Monday, May 14, 2018

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලට ට්‍රම්ප් අනතුරැ අඟවයි.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලට ට්‍රම්ප් අනතුරැ අඟවයි.



දිගු කලක් තිස්සේ පීඩාවට පත්ව සිටින ඉරාන ජනතාවට පනිවුඩයක් ලබා දීමට මට අවශ්‍යයි.ඇමරිකානු ජනතාව ඔබ සමඟ එක්ව අත්වැල් බැඳ ගෙන සිටිති.ඉරානයේ අනාගතය එහි ජනතාවට අයත්ය.සමෘද්ධිමත් ශිෂ්ඨාචාරයක සහ ඵෛතිහාසික බිමක සැබෑ උරැමක්කරැවන් වන්නේ ඔවුන්ය.  සිය අනාගත සිහින වලට යුක්තිය ඉටුවන,  ඔවුන්ගේ අතීතයට නිසි ගෞරවය ලැබෙන සහ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය විද්‍යාමාන වන ජනතාවක් බවට පත්වීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාවයි.

ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්






2018 මැයි මස 08 වන අඟහරැවාදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් විසින් නිළ වශයෙන් නිවේදනය කල පරිදි 2015 දී ජර්මනිය සහ යුරෝපා සංගමයද ඇතුළුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  නිත්‍ය සාමාජිකයන් පස් දෙනා විසින්  වියානාහිදී අත්සන් කරන ලද ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමේ ක්‍රියා පටිපාටියෙන් එක්සත් ජනපදය ඉවත් විනි.බොහෝ දෙනෙක් අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල නමින් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම ක්‍රියාදාමය ඒකාබද්ධ අවබෝධාත්මක වැඩසටහන මඟින් එක්සත් ජාතීන්ගේ විසඳුම අංක  2231 යටතේ අන්තර්ගත කර ඇත.

ඔබාමා පාලනය යටතේ මෙම ගිවිසුම අභියෝගයට ලක් විය. එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිතයා විසින්  එය හඳුන්වා දෙන ලද්දේ න්‍යෂ්ටික ආයුද නිපදවීම සඳහා අවශ්‍ය විකිරණශීලී  න්‍යෂ්ටික විඛන්ඩක අමුද්‍රව්‍යය කපා හැරීමක් පමණක් වන බවයි.මෙම ක්‍රියාමාර්ගය අතරතුර ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙළ දැඩි අධීක්ෂණයට ලක් කරනු ලබන අතර ඒ සඳහා දැඩි පාරදුෂ්‍යභාවයක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.මෙම ගිවිසුමට අනුව  ඉරානයේ විකිරණශීලී අමුද්‍රව්‍යය නිස්සාරනය කිරීම්  තුනෙන් දෙකක්ම අඩු කරන අතර එවාහි පිරිසිදු යුරේනියම් 98%ක ප්‍රතිශතයක් අන්තර්ගතව තිබේ.කෙසේ නමුත් මෙම නිස්සාරන ප්‍රමාණයේ න්‍යෂ්ටික අවි 10කට අවශ්‍ය න්‍යෂ්ටික විකිරණශීලී ද්‍රව්‍යයන් අන්තර්ගතව තිබේ.


නමුත් මෙහිදී ජනාධිපති ට්‍රම්ප් දකින ලද්දේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටයි.පසුගිය අඟහරැවාදා ඔහු විසින් තම තීරණය ප්‍රකාශ කරමින්  කියා සිටින ලද්දේ ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල  යමෙක් විසින් කිසිදා සිදු නොකල යුතු භයානක ඒක පාර්ශවීය න්‍යෂ්ටික වැඩපිළිවෙලක් බවය.රෑපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ට්‍රම්ප් කියා සිටියේ මෙම ඒකාබද්ධ අවබෝධතා ගිවිසුම ඉරානයේ න්‍යෂ්ටික අරමුණු සහ ඉලක්ක අසාර්ථක කිරීමට අසමත් වනවා පමණක් නොව න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යන බැලස්ටික් මිසයිල වැඩසටහන නවතා ලීමටද අපොහොසත් වී ඇති බවයි.

අවසාන වශයෙන් මෙම ගිවිසුම ඉරානයේ න්‍යෂ්ටික යුද අවි හරණය සහ ගෝලීය ත්‍රස්තවාදයට සහයෝගය ලබා දීමේ ක්‍රියාපිලිවෙත කිසිදු අයුරකින් මර්දනය කිරීමෙහි ලා උපයෝගී නොවූ බව ට්‍රම්ප්ගේ අදහසයි.එකඟතාවය ඇති කර ගත් අවස්ථාවේ පටන් ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ඇදෙන බව ඔහු පවසයි.


ඒකාබද්ධ අවබෝධතා ගිවිසුම ඔස්සේ ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව යුරේනියම් සංශුද්ධ කිරීමේ වැඩසටහනේ කාර්යක්ෂමතාවය අඩුකිරීමට එකඟවී ඇති අතර න්‍යෂ්ටික අවි නිපදවීමේ වැඩසටහන් පිලිබඳ අරමුනු වලින් බැහැරවී සිටීමට එකඟතාවය ප්‍රකාශ කර ඇත.මේ අතර ඉරානයට පැනවුනු ප්‍රාථමික අන්තර් ජාතික සම්භාදක ඉවත් කරන ලද අතර එමඟින් එරටට බොරතෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනයන් ලොව පුරාම විකිණීමට හැකියාව ලැබී ඇත. ද්වීතීයික අන්තර් ජාතික සම්භාදක තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.2015 වර්ෂයේදී ඉරානය විසින් ගිවිසුමට අදාලව සිදු කරන ලද කාර්යභාරය පිලිබඳව අනතර් ජාතික පරමානුක බලශක්ති ආයතනය සෑහීමකට පත් වන බව ප්‍රකාශ කැර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණය මඟින් පැහැදිලි වන්නේ කලින් පැවති සම්භාදක නැවත වරක් පැනවිය හැකිව තිබෙන බවය.මෙම ක්‍රියාමාර්ගය හා සම්භන්ද වඩාත් වැදගත් ආර්ථික සන්දර්භය නම් ඇමරිකානු සම්භාදක නැවත පැනවීම කෙරෙහි ආසියානු සහ යුරෝපීය රටවල් අනුමැතියක් දක්වයිද යන්නය.එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයට ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය විරෝධය පලකිරීමයි.අනිත් අතින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය මෙම තීරණය කෙරෙහි  සර්ව සුභවාදී ආකල්පයක් දරති.මේ අතර අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට මෙම න්‍යෂ්ටික යුද අවිහරණ වැඩසටහන මඟින් මෙතෙක් කලක් අවපාතනයකට ලක්වී තිබූ  ඉරාන ආර්ථිකය පවතින  මූල්‍ය වර්ෂය සඳහා 4.5%ක වර්ධනයක් පෙන්වීමට නියමිතව පවතී.


ඉරානයේ විශේෂ විදේශ සම්භන්දතා නියෝජිතයෙක් වූ රේ ටෙකියා මහතා පවසන පරිදි 2013දී ඉරානය ආන්තික සහ අසීරැ සහගත ආර්ථික වාතාවරනයක සිට  සැලකිය යුතු ආර්ථික වර්ධනයක් කරා ලඟාවීමට නියමිතය.වියානා ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත්වීම මඟින් ඒ සමඟ බැඳී ඇති ආර්ථික අවස්ථාවන් සැලකිල්ලට ගනු ලැබේ.මෙලෙස එක්සත් ජනපදය එ්කාබද්ධ අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වීම යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර සමිභන්දතා අර්බුදයකට ලක්වීමට හේතුවේ.

ඉරානය ඔපෙක් රටවල තෙවන විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන නිසා දැනටමත් අවපාතයකට පිවිසී ඇති බොර තෙල් වෙළඳපල සඳහා එමඟින් තවදුරටත් නරක බලපෑමක් සිදු කරනු ඇත.සිය න්‍යෂ්ටික වැඩසටහන සම්භන්දයෙන් ඉරානයේ ප්‍රතිචාරය කුමක් වේ දැයි කිසිවෙකු නොදනිති.2015 එකඟතාවය මඟින් දිරිමත් කල හා  ඉරානය තුල ස්ථාපිත කරන ලද බහුජාතික සමාගම් වල  ස්ථාවරය කුමක් වේද?එකාබද්ධ අවබෝධතා ගිවිසුමේ බොරතෙල් හා ස්වභාවික වායු  එකඟතාවය ප්‍රකාරව ඩොලර් බිලියන ගනනක් වටිනා මෝටර් රථ සහ ගුවන් යානා කර්මාන්ත ආයෝජන ගණුදෙනු වලට කුමක් සිදුවේද?මෙම ආයෝජනයන්ට ඉරානය තුල ක්‍රියාත්මක වීමට කිසියම් නව රාමුවක් යුරෝපීය සංගමය මඟින් ක්‍රියාත්මක කරයිද?නැතහොත් එම සමාගම් ඉරානයෙන් ඉවත්වේද?

මෙම ලිපිය මඟින් විශ්ලේෂණයට ලක් කරනු ලබන ප්‍රධාන ප්‍රශ්නය නම් යුරෝපීය ගුවන් යානා කර්මාන්තය සහ ගුවන් යානා නිෂ්පාදකයන් සමඟත් , එක්සත් ජනපද බෝයිං ගුවන් යානා නිෂ්පාදකයන් සමඟත් ඇති කර ගත් අනාගත තාවකාලික ගිවිසුම් වල ට , එක්සත් ජනපදය විසින් මෙම ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟම කුමක් සිදුවන්නේද යන්නයි.යුරෝපා සංගමය මඟින් ඉරානය ගුවන් බස් රථ 100ක් ලබා ගැනීමට නියමිත අතර එක්සත් ජනපදයේ බෝයිං සමාගම මඟින් ඉරානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක් වටිනා ගුවන් බස් ලබාදීමට නියමිතය.ඉරාන් එයාර් සමාගම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 39$ක් වටිනා ගුවන් බස් මිලදී ගැනීමට ඉරානය සූදානම් බව වාර්තාවේ.


එක්සත් ජනපදයේ සහ යුරෝපයේ රැකියා අවස්ථාවන් සුවිශාල සංඛ්‍යවක් ජනනය කිරීමට ඉරානය සහ යුරෝපා සංගමයත් , ඉරානය සහ එක්සත් ජනපදයත් අතර පවතින ගිවිසුම් හේතුවී තිබේ.බෝයිං සමාගම නිවේදනය කර ඇති ආකාරයට එහි ප්‍රධාන කර්මාන්තශාලාව වන සියැට්ල් හි රැකියා අවස්ථා 100000 ජනනය කිරීමට ඉරාන් එයාර් සමාගම සහ බෝයිං සමාගම අතර ගිවිසුම හේතු සාධක වී ඇත.අනෙක්  ප්‍රධාන ගැටළුව නම් බෝයිං ගැටළුවෙන් ස්වායත්තව එයාර් බස් ගණුදෙනුව පදනම් කරගනිමින් ඉරානයට යුරෝපා සංගමය සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කල හැකිද යන්නයි.මෙහිදී යුරෝපීය සංගමය ඉරානය සමඟ තවදුරටත් JCPOA  ගිවිසුම මඟින් බැඳී සිටින්නේද යන්න වැදගත්වේ.

ලෝකයේ ගුවන් යානා අමතර කොටස් සහ ගුවන් යානා උපකරන වලින් 10%ක් නිෂ්පාදනය කරනු ලබන්නේ එක්සත් ජනපදය මඟිනි.මෙම උපකරන වලට බලපත්‍රයන් නිකුත් කිරීම සඳහා එමඟින් බලපෑම් ඇති වන බව මෙයින් අදහස් කෙරෙන්නේද?එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් විසින් මෙම සමාගම් දෙකෙහි බලපත්‍රයන් ඉරානයට ලබා දීමට බලපෑම් කර ඇති බව පැවසේ.එක්සත් ජනපද ගුවන් යානකෛාටස් වලින් නිර්මිත එක්සත් ජනපද යානා ඉරානයේ ගුවන් සේවා කටයුතු වල නිරතවීම තහනම් කර ඇති බව මෙමඟින් තහවුරැ වන කරැණකි.

මී ලඟ වැදගත් කරැණ නම් වෙළඳපලට පිවිසීමේ  සාධකයන් සහ සිවිල් ගුවන් සේවා අයිතීන් පිලිබඳ සලකා බැලීමය.වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් 2016/නොවැම්බර් 02 දින වාර්තාකල පරිදි ඉරානය වෙතින් සහ ඉරානයට සිදුවන අන්තර් ජාතික ගුවන් සේවා තදබදය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම 2015මැයි මස සතියකට වඩා පසුගිය මස සතියකදී ගුවන් යානා 140ක් වැඩිපුර ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපළට පැමිණ ඇති බව වාර්තාවේ.වසර 4කට පසු 2016 සිට එක්සත් ජනපදය විසින් එහි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානා වලට ඉරානයට පැමිණීමට අවකාශ ලබාදී තිබුනි.



ගුවන් ප්‍රවාහනය  මඟින් ලෝකය පුරා රටවල් එකිනෙක සම්භන්ද කරන අතර JCPOA ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ඉරානය ගුවන් මගීන් සඳහා වඩා ජනප්‍රිය පාරාදීසයක් බවට පත්විය.මෙය මඟින් ප්‍රබල ගුවන් තදබදයක් ඇතිවිය.වර්ෂ 2016 දී මෙම ගුවන් මගීන්ගෙන් 83.7%ක්ම උතුරැ ඇමරිකාව, යුරෝපය සහ මැදපෙරදිග රටවල් වලින් වාර්තාවී තිබිනි.වර්තමානය වන විට අවම වශයෙන් මිලියන 8.3 ක් වූ ගුවන් මගීන් ප්‍රමාණයක් ඉරානය සහ විදේශ රටවල් වල ගුවන්තොටුපලවල් අතර සංචරනය කරති.


අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ හිටපු නීති නිලධාරියෙකු කල විග්‍රහයක සිංහල පරිවර්තනය

අනුරාධ සේනාරත්න







1 comment:

  1. Slot machines for sale near me - Mapyro
    Find and sell slot machines near 충청북도 출장안마 you from Mapyro. 태백 출장안마 Find and sell 김천 출장샵 all the related & historic slot machines and 익산 출장마사지 find & sell 제주도 출장샵 in store.

    ReplyDelete