Tuesday, May 29, 2018

වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවසක්

වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවසක්



නිවාස අවශ්‍යතාවය මිනිසාගේ  පවුල නම් සමාජ ඒකකයේ පැවැත්ම සහ ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් සාධකයකි.වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවාස ලබා දීමේ රජයේ මෙහෙයුම ඉතා වැදගත් වන්නේ මේ නිසාය .පසුගිය වසර දෙකක කාලය තුල එක්සත් ජාතික පක්ෂ රජය විසින් නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රැපියල් බිලියන 22 කි.ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමෙන් පමණක් නිවාස වැඩසටහන සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමේ හැකියාව පවතී.එක්සත් ජාතික පක්ෂ රජයේ කාර්යක්ෂම ආර්ථික කළමනාකරණ උපායමාර්ගයන් අනුගමනය කිරීමෙන් නාස්තිය අවම වන පසුබිමක් තුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමෙන් පමණක්  ගම්උදාව වැනි දැවැන්ත  නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට හැකිවේ.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ රජය මඟින් එය බලයට පත්වු 2015 වර්ෂයේ සිට මේ දක්වා  නිවාස 200000 කට වඩා වැඩි සංඛ්‍යාවක් අඩු ආදායම්ලාභී පවුල් වලට ලබාදී ඇත.ඉදිරි වසර 7ක කාලය ඇතුලත අඩු ආදායම්ලාභී මුඩුක්කු වාසීන් හා ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන දුප්පත් පවුල් 100000 කට පමණ නව නිවාස ලබාදීම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරැන්ගේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.


වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාවේ සැමට නිවාස ලබා දෙමින් නිවාස ප්‍රශ්නය මුළුමනින්ම විසඳාලීම වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ දැක්මයි.



1  .වර්ෂ 2015 සිට මේ දක්වා නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය මඟින් අඩු ආදායම්ලාභීන් සඳහා සාදා නිමකරන ලද නව නිවාස සංඛ්‍යාව 206244කි.(නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දත්ත ඒකකය)



2.  වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් නිවාස ගොඩනැඟීම සහ සනීපාරක්ෂාව සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය දෙගුනයකින් ඉහල නංවා තිබේ.2014 වර්ෂයේදී නිවාස ඉඳිකිරීම් සහ සනීපාරක්ෂාව සඳහා වෙන් කල රැපියල්  බිලියන 7.8 ක ප්‍රතිපාදන ප්‍රමාණය , දෙගුන කරමින් 2016  වර්ෂයේ අදාල විෂයය සඳහා රැපියල් බිලියන 19.6 ක මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.( නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය)





3.         2015 සහ 2016 යන වර්ෂ වලදී එක්සත් ජාතික පක්ෂය විසින් සැමට සෙවන යන තේමාව ඔස්සේ නව නිවාස ඉදිකිරීම සඳහා රැපියල් බිලියන 22.6 ක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත.මේ අනුව 2015 සහ 2016 යන වර්ෂ වලදී රජය විසින් පවතින නිවාස වැඩිදියුණු කිරීම සහ නව නිවාස ඉඳිකිරීම සඳහා දියත් කල නිවාස සංවර්ධන වැඩසටහන කඩිනම් සහ විධිමත් කර තිබේ.පිලිවෙලින් 2015 සහ 2016 යන වර්ෂ වලදී නිවාස වැඩසටහන සඳහා රජය විසින් රැපියල් බිලියන 6.2 ක් සහ 16.4 ක් යන ප්‍රතිපාදන ප්‍රමාණයන් වෙන්කර තිබේ.(මුදල් අමාත්‍යාංශ 2016 වාර්ෂික වාර්තාවේ 109 පිට සහ මුදල් අමාත්‍යාංශය 2015  වාර්ෂික වාර්තාවේ 115 පිට)



4.   වර්ෂ 2015 සිට මේ දක්වා නිවාස කපරාරැ ආධාර වැඩසටහන යටතේ රැපියල් 10000 බැගින් ආධාර මුදල් පවුල් 109423 කට වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් ලබාදී තිබේ.වර්ෂ 2015 දී පවුල් 31108 කට රැපියල් 10000බැගින්  සිමෙන්ති ලබාදී ඇති අතර 2016 වර්ෂයේදී පවුල් 78315 කට එම වටිනාකම සහිත සිමෙන්ති සහනාදාරය නිවාස කපරාරැ කිරීම සඳහා ලබාදී තිබේ.(2015 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 115 පිට සහ 2016 මුදල් අමාත්‍යාංශ වාර්තාවේ 109 පිට)





5.    මේ අතර 2015 සිට මේ දක්වා අඩු ආදායම් ලාභී පවුල් 7000 ක පමණ නිවාස අළුත්වැඩියා කිරීම නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය මඟින් ඉටුකර ඇත.වසර 30 ක් පමණ පැරණි නිවාස යෝජනා ක්‍රමයන්හි වාසය කරන පවුල් 6895 කගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක තත්වයන් පසුගිය වසර 4ක කාලය තුල එක්සත් ජාතික පක්ෂ රජය මඟින් වැඩිදියුණු කර තිබේ.(නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය)



6.     වතු ආශ්‍රිත ප්‍රජාවන් සඳහා මේ වන විට රජය මඟින් නව නිවාස 800 කට වඩා ඉඳිකර තිබේ.පිලිවෙලින් 2015 සහ 2016 යන වර්ෂ වලදී රැපියල් මිලියන 350 ක් සහ රැපියල් මිලියන 727 ක මුදල් ප්‍රමාණයන් වතු ආශ්‍රිත නිවාස පහසුකම් ප්‍රවර්ධනය සඳහා  එක්සත් ජාතික පක්ෂ රජය විසින් ප්‍රතිපාදන වෙන්කර තිබේ.



7.  2015 සහ 2016 යන වර්ෂ දෙක තුලදී පිලිවෙලින් නව නිවාස 842 ක් සහ 288 ක් සම්පූර්ණයෙන්ම නිමවා නායයාම් වලින් අවතැන්වූවන්ට ලබාදී තිබේ.ලයින් කාමර වල වාසය කරද්දී නායාම් වලින් අවතැන්වූ පවුල් 61 කට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ රජයෙන් නව නිවාස ලබාදී ඇත.තවත් නිවාස 939 ක් ලයින් කාමර වල වාසය කරන විට නායයාම් වලින් අවතැන්වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඳිකරමින් පවතී.( මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2015 හි 115 පිට සහ 2016 හි 109 පිට බලන්න)




හිටපු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ආරම්භ කරන ලද අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ගම්උදාව වැඩසටහන මඟින් මේ වන විටත් නිවාස 300000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදී තිබේ.දුගී දුප්පත් පැල්පතට පවා පිවිසෙමින් දුප්පත් මිනිසුන් සමඟ නිතරම දුක සැප බෙදාගත් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයෙක් වූ එතුමන් අඩු ආදායම්ලාභී ජනතාව සහ මුඩුක්කුවාසී ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර මේ දක්වා මෙතෙක් කිසිදු ලාංකීය නායකයෙකු විසින් සිදු කර නොමැත.දුප්පත් මිනිසුන්ගේ දෙවියෙක් ලෙස වර්තමානයේද ගරැ කරන එතුමන්ගේ සදාඅනුස්මරණීය නාමය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කල යුතුමය.



වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ ගරැ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන්  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගම්උදාව වැඩසටහන යටතේ වසර 3 ක් ඇතුලත නිවාස හා ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශාල වැඩ කොටසක් ලාංකීය දිළිඳු ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටියි.




එවන්  දැවැන්ත වැඩසටහනක් ඉදිරියට ගෙන යමින් 2025 දී සැමට සෙවණ යන සංකල්පය යථාර්ථයක් කිරීමට සියළු ශ්‍රී ලාංකික තරැණ බුද්ධිමත්  බලවේග වල සහාය එක්සත් ජාතික පක්ෂය ට අවශ්‍යව පවතින යුගයකි මේ...

Annual report of ministry of finance

Reports of housing and construction

Central bank annual report ඇසුරෙනි

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment