Monday, May 21, 2018

ඩඩ්ලි සේනානායක දේශපාලන දිවියේ රස කතා

ඩඩ්ලි සේනානායක දේශපාලන දිවියේ රස කතා


ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දැදිගම ආසනය නියෝජනය කල අසහාය ජනතා පුත්‍රයෙකු වූ ගරැ ඩඩ්ලි සේනානායක මැතිතුමන් ගේ පුද්ගලික මෙන්ම දේශපාලන ජීවිතය සොඳුරැ රසබර සිදුවීම් මෙන්ම අතිශය සංවේදී සිදුවීම් වලින් බහුල විය.1935 දී ඔහු සිය බ්‍රිතාන්‍ය  කේම්බ්‍රිජ් සරසවි අධ්‍යාපනය හමාර කරමින් ලංකාවට පැමිණි විගස ඩී.එස් සේනානායක සහ මොලී සේනානායක යුවල ඔහුට සුදුසු විවාහයක් කර දීමේ දැඩි උනන්දුවකින් පසුවිය.ඒ වන විට ලංකාවේ රාජ්‍ය පාලනයට හිමිකම් ලැබූ සුප්‍රකට රදළ පරපුරකින් පැවත එන කදිම කඩවසම් තරැණයෙකු වූ ඩඩ්ලි සේනානායක ආකර්ෂණීය පෞර්ෂයකට හිමිකම් කීය.රටපුරා සිටි මඟුල් කපු මහතුන් සම්භන්ද කර ගනිමින් ඩඩ්ලි සඳහා සුදුසු යැයි හැඟුන මනාලියන් කිහිප දෙනෙකු බැලීමට යාමට මෙහිදී ඩී.එස් යුවලට සිදුවිය.

එවන් එක් අවස්ථාවකදී මනමාලියක් බැලීම සඳහා බලන්ගොඩ පිහිටි වංශවත් එක් රදළ වලව්වකට යාමට ඩී.එස් යුවලට සහ ඩඩ්ලිට සිදුව තිබිනි.මනමාල මහතා පිලිගැනීමට ආකර්ෂණීය භෝජන සංග්‍රහයක් පිලියෙල කර තිබූ අතර එහිදී ඩඩ්ලි මහත් අභිරැචියෙන් යුතුව ආහාර ගන්නා බව කාටත් පෙනිනි.අතුරැ පස සඳහා තිබූ බලන්ගොඩ කිතුල් හකුරැ මිශ්‍ර වටලප්පන් ඩඩ්ලි අවස්ථා කිහිපයකදීම බෙදාගෙන ආහාරයට ගන්නා බව උත්සවයට පැමිණි අයට පෙනිනි.
R

හැඩකාර මනාළිය උඩරට ඔසරියකින් සැරසී සිටි අතර සාම්ප්‍රදායික රන් ආභරණ වලින් අලංකෘතව සිටියාය.ඇය ඩඩ්ලිට මනාව කැපෙන මනාළියක්ම වූ අතර ඩී.එස් සහ මොලී සේනානායක යුවල දෙවියන්ගෙන් අයදිමින් සිටියේ අඩුම වශයෙන් මෙම මනාළිය සඳහාවත් තම වැඩිමහල් පුතු මනාපය පල කරාවි යනුවෙනි.

ආපසු කොලඔ බලා යන ගමනේදී ඩී.එස් සහ මොලී යුවල ඩඩ්ලිට සුපුරැදු ප්‍රශ්නය යොමු කලහ.

ඉතින් පුතා , ඔයා මොකද හිතන්නේ?

ගත් කටටම ඩඩ්ලි කියා සිටියේ "හරි ෂෝක් ...හරි ෂෝක් " යනුවෙනි.

එම ප්‍රතිචාරයෙන් සතුටට පත්වු ඩී.එස් යුවල පවසා සිටියේ,

එහෙනම් අපි තවත් කල් නොඇර සිරිමා ගෙදරට එක්කන් එමු." යනුවෙනි.

සිරිම‍ා යන නම ඇසීමත් සමඟ ඩඩ්ලි අන්දුන්කුන්දුන් විය.

සිරිමා..ඒ කවුද? යනුවෙන් ඩඩ්ලි විමසීය.

මෙයට ප්‍රතිචාර දැක්වූ ඩී.එස් යුවල කියා සිටියේ "සිරිමා කියන්නේ අද ඔබ බලන්න ගිය මනමාළිගේ නම.ඔයා හරි ෂෝක් කියලා කීව බාන්ස් රත්වත්තේ දිසාවගේ දුව" යනුවෙනි.

මෙයට උපහාසාත්මකව පිලිතුරැ දුන් ඩඩ්ලි පවසා සිටියේ හාත්පසින්ම සිය දෙමව්පියන් බලාපොරොත්තු වූ දෙයට වෙනස් දෙයකි.

"මම හරි ෂෝක් කියලා කීවේ වටලප්පන් වලට.එහෙම නැතිව ගෑණු ළමයාට නෙවේ."

වියපත් සේනානායක යුවලට  මෙම ප්‍රතිචාරය සඳහා සතුටුවීම හෝ ඇඬීම යන කාර්රයන් දෙකෙන් කුමක් තෝරා ගන්නේදැයි සිතීමට නොහැකි විය.

කේම්බ්‍රිජ් සරසවියට ඩඩ්ලි ඇතුලත් වූ මුල් දිනයේදීම ඔහු සාභාගීවූ ප්‍රථම භෝජන සංග්‍රහය  ඔහුට කිසිසේත්ම අමතක කල නොහැකි එකක් විය. ගෑරැප්පුව හා පිහිය භාවිතයෙන් ආහාර ගැනීමේදී  ඔහුගේ පිඟානේ තිබූ කුකුල් මස් කැබැල්ලක් පිඟානෙන් විසිවී අසල සිටි කාන්තාවකගේ කොන්ඩ මෝස්තරයේ වදිමින් එවකට බ්‍රිතාන්‍යයේ සිටි ජනප්‍රිය නළුවෙක් වූ පීටර් සෙලර්ස්ගේ පිඟානට පතිත වූ අයුරැ ඔහු බලා සිටියේ එක්තරා විකට ජවනිකාවක් මෙනි.

ඇතිවූ තත්වයේ භයානක බව ඩඩ්ලි හිනැහෙමින් විස්තර කලේ එයට වගකිව යුතු තමා නොව තමාට මොට ගෑරැප්පුවක් හා පිහියක් ලබා දුන් තැනැත්තා ලෙසයි.


ඩඩ්ලි සෑම විටෙකම වන සතුන්ගේ චර්යා නැරඹීමට , ඡායාරෑප ගැනීමට, ක්‍රිකට් සහ ගෝල්ෆ් යන ක්‍රිඩාවන් කෙරෙහිද අසීමිත කැමැත්තක් දැක්වූවෙකි.ජාතියේ පියා ලෙස සුප්‍රසිද්ධ පියා සහ ඔහුගේ පුතුන් සියළු දෙනා සාන්ත තෝමස් විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වූහ.ඩඩ්ලි විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් මෙන්ම සුප්‍රසිද්ධ රාජකීය- තෝමස් ක්‍රිකට් ගැටුමට  සාභාගී වී වර්ණ දිනා ගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.මෙයට අමතරව හොකී, බොක්ෂින් සහ ජවන , පිටිය ක්‍රීඩා තරඟ සඳහා විශේෂ කුසලතා ප්‍රදර්ශනය කල ක්‍රීඩකයෙක් වීය.අධ්‍යාපන අංශයෙන් දක්ෂතා පෙන්වූ ඔහු කේම්බ්‍රිජ් හි කෝර්පස් ක්‍රිස්ටි විද්‍යාලයටත් එතැනින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටත් ඇතුලත්වීමේ අවස්ථාව ලබා ගත්තේය.

කේම්බ්‍රිජ් සරසවියේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරැව 1936 දී ඩඩ්ලි රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා තරඟ කිරීමේ නාම යෝජනා ලබා ගත්තේය.මෙකල ඔහුගේ පියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍යවරයෙක් ලෙසින් කටයුතු කරන ලදි.මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා ලංකාවේ පලමු අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමේදී ඔහුගේ පුත්‍ර ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම අමාත්‍යධූරය හෙබවීය.එයින් වසර 6 ක් යන තුරැද කෘෂිකර්ම අමාත්‍යධූරය හෙබවූ ඩඩ්ලි ශ්‍රී ලංකාවේ මී ලඟ අග්‍රාමාත්‍යධූරයට පත් වන්නේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා අශ්වයෙක් පිටින් ඇඳ වැටීමෙන් මිය යාමත් සමඟය.

සිය පියාගේ අභාවයත් සමඟම අග්‍රාමාත්‍යධූරය ඩඩ්ලි සොයා පැමිණියේ ඔහුගේ ජීවිතයේ වඩාත් දුෂ්කරම කාල වකවානුවකයි.ඉන් පසුව ඔහු බොහෝ දේශපාලන අර්බුදයන්ට හා කුනාටු වලට මුහුන දෙන ලදි.පියාගේ ඇවෑමෙන් ලැබූ අග්‍රාමාත්‍යධූරය නිකම්ම භාර ගැනීමට හෙතෙම අකමැති විය.මේ නිසා නව පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා ජනතා බලයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයා විය.මෙම සියළු තත්ව හමුවේ වුවද වඩාත් ආකර්ෂණීය  චතුර කථිකයෙක් ලෙසත්,  ජනතාවගේ පරමාදරයට පත් දේශපාලඥයෙක් ලෙසත් ඩඩ්ලි කැපී පෙනිනි.හෙතෙම අග්‍රාමාත්‍යධූරය 1965 සිට 1970 දක්වා හොබන ලද්දේ සුවිශිෂ්ඨ ජනතා ප්‍රසාදය මධ්‍යයේය.


ඔහු සෑම ප්‍රජාවකම සමීප මිත්‍රයෙක් විය.සෑම ආගමකටම ගරැ කල භක්තිමත් බෞද්ධයෙක් විය.සැමට ප්‍රථම නිහතමානී ශ්‍රී ලාංකීය පුරවැසියෙක් වූවේය.අග්‍රාමාත්‍යවරයා වුවත් තම ට්‍රයම්ප් හෙරල්ඩ් කාරය තමාම පදවාගෙන යාම ඔහුගේ සිරිතයි.කිසිදු විටෙක රියදුරන්, ආරක්ෂක භටයන් හෝ සහචරයන් පිරිවරා මහමඟ ජනතාවට කරදර වන ලෙස ඔහු ගමන් ගියේ නැත.වරෙක ඔහු වඩා ප්‍රිය කල විනෝදාංශයක් වූ  ගෝල්ෆ් ක්‍රීඩා කිරීමට කාසල් වීදිය ඔස්සේ වේගයෙන් ගමන් කරමින් සිටි අගමැතිවරයාව නියමිත වේග සීමාව ඉක්මවීමේ වරදට පොලිස් කොස්තාපල්වරයෙක් විසින් නවතන ලදි.පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයැද සිටි ඩඩ්ලි නැවතත් එවන් වරදක් තමන් අතින් සිදු නොවන බව ලිපියකින්ම ඔහුට දන්වා ඔහු රාජකාරිය අකුරටම ඉටු කිරීම පිලිබඳ සුභපැතීලු.මෙය ඔහු විසින් දරන ලද නිහතමානී සහ ආකර්ෂණීය චරිත ස්වභාවය මොනවට පැහැදිලි කරන්නකි.

පාර්ලිමේන්තුවේ ස්වර්ණමය යුගය

පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සුවිශිෂ්ඨ ජනප්‍රසාදයක් දිනා ගත් මෙම අසහාය නායකත්වය සතු තියුණු බුද්ධි ප්‍රභාව සහ ව්‍යයක්ත චතුර වාග් ප්‍රභාව යනෙන සෑම තැනෙකම ඔහුට ජනප්‍රියත්වය හිමි කර දුන්නේය.වර්තමානයේ අප ජීවත් වන්නේ පාර්ලිමේන්තු අයිතීන් අවභාවිත කරනු ලබන සහ වැරදි වලින් බේරී සිටීමට යොදා ගන්නා ලබන අවධියකය.එමෙන්ම ස්ථාවර නියෝග නොතකා කටයුතු කරන අවධියකය.පාර්ලිමේන්තුව තුල ශික්ෂණය අවම මට්ටමක පවතින අතර භාවිතා කරන භාෂාව ඇතැම් විට අසභ්‍ය තත්වයක පවති.මෙහිදී සඳහන් කරන ස්වර්ණමය යුගයේදී පාර්ලිමේන්තුව නියෝජනය කල උගත් මන්ත්‍රීවරැන්  නිරෑපනය කල ශික්ෂණය වර්තමානය වන විට ලිඛිත විව්‍යස්ථාවකට පමණක් සීමාවී පවතී.


නිදහසෙන් පසු ඩඩ්ලි රාජ්‍ය මන්ත්‍රණ සභා  පාර්ලිමේන්තුව නියෝජනය කල සමය සමස්ථ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවේම ඉංග්‍රීසි චතුර කථනය අතින් ස්වර්ණමය යුගය නිරෑපනය කරයි.එවකට ඉහල මන්ත්‍රණ සභාව තුල විශිෂ්ඨ මට්ටමේ විනයක් සහ ශික්ෂණයක් පවත්වා ගන්නා ලදි.මෙම අග්‍රගන්‍ය ජනතා නියෝජිතයන්ගේ සාරගර්භ විග්‍රහයන් අවබෝධ කර ගැනීමට පවා හොඳ අධ්‍යාපන මට්ටමක් එකල ඇවැසි විය.එකල උසස් මන්ත්‍රණසභාව නියෝජනය කරන ලද මන්ත්‍රීවරැන් සහ ඇමතිවරැන් කිහිප දෙනෙක් විව්‍යයක්ත කථිකයන් ලෙස ප්‍රසිද්ධව සිටි අතර ඔවුන් උසස් සම්ප්‍රදායකට අයත් සම්භාවනීය පුද්ගලයන් ලෙසට සලකන ලදි.මේ සියළු දෙනාම කතා පවත්වන ලද්දේ කිසිදු සටහනක් තම භාරයේ තබා නොගනිමින්ය.

මෙවන් නායකයන් අතරෙන් එස්.ඩබ් .ආර්.ඩී බන්ඩාරනායක සහ ජී.ජී පොන්නම්බලම් වැනි කථිකයන්ගේ කථා වල  ව්‍යයක්ත ඉංග්‍රීසි හැසිරවීම හෝ වේගවත් ශෛලය සමඟ හෝ සම කල හැකි කිසිවෙක් එවකට පාර්ලිමේන්තුවේ සොයා ගැනීමට නොහැකි විය.විශේෂයෙන්ම එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මැතිතුමන්ට විචක්ෂණ බුද්ධියක්, මුඛරි ප්‍රතිඋත්තර දීමේ කුශලතාවයක් සමඟ ක්ෂණිකව දරැණු වාග් ප්‍රහාර එල්ල කිරීමේ කෞෂ්‍යලයක් තිබිනි.එමෙන්ම කොල්වින් ආර් ද සිල්වා වෙනත්ම සම්ප්‍රදායක් නියෝජනය කල එකල සිටි දක්ෂ සහ ව්‍යයක්ත කථිකයෙකි.ව්‍යයක්ත, අලංකාරෝක්තිය සහිත, වේගවත් සහ උපමා උපමේය වලින් අලංකෘත විශ්ලේෂණාත්මක වාග් ප්‍රහාරකයෙක් ලෙසඑතුමන් නමක් දිනා සිටින ලදි.විෂයය පථය සංක්ෂිප්තව අධ්‍යයනය කරන එතුමන් ශේෂ්ඨාධිකරණ නඩුවක් ඇමතීමේ ශෛලයෙන් පාර්ලිමේන්තුව අමතන ආකාරය අතිශය දැකුම් කළු දසුනකි.

අනෙක් අතින් පීටර් කෙනමන් යනු සාම්ප්‍රදායික කේම්බ්‍රිජ් ශිෂ්‍ය සභා කථිකයෙක් වන අතරම බ්‍රිතාන්‍ය උසස් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නියෝජනය කල චතුර සහ ඉතා නිවැරදි කථිකයෙකි.එකල සිටි පාර්ලිමේන්තු කථිකයන් අතර කොල්වින් ඩබ් දහනායක මැතිතුමන්ට ලැබෙන්නේ සුවිශේෂ වැදගත් කමකි.ඔහුගේ කතා ශෛලය මුඛරි සහ දොඩමළු මෙන්ම කරදරකාරී විය.පැරණි මන්ත්‍රණ සභාව තුල දීර්ඝම කතාව පවත්වමින් වාර්තාවක් තබන්නේ කෙසේදැයි මෙම දේශපාලඥයන් සැම විටකම කථිකා කලහ.

මෙකී දේශපාලඥ කවය තුල ඩඩ්ලි,  චතුර සහ වේගවත්  කථිකත්වයෙන් මන්ත්‍රණ සභාව දෙදරවන්නට සමත්වූ අයෙකි.නමුත් ඔහුව හොඳින්ම හදුනා ගන්නා ලද්දේ ඔහුගේ විශිෂ්ඨ උපායශීලී බුද්ධිමත්භාවය තුලිනි.ඔහුගේ උපහාසාත්මක කථා ශෛලය නිවසේ පමණක් නොව මන්ත්‍රණ සභාව තුලද කැපී පෙනිනි.


වරක් ඩඩ්ලි සිය විරැද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ස්ටැන්ලි තිලකරත්න මැතිතුමාව පාර්ලිමේන්තුවේදී  එවකට එක්සත් ජාතික පක්ෂ සභාග රජය බිඳ දැමීමට කුමන්ත්‍රණය කිරීම පිලබඳව දෝෂ දර්ශනයට ලක් කරමින් සිටියේය.ස්ටැන්ලි තිලකරත්න මන්ත්‍රීවරයා අඩි 4අඟල් 6කට වඩා උස නොවූ මිටි සිරැරක් දැරෑවෙක් වන අතර ඩඩ්ලි අඩි 5අඟල් 10 ක් පමණ උස වූවෙකි.
දිගු විවේචනාත්මක කථාවකින් පසු මොහාතකට නිහඬව සිටි ඩඩ්ලි එක් වරම සිය කට හඬ අවදි කලේ මෙලෙසය.

ගරැ කථානායකතුමනි,

කොට්ටේ ගරැ මන්ත්‍රීවරයාට ඔහුගේ උස අනුව භේද බින්න කිරීම් හැර වෙනත් කිසිවක් නොපෙනීම පිලිබඳ කිසිසේත්ම මම පුදුමයට පත් නොවෙමි.

මේ සමඟම මුළු සභා  ගර්භයම සිනහවෙන් ඇළලී ගිය අතර එදා ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා ලඟින් අසුන්ගෙන සිටි එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මැතිතුමන්ගේ මුහුන වික්ෂිප්තව රතුවී ගොස් තිබිනි යැයි පැවසේ.

තවත් අවස්ථාවකදී එවකට දෙමළ කාන්තාවක් සමඟ ප්‍රේම සම්භන්දතාවක් තිබු මෛත්‍රීපාල සේනානායක මැතිතුමන් (පසුව ඇය සමග විවාහ විය)ඩඩ්ලි රජය එකදිගටම විවේචනය කරන්නට වූවේ රජය මඟින් දෙමළ ප්‍රජාවට අනවශ්‍ය වරප්‍රසාද ලබා දෙන්නේ යැයි චෝදනා කරමින්ය.මෙහිදී මෙයට ප්‍රතිවාග් ප්‍රහාර එල්ල කල ඩඩ්ලි මෙලෙස පැවසීලු.

"ගරැ කථානායකතුමනි,

මා අනිවාර්යෙන්ම සුභ පැතිය යුතුයි මැදවච්චියේ ගරැ මන්ත්‍රීවරයාට , දිවා කාලය තුල සිංහල පමණක් භාවිතා කිරීමටත් රාත්‍රීයට යුක්තිසහගත ලෙස දෙමළ භාවිතා කිරීමටත් පහසු මඟක් සොයා ගැනීම පිලිබඳව"  .........

මන්ත්‍රණ සභාව සිනා සාගරයක් කිරීම

ඩඩ්ලිගේ සමයේ මන්ත්‍රණ සභාවේ හාස්‍ය රසාස්වාදය ඉතා ඉහල මට්ටමක තිබිනි.එස්.ඩබ්.ආර්.ඩී සහ ඩඩ්ලි යුගලය හොඳම ප්‍රතිවාදීන් ලෙස නමක් දිනා තිබිනි.වරෙක වේගවත් කථාවක් කරමින් එකල පාර්ලිමේන්තුවේ චතුර කථිකත්වයක් දැරෑ විවියන් ගුණවර්ධන මැතිණිය ඩඩ්ලි රජය විසින් කරන ලද ණයට ගැනීම් පිලිබඳව අගමැතිවරයාව දෝෂ දර්ශනයට ලක් කරන ලදි.මෙයට ප්‍රති උත්තර දුන් ඩඩ්ලි පවසා සිටියේ මෙවැන්නකි.

"මා ඔබව නම් කිසිම දිනෙක ණයට ගන්නේ නෑ" යනුවෙනි.

ඩඩ්ලිට අග්‍රාමාත්‍යධූරය බන්දේසියක තබා පිලිඟන්වනු ලැබුවෙකි.ආණ්ඩු කිරීම සඳහා ජනතාවගෙන් සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රික අවසරය ඔහු විසින් බලාපොරොත්තු විය.මාස දෙකක ප්‍රමාදයකින් පසු නැවත ඩඩ්ලි විසින් මැතිවරණයක් කැඳවනු ලැබීය.මෙයින් ඔහු ජය ගනු ලැබුවේ සිය පියා වූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් තබා සිටි මැතිවරණ ජයග්‍රහණ වාර්තාද බිඳ දමමින්ය.


මහජන සුභසාදන ආධාර ඉහල නැංවීම, සහල් සහනාධාරය සැපයීම වැනි ජනතා සේවාවන් ඩඩ්ලි සේනානායක චරිතය අග්‍රාමාත්‍ය තනතුරට ඔසවා තැබීමට සමත් විය.1953 වර්ෂයෙන් පසුව  ඩඩ්ලි රජයේ ජනප්‍රියතාව සීඝ්‍රයෙන් අඩු වන්නට විය.සහල් මිල ඉහල යාමත් සමඟම සහල් සහනාධාරය කපා දමන්නට සිදුවිය.එවකට පැවති කොරියන් යුද්ධය අවසන් වීමත් සමඟ පැවති ආර්ථික අවපාතනයත් සමඟ සහනාධාර ලබාදීම තවදුරටත් අය වැය සඳහා බරක් ලෙස රජයට පෙනී ගියේය.මේ අතර සහල් මිළ ද සීඝ්‍රයෙන් ඉහල යන ලදි.

පාසල් ළමුන්ට නොමිලයේ ලබා දුන් දිවා ආහාර වේළ ද එවකට තිබූ ආර්ථික අවපාතනය හමුවේ කපා දමන්නට ඩඩ්ලි රජයට සිදුවිය.මෙම තීරණයට එරෙහිව තද බල දේශපාලන විරෝධතා එල්ල වන්නට විය.වාමාංශික ශක්තිමත් වෙළඳ සංගමයක් විසින් හර්තාල් ලෙස හඳුන්වනු ලැබූ වැඩ වර්ජනයක් දියත් කරන ලදි.

1953 හර්තාල් ගැටුම් නිසා මහජන ජීවිත අහිමි විය.මෙම තත්වය ඩඩ්ලි ගේ මනස තුල දැඩි කම්පනයක් සහ ශෝකයක් ජනිත කලේය.මේ වන විට එක්සත් ජාතික පක්ෂය  රජය බලයේ පැවති අතර ඩඩ්ලි වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිධූරයෙන් ඉල්ලා අස්විය.ඔහු අරලිය ගහ මැඳුරේ සිට වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ පදිංචියට ගිය අතර සර් ජෝන් කොතලාවල පැවති එ.ජා.ප රජයේ මීලඟ අගමැතිවරයා ලෙස දිව්රැම් දුන්නේය.

1957 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය පැවති මැතිවරණයෙන් පරාජයට පත්වනවාත් සමඟම ඩඩ්ලි නැවත වරක් දේශපාලනයට පැමිණියේය.1960 පැවති මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට කටයුතු කල අතර එහි අග්‍රාමාත්‍යවරයා බවට ඩඩ්ලි පත්විය.මෙහිදී ගොඩනැඟුන සන්ධානය බිඳ වැටුන අතර මාස 04කින් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදු විය.මෙම මැතිවරණයෙන්ද එ.ජා.ප දිනා ගත්තේ පෙරට වඩා අඩු ආසන ප්‍රමාණයකි.ඩඩ්ලි විරැද්ධ පක්ෂ නායකයා විය.පක්ෂ 14 ක සහයෝගය ලබා ගනිමින් සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය ට 1965 මැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කිරීමට ඩඩ්ලි සමත්විය.

ගෞරවනීය දේශපාලඥයා


එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙය වන ලද සන්ධානය 1965 දී සිරිමාවෝ බන්ඩාරනායක රජය පරදවමින් ජයග්‍රහනය කරන ලදි.වාමාංශික සභාගය පැරදවීම සදහා කරන ලද විශිෂ්ඨ මෙහෙයට කෘතගුණ දැක්වීමක් ලෙස සී.පී ද සිල්වා මැතිතුමන්ට අග්‍රාමාත්‍ය තනතුර ලබා දීමට ඩඩ්ලි එකඟ විය.පුදුමයක මහත...

1965 මාර්තු 25 දින වාර්තාගත සිවු වන වරටද ගරැ ඩඩ්ලි සේනානායක මැතිඳුන් අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරැම් දෙන ලදි .එතැන් සිට 1970 දක්වා දිගු කාලයක් ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කල මෙතුමා 1970 පැවති මැතිවරණයෙන් පරාජයට පත්විය.එයින් පසු  හෙතෙම දේශපාලනයෙන් සමු ගන්නට තිරණය කරන ලදි.

ඩඩ්ලි සේනානායක රජයේ හිටපු නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වූ පී.සී ඉඹුලාන මැතිතුමන් ඩඩ්ලි සමඟ සමීපව ඇසුරැ කල අයෙකි.යහළුවන් දෙදෙනා ඔවුන්ගේ උපහාසාත්මක සහ කවට සිනහවන් හෙන හඩක් සේ පිට කිරීමට ත් එයින් අතිමහත් ආශ්වාදයක් ලැබීමටත් පුරැදුව සිටියේලු.

සිය ප්‍රියතම ආහාර ගැනීමට දැඩි අභිරැචියක් දැක්වූ මෙම ශ්‍රේෂ්ඨ  ජනනායකයා නිතරම සිනහ -කවටකම් සහිත සැහැල්ලු තනිකඩ ජීවිතයක් ගත කලේය.වයස අවුරැදු 62ක් තරම්  අඩු වයසකදී සිය වටිනා ජීවිතයේ සැදෑසමය හමාර කල මෙතුමා වන් ශ්‍රේෂ්ඨ ජනනායකයන් යලි කිසි දිනෙක ශ්‍රී ලංකාවට පහල නොවනු ඇත.


පාර්ලිමේන්තු කන්ඩායම තුල ජින්ජර් ගෲපය නිර්මාණය කල ඩඩ්ලි එහි කොටස්කරැවෙක් වූ හිටපු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සමඟ සමීප සම්භන්දතාවක් පැවැත්වුවේය.ඩඩ්ලි පිලිබඳ ගැඹුරැ භක්තියක් සහ  ආදරයක් තිබූ නායකයෙක් ලෙස ජේ.ආර්.ජේ  විසින් ඩඩ්ලි ගේ අවමංගල උත්සවයේදී මෙසේ පැවසීය.

" අප රටේ  සමස්ථ ඉතිහාසය තුල  සිටි කිසිවෙකුටත් වඩා ලෝකයෙන් ලැබෙන ගෞරව බහුමානය නම් සාගරයේ පත්ල ස්පර්ෂ කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මෙහි වැතිර සිටියි.කිසියම් මිනිසෙකුට එවන් ගෞරව බහුමානයට හේතු වූ මානව දයාව සහ මනුෂ්‍ය වර්ගයා පිලිබඳ ගෞරවය උකහා ගැනීමට  මනාව හැකිනම්  ඔහු  මවිබිමේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකු වනු නිසැකය."...

සුභ  රාත්‍රියක්  ප්‍රිය කුමරාණෙනි..යනුවෙන් ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් ගරැ ඩඩිලි සේනානායක මැතිඳුන්ගේ අවසන් ගමනට සුභ පැතීය.

Dialy FT ඇසුරෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතම ඥාතියෙකු කල විග්‍රහයක සිංහල අනුවාදය

අනුරාධ සේනාරත්න


No comments:

Post a Comment