Friday, May 4, 2018

එක්සත් ජාතික පක්ෂය හා සම්මුති රජය තියුණු අභියෝගයක් අභියස!

එක්සත් ජාතික පක්ෂය හා සම්මුති රජය තියුණු අභියෝගයක් අභියස!


වත්මන් ශ්‍රී ලංකා රජය මුහුන දෙමින් සිටින අර්බුදකාරී පසුබිම පදනම් කර ගනිමින් නිරන්තරව ඇති වන දේශපාලන අවුල් සහ කැලඹීම් හමුවේ අනෙකුත් වැදගත් දේශපාලනමය ගැටළු අවධානයෙන් ගිලිහෙමින් පවතින බව පෙනී යයි.එවැනි එක් ගැටළුවක් නම් වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල සිදුවන්නේ කුමක්ද යන මාතෘකාවයි.දැනට සමාජ දේශපාලන වේදිකාව මත දිගහැරෙමින් පවතින බලඅරගලය මඟින් දර්ශනය වන ආකාරයට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින අර්බුදකාරී සන්දර්භය තුල ඔවුන්ගේ පැවැත්ම සඳහා නව කැබිනට් සංශෝධනයක් හරහා විව්‍යුහමය නව හඳුන්වාදීමක් සිදු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහි පැවැත්ම පිලිබඳව බරපතල මට්ටමේ තර්ජනයක් එල්ල කරමින් සහ අනාගතයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමේ ලකුණු පහල කරමින්ය.


ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රීඩාවක් නම් එහි ක්‍රීඩකයන් ලෙස දේශපාලන පක්ෂ හඳුන්වා දිය හැකිය.සිවිල් සමාජය තුල ක්‍රියාත්මක වන එකම දේශපාලන ක්‍රීඩාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි.දේශපාලන පක්ෂ තුල සහ පක්ෂ අතර පවතින අන්තර් සම්භන්දතා ජාලයේ සිදුවන වෙනස්කම් මඟින් පවතින  ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ ස්වභාවය නීර්ණය කරනු ලබයි.මේ අනුව සමකාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම දේශපාලන පක්ෂද පරිවර්තනීය අවධියක පවතින බව පෙනී යයි.මේ නිසා දේශපාලන පක්ෂ පැවැත්ම සහ සංක්‍රාන්ති තත්වයන්ට අදාල අභියෝග රැසකට මුහුන දෙමින් සිටිති.පසුගිය මාස කිහිපය තුල සිදුවූ දේශපාලන කුණාටු හමුවේ , වත්මන් පසුබිම මෙරට සියළු දේශපාලන පක්ෂ සඳහා පරීක්ෂාකාරී කාල වකවානුවක් බව පැහැදිලි වේ.

දේශපාලන සංක්‍රමණ සමය තුල එක්සත් ජාතික පක්ෂය මුහුන දෙමින් සිටින අභියෝගකාරී තත්වයන් දෙස අවධානය යොමු කරමු.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය සම්භන්ද අසාමාන්‍ය ගැටළුවක් ඇති අතර එය  එහි සංක්‍රාන්ති අර්බුදයේ හරාත්මක  අන්තර්ගතය නිරෑපනය කරයි.එක්සත් ජාතික පක්ෂය මුහුන දෙමින් සිටින මෙම තත්වය  හඳුන්වා දෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්ව තෙහෙට්ටුව (Ranil wickramasinghe fatigue) ලෙසයි.තව දුරටත් පක්ෂයට පහසුවෙන් ඔහුගෙන් නිදහස් වීමට හෝ ඔහු වෙනුවෙන් වෙනත් විකල්පයක් තෝරා ගැනීමට  නොහැකිව සිටින බවද කතෘ මෙම ලිපියේ අවධාරණය කරනු ලබයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් විස්තර කරන පරිදි මෙම තත්වය ඇතිවී තිබෙන්නේ  කරැණු කිහිපයක් මුලික කොට ගෙනයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1994 සිට මේ දක්වා දිගු කාලයක් පුරාවට පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින් සිටියි.ඒ මහතා යටතේ මැතිවරණ පරාජයන් රැසක් මෙන්ම ජයග්‍රහනයන් කිහිපයක් පමණක් පක්ෂය ලබා ගෙන ඇත.නමුත් පක්ෂයේ සාර්ථක නායකත්වයකට මේ දක්වා ඉස්මතු වීමට  ඔහු කිසිදු අවස්ථාවක් ද ලබා නොදෙන බව මෙම ලිපියේ කතුවරයා පවසයි.රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු විටෙක සිය පක්ෂය තුලින් තමන්ට අභියෝගාත්මක නායකත්වයක් ස්ථාපිත වීමට අවශ්‍ය ඉඩ කඩ සලසා නොමැති බවද ඉතා පැහැදිලිව පෙනෙන කරැණකි.දක්ෂ උපක්‍රමශීලී උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීමෙන් සිය නායකත්වයට විරැද්ධ සියළු බලවේග බැහැර කිරීමට ඔහු ක්‍රියාකර ඇතැයි පසුගිය බොහෝ අවස්ථාවන් විශ්ලේෂනයෙන් පෙනීයයි.

ඉතාමත් දුෂ්කර සහ අවාසි සහගත අවස්ථා වලදී  පැවැත්ම සඳහා දක්වන සුවිශේෂ නායකත්ව මෙන්ම දරා ගැනීමේ කුසලතාවයත් උසස් බුද්ධි ප්‍රභාවත් පෙන්නුම් කරන අග්‍රාමාත්‍යවරයා , ක්‍රියාත්මක වන සියුම් සහ උපක්‍රමශීලී ස්වභාවය හොඳින්ම පැහැදිලි වන්නේ ඒ මහතාට පසුගියදා ඉදිරිපත් වූ දෝෂාභියෝග ප්‍රශ්නයේදීය.තවත් කෝණයකින් ඔහුගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ ඇයි දැයි හොඳින්ම පැහැදිලි වන්නේ එම දෝෂාභියෝගයේදී ඔහු භාහිරස්ථ බහුවිධ අභියෝගයන් සාර්ථකව කළමණාකරන කරමින් එය ජයගැනීමට කටයුතු කල ආකාරය සැලකිල්ලට ගනිමින්ය.එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුල මෙතෙක් සිටි කිසිදු නායකත්වයක් වර්තමාන අග්‍රාමාත්‍යවරයා පෙන්නුම් කරන ඉවසීම, ඉතා දැඩි ස්ථාවරයක සිටීම සහ තීක්ෂණ උපායශීලීභාවය පෙන්නුම් කර නොමැති බවට අවිවාදිතය.

මෙම නායකත්වය සම්භන්ද සීතල යුද වාතාවරණය හමුවේ පක්ෂය විසින් අවධානයට ලක් කල යුතු ප්‍රධාන කරැණ වන්නේ ,මෙකී සංක්‍රමණ අවධියේදී එක්සත් ජාතික පක්ෂයට වික්‍රමසිංහ මහතා මෙන් විචක්ෂණ බුද්ධි ප්‍රභාවකින් සහ උපායමාර්ගික කළමණාකරනයකින් යුතු නායකත්වයක් අත්‍යාවශ්‍යව ඇති බව ය.එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන භූමිකා ද්විත්වයක මූලික විකරණය වීම්  ද්විත්වයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරැණක් බව පැහැදිලිය.

1. එහි නායකත්වයේ ලාංකීය  සමාජ ප්‍රවේශය සහ ජනතාව අතරට පිවිසීම

2. පක්ෂයේ ආර්ථික සහ සංවර්ධන සංකල්පීයතාවය විකරණය.

නමුත් මෙම ප්‍රවේශ ද්විත්වයම සංයුක්ත උභතෝකෝටිකයන්ගේ තත්වයට වර්තමානයේ පත්ව ඇත.

නායකත්වයේ සමාජ පදනම


ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ වල නායකත්වයන්හි සමාජ පදනම් පිලිබඳ සැලකීමේදී කොලඹ කේන්ද්‍රගත  බටහිරකරණය වූ සීමිත සමාජ පන්තියක් නියෝජනය කරන නායකත්වයක් සහිත වර්තමාන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.එකී සමාජ පන්තිය සහ  සීමිත පවුල් පාලන අවකාශයක් නියෝජනය කරන්නාවූ නායකත්ව අපේක්ෂකයන් කිහිප දෙනෙකු එම පක්ෂයේ නායකත්වය සඳහා නිසොල්මනේ අවධානයෙන් පසුවෙන බව පෙනී යන්නකි.

වර්ෂ 1980 සිට මේ මොහොත  දක්වාම එක්සත් ජාතික පක්ෂය තුල නොකඩවාම  ක්‍රියාත්මක නමුත්  අසාර්ථක වූ අරගලයක් ලෙස නායකත්වය සඳහා වූ සුවිශේෂ පාන්තික කොන්දේසිය බිඳ දැමීමේ අර්බුදය හැඳින්විය හැකිය.වර්ෂ 2004 න් පසු පක්ෂය කෙරෙහි නොකඩවාම ක්‍රියාත්මක වූ දේශපාලන අවාසනාවන්ත තත්වය පදනම් කර ගනිමින් එහි නායකත්වය වෙනස් කිරීමේ උත්සහයන් නැවත නැවත නව්‍යකරණය විය.මෙහිදී  වික්‍රමසිංහ විරැද්ධවාදීන් විසින් එම පක්ෂයේ නායකත්වය සඳහා සිංහල බෞද්ධ බහුතරයේ හදගැස්මට වඩා සමීප සහ දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට දැනෙන නව නායකත්වයක් අවශ්‍ය බව පවසමින් තියුණු වාද විවාද වලට අවතීර්ණ විය.


පසුගිය මාස කිහිපය ඇතුලත සමාජ පන්ති පදනමකින් තොර නව නායකත්වයන් බිහිවීම සඳහා එක්සත් ජාතික පක්ෂය පරිනාමය වූ අයුරක් පෙනීයයි.නීතිය සහ සාමය අමාත්‍යාංශය සඳහා  අමාත්‍ය සාගල රත්නායක මහතා වෙනුවට මොනරාගල වැනි දුරස්ථ ආසනයක් නියෝජනය කරන රංජිත් මද්දුමබන්ඩාර මහතා පත්කිරීම  ඉදිරියේදී සිදු විය හැකි නව ප්‍රවණතා පිලිබඳ විශේෂතාවයන් ඉස්මතු කිරීමකි.එක්සත් ජාතික පක්ෂය මුහුන දුන් විශ්වාසභංගය ජයගැනීමත් සමඟම ඇති වූ වැදගත් පසු ප්‍රතිපල ලෙස මෙය හැඳින්විය හැකිද?හෝ මෙම තත්වය දිගටම පවත්වා ගෙන යා හැකිද ?

විශ්වාසභංගය පරාජයට පත්වීමත් සමඟම පැවති තත්වයේ එක්තරා වෙනස් වීමක් සිදුවිය.අග්‍රාමාත්‍යවරයා මෙහිදී තම ශක්තිමත් සහ ස්ථාවරභාවය මෙන්ම විචක්ෂණ බුද්ධිය  නැවත වරක් ප්‍රදර්ශනය කලේය.මෙහිදී එක්සත් ජාතික පක්ෂයට නව සංක්‍රමණ උපායමාර්ගයක් අනුගමනය කිරීම මඟින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවය දිගටම පක්ෂයට ලබා ගැනීමටත්, නව නායකත්වයක් මඟින් පක්ෂයේ මෙන්ම රටේ සිංහල-බෞද්ධ ඇතුළු ජන කන්ඩායම් ඒකාබද්ධව තබා ගැනීමටත් ක්‍රියාත්මක වීම  පක්ෂය ජයග්‍රහනය කරවීමේ ලා වඩාත් විද්‍යාත්මක උපායමාර්ගයක් බව කිවයුතුය.

එක්සත් ජාතික පක්ෂයේ තීරණ ගැනීමේ කවයේ පන්ති බල තුල්‍යතාවය එහි නායකත්ව සංක්‍රාන්තිය සමඟ තදින් බැඳී පවති.අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂය සහ එහි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ උපාංගයන් මේ දක්වාම මෙහෙයවා ඇත්තේ  කොලඹ ව්‍යාපාරික සහ වෘත්තීය ප්‍රජාව සමඟ සමීප සම්භන්දතා දරන හිතවතුන් සහ උපදේශකයන් හරහායි.දුරස්ථ පළාත් නියෝජනය කරන මෙන්ම ඉහල පාන්තික නොවන එම පක්ෂයේ නැඟී එන නායකත්වයන් මෙම තත්වය නිසා එක්තරා විකර්ෂක සහ අමනාපකාරී තත්වයකට පත්ව සිටිති.එමෙන්ම දුරස්ථ පළාත් වල ජනපදනම මේ නිසා දුර්වල තත්වයකට පත්වීමේ දැඩි අවධානමක් ඇත.


එක්සත් ජාතික පක්ෂයේ නව අනාගත නායකත්වයක් සඳහා විවිධ සමාජ පාන්තික ස්ථරයන් ඔස්සේ පැමිණෙන මෙම තරඟකාරී බලපෑම් මැදහත් සම්භන්දීකරණයක් සිදුකිරීම මඟින් නව දේශපාලන අනුග්‍රාහකත්වයක් ගොඩනැඟීමට සිදුව ඇත.උදාහරණයක් ලෙසට වර්ෂ 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සහ ඔහුගේ සහෝදරයන් ක්‍රියාත්මක කල මැදහත් සම්භන්දීකරණ ජාලය අධ්‍යයනය කිරීම අතිශයින් වැදගත්ය.නමුත් එ.ජා.ප නව අකෘතික නායකත්වයකට සාර්ථක වීමට නම් ඉදිරියේදී පැමිණෙන පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීමට සිදුවේ.

ආර්ථික පදනම


ආර්ථික දර්ශනය සම්භන්දව සැලකීමේදී එක්සත් ජාතික පක්ෂයට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නියෝ සාම්ප්‍රදායක ලිබරල්වාදී දර්ශනය මත පදනම් වූ ආර්ථික විශේෂඥයන් කන්ඩායමක් සිටිති.රාජපක්ෂ කඳවුර නියෝජනය කල ආර්ථික විශේෂඥයන් පරිදි නොව ඔවුන් ස්වකීය සාම්ප්‍රදායික නියෝ ආර්ථික ප්‍රතිපත්තීන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා සැඟවීම සිදු නොකරති.කෙසේ වුවද ශ්‍රි ලාංකීය මැතිවරණ ව්‍යාපාර නියෝ සාම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා මහජනතවගේ සහයෝගය ලබා ගැනීමේ  කාල්පිත වේදිකාවක් ලෙසට එතරම් සාර්ථක කාර්යභාරයක් ඉටු නොකරන බව තහවුරැවී ඇත.

උදාහරනයක් ලෙස පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය දියත් කල ප්‍රචාරක ව්‍යාපාරයට එතරම් සුභවාදී  ජනතා ප්‍රතිචාර නොලැබීම සඳහන් කල හැකිය.අග්‍රාමාත්‍යවරයාගේ සංවර්ධනය පිලිබඳ  භාෂාව ප්‍රකාශ කරන ලද්දේ සාම්ප්‍රදායික සහ නියෝ ලිබරල්වාදී ආර්ථික දැක්මක් තුලිනි.අග්‍රාමාත්‍යවරයා වඩා අභිරැචියෙන් දියත් කරන ලද සාම්ප්‍රදායික ලිබරල් ආර්ථික මූලධර්මයන් මත පදනම් වෙමින්  ජනතාව සිය පුද්ගලික  ආර්ථික ලැබීම් සහ අහිමිවීම් පිලිබඳ දිවා රාත්‍රී පුරා එක්තරා මිනුම් දන්ඩක් ඔස්සේ පොදු හැඟීමක් මත පදනම් වෙමින් ඒ අනුව සිය දේශපාලන තීරණය මැතිවරණයේදී නීර්ණය කරන ලදි.අග්‍රාමාත්‍යවරයා  සිය නියෝ ලිබරල් ආර්ථික දැක්ම ඉදිරිපත් කරන ලද්දේ සිය පසුම්බි වලින් කෙතරම් විශාල පිරිවැයක් දිනය අවසානයේදී ඉවත්ව යන්නේදැයි නිරන්තර කනගාටුවෙන් සිටි ග්‍රාමීය ජනතාවකට මෙන්ම වෙළඳපළ අරමුණු කරගත් පාරිභෝගික නාගරික ප්‍රජාවගෙන් යුතු ඡන්ද දායකයින් පිරිසකටයි.

මෙම සංවර්ධන සහ උපායමාර්ගික ක්‍රමවේදයන් ඉදිරියේදීත් ක්‍රියාත්මක වේ නම් ඒවා සාර්ථක වේ දැයි කිසිදු පැහැදිලි දැක්මක් නැත.එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික පනිවුඩය  ඡන්ද දායකයන්ට නැවත සිතා බැලීමට නව එ.ජා.ප නායකත්වයක් බලපෑම් කරන තුරැ පවතින තත්වයේ වෙනසක් සිදුවේද?

ව්‍යාපාරික පන්තිය


දේශපාලන පක්ෂපාතීභාවය සඳහා ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යාපාරික සහ ව්‍යවසායක පන්තිය සමඟ ගනුදෙණු කිරීම අනාගතයේ පත්වන නව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බරෑරැම් අභියෝගයක් වන්නේය.

නිදහස් විවෘත ආර්ථිකය සහ දේශපාලන බලාධිකාරීත්වය මඟින් වාසි ලබන ධනපති පන්තියක් ශ්‍රී ලංකාවේ දක්නට ඇත.ගෝලීය තරඟකාරීත්වය හමුවේ රාජ්‍ය ක්ෂේත්‍රයෙන් සපයන  ආවරණය සහ අනුග්‍රහය යන සාධක හා එක්ව විවෘත හා නිදහස්  ආර්ථික පද්ධතියක්  ඔවුන්ට අවශ්‍යවේ.මූල්‍ය අක්‍රමිකා සම්භන්දව වඩා වැඩිපුර මාතෘකාව වී ඇත්තේද මෙම පන්තියයි.මෙම ධනපති පන්තියට ශක්තිමත් රටක්, රජයක් සහ ශක්තිමත් පාලකයෙක් සඳහා කාලීන අවශ්‍යතාවක් ඇත.මේ නිසා දේශපාලන සහ ශ්‍රම බලකායන්ගේ අස්ථායී වාතාවරනයක් ඇති වේ යයි පවතින විශ්වාසය නිසා දේශපාලන සහ ආර්ථික අවකාශයන්ගේ ලිබරලීයකරණය සඳහා ලාංකීය  ධනපති පන්තිය දැඩි සංශයවාදී  ප්‍රවේශයක් දක්වති.පසුගිය රාජපක්ෂ පාලන  යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දැනට රාජපක්ෂ නායකත්වය යටතේ පවතින නව දේශපාලන පෙරමුණ මෙකී ශ්‍රී ලාංකීය ධනපති පන්තියේ කොටසක් වූ කොල්ලකාර ධනපතීන්(predatory capitalists) ආකර්ෂණය කිරීමේ මනා සමත්කම් දක්වයි.

නියෝ ලිබරල් ආර්ථික මතයන්හි තදින් එල්ඹගෙන සිටීම නිසා නව ආකාරයේ අනුග්‍රාහකත්වයන් මඟින් තනි පුද්ගල ව්‍යවසායකයන් සඳහා ආරක්ෂාකාරී දේශීය වාතාවරනයක් නොමැති වේ.මේ නිසා  කොලඹ පදනම්වූ ධනපති පන්තියේ  බහුතර විව්‍යසායකයන්ගේ   සහයෝගය  එ.ජා.ප යට  අඩු වෙමින් පවතී.වෙනත් වචන වලින් පවසතොත් වර්තමාන එක්සත් ජාතික පක්ෂය එහි ආර්ථික ප්‍රතිපත්ති ඉහත කී කොල්ලකාරී  ධනපති පාන්තික කොටස සමඟ කාර්යක්ෂමව සහ ආකර්ෂණීයව ගලපා නොමැත.අවශ්‍ය දිශානතියට ගමන් කිරීම සඳහා නිත්‍ය භාන්ඩාගාර කටයුතු  අසමාර්ථ වූ පරීක්ෂණයක් විය හැකිය.මෙකී ප්‍රධාන සහ බලපෑම් කල හැකි කොල්ලකාරී ධනපති පන්තිය (predatory capitalist class) එක්සත් ජාතික පක්ෂය විසින් මඟ හැර සිටීමත්,  එය මෑත කාලීනව ධනපති පාන්තික දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වීමත් සැසදීමේදී එය එක්තරා උත්ප්‍රාසය දනවන සිද්ධියක් ලෙස මෙම ලිපියේ කතුවරයා හඳුන්වයි.


මහජනතාවගේ පක්ෂ ලෙස ඔවුන් රවටමින් පෙනී සිටින සමහර නව දේශපාලන පක්ෂ කොල්ලකාරී ධනපතීන් කොටසක්  (predatory capitalists)හා සමීපව කටයුතු කරමින් සිටියදී ධනපතීන්ගේ පක්ෂයක් ලෙස හංවඩු ගසන එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්තීන් මහජනතාවට කෙතරම් හිතකරව සහ අවංකව මෙහෙය වන්නේදැයි සිතා බැලීම පාඨකයාට භාර කරමි.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තීන් එහි ප්‍රධාන ඡන්ද පදනම සකසන මධ්‍යම පාන්තිකයන් සහ ග්‍රාමීය ජනතාව පීඩාවට පත් කරන ස්වරෑපක් ඇත.මේ නිසා එක්සත් ජාතික පක්ෂය එහි හරාත්මක ඡන්ද පදනමින් හුදකලා වීමේ තර්ජනයක් පවතින අතර , පක්ෂයට මැතිවරණයක් ජයග්‍රහනය සඳහා වඩාත් පුළුල් සන්ධානයක් ඔස්සේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ සහයෝගය ලබා ගැනීම අනිවාර්ය සාධකයක් වී තිබේ.

දේශපාලන විනිශ්ච්‍යය


බොහෝමයක් එක්සත් ජාතික පාක්ෂික අමාත්‍යවරැන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලිබරල් දේශපාලනය පිලිබඳ දැඩි මතවාදයක නොසිටින බව පැහැදිලිය.ඔවුන් මෙම විෂයෙහි දැඩි පදනමක් මත නොසිටිති.ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයන් හැරැන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයකට පැහැදිලි  හෝ තද බල දේශපාලන මතවාදී දැක්මක් නොමැත.ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මහජන යහපත හෝ මහජන සුභසාදන යහපත මත පදනම් වී නොමැති බව බොහෝ විට පෙනී යයි.ඔවුන් නියෝජනය කරන සමාජ පන්තියට පවා ඇතැම් විට ඔවුන් විශ්වාස කිරීම දුෂ්කර වේ.නව පරපුරේ වෘත්තීය දේශපාලඥයන් ගේ දේශපාලන ආර්ථික ක්‍රියාකාරීත්වය පිලිබඳ ආකර්ෂණීය අවබෝධයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ NCM විවාදය උපකාරීවේ.මෙම විවාදය නැරඹූ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ අමාත්‍යවරැන් එම මාතෘකාව පිලිබඳ සිය දායකත්වය පසු දිනෙක දැක්වූහ.මෙය මෙම පන්තියේ වෘත්තීය දේශපාලඥයන්ගේ දේශපාලන චින්තනයේ ගැඹුරට කා වැඳුන ප්‍රාථමික බව මනාව ප්‍රස්තූත කරවයි.වඩාත් පැහැදිලි සංකල්පීයතාව නම් ඔවුන් ඉතා වේගයෙන් ජාතිවාදය සහ හිස් ජනප්‍රිය සංකල්ප වලට ආකර්ෂණය වීමයි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වශයෙන් ශ්‍රී ලාංකීය සමාජයේ දේශපාලන නිදහස සහ විවෘත ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අසාමාන්‍ය දැවැන්ත සටනක් ගෙන යන්නේ පෙර සඳහන් කල ආකාරයේ දේශපාලන මන්දබුද්ධිකතාව සහ මූලධර්මීය නොවන ජනප්‍රිය දේශපාලනයන් පසු පස හඹා යන නොදියුණු දේශපාලන සන්දර්භයක් මෙරට ක්‍රියාත්මක වෙද්දීය.ඔහුගේ ඒකාධිපතිවාදී විවේචකයන් මඟින් මේ නිසා ඔහුව දරැණු ලෙස විවේචනයට ලක් වෙමින් පවති.ඔහුගේ සමහර අසාර්ථක වීම් හමුවේ වුවද සාර්ථක වූ අවස්ථා ගනනාවක්ම තිබේ.2015 ජනවාරි මස ඇරඹුන යහපාලන රජය විසින් ගෙන ආ , ජනතාව අත්දකින ලද දේශපාලන  ප්‍රජාතාන්ත්‍රික විවෘතභාවයේ වටිනාකම ,ගැඹුර සහ අර්ථය අවබෝධ කල හැකි අතලොස්සක් තරම් දේශපාලඥයන් අතරෙන් අයෙක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දිය හැක.මෙමගින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ ගුණාත්මක අංශය ප්‍රවර්ධනයේ ලා රනිල් වික්‍රමසිංහ චරිතයේ වටිනාකම මනාව ප්‍රස්තූතවේ.දේශපාලන පක්ෂයක් ලෙස එහි දේශපාලන අනන්‍යතාවය නිරෑපනය කරන්නාවූ සාධකයක් ලෙසට ප්‍රජාතන්ත්‍රීය විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නියත සාධකයක් වේදැයි තවමත් එතරම් පැහැදි නොමැත.එය වර්තමානයේ පවතින තත්වයෙන් ඔබ්බට පරිනාමනය කිරීම‍ට අග්‍රාමාත්‍යවරයා එතරම් කැමැත්තක් නොදක්වන්නේ මන්ද?

රනිල් වික්‍රමසිංහයන්ගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක මාවත රෝස මල් මාවතක් නොවන බව නම් ඉතා පැහැදිලිය.නව නායකත්වයට ඇති ප්‍රධාන අභියෝගය නම් එහි ඡන්ද දායකයන්ට පීඩාකාරී වාතාවරන ඉවත් කිරීම, ජනප්‍රිය ඡන්ද උපක්‍රම වන ජාතිවාදයෙන් සහ ඒකාධිපතිවාදයෙන් ඉවත්ව කටයුතු කිරීම මගින් පක්ෂයේ ප්‍රජාතාන්ත්‍රීය පදනම අවුල් සහගත වීම වැළැක්වීමයි.

මෙම සංක්‍රමණ අභියෝගයන් ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතරම් බරපතල ලෙස බලනොපායි.ඔවුන් වෙනත් ආකාරයක ගමන් මගක ගමන් කරමින් සිටිති.

යහපාලන සිවිල් ක්‍රියාකාරී මහාචාර්යවරයෙකු විසින් කරන ලද විග්‍රහයක සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment