Sunday, May 20, 2018

දකුණු ආසියානු කාලීන දේශපානයේ නව ප්‍රවනතා

දකුණු ආසියානු කාලීන දේශපානයේ නව ප්‍රවනතා




පොදුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය තුල දකින්න ලැබෙන බහුවිධ දේශපාලන අර්බුදයන් සඳහා ආවේණික ලාක්ෂණික ලක්ෂණ , විශේෂිත වූ  මූලික හේතූන්,අර්බුද වල ගමන් දිශාවන් සහ ඒවාගෙන් ලැබෙන සුවිශේෂ ප්‍රතිපලද පවතින බව පෙනීයයි.මෙම ලිපිය මගින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ වත්මන් ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ අර්බුදකාරී නව ප්‍රවනතාවයන් සහ  නූතන දකුණු ආසියානු දේශපාලනයේ නව ප්‍රවනතාවන් ඇති කිරීමට එම ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයන් කෙසේ බලපායිද යන්නය.

ඉන්දියාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අර්බුද මොනවාද? දකුණු ආසියානු ශිෂ්ටාචාරීකරණ සභ්‍යත්ව  රීතීන් වල ඇතිවූ අර්බුදකාරී තත්වයන්  ලෙස මේවා හැඳින්විය හැකිය .ඉන්දීය දේශපාලන ප්‍රජාව, පරිපාලනමය  පද්ධතිය සහ මාධ්‍ය සදාචාරය විසින් ඉන්දියාව දකුණු ආසියාවේ දේශපාලනමය සහ සභ්‍යත්ව හරය නියෝජනය කරන බව සැලකුවද   , තව දුරටත් ඉන්දීය දේශපාලනයට දකුණු ආසියානු අසල්වැසි ප්‍රජාව තුල කිසිදු දේශපාලනමය පරිනාමීය උත්තේජනයක් ඇති කිරීමේ ප්‍රවනතාවක් නොපවතින බව පෙනීයයි.මෙහිදී විශේෂයෙන්ම අවධානයට ලක් වන්නේ ඉන්දීය සමාජය තුල සහ දකුණු ආසියාව තුල ප්‍රජාතාන්ත්‍රිකකරණය කෙරෙහි ඉන්දීය දේශපාලනයට කල හැකි බලපෑම වේගයෙන් අඩුවෙමින් පවතින බවකි.


ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී  චින්තනය සහ සමාජ සංස්කෘතික උරැමය නිර්මාණය වී පවතින්නේ සාම්ප්‍රදායික සහ නවීන යන ප්‍රබවයන් ද්විත්වයෙන්මය.බහු  ආගමික සහ බහු සංස්කෘතික  උරැමයන් සමඟ සහජීවනය වන ඉන්දීය සමාජය ගෝලීය දෘෂ්ඨි කෝණයකින් බලන කල්හි පුර්ව  යටත්විජිත පාලනයක් පැවති ප්‍රජාතාන්ත්‍රික උරැමයකි.ඉන්දීය නිදහස් සටන් වලදී ඉස්මතු වූ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී ආකල්පයන් සහ සිතිවිලි ,ඉන්දීය පාර්ලිමේන්තු විව්‍යස්ථා සම්පාදන වාද විවාද වලදී ඉතා උද්වේගකරව පැන නැඟුන අතර සමස්ථ දකුණු ආසියානු කලාපය පුරාම දකුණු ආසියාතික ප්‍රජාතාන්ත්‍රික සංකල්පමය රාමුව ගොඩනැංවීමේදී මහත් සේ ඉවහල් විය.නූතන දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් නිර්මාණය කරනු වස් ආවේණික චින්තන රටාවන්ට අනුගතවීමේ ගුරැහරැ කම් ලබා ගැනීම සඳහා නීති සහ දේශපාලන අධ්‍යයන කටයුතු වල නිරතව සිටින ඉන්දීය නොවන දකුණු ආසියානු ශිෂ්‍යයන් මහත්මා ගාන්ධි, ජවහල් ලාල් නේරැ, බී.ආර් අම්බෙඩ්කාර් සහ සුබාෂ් චන්ද්‍රබොස් යන චරිත හා සබැඳි දේශපාලන ක්‍රියාකාරකම් හදාරන්නේ මහත් අභිමානයෙන් යුතුවය.ගෝලීය දේශපාලනය වෙත විවෘත වන ඉන්දියාවේ නව දේශපාලන නායකත්ව ආකෘතීන් නිසා සිය දකුණු ආසියානු සගයන් වික්ෂිප්තභාවයට සහ ලැජ්ජාවට පත් කරන ඵෛතිහාසික අවධියකට ඉන්දියාව පත්ව ඇතැයි සිතිය නොහැකිද?

වත්මන් ඉන්දියාව පාලනය කරනු ලබන දේශපාලනමය සහ මතවාදාත්මක දේශපාලන බලවේගයන් ඔවුන්ගේ සමාජය තුල වුවද පරිවර්තනීය චින්තන විප්ලවයක් සඳහා පසුබිමක් සලසන්නේ මද වශයෙනි.සිය දැවැන්ත අසල්වැසියා සමඟ අනෙකුත් කුඩා දකුණු ආසියානු රටවල් යථාර්තවාදී දේශපාලන උපායමාර්ගයන් ස්ථාපනය කර ඇති ආකාරයන් අනුව වර්තමානයේදී ඉන්දියාවට එහි ගෞරවනීය ප්‍රමුඛත්වය අහිමිවී ඇති බව පෙනී යයි.තව දුරටත් සිය කලාපීය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිලිබඳ  පූර්වාදර්ශයන් උකහා ගැනීම සඳහා කලාපීය අනෙකුත් රටවල් ඉන්දියාව උදාහරණයක් ලෙස නොගන්නා බව පෙනේ.ඒ මන්ද? සිය බහුවිධ ප්‍රජාතාන්ත්‍රික සහ සභ්‍යත්ව සහජීවන පැවැත්ම තුලින් වේගයෙන් අපගමනය වෙමින් පවතින මං සන්ධියක වර්තමාන ඉන්දීය ආර්ථික , දේශපාලනික , සංස්කෘතික පදනම පැවතීම මෙයට හේතුවයි.ඉන්දියාවේ මෙම ශිෂ්ටාචාරමය පරිනාමය ඉන්දීය දේශසීමාවෙන් පිටතට වඩාත් උනුසුම් අයුරෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ.


මේ අතර දකුණු ආසියාවේ ප්‍රජාතාන්ත්‍රික අර්බුදකාරී තත්වය දශක ගනනාවක් පුරාම එහි ප්‍රමුඛ මාතෘකාවක් වී පවතී.සෑම දකුණු ආසියානු රටකම දේශපාලන ප්‍රජාතාන්ත්‍රික අර්බුදයන් සඳහා එයටම අනන්‍යවූ විශේෂිත ඵෛතිහාසික පසුබිමක්, හේතු සමුදායක්, විද්‍යාමානවීමක්, අර්බුදවල ත්‍රිව්‍රතාවයක් සහ ඒවාගේ දිශානතියක් පවතී.

මෙම අර්බුදකාරී දකුණු ආසියානු දේශපාලන ඉතිහාසයේ ආරම්භය සිදු වන්නේ 1950 මැද භාගයේදී පාකිස්ථානු සිවිල් දේශපාලන නායකත්වය නව දේශය තුල ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් ස්ථාපිත කිරීමට අසමත්වීම සමඟය.1958 දීපාකිස්ථානයේ ප්‍රජාතාන්ත්‍රික රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමන ලදි.එතැන් සිට පාකිස්ථානු දේශපාලන අතීතය සමන්විත වූවේ සමස්ථ දේශයම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයම දිගින් දිගටම තදින් ග්‍රහනය කරගෙන සිටි ශක්තිමත් හමුදා පාලනයන් හා ඒ අතරට විටින් විට සපැමිණි දුර්වල ප්‍රජාතාන්ත්‍රීය පාලන තන්ත්‍රයන්ගෙනි.පාකිස්ථානයේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ හමුදා ආයතන සහ පුද්ගලයන්ගේ අසමතුලිත පාලනයකට ලක්වූ  දේශපාලන බල අධිකාරීත්වයකි.පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය මෙලෙස දුර්වලවීම තුල දකුණු ආසියානු කලාපීය ප්‍රජාතන්ත්‍රවාදයේ අස්ථාවර ස්වභාවයක් ඉස්මතුවී පවතී.ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පාකිස්ථානය තුල පවතින බලාපොරොත්තු සීමිත වන  බව පාකිස්ථාන රාජ්‍ය ආයතන පාලනය කරන බුද්ධිමතුන්ගේ  පිලිගැනීමයි.


ප්‍රජාතාන්ත්‍රික ආයතන ස්ථාපිත කිරීම හරහා පරිනාමනය වූ සුවිශේෂිත දේශපාලන අර්බුදයන් සහිත අනෙක් දකුණු ආසියානු කලාපයීය උදාහරනය නම් ශ්‍රී ලංකාවයි.ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අසාර්ථක වීමට ප්‍රධාන හේතුව ලෙසට සුළු ජාතීන්ගේ දේශපාලනමය අයිතිවාසිකම් පිලිබඳ එතරම් ව්‍යවස්ථාමය  අවධානයක් යොමු නොකරමින්,  සිංහල ජනවාර්ගික බහුතරය මත පදනම් වු ඒකීය රාජ්‍යයක් පවත්වාගෙන යාම ලෙස පෙනීයයි.සුළු ජාතීන් සඳහා දේශපාලන ස්වාධීනත්වය ලැබෙන ආයතනගත කිරීමක් සමඟ එයට අදාල විව්‍යස්ථා සංශෝධනයන් මෙහිදී පුළුල් බලය විමද්‍යගතකරණ රාමුවක් තුලින් බලාපොරොත්තුවේ.ප්‍රජාතන්ත්‍රීය පුළුල් බල විමද්‍යගතකරණයක් තුලට ශ්‍රී ලාංකීය විව්‍යස්ථාව සංශෝධනය කෙරෙහි දේශපාලන විද්වතුන්ගේ පැවති අකමැත්ත එරට දශක ගනනාවක් ඇදී ගිය සිවිල් යුද්ධයක් වෙතට තල්ලු කර දමන ලදි.

2009 දී එකී සිවිල් යුද්ධය අවසන් වීමෙන් අනතුරැව වුවද ශ්‍රී ලංකා පාලන තන්ත්‍රය තව දුරටත් ප්‍රතිසංස්කරණය නොවුන තත්වයක පැවතීම එහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ පවතින දුබල ලක්ෂණයකි.නව්‍යකරණය සහ කාලානුරෑපී විකරණය සඳහා අවශ්‍ය අභ්‍යන්තර යාන්ත්‍රණයක් රහිත පැරණි යල්පිනූ ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය.

පශ්චාත් හමුදාමය සහ පශ්චාත් එකාධිපති පසුබිමක් තුල රටේ පවතින දේශපාලන අවකාශය එරට දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකත්වයට නිසි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයක් බංග්ලාදේශය තුල වර්තමානයේ පවතින බව එහි ප්‍රජාතාන්ත්‍රිය අර්බුදකාරී වාතාවරනය නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකත්වයන් අතර වර්ධනය වූ බරපතල  අර්බුදය ඔස්සේ වර්තමානයේ  බංග්ලාදේශය තුල තනි පක්ෂ ක්‍රමයක මෘදු ඒකාංග  ජවනිකාවක් බිහිවී පවති.බංග්ලාදේශයද එහි කැරලිකාරී සංවිධාන කිහිපයක් සමඟ සිවිල්  යුද්ධ කිහිපයකටම මුහුන දුන් රටකි.

පශ්චාත් සිවිල් යුද සමයක් සහ පශ්චාත් රාජාන්ඩු සමයක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසි නේපාලය තවමත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ සන්දිස්ථානයක් අභියස සිටියි.නූතන ආසියානු රාජාන්ඩු සම්ප්‍රදා ය කෙරෙහි පැවති දිගුකාලීන විරෝධය හේතුවෙන් මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ නව සමාජිකයෙකි නේපාලය.නේපාලයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය එක් ආකාරයකට ශ්‍රී ලංකාවේ පවතින තත්වයට සමානකම් දක්වන්නකි.පශ්චාත් සිවිල් යුද වාතාවරණයක් තුල පවතින තත්වයන්ට සහ එයට උචිත විව්‍යස්ථාමය පදනමට එකඟ වීමට නේපාල දේශපාලන බුද්ධිමතුන්ට මේ දක්වා අසීරැවී පවතී.කෙසේ නමුදු රට තුල ෆෙඩරල් ප්‍රතිවිව්‍යස්ථාගතකරණයක් සඳහා මේ වන විට පොදු එකඟතාවයක් සැකසෙමින් පවතී.නමුත් මෙම ෆෙඩරල් විව්‍යස්ථාවේ සැබෑ ස්වරෑපය කුමක්ද යන්න තවදුරටත් නොවිසඳුන හා මතභේදාත්මක තත්වයක පවතී.මෙම තත්වය නැවත වරක් නේපාල සමාජය සහ දේශපාලන පන්තිය  මතවාදී බෙදීමකට ලක් කර තිබේ.නව ප්‍රජාතන්ත්‍රවාදී දේශය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් සාධනීය වශයෙන් දුෂ්කර තලයක පවතී.


පශ්චාත් ඒකාධිපති පාලන විව්‍යුහයක් තුල සිටින මාලදිවයිනද ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රවේශයකට සංක්‍රමණය වීමේදී දැඩි අවිනිශ්චිත සහ දුර්වල ස්වරෑපයක් විදහා දක්වයි පුද්ගලික, දේශපාලනික,  කුල මෙන්ම පවුල් අර්බුද සහ එදිරිවාදීකාම් වලින් ඔඩුදිවූ දේශපාලනික ප්‍රජාවක් මාලදිවයිනේද සිටිති.මෙකී එදිරිවාදීකම් තවදුරටත් උග්‍ර බවට පත් කිරීමේ සීතල යුද්ධයක නිරතව සිටින ඉන්දියාව, චීනය වැනි කලාපීය පිළිමල් අනෝන්‍ය ප්‍රතිවාදීන්ද සිටිති.ශ්‍රී ලංකාව සහ නේපාලය ලඟට කලාපීය මහ බලවතුන්ගේ බල අරගලයන් වඩාත් පාරදුෂ්‍ය වන රට මාලදිවයින බවට වර්තමානයේ පත්ව ඇත.

ඇෆ්ගනිස්ථානය තුල පවතින  දේශපාලනය පිලිබඳ සැලකීමේදී සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවේශයකට පිවිසීම සහ දේශපාලන ස්ථාවරත්වයක ස්වරෑපයකට පැමිණීම යන කරැණු ද්විත්වය සදහාම ඉදිරියට ඇදෙමින් පවතින සිවිල් යුද වාතාවරනය මඟින් දැඩි අභියෝගයක් යොමු කරයි.මෙි නිසා ඇෆ්ගනිස්ථානය තුලදී ප්‍රජාතාන්ත්‍රිකකරණය කෙරෙහි ඉහල ප්‍රමුඛත්වයක් දැක්විය යුතුව තිබේ.ගෝලීය සුපිරි බලවේග දෙක වන එක්සත් ජනපදය සහ රැසියාව අතර සීතල යුද්ධයේ ඉත්තෙක් ලෙස යොදාගත් ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ යටිතල පහසුකම් , යුද්ධය සහ ප්‍රචන්ඩත්වය නිසා මේ වන විට විනාශයට පත්වී පවතී.විනාශ කල තැන පටන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැංවීම වර්තමානයේ එරට පාලනය ඉදිරියේ පවතින සැබෑම අභියෝගයයි.නොනවතින සිවිල් යුද්ධය හමුවේ ඇෆ්ගනිස්ථානයේ දේශපාලනය ආයතනීගතකරණය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම  ඉතා දුෂ්කර කටයුත්තකි.

මේ අනුව දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවනතාවල  පුළුල්  සීමා මායිම් අපට අවබෝධ කර ගැනීමට හැකිය.මෙකී රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවනයෙන් පසුව එහි ප්‍රවර්ධනීය ගලායාම එක්තරා දරකට අවහිර වී පවතිනු දැක ගත හැකිය.(මාලදිවයින මෙන්)නැතහොත් ශ්‍රී ලංකාවේ හෝ නේපාලයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව සිටි.වෙනත් වචන වලින් පවසතොත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය අතර පවතින අක්‍රමික තත්වයක් පවතී .


දෙවන කරැණ නම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි පැරණි දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රටවල නව දේශපාලන පරපුර ප්‍රජාතන්ත්‍රවාදය  පිලිබඳ නව අවබෝධයන් සහිත නව අර්ථකථන ඉදිරිපත් කරමින් සිටිමයි.මෙහිදී ජනවාර්ගිකභාවය සම්භන්ද අයිතීන් , ජාතික ආරක්ෂාව සහ ශක්තිමත් රජයයන් යන සංකල්පයන් අනෝන්‍ය වශයෙන් එකිනෙක මිශ්‍ර කරමින් ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පයට අඩු වටිනාකමක් ලබා දෙන බව පැහැදිලිවේ.වෙනත් වචන වලින් ප්‍රකාශ කල හොත් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව  ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ජනප්‍රිය සාමාජිකයන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ප්‍රවාහයේ දැවැන්ත අනුගාමිකයන් වුවද , ප්‍රජාතන්ත්‍රික සමීක්ෂණ වලින් හෙලි වන පරිදි නව දේශපාලන පරපුර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මීීය හරයන්ගෙන් බැහැරට අපගමනයවූ අවස්ථානුචිත හෝ අවස්ථාවාදී ජනප්‍රිය දේශපාලන රැළි ඔස්සේ ගමන් කරන බව පෙනී යයි.

තෙවැනි කරැණ , පරස්පර විරෝධී ලෙස පෙනෙතත් යථාර්වාදී ප්‍රවේශයක් නියෝජනය කරන්නකි.නිල සහ ආයතනගතකරණීය වූ ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිතකිරීම, නියම සහ පැහැදිලි ප්‍රජාතාන්ත්‍රීය මූලධර්ම වල ස්ථාපනය හා කැටුව නොයයි.

The democracy in south asia - Ground viiewwwst -යහපාලන සිවිල් කමිටු  සාමාජික ජේෂ්ඨ මහාචාර්යවරයෙක්ගේ  විග්‍රහයක් ඇසුරෙන්
සිංහල අනුවාදය

අනුරාධ සේනාරත්න

No comments:

Post a Comment