Thursday, May 24, 2018

ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලඥයන්ගේ රැචි අරැචිකම් සහ විනෝදාංශයන්K

ශ්‍රී ලංකාවේ  හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලඥයන්ගේ රැචි අරැචිකම් සහ විනෝදාංශයන්





අතීතය හිටපු දේශපාලඥයන් ඇසුරෙන්  ජීවිත පාඩම් උගන්වන තක්සලාවක් බඳුය.නමුත් මෙම දේශපාලඥයන්ගේ පුද්ගලික ජීවිත තුලට  එබී බැලීමට අපට අවකාශ ලැබී ඇත්තේ ඉතා කලාතුරකිනි.ඔවුන්ගේ චරිත පිලිබඳ ලියැවුන  ජීවිත කතා පොත් ඉවසීමෙන් පිටුවෙන් පිටුව අධ්‍යයනය කිරීමෙන් පමණක් ඔවුනගේ ජීවිත පිලිබඳ හොඳ අවබෝධයක් ලැබිය හැකිය.ස්වකීය දේශයේ පැවැත්ම සහ සංවර්ධනය සඳහා සිය ජීවිත වලින් වැඩිපුර කාලයක් වැය කල පසු ඔවුන් විවේකීව සහ විනෝදයෙන් ගත කල කාලය පිලිබඳව අපට ඇත්තේ සුළු දැනුමකි.පසුගිය දශක කිහිපය තුල බිහිවූ ශේෂ්ඨ ලාංකීය දේශපාලඥයන් කිහිප දෙනෙකු සිය විවේක කාලයන් තුලදී සිදු කරන ලද විනෝදාංශ මෙම ලිපියෙන් විමසා බලමු.


මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා


ජාතියේ නිදහස් සටන සඳහා පුරෝගාමීත්වය ලබා දුන් මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යධූරයට පත් විය.ඇතමුන් පවසන පරිදි කිසිම  දිනක පාසල් අධ්‍යාපනයක් නොලැබූ අයෙක් වූ එතුමා ක්‍රීඩා සඳහා දැක්වූවේ අතිශය කැමැත්තකි.මල්ලව පොර (wrestling) සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අතිශය ප්‍රියතාවයක් දැක්වූ මෙතුමා නියෝජනය කලේ සාන්ත තෝමස් විද්‍යාලයයි.සුප්‍රසිද්ධ රෝයල් -  සාන්ත තෝමස් ක්‍රිකට් තරගය නියෝජනය කල මෙතුමා පසුකාලීනව සිංහල ක්‍රීඩා සමාජය (SSC) සඳහා ද නොන් ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය සඳහාද ක්‍රිකට් ක්‍රීඩා කරන ලදි.

අශ්වයන් පැදීම හා අශ්ව රේස් විනෝදාංශයක් කොට ගත් මෙතුමා සිය සමීපතමයන් සමඟ අශ්වයන් පිට ගමන් කිරීමට මහත් අභිරැචියක් දැක්වූවේලු.ශ්‍රී ලංකා පොලීසියට අයත් අශ්වයෙක් වූ චිත්‍රා නම් අශ්ව දේනුව පිට, එවකට පොලිස්පතිව සිටි රිචඩ් අළුවිහාරේ මහතා සහ කැබිනට් අමාත්‍යජී.ජී පොන්නම්බලම් මහතා සමඟ ගමන් කරමින් සිටියදී හදිසියේදී ඇතිවූ හෘදයාබාධයක් නිසා 1952 මාර්තු21 දින අශ්වයා පිට්න් ඇඳ වැටීමෙන්  පසු කොලඹ ජාතිකරෝහලට ඇතුලත් කරනු ලදුව පැය කිහිපයකට පසු එතුමා මරණයට පත්විය.

ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාට තරමක් පිටුපසින් ගමන් කල පොලිස්පතිවරයා ප්‍රකාශ කලේ අගමැතිතුමාට තරමක් පිටුපසින් තමන්  තවත් අශ්වයෙක් මතින් ගමන් කල බවත් එතුමන්ගේ කටහඬ අසාමාන්‍ය ලෙස වෙනස්වූ බවත් එ් සමඟම අගමැතිවරයා අශ්වයා මතින් ඇදගෙන වැටුන බවත්ය.

ඩී.එස් සේනානායක මැතිතුමන් එවකට සිටි දක්ෂතම අසරැවෙක් ලෙස නමක් දිනා සිටියේය.

2.  හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා



1952 දී සිදුවූ සිය පියාගේ මරණයත් සමඟම ඩඩ්ලි සේනානායක මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරැම් දුන්නේය.පාසලේදී අධ්‍යාපන සහ ක්‍රීඩා අංශ සඳහා දක්ෂතාවයක් දැක්වූ මෙතුමා කේම්බ්‍රිජ්හි කෝර්පස් ක්‍රිස්ටි විද්‍යාලයටත් එතැනින් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයටත් ඇතුලත්වී ස්වභාවික විද්‍යාව සම්භන්ද උපාධි පාඨමාලාව හැදෑරීය.පසුව බැරිස්ටර් විභාගය සමත්වී ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දිවුරැම් දුනි.හොකී, බොක්සින්, ජවන හා පිටිය ක්‍රීඩා සහ ක්‍රිකට් ක්‍රිඩාව සඳහා එතුමන් දක්ෂතා දැක්වීය.රෝයල්- සාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම සඳහා සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන්  නායකත්වය ලබා දුන් මෙතුමා , පාසලේදී බොක්සින්, හොකී හා ඡවන හා පිටිය ක්‍රීඩා සදහා පාසල වෙනුවෙන් වර්ණ දිනාගෙන ඇත.

පසුකාලීනව ගෝල්ෆ් හා ඡායාරෑප ශිල්පය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ලද මෙතුමා විවේකයක් ලද  සෑම විටෙකම සිය කැමරාව උරහිසේ එල්වාගෙන ආකර්ෂණීය ඡායාරෑප ගැනීම සඳහා දැඩි රැචියක් දැක්වූයේලු.දැඩි නිරහංකාර චරිතයක් වූ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ නිරහංකාර ස්වභාවය සඳහා ඉතා ප්‍රකට උදාරනයක් අදද සමහර වැඩිහිටියන් කතා කරති.

වරෙක සිය ට්‍රයම්ප් හැරල්ඩ් රථයෙන් ගෝල්ෆ් ක්‍රිඩා කිරීම සඳහා නියමිත වේග සීමාව ඉක්මවා යමින් ගමන් කල ඩඩ්ලි සේනානායක මැතිතුමන්ව පොලිස් කොස්තාපල්වරයෙක් විසින් නවතන ලදි.මෙහිදී  සිදුවු වරදට අදාල පොලිස් නිලධාරියාගෙන් සමාව ඉල්ලු අගමැතිවරයා , එවන් වරදක් නැවත තමන් අතින් සිදු නොවන බව දන්වමින් සහ ඔහුගේ නිර්භීත සේවයට ප්‍රසංශා කරමින් ඔහුට ලිපියක් එවීලු.

ඩඩ්ලි සේනානායක මැතිතුමා කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යධූරය දරන සමයේදී නිරන්තරව ගත කරන ලද්දේ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ය.එහිදී සෑම විටෙකම සිය කැමරාව උරහිසේ එල්වාගෙන යාමට එතුමන්අමතක නොකලේලු.

සෑම විටෙකම සංගීතය සහ කියවීම යන විනෝදාංශ ප්‍රිය කල මෙතුමා දැඩි කෑම රැචියක් තිබූ ආහාර වලට දැඩිව ප්‍රිය කල අයෙකු ලෙස ප්‍රකටය.

3. හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී  බන්ඩාරනායක මැතිතුමා


එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන ලද එහි පක්ෂ නිර්මාතෘ එස් ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මැතිතුමා ක්‍රිකට් සහ ටෙනිස් ක්‍රිඩාවන්ට ප්‍රියතාවයක් දැක්වූවෙකි.එසේම ඡායාරෑප ශිල්පය, සංගීතය, කියවීම, ලිවීම වැනි විනෝදාංශ රැසක් එතුමන්ට තිබිනි.ලන්ඩන්හි ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලයේ වසර 6ක් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරැව   මෙරටට පැමිණි එතුමා හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හා ජේ විජේතුංග මහතා සමඟ එක්ව අයිලන්ඩ් රිවීව් (Island review) නම් පුවත්පතේ සම කතෘ තනතුර දරන ලදි.

1926දී නුවර පෙරහැර  නම් පුවත්පත ප්‍රකාශයට පත් කරන ලද එතුමා පසු කාලීනව "අතුරැදහන් වූ අපේක්ෂකයාගේ අභිරහස" නමින් ඡන්ද අපේක්ෂකයෙකුගේ ජීවිත කතාව කෘතියකට නඟන ලදි.සුනිල් රාජපක්ෂ නම් මැතිවරණ අපේක්ෂකයෙකුගේ  චරිතයක් වටා ගොඩනැඟුන මෙම කතාව ඉතා ආකර්ෂණීය එකකි.මෙයට අමතරවෂර්ලොක් හෝම්ස් ආකාරයේ නව කතා දෙකක් වන horrors of Mahahena  (මහහේනේ භයංකාරත්වය ) සහ adventures of souless man( ආවේගශීලී මිනිසාගේ වික්‍රමයන්)යන නව කතා කෘති දෙක රචනා කරන ලදි.

4. හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමා



ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍යවරයායි.1922 දී ශ්‍රී ලංකා යුද හමුදාවට දෙවන ලුතිනන් වරයෙකු ලෙසින් බැඳුන මෙතුමා 1933 වන විට මේජර් තනතුරට උසස් වීමෙන් එතුමාගේ වෘත්තීය කුසලතා පිලිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකිය.නිතරම ප්‍රිය සම්භාෂණ සඳහා දැඩි රැචිකත්වයක් දැක්වූ මෙතුමාගේ කඳවල වලව්වේ නිතරම සමාජ සම්භාෂණ පැවැත්වීලු.

1955 දී මෙම වලව්වේ පැවති ප්‍රිය සම්භාෂණයකදී සිදුවනැයි කියන ගව මස් පුළුස්සා කෑමේ සිද්ධියක් රටේ බහුතර බෞද්ධ ප්‍රජාව අතර දැඩි විරෝධයට සහ පිලිකුලට භාජනය වීය.වඩා අවාසනාවන්ත කරැණ වූවේ මෙම සිද්ධිය සිදුවූ  1955 වසර  ලෝක බෞද්ධයන් 2500 වන බුද්ධ ජයන්තිය සැමරෑ වර්ෂය වීමයි.මෙම තත්වය නිසා සර් ජෝන් කොතලාවල ඇතුළු පිරිස "මස් වැද්දන්  " ලෙස එකල එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගමන් කල එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතා ඇතුළු කන්ඩායම විසින් හැඳින්වීය.සර් ජෝන් ගේ මෙම බටහිර පන්නයට නැඹුරැ බෝල් රෑම් නැටුම්, රේස් පැදීම සහ විස්කි යන ලක්ෂණයන්  නිසා ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ බලවේගයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වන්නට විය.

මැද පෙරදිග සිට විශේෂයෙන්ම වලව්වේ පැවති ප්‍රියසාද වලට ආරාධනා කරන ලද ජෝපූර් නර්තන කන්ඩායම් සහ වෙනත් විදේශ නර්තන කන්ඩාම් මගින් පැවති සාදයන් වර්නවත් විය.මෙම තත්වය රටේ බහුතර සිංහල - බෞද්ධ ප්‍රජාවගේ බරපතල විරෝධයට ලක්වූ අතර 1956 පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජය බරපතල පරාජයකට ලක්වීමට මෙම තත්ව හේතුවිය.

එවකට ප්‍රවෘත්ති පත්‍රවල පළවු ප්‍රසිද්ධ  මාරයුද්ධය නම් කාටූනයකින් දැක්වුන පරිදි සමාධියෙන් පසුවූ බුදු පිලිරැවක් ඉදිරිපස අලියෙක් සහ ඊට පසුපසින් එන බීමත් සහ බෝල් රෑම් නර්තන එ.ජා.ප පාක්ෂිකයන් පිරිසක්  බෝ ගසක් යට දී බුදු පිලිරැවේ සමාධියට බාධා කරන ආකාරයක් දැක්විනි.

4.  ශ්‍රී ලංකාවේ පලමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා



ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා 1978-1989 කාල වකවානුවේදී විව්‍යස්ථා සංශෝධනයන් සමඟ විධායක ජනාධිපතිධූරයට පත්විය.රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිටම අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු සඳහා විශේෂිත දක්ෂතාවයක් දැක්වීය.1925 දී  රාජකීය- සාන්ත තෝමස් ක්‍රිකට් ගැටුමට ප්‍රථම වතාවට ක්‍රීඩා කල හෙතෙම රාජකීය රග්බි කන්ඩායම නියෝජනය කරමින් වාර්ෂිකව පැවැත්වූ රෝයල්- ට්‍රින්ටි ( බ්‍රැග්බි) කුසලාන තරඟාවලියට සාභාගී වීය.කොලඹ විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රිසි, ලතින් , තර්ක ශාස්ත්‍රය හා ආර්ථික විද්‍යාව යන විෂයයන් රැසක් අධ්‍යයනය කරන ලදි.ක්‍රීඩා කටයුතු සඳහා දැඩි අභිරැචියක් මෙතුමා දක්වන ලදි.

ජේ.ආර්.ජේ යනු කියවීම අතිශයින් ප්‍රිය කල චරිතයකි.එතුමන්ගේ පුත්‍ර රවී ජයවර්ධන මහතා ඩේලි නිවුස් පුවත් පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ ද සිය පියා විවිධ මාතෘකා ඔස්සේ දවසින් ඉතා දිගු කලක් කියවීමට මිඩංගු කල බව සහ තමන්ටද කියවීමේ වටිනාකම පහදා දුන් බවයි.

ඔබ හොඳ කියවන්නෙකු නම් වියපත්වූ විට පවා ඔබ කිසිදාක හුදකලා නොවනු ඇත.1996 දී එතුමන් අභාවප්ප්‍රාප්ත වන තෙක්ම ඉතා හොඳ පාඨකයෙක් විය.

5. හිටපු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා



ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සිවිල් ජන සමාජය සඳහා අතිවිශිෂ්ඨ සේවාවක නියැළුන අයෙකි.

1986 දී ශ්‍රී ලංකාභිමානය නම් වැඩ සටහන ඔස්සේ පුළුල් සමාජ සේවා රැසක්ම ඉටුකරන ලදි.
කොලඹ ආශ්‍රිත මඩුක්කු පරිසර වල වාසය කරන අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික  , සමාජයීය සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ශ්‍රී සුචරිත ව්‍යාපාරය දියත් කරන ලද්දේ එතුමන්ය.එතුමන් විසින් දියත් කරන ලද ප්‍රජා සංවර්ධන වැඩසටහන් මඟින් තරැණ ප්‍රජාව මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්බීම සහ සූදු ක්‍රීඩාවලින් දුරස් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන ලදි.

දක්ෂ කවියෙකු සහ ගී තනු නිර්මාපකයෙකු වූ මෙතුමා අගනුවර තරැණ කවි සංගමයේ අනුග්‍රාහකත්වය දැරීය.1985 වර්ෂයේදී ඇඹිලිපිටියේ පැවති අගනුවර තරැණ කවි සම්මේළනයේ 50 වන සැමරැමේදී අසුනින් නැඟී සිටි මෙතුමා " කිසිම කෙනෙකුට කවිපද හතරක් ගලපා ලූ පමණින් තමන් කවියෙක් බව පැවසිය නොහැකියි.කවියෙකුට සාරවත් නිර්මාණාත්මක සුන්දර සිතුවිලි තිබිය යුතුය"මෙකී සුන්දර හැඟීමි පැමිණෙන්නේ හොඳ ගති ගුණ සහ මනුෂ්‍ය ධර්මතා තුලින් පමණි යැයි පැවසීය.

ආර් ප්‍රේමදාස මැතිතුමන් විසින් රචනා කල ගී තනුවක් එචි.ආර් ජෝතිපාල ගායන ශිල්පියාගේ මධුර මනෝහර ස්වරයෙන් ගැයෙන සමනොළ මුදුනේ ගීතයත් , වික්ටර් රත්නායක ගායන ශිල්පියාගේ ස්වරයෙන් ගැයෙන දාගැබ් මහා වැව් ගීතයත් අදද සමාජය තුල අතිශය ජනප්‍රියය.

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment