Sunday, May 6, 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල පරිනාමය

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල පරිනාමය





නිදහස ලැබීමට පෙර අවධියේ සිටම බිහිවූ හා පරිනාමනය වූ දේශපාලන පක්ෂ ද ඇතුලත්ව විවිධ දේශපාලන පක්ෂ රැසක  පුළුල් පරාසයකට අයත් දේශපාලන මතවාදයන් රැසක් වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන විව්‍යුහය නියෝජනය කරයි.ශ්‍රී ලංකාවේ බහු වාර්ගික දේශපාලන පරිනාමය පිලිබඳ සැලකීමේදී ආගමික, භාෂාමය සහ සංස්කෘතික සංකල්පීයතාවයන් වල පුළුල් වෙනසක් සිදුවී ඇත.පසුගිය දශකය තුල  ඇතිවූ සිංහල-දෙමළ ජනවාර්ගික අර්බුදය සහ සිංහල බහුතරය නියෝජනය කරන  ශ්‍රී ලංකා රජය සහ දෙමළ බෙදුම්වාදී සන්නද්ද සුළුතරය අතර ඇතිවූ සිවිල් යුද්ධය  මෙරට දේශපාලන ප්‍රවාහය පරිනාමයේදී  ප්‍රධාන ස්ථානයක් ගනී.

නිදහස ලැබීමේ අරගලයේදී  එම නිදහස් සටන් සන්ධානයට දායක වූ ප්‍රධානතම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන අතර එහි ගෞරවනීය නායකයා වූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් නිදහසින් පසුව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.නැවත 1952 පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත් එතුමා 1956  හදිසියේ අභාවප්ප්‍රාප්ත වන තෙක්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවීය.විපක්ෂයේ පැවති විවිධ අර්බුදකාරී බෙදීම් නිසා 1951 වන තෙක්ම සුදුසු නායකත්වයක් තෝරා ගැනීමට ඔවුන් අසමත් විය.මේ අතර සොලමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමන් එතෙක් තමන් නියෝජනය කරන ලද එක්සත් ජාතික පක්ෂය හැර යන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමටයි.කාලයත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල දේශපාලන පක්ෂයක් ලෙසට වර්ධනය වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරැද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ බටහිරවාදී ප්‍රතිපත්තිය වෙනුවට නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සහ ඇතැම් විට සමාජවාදී සෝවියට් බල කඳවුර වෙතට නැඹුරැ වෙමින්  ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රතිපත්තීන් මෙහෙය වන්නට විය.මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ අනෙකුත් දේශපාලන පක්ෂ එකල ඉහල සාමාජ පාන්තික  සිංහල නායකත්වයන් විසින් මෙහෙය වන ලද අතර රටේ සිංහල බහුතරය ඉලක්ක කර ගෙන දේශපාලන කටයුතු සිදු කරන ලදි.

1956 මැතිවරණයට ප්‍රථම බන්ඩාරනායක මහතා විසින් මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කරන ලදි.මෙම සන්ධානය තුල ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ට්‍රොස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය සහ ස්වාධීන කන්ඩායම් අන්තර්ගත විය.රාජ්‍ය අංශය පුළුල් කිරීම , බ්‍රිතාන්‍ය පදනම් වූ අයිතිවාසිකම් අවසන් කිරීම, තේ සහ රබර් වතු ජනසතුකරණය, දැඩි නොබැඳි විදෙස් පිළිවෙතක් අනුගමනය කිරීම වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ පෙනී සිටින ලදි.1956 මැතිවරණය මහජන එක්සත් පෙරමුණ විසින් ආසන 51 කින් ජයග්‍රහනය කරන ලැබූ අතර වර්ෂ 1959 දක්වාම එස් .ඩබ් .ආර්.ඩී බන්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන ලදි.නමුත් වර්ෂ 1959 දී බන්ඩාරනායක මහතා බෞද්ධ භික්ෂුවක් විසින් ඝාතනය කිරීමට ලක්විය.


1960 පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 151 න් ආසන  50 දිනා ගන්නා ලද අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46ක්ද අනෙකුත් පක්ෂ  ඉතිරි ආසන 55ද දිනා ගන්නා ලදි.එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෙබවූ ඩඩ්ලි සේනානායක මැතිතුමන් පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට අසමත්වූ අතර එම වර්ෂයේම ජූලි මස නව මැතිවරණයක් කැඳවීමට සිදුවිය.මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිවූවේ ආසන 30ක් පමණක් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතාගේ වැන්දඹු බිරිඳ වූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය මෙහෙයවූ වාමාංශික කන්ඩායම් සහිත සම්මුති සන්ධාන පෙරමුණ ආසන 75ක් ජයග්‍රහණය කරන ලදි.ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ ගෞරවය ලබමින් මෙහිදී බන්ඩාරනායක මැතිණිය විසින් සමඟි පෙරමුණු රජය පිහිටුවන ලදි.ව්‍යාපාර ජනසතුකරණය ඇතුළු අනෙකුත් බන්ඩාරනායක මහතාගේ ට්‍රොස්කිවාදී ප්‍රතිපත්තීන් ඇය විසින් දිගටම ක්‍රියාත්මක කරන්නට විය.

එයින් වසර 15ක් යන තෙක්ම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාරැවෙන් මාරැවට වසර 7කට නොඅඩු කාලසීමාවන් සදහා බලයට පත්වීම සිදුවිය.1965 දී විව්‍යස්ථාදායක ආසන 151න් ආසන 66ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයේ එවකට නායකත්වය දැරෑ ඩඩ්ලි සේනානායක මැතිතුමන් අග්‍රාමාත්‍ය ධූරයට පත් විය.නමුත් ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය , සෝවියට්වාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නිර්මාණය කල සමගි සන්ධානය 1970පැවති මැතිවරණය ජයග්‍රහණය කල බැවින් එම සන්ධානයේ නායකත්වය මෙහෙයවූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූවාය.නමුත් 1971 දී ජනතා විමුක්ති පෙරමුණ දකුණු පළාත කේන්ද්‍ර කොට ගෙන ඇති කරන ලද සන්නද්ද කැරළිකාරී තත්වය පදනම් කර ගනිමින් සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය විසින් වසර 6ක් පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලදි.



මෙම කැරළිකාරී තත්වය පසුකලෙක සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ 1972 විව්‍යස්ථා සංශෝධනයට තිඹිරිගෙය විනි.අාචාර්ය කොල්වින් ආර්  ද සිල්වා මැතිතුමන් ගේ ප්‍රධාන දායකත්වයෙන් සම්පාදිත මෙම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් සියළු ව්‍යවස්ථා සඳහා තේමා කොට ගන්නකි.

දියත් කරන ලද සමාජවාදී සංවෘත ආර්ථික ප්‍රතිපත්තීන් නිසා මෙන්ම  පැවති අධික සමාජ ආර්ථික, මූල්‍යමය පීඩාකාරී තත්වය නිසා වර්ෂ 1977 වන විට සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහල බැස තිබුනි.ඇයට සන්ධාන රජයේ අනෙකුත් පාර්ශවයන්ගේ සහයෝගයද මේ වන විට අහිමිවී තිබිනි.1977 පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 51%ක ප්‍රතිශතයක් හෙවත් මුළු ආසන 168න් 142ක් ජයග්‍රහනය කරමින් බන්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට පත් කරන ලදි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (Tamil united liberation front)උතරැ -නැගෙනහිර පළාත් වල සමස්ථ බලය අත්පත් කර ගනිමින් ආසන 16ක් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූවේ ආසන 8ක් පමණි.ජේ.ආර් ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් සිය මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ පරිදි ලැබූ බහුතර බලය යොදමින් ප්‍රංශ ආකෘතික විධායක  ජනාධිපති ආකෘතියක් විව්‍යස්ථාව සඳහා හඳුන්වා දෙන ලදි.මේ වන විට අපකීර්තියට පත්ව තිබු අග්‍රාමාත්‍ය තනතුර කෙරෙහි පවරා ඇති බලතල ඉවත් කරමින් සහ ජනාධිපති ධූරයට  අදාල  පවරාගත් නව බලතල භාවිතා කරමින් විවෘත ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ,උතුරැ -නැගෙනහිර වාර්ගික  අසහනයට පත්ව සිටි දෙමළ සුළුතරය සමඟ ජනවාර්ගික සුහදතාවය සහ සම්මුතිමය තත්වයක් ස්ථාපනය කිරීමටත් ඔහු ක්‍රියා කරන ලදි.


1983 පැවති පළාත් මැතිවරණ වලදී සහ අතුරැ මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂයට එහි විධායක බලය තවදුරටත් තහවුරැ කර ගැනීමට හැකිවිය. පළාත් මැතිවරණයට තරඟ කල පාර්ලිමේන්තු  ආසන 18න් 14ක්ම ජයග්‍රහනය කිරිමටද එම පක්ෂයට හැකිවිය.

කොමියුනිස්ට් පක්ෂය සහ අනෙක් වාමාංශී පක්ෂ දෙකක් වන මහජන විමුක්ති පෙරමුණ (people's liberation front) සහ නව සමාජවාදී පක්ෂය (new socialist party)1983ඇතිවී රට පුරා පැතිරැන  වාර්ගික කොළාහල වලට මැදිහත්වීමේ චෝදනාව මත තහනම් කරනු ලැබීය.1983අගෝස්තු මස කොමියුනිස්ට් පක්ෂ නායකයන් අත්අඩංගුවට ගනු ලැබිනි.දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ වසර ගනනාවක් තිස්සේ  ජයවර්ධන රජය සමඟ පළාත් මට්ටමේ බලය විමද්‍යගතකිරීමකට කල උත්සහය අසාර්ථක විය.මෙකී වාතාවරනය තුල වර්ෂ 1983දී  එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රි ආසන 2/3 බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිව තිබූ විව්‍යස්ථා සංශෝධනයක් සඳහා ඊට පූර්වයෙන් අවශ්‍යවූ ඒකීය විව්‍යස්ථාවකට පක්ෂව සිය ඡන්දය දීමෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරැ වැළකී සිටියහ.ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කලහ.

දෙමළ ජනවාර්ගික ආරක්ෂාව සහ පූර්ණ නිදහස සඳහා ඇති එකම මාවත සන්නද්ද අරගලය ලෙස විශ්වාස කල දෙමළ සන්නද්ද කැරළිකාරී කන්ඩායම් වලට අසුවු මෙම දෙමළ එක්ත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරැ බොහෝ දෙනෙක් ඝාතනය කරන ලදහ.1989 පෙබරවාරි මස පැවති මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම දියකර හරින ලද අතර එම මැතිවරණය සඳහා එවර සාභාගී වුවේ කැරළිකාරී කන්ඩායම් වලට සෘජු සම්භන්දතා තිබූ කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් පමණි.

සමකාලීනව සිදුවූ  ජනවාර්ගික ප්‍රචන්ඩක්‍රියා  අතරතුර 1988 දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයේදී එවකට එ.ජා.ප රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා , සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියට එරෙහිව තියුණු ජයග්‍රහනයක් ලබන ලදි.1989 ජනවාරි 02 වන දින හිටපු ජනාධිපති  ජේ.ආර්  ජයවර්ධන මහතාගේ මීලඟ  අනුප්‍රාප්තිකයා වශයෙන්  ආර් ප්‍රේමදාස මහතා දිවුරැම් දුන්නේය..නව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 1989 පෙබරවාරි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ එවකට එක්සත් ජාතික පක්ෂය ආසන 225න් ආසන 125ක් ලබාගෙන ප්‍රබල ජයග්‍රහනයක් වාර්තා කලේය..ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් ඩිංගිරි බන්ඩා විජේතුංග මහතා එම රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලදි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් සන්ධාන කොටස්කරැවන් වූ වාමාංශික  කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඒකාබද්ධව 1987දී එක්සත් සමාජවාදී පෙරමුණ  නම් (united socialist alliance)නව සන්ධානයක් බිහි කරන ලද අතර 1989 පෙබරවාරි මස පැවති මැතිවරණයෙන් එම නව සන්ධානය ආසන 04ක් දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 67 ක් දිනා ගනිද්දීය.


වර්ෂ 1991දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට ඔහුගේ පාර්ලිමේන්තු කන්ඩායමේ අමාත්‍යවරැන් වූ ගාමිණී දිසානායක , ලලිත් ඇතුලත්මුදලි සහ ජී.එම් ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ පාර්ලිමේන්තු කන්ඩායමකින් දෝෂාභියෝගයක් ඉදිරිපත් විය.මසක් සඳහා පාර්ලිමේන්තු විවාදය කල් තැබීමෙන් දෝෂාභියෝග විවාදය කල් තැබීමට ජනපතිවරයා සමත් විය.1988 -1989 කාල වකවානුව ආශ්‍රිතව වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණේ සිවිල් යුද වාතාවරණය රාජ්‍ය දේපළ විශාල ලෙස විනාශ කිරී මට සමත් විය.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයන් බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ විසින්  මේ සමයේදී මරා දමන ලද අතර අන්වර්ථ නාමයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්භන්ද කැරළිකාරී කන්ඩායම් ඝාතනය කල   රජයේ හස්තයන්ගෙන් පාලනය වන ලදැයි පැවසුන සන්නද්ද  ඝාතන කල්ලි රැසක්ද විය.කැරළිකරැවන්ට සහයෝගය දුන් සැලකිය යුතු පිරිසක් ත්‍රිවිධ හමුදාවල මෙන්ම රාජ්‍ය අංශ වලද විය.එවකට ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා මෙම සිවිල් යුද තත්වය මර්දනය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වයක් දැක්වීය .බොහෝමයක් කැරළිකරැවන් මරා දමන ලද අතර ඔවුන් සඳහා ස්ථාපිත කල වදකාගාර ද තිබිනැයි ජනතාව අතර ප්‍රසිද්ධ වී තිබිනි.


දිවයින පුරා රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රචන්ඩක්‍රියා සහ ඝාතන තත්වයන් හමුවේ 1993 මැයි මස පලමු දින එවකට ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා බාබු නම් දෙමළ බෙදුම්වාදී මරාගෙන මැරෙන කැරළිකරැවෙකුගේ (එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් යැයි සලකන ලබන)ඉලක්කයක් බවට පත්වීමෙන් ඝාතනය විය.පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව  ඩී.බී විජේතුංග මැතිතුමා අභිනව මී ලඟ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා ලදි.

ජනාධිපති ඩී.බී විජේතුංග මහතාගේ කාලසීමාව අවසන් වීමට මාස 06ක කාලයක් තිබියදී 1994නොවැම්බර් මාසයේදී ඔහු විසින් හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලද අතර එයින් එක්සත් ජාතික පක්ෂය තියුණු ලෙස පරාජයට පත් කරමින් පොදුජන පෙරමුණ (people's alliance)නම් පක්ෂ 07ක එකමුතුවකින් තරඟ කල සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ජයග්‍රහනය කරන ලදි.පිලිවෙලින් මව සහ දියණිය වූ මෙම නායකත්වයන් වයස අවුරැදු 80 සහ 49 යන වයස්වල පසුවිය.ශක්තිමත් පෞර්ෂයක් දරන නමුත්  එවකට අද්දැකීම් අඩු තත්වයක සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.


මෙම මැතිවරණයේ ප්‍රතිපල පහත සඳහන් ලෙස විය.පොදු ජන පෙරමුණ ආසන 105, එක්සත් ජාතික පක්ෂය ආසන 94, ඊලාම් ජනතා  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 09, ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආසන 07, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 05, දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය ආසන 03, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ආසන 01, උඩරට ජනතා පෙරමුණ ආසන 01 ක් ලෙස දැක්විනි

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණය ජයග්‍රහනය කරන ලද්දේ උතුරැ නැගෙනහිර සිවිල් යුද්ධය අවසන් කරන පොරොන්දුව මතයි.ශ්‍රී ලංකා භූමිය තුල සීමාසහිත ස්වාධීනත්වයක් දෙමළ ප්‍රජාවට ලබාදීමට ඇය එකඟවූ නමුත් එය එවකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් ප්‍රතික්ශේප කරන ලදි.එකී වාතාවරනයේදී ඊරෝස් , ටෙලෝ, ආදි දෙමළ බෙදුම්වාදී සංවිධාන වල බොහෝ නායකයන් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කර තිබිනි.පැවති තත්වයට හමුදාමය විසදුමක් සෙවීමට ඇය කල උත්සහය අසාර්ථක වීමෙන් අනතුරැව 2002 දී  සටන් විරාමයක් සමඟ සාම ගිවිසුමක් සදහා සාම සාකච්ඡා අරඹන ලදි.එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ බලය වැඩිකිරීමේ විව්‍යස්ථාමය ප්‍රතිසංස්කරණ සහ දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබාදීමේ ඇයගේ යෝජනා පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ශේප කරන ලදි.1999 දෙසැම්බර් මස ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් නැවත වරක් ජනාධිපතිවරණයක් කැඳවන ලද අතර මෙහිදී චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇයගේ ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයේ එවකට නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කරට කර තරඟයක් විය.නමුත් මැතිවරණයට දින 03කට ප්‍රථමයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඝාතන ප්‍රයත්නයකින් ජනාධිපතිනිය තුවාල වූවාය
.

මෙම තත්වය ඇයගේ ඡන්ද ප්‍රමාණය වැඩිවීමට පිටුවහලක් විය.1994 නොවැම්බර් මස බහුතර ඡන්ද 51.1% ක ප්‍රතිශතයකින් කුමාරතුංග මහත්මිය නැවත ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වූ අතර ඇයගේ ප්‍රතිවාදියා වූ ශ්‍රීමා දිසානායක මහත්මියට ලබා ගැනීමට හැකිවූවේ 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.1994නොවැම්බර් මස අවසන් වූ මැතිවරණයට පෙර දිවයින පුරා ක්‍රියාත්මක වූ ඝාතන රැළ්ලේ ගොදුරක් වූ ගාමිණී දිසානායක මහතාගේ වැන්දඹු බිරිය ශ්‍රීමා දිසානායක මහත්මියයි.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තියුණු ජයග්‍රහනයක් ලැබුවද මෙම ජනාධිපතිවරණයේදී ඇය ශ්‍රීමා දිසානයක මහත්මියට විරැද්ධව (63%-36%) බහුතර ජයග්‍රහනයක් ලබන ලදි.මෙහිදි ජනාධිපති ධූරයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය , අග්‍රාමාත්‍ය ධූරයට සිය මව වූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය පත් කරන ලදි.

2001 දෙසැම්බර් 07 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දැරෑ එක්සත් ජාතික පක්ෂය ආසන 109 ක් දිනා ගන්නා ලදි.එය ආසන 05ක් ලබා ගත්  මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයක් ගොඩනගා එමගින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා ලදි.කුමාරතුංග මැතිණිය නියෝජනය කල පොදු ජන පෙරමුණ මෙහිදී ආසන 77ක් ලබා ගනිද්දී , මහජන එක්සත් විමුක්ති පෙරමුණ ආසන 16ක්ද , දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 15ක්ද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 2ක්ද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ එක් ආසනයක්ද දිනා ගන්නා ලදි.


2007 පැවති ජනාධිපතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ නම් පොදු සන්ධානය නියෝජනය කල මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්විය.ඒමහතා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරැන්ගේද සහයෝගය සහිතව ශක්තිමත් හමුදාවක් නවීකරණය කරන ලදි.එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ නැවත වතාවක් සාම සාකච්ඡා ආරම්භ කිරීමට හැකි විය.ඒක පාර්ශවිකව එම සංවිධානය සාකච්ඡා බිඳ දැමූ අතර හමුදාමය මෙහෙයුම් මඟින් එල්.ටී.ටී.ඊ සංවිධානය  සහමුලින්ම මර්ධනය කර මෙතෙක් දශක තුනකට ආසන්නව පැවති ත්‍රස්තවාදී අර්බුදය නිමා කරමින්  වර්ෂ 2010 දී පූර්ණ සාමය මෙරටට ලබා දෙන ලදි.මහින්ද රාජපක්ෂ මහතා යටතේ දිවයිනේ යටිතල පහසුකම් වල සීඝ්‍ර වර්ධනයක් සිදුවිය.


චීනය සමඟ ඉතා සමීප විදේශ සම්භන්දතා වර්ධනය කල එම යුගයේ ගෝලීය වශයෙන් ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජපානය සමඟ පැවති විදේශ සම්භන්දතා බරපතල අර්බුදකාරී තත්වයකට පත්විය. රාජ්‍ය මූල්‍ය අක්‍රමිකතා රැසක්ම සහ අතිදැවැන්ත මූල්‍ය වංචා රැසක්ම සිදුවී ඇති බව වර්තමානයේ පිහිටුවා ඇති මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ පරීක්ෂණ වලින් අණාවරනය වී ඇත.

වර්ෂ 2012 පැවති ජනාධිපතිවරණයෙන් සිය දෙවන ධූර කාලය සඳහා පස් වසරකට දිව්රැම් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ධූර කාලය අවසන් වීමට වසර 2ක් තිබියදී ධූර කාලය තවත් පස් වසරකින් දීර්ඝ කිරීමේ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස පවත්වන ලදි.

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු සන්ධානයෙන් ඉදිරිපත් වූ පොදු අපේක්ෂක හිටපු සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 51.6%ක බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහනය කරමින් ජනාධිපති තනතුරේ දිව්රැම් දුන්නේය.එම වර්ෂයේම පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය   ආසන 225න් ආසන  106ක් දිනා ගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්ව නව යහපාලන සම්ප්‍රදායක් දියත් කරමින් සම්මුති රජය පිහිටුවාලීය.

ජනාධිපතිධූරයේ බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂම් සභා ක්‍රියාත්මක කිරීම , සංහිදියාව සහ ජනවාර්ගික සුහදත්වය වර්ධනය කිරීම, සුළු ජාතික අයිතීන් ප්‍රවර්ධනය කිරීම උදෙසා 19 වන විව්‍යස්ථා සංශෝධනය , 20 වන විව්‍යස්ථා සංශෝධනය මෙම රජයේ ඉලක්ක සමහරකි.මෙම අරමුණු සමහරක් මේ වන විට සාර්ථකව ඉටු කරගෙන තිබේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ මිළ අඩු කිරීම , අත්‍යවශ්‍ය ඖෂධ මිල ගනන් අඩු කිරීම, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම අතින් රනිල්- මෛත්‍රී සම්මුති සන්ධාන රජය මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කල සෑම රජයකටම වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.සමතුලිත විදේශ සම්භන්දතා චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, මැද පෙරදිග රටවල් හා දකුණු කොරියාව , ජපානය සමඟ ස්ථාපිත කිරීම මඟින් එතෙක් ශ්‍රි ලංකාව කෙරෙහි අන්තර් ජාතිකව පැවති මානව හිමිකම් හා විදේශ සම්භන්දතා පිලිබඳ අපකීර්තිය දුරැ කිරීමට යහපාලන සම්මුති රජය සමත්ව ඇත.


ගම්උදාව වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ නිවාස ගැටළුව විසඳීමේ ලා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දියත් කල දැවැන්ත වැඩසටහන වත්මන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නොකඩවා ක්‍රියාත්මක කරනු ලැබේ.


ශ්‍රී ලංකාව තුල නව යහපාලන සම්ප්‍රදායක් දියත් කරමින් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුම2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.

Huffpoost සඳහා හිටපු දේශපාලන විද්‍ය මහාචාර්යවරයෙක් කරන ලද විග්‍රහයක සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න


No comments:

Post a Comment