Monday, May 28, 2018

එක්සත් ජනපදය, පිලිපීනය හා චීනයේ ත්‍රිකෝණ හවුල තවත් බර්මියුඩාවක්ද?

එක්සත් ජනපදය, පිලිපීනය හා චීනයේ ත්‍රිකෝණ හවුල තවත් බර්මියුඩාවක්ද?



එක්සත් ජනපදයට ගෝලීය බලවේගයක් ලෙසට නැඟී සිටීමට ශතවර්ෂයක පමණ කාලයක් තිස්සේ පිලිපීනය විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ලදි.අනෙක් අතින් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මැනිලා පාලනය එක්සත් ජනපද ආර්ථික ආධාර මෙන්ම හමුදාමය ආධාරද විශාල ලෙසම ලබන රට  බවට පත්වී තිබේ.මේ නිසාම එක්සත් ජනපදය හා පිලිපීනය අතර ද්විපාර්ශවික සම්භන්දතා මෙන්ම ප්‍රජා සම්භන්දතා විශිෂ්ඨ මට්ටමක පවතී.මේ අතර පිලිපීන පිව් පරීක්ෂණ ආයතනය මඟින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව පිලිපීන වැසියන්ගෙන් 92% ක්ම ඇමරිකන් හිතවාදී ආකල්ප දරන්නෝය.

නමුත් පිලිපීනයේ උතුරැ මින්දනාවෝ දූපතේ කලක් නගරාධිපතිව සිටි වත්මන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටාර්ටේගේ සමහර ක්‍රියාකලාපයන් නිසා දීර්ඝ කාලීන පිලිපීන- එක්සත් ජනපද ද්විපාර්ශවික සම්භන්දතා පසුගිය සමයේ දැඩි පීඩනකාරී තත්වයකට පත්විය.මේ අතර මැනිලාහි  ජනාධිපතිවරයා ඉතා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිය සුහදත්වයේ දෑත බීජිං පාලනය වෙත දිගු කිරීම වොෂින්ටන් පාලනයට එක්තරා අභියෝගයක් විය.


යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ මෙගා ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙමින් සහ දකුණු චීන මුහුදේ පිලිපීනය කෙරෙහි ඇති බලපෑම අවම කරමින් එයට චීන ජනාධිපති ෂී ජින් පින් ප්‍රතිචාර දැක්වීය.කෙසේ වුවද හේග් අන්තර් ජාතික අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින පිලිපීන නෛතික ක්‍රියාමාර්ගය හමුවේ දෙපාර්ශවයටම ඔවුන්ගේ ස්ථාවරයන් නැවත සමීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබී ඇත.

දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් වලදී එක්සත් ජනපදය මේ දක්වා චීනය හා පිලිපීනය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගෙන නොමැත.නමුත් දකුණු චීන මුහුදේ දැනට සිදු වන ක්‍රියාකාරකම් විශේෂිත තර්ජනයක් ලෙසට ධවල මන්දිර ට්‍රම්ප් පාලනය විසින් හඳුන්වා තිබේ.අන්තර් ජාතික දේශපාලනයේ වත්මන් එක් ප්‍රධාන පැතිකඩක් නිරෑපනය කරනු ලබන්නේ ආසියා - ෆැසිපික් කලාපය මඟිනි.

සංකීර්ණ සම්භන්දතාවය



පිලිපීනය , එක්සත් ජනපදය අතර පවතින සංකීර්ණ හා දීර්ඝ කාලීන ආරක්ෂක සම්භන්දතාවය 1892-1902 කාලයේ පැවති ස්පාඥ්ඥ - ඇමරිකා යුද සමය දක්වාම දිව යන්නකි.මෙම දීර්ඝ කාලීන සහ ද්විපාර්ශවික සම්භන්දතාවය වොෂින්ටන් පාලනය ලෝක මට්ටමේ බලවතෙක් වීම කෙරෙහි මහඟු පිටුවහලක් විය.පිලිපීනය හා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සම්භන්දතා වල පදනම ආරම්භ වන්නේ 1951 දෙරට අතර එලඹගත් ආරක්ෂක ගිවිසුම ඔස්සේය.

මෙම ගිවිසුමේ 4 සහ 5 ඡේද වලින් දැක්වෙන පරිදි පැසිපික් කලාපය තුලදී එල්ලවන ඕනෑම හමුදා ප්‍රහාරයකදී එක් රටකට අනෙක ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට සිදුවේ.එම ගිවිසුමේ සඳහන් වන පරිදි ද්වි පාර්ශවික භූමි භාගයන් , දෙරටේම හමුදා කන්ඩායම්, මගී නෞකා සහ මගී ගුවන්යානා සදහා පැසිෆික් කලාපය තුලදී ආරක්ෂාව සැලසීමට ගිවිසුමට සම්භන්ද රටවල් ද්විත්වයම බැඳී සිටියි.දකුණු චීන මුහුදේදී ඇතිව තිබෙන අර්බුදයේදී වොෂින්ටන් පාලනය විසින් ගිවිසුමේ සීොවන් පුළුල්කර නොමැති බව පෙනී යයි .හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වලදී පවසා ඇත්තේද පිලිපීනය සම්භන්දව ඔවුන් බැඳී සිටින ආරක්ෂක ගිවිසුම එක්සත් ජනපදයට දැඩි ඝට්ටනකාරී තත්ව නිර්මාණය කරන බවකි.


අතීතයේදී පිලිපීන- එක්සත් ජනපද සහයෝගීතාවය කලාපීය වශයෙන් අන්තර් ජාතික සම්භන්දතා උණුසුම් කිරීමකට මෙන්ම විදේශ සම්භන්දතා වල එක්තරා කැලඹීමක් ඇති කිරීමටත් හේතුවිය.මෙම තත්වය නිසාම පිලිපීන එක්සත් ජනපද ද්විපාර්ශවික සම්භන්දතා ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛ හා කැපී පෙනෙන ජවනිකාවක් නිරෑපනය කරන ලදි.උදාහරනයක් ලෙස නිරවි යුද සමයේදී එක්සත් ජනපදය විසින් සුබික් බොක්කේ සුවිශාල නාවික සේනාංකයක්ද , ක්ලාක් ගුවන් හමුදා කඳවුරේ විශාල ගුවන් සේනාංකයක්ද පවත්වා ගෙන යන ලදි.

කෙසේ වුවද පිලිපීන සෙනෙට් මණ්ඩලය විසින් 1992 දී පිලිපීන ගුවන් සහ නාවික කඳවුරැ ද්විත්වයම වසා දමන්නට තීරණය කරන ලදි.නමුත් ඉන් පසුව 1998 දී පිලිපීනය හා එක්සත් ජනපදය නිරීක්ෂණ හමුදා සහයෝගිතා එකඟතාවයකට එලඹෙන ලදි.මෙමගින් එක්සත් ජනපද හමුදා යුදමය නොවන කාර්රයභාරයන් වල සහ තාවකාලික යුද මෙහෙයුම් වල නිරතවීමට තීරණය කරන ලදි.මෙම සමස්ථ ගිවිසුමේ අරමුණ වූවේ මැනිලා පාලනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යැයි කියනු ලැබේ.


මේ අතර 2014 වර්ෂයේදී පිලිපීනය හා එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම (EDCA)මඟින් ද්විපාර්ශවික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් බවට පත්විය.

EDCA යනු වසර 10 කින් අළුත් කරන ගිවිසුමක් වන අතර මෙමගින් එක්සත් ජනපද සෙබළුන්ගේ සේවා මුරයන් චක්‍රිය පදනමක් මත සැලසුම් කර ඇත.මෙහිදී අදාල ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සහ එම පහසුකම් වර්ධනය කිරීමේ පූර්ණ අයිතිය එක්සත් ජනපදය සතු වන අතර  පිලිපීනය කුලී ගාස්තු නොගෙවීමේ පදනම මත අදාල ව්‍යාපෘතියේ නෛතික හිමිකම පිලිපීනය සතුවේ.

මෙකී ගිවිසුම මඟින් පිලිපීන සහ එක්සත් ජනපද හමුදා අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස සඳහා වැඩිපුර අවස්ථා සලසාදීමට අපේක්ෂා කරන අතර පිලිපීන හමුදා නවීකරණය සඳහා පහසුකම් සපයාදීමක් සිදුකරනු ලැබේ.උදාහරනයක් ලෙසට 2016 වර්ෂයේදී පිලිපීනය සහ එක්සත්  ජනපදය අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස 32ක් EDCA ගිවිසුම මඟින් දියත්කර ඇත.

මේ වන විටත් පිලිපීනය එක්සත් ජනපදයේ ඒකාබද්ධ ත්‍රස්තවාදී මර්ධන ව්‍යාපෘතියේ ප්‍රබල කොටස්කරැවෙක් බවට පත්වී අවසන්ය.එක්සත් ජනපදයේ හමුදාමය ක්‍රියාමාර්ගයන්ට පිලිපීනයෙන් ලැබෙන ප්‍රබල සහයෝගය නිසා එක්සත් ජනපදයට දැනට සිටින නේටෝ නොවන ප්‍රධාන සහයෝගීතාවය ලෙස මැනිලා පාලනය හඳුන්වනු ලබයි.2003 වර්ෂයේදී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේදී පිලිපීනය විසින් ලබාදුන් ප්‍රබල සහයෝගය මෙයට හේතු විය.


පිලිපීනයේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් කාර්ය සාධක බලකාය (Joint special operation task force) මගින් මින්දනාවෝහිදී අබු සයිෆ් සහ ජෙමා ඉස්ලාමියා යන ත්‍රස්තවාදී නායකයන් මරා දමන ලද්දේ මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙසය.

මෙහිදී එක්සත් ජනපද විශේෂ බලකාය මෙහෙයවනු ලබන්නේ සුවිශේෂ නීති පද්ධතියකට අනුව වන අතර මැනිලා පාලනයේ සංවේදීතාවයන්ට අනුගත වෙමින් උපකාරක කාර්යභාරයක නිරත වීම සිදුවේ.



ආරක්ෂක ගිවිසුම් මගින් රටවලට අනෝන්‍ය ආරක්ෂාව සැසෙන නමුදු එමඟින් රටවල් කන්ඩායම් අතර යුදමය තත්වයන් ඔස්සේ කලාපීය යුදගැටුම් ඇතිවීමේ දැඩි අවධානමක් පවතී.

World politics review ඇසුරෙනි

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment