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවූ අතර ඒ නිසා කර්මාන්තශාලා බොහෝමයක් වසා දැමීමේ අනතුරැදායක තත්වයක් ඇතිව තිබුනි.මේ නිසා රැකියා අවස්ථා 10000 කට වඩා අහිමිවීමේ තර්ජනයකට රට මුහුනපා තිබිනි.එවකට රාජපක්ෂ රෙජීමය විසින් දියත් කෙරැන අසාර්ථක මානව සහ සිවිල් හිමිකම් වාර්තා නිසා මෙම තත්වය උද්ගත විය.(යුරෝපා කොමිෂම, යුරෝපා සංගමය භාන්ඩ වෙළඳාම -2017 මාර්තු 05)



8.   ජී.එස්.පී  ප්ලස් සහනය මඟින් නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක රැකියා සුරක්ෂිත කෙරෙනු ඇත.නිමි ඇඳුම් කර්මාන්තය යනු මෙරට ශ්‍රම බලකායට සෘජු රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණද වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ 6 ක් පමණද සපයන සුවිශාලතම තනි ආයෝජන මාර්ගයයි.( ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය , නිමි ඇඳුම් නිෂ්පාදන , දෙවන පිට)



9.   එක්සත් ජාතික පක්ෂ රජය මඟින් එතෙක් පනවා තිබූ යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලදි.2014 පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ශ්‍රී ලංකාවට පනවා තිබූ මුහුදු ආහාර හා නිෂ්පාදන අපනයන තහනම මඟින් සමස්ථ මත්ස්‍ය අපනයන ධාරිතාව 68% කින් පහල වැටී තිබිනි.



මේ නිසා එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක වාර්ෂික ආදායමක් මෙරටට අහිමි විය.මෙම තහනම ඉවත් කිරීම නිසා එතෙක් අහිමිව පැවති රැකියා හා ජීවන මාර්ගයන් නැවත ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවිය.

රාජපක්ෂ රජය එතෙක් අනුගමනය කල මර්ධනකාරී මාද්‍ය ප්‍රතිපත්තීන් වෙනුවට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මාද්‍ය ප්‍රතිපත්ති වලට පිවිසෙමින්ද, ඉන්දියාව හා  චීනය අතර අන්තර් ජාතික ද්විපාර්ශවීය සම්භන්දතා වල තුල්‍යභාවය ආරක්ෂා කරමින්ද මේ වන විට සම්මුති යහපාලන රජය ශ්‍රී ලංකාව පිලිබඳ තුලනාත්මක සුභවාදී අන්තර් ජාතික ප්‍රතිරෑපයක් නිර්මාණය කර ඇත.

යුරෝපා සංගමය, වතිකානුව, එක්සත් ජනපදය , රැසියාව ආදී සෑම රටක් සමඟම තුල්‍ය හා සමීප සම්භන්දතා ස්ථාවර හා උච්ච මට්ටමකට පැමිණ ඇති මෙවන් සමයක මෙරටට එම ගෝලීය සම්භන්දතා ඔස්සේ චිරස්ථායී සංවර්ධනයකට පියමන් කිරීමේ අවස්ථාව උදාවී පවති.



World bank report of srilanka

Report of human right of UNHCHR

Reports of srilanka investment boatd ඇසුරෙනි

අනුරාධ සේනාරත්න









No comments:

Post a Comment