Saturday, May 12, 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අර්බුදයකද නැතහොත් සංක්‍රාන්ති සමයකද?

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අර්බුදයකද නැතහොත් සංක්‍රාන්ති සමයකද?



  දේශපාලන විද්‍යා පීඨ වල අධ්‍යයනය ලබන සිසුන් සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වල සිදු වන ක්‍රියාවලීන්  පිලිබඳව විමසා බැලීම සහ විශ්ලේෂණය කිරීම  සුවිශිෂ්ඨ අධ්‍යයන ප්‍රවේශයක් සපයයි.

වර්තමානයේ අප රටේ දේශපාලන පක්ෂ දශක කිහිපයකට පෙර ඒවා ක්‍රියාත්මක වූ අයුරට වඩා බොහෝ වෙනස් ආකාරයක් පෙන්වයි.විධායක ජනාධිපති ක්‍රමය, සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය, සමාජ සදාචාරාත්මක රාමුවේ වෙනස්වීම්, දේශපාලන බලයේ සමාජ පන්ති පදනමේ වෙනස්කම්, සම්මුති සන්ධාන දේශපාලන සංස්කෘතිය ප්‍රවර්ධනය යන වර්තමාන සමාජ දේශපාලන ලක්ෂණ කලින් පැවති ස්වභාවයේ විකරණයකට තුඩු දී ඇත.ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික විව්‍යුහයන් ලෙස සලකනු ලබන ගතික විද්‍යාවන්, දේශපාලන පක්ෂවල සංස්කෘතීන්  සහ දේශපාලන පක්ෂ වල පරිනාමීය අවධීන් ඉහත දැක්වූ කරැණු මත රඳා පවතී.

පක්ෂ විනය පිරිහීම



වර්තමානයේ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ  පද්ධතියේ විචලනය වන ගතිකයන් පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට දේශපාලන පක්ෂ වල ශික්ෂණයේ ස්වභාවය හොඳ කවුළුවක් සපයයි.පසුගිය වසර කිහිපය තුල ප්‍රධාන දේශපාලන පක්ෂ යුගලය වූ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පිලිබඳව සැලකීමේදී , මෙම පක්ෂ ද්විත්වයම තව දුරටත් පක්ෂ අභ්‍යන්තර විනයෙන් හෝ පාක්ෂිකභාවයෙන් පාලනය නොවන බව නිගමනයකට පැමිණීයහොත් එයට විරැද්ධ විය නොහැකිය.එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප යන පක්ෂ දෙකෙහිම කිසිදු වෙනසක් රහිතවම පක්ෂ විනය පිරිහීම සහ දුර්වල පාක්ෂිකභාවය යන සාධකයන් පක්ෂ දේශපාලනයේදී  විද්‍යාමාන වෙමින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්තාව


2014 නොවැම්බර් මස සිට ශ්‍රී.ල.නි.ප යට කුමක් සිදු වෙමින් පැවතියේදැයි කෙටියෙන් විමසා බලමු.සිය පක්ෂයේ සභාපතිවරයාට විරැද්ධව තරඟ කරන ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා 2014 නොවැමිබර් මස එක් රාත්‍රීයකදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් රහසිගත කැරැල්ලක් මෙහෙයවන ලදි.ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලද නමුත් එහිදී පක්ෂය තුල ඔහු  දැරෑ තනතුරට  බලපෑමක් නොවීය. එයින් දෙමසකට පසු එතුමන් රටේ ජනාධිපති ධූරයට පත්වීමේ වාසිය ද සමඟ පක්ෂ නායකත්වයට පත්වීය.අසාමාන්‍ය දේශපාලන වාතාවරනයක් යටතේ පක්ෂයේ සදාචාරය  සහ පක්ෂපාතීභාවය බරපතල ලෙස උල්ලංඝණය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් සාර්ථක සහ සතුටුදායක ප්‍රතිපල ලැබීමට මෙය කදිම නිදසුනකි.

2015 ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප නව නායකත්වයට පත් වීමෙන් අනතුරැව එක්සත් ජාතික පක්ෂයේ සම කොටස්කාරීත්වයත් සමඟ සම්මුති සන්ධාන රජයක්  පිහිටුවීය.සන්ධාන රජයක්  සඳහා මෙහිදී විධිමත් එකඟතාවයක් අත්සන් කරන ලදි.ශ්‍රී .ල.නි.ප  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගෙන් හරි අඩක් පමණ ජනපතිවරයාගේ මෙම තීරණයට විරෝධය පල කරමින් නිල නොවන පරිදි පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂය නමින් සංවිධානය වන්නට විය.

මෙම කන්ඩායම ඇත්ත වශයෙන්ම සිය පක්ෂ නායකයා නායකත්වය දරන රජය සඳහාම විරැද්ධ පක්ෂය ලෙස ක්‍රියාත්මක විය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දීම සිදු කරන ලදි.මෙම සමස්ථ ක්‍රියාදාමය දෙස පක්ෂ සදාචාරාත්මක ආකෘතියක් ඔස්සේ බලන කල එම ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට හෝ හිටපු ජනාධිපතිවරයාට හෝ මෙකී ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු සදාචාරාත්මක පසුබිමක් නොමැත.සැබවින්ම මෙම තත්වය උභතෝකෝටිකයකි.

පසුගිය පෙබරවාරි මස පැවැත්වූ වූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ශ්‍රී .ල.නි.ප යේ  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් සිය ගනනක් නව දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කල අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එම මැතිවරණයෙන් ජයග්‍රහනය කලහ.නමුත් සිය පක්ෂයේ සාරධර්ම සහ විනය  පදනම සදහා මෙලෙස විවෘතව අභියෝග කිරීමෙන් එම මැතිවරණ අපේක්ෂකයන් පිලිබඳ සදාචාරාත්මක ගැටළුවක් ඇතිවීම හෝ එය මැතිවරණ ප්‍රතිපල වලට අහිතකරව බලපායිදැයි කිසිවෙකු සාකච්ඡා කලේ නැත.ශ්‍රී.ල.නි.පයේ අනෙකුත් කරැණු සම්භන්දයෙන් ඉතා තියුණු වාද විවාද පැවතුනද පක්ෂ විනය සුරැකීම පිලිබඳ කිසිවෙක් කතා නොකිරීමද කැපී පෙනුන කරැණක් විය.

දැඩි දේශපාලන අස්ථායීතාවයට හේතු වන පරිදි  පාක්ෂිකභාවය පිලිබඳ සීමා ප්‍රතිනිර්මාණය වීමේ වාතාවරනයට තවත් ආකර්ෂණීය උදාහරණයක් නම් පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී එයට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී .ල.නි.ප පාර්ලිමේන්තු අමාත්‍යවරැන් 16 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයට එක් වන බව වාර්තාවීම යි.ඔවුන් කුමන දේශපාලන මතවාදයකට අයත්දැයි එතරම් පැහැදිලි නොමැත.පවතින අවස්ථාවට අනුකූල වන ලෙසින්  රජය සහ විපක්ෂය අතර ස්වයං වාසි පදනම් කර ගෙන දෝලනය වන මෙම කන්ඩායම නිසා රජය සහ විපක්ෂය අතර පාර්ලිමේන්තුවේ පවතින බෙදීම අපහැදිලි තත්වයකට පත්වේ.

එක්සත් ජාතික පක්ෂයට වාර්තාව


පක්ෂ විනය සහ සදාචාරාත්මක සාධක සුරැකීම අතින් එක්සත් ජාතික පක්ෂය අනෙක් පක්ෂ වලට වඩා තරමක් හොඳ මට්ටමක පවතින බව කිව යුතුය.2015 වර්ෂයේ සිටම එහි කිසිදු පසුපෙල මන්ත්‍රීවරයෙක් හෝ ප්‍රධාන සාමාජිකයෙක් වෙනත් විකල්ප දේශපාලන පක්ෂයක් පිහිටුවා නොමැති සේම විපක්ෂයට ගොස් නොමැත.එසේ නමුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ අමාත්‍යවරැන් කිහිප දෙනෙක්ම නායකත්වය සඳහා අඩු සැලකිල්ලක් සහ ගරැත්වයක් දක්වන බව පෙනී යමින් පවතී.එමෙන්ම පක්ෂ විනය පිලිබඳව ද ඔවුන් මද සැලකිල්ලක් දක්වන බව හැඟී යයි.

මාස ගනනාවක් තිස්සේ අමාත්‍යවරැන් , රාජ්‍ය අමාත්‍යවරැන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ගනනාවක් පක්ෂ නායකත්වයට එරෙහිව ගෙනයන විවෘත අරගලයක් දැකිය හැකි අතර පක්ෂ නායකත්වය  සහ අග්‍රාමාත්‍යවරයා විවෘතවම විවේචනය කරමින් සහ ඇතැම් විට නිර්දය ලෙස විවේචනය කරමින් සිටිනු දැකිය හැක.මෙයින් සමහර අයවළුන් සඳහා පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව තනතුරැ ලැබී ඇත්තේ පක්ෂ විනය උල්ලංඝනය කරන්නන් සඳහා දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයන් කිරීමේ පැරණි සිරිත බොරැවක් බවට පත් කරමින්ය.

මේ අතර පක්ෂයේ එක් තරැණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ප්‍රසිද්ධියේම අභියෝග කර සිටියේ ඇය සහ තවත් තරැණ කනිෂඨ මන්ත්‍රීවරැන් කිහිප දෙනෙක් පක්ෂ නායකත්වය සාභාගී වෙන කිසිදු උත්සවයකට සාභාගි නොවීමට එකඟවී ඇති බවයි.ඒ පක්ෂ නායකත්වය ප්‍රතිසංවිධානය කරන ලෙස කල ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය දැක්වීමක් ලෙසයි.

සාමාන්‍ය සිදුවීම්



එ.ජා.ප සහ ශ්‍ර්‍රි.ල.නි.ප  යන පක්ෂ දෙකෙහිම බෙහෙවින් අසාමාන්‍ය දෑ සිදු වෙමින් පවතී.පක්ෂ නායකත්වයන්ට පක්ෂ  සංවිධාන වල සාම්ප්‍රදායික ශික්ෂණ රීතී පද්ධතීන් රැක ගැනීමට නොහැකිව ඇති අතර පක්ෂ විනය මේ නිසා උල්ලංඝණය වෙමින් පවතින බව පෙනීයයි.  ශ්‍රී ලාංකීය දේශපාලනයේ මෑත අතීතය තුල ජේ.ආර් ජයවර්ධන, සිරිමාවෝ බන්ඩාරනායක, ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ යන යුග වලදී පැවති සාම්ප්‍රදායික දැඩි විනය සහ ශික්ෂණ නීති රාමූන් සමඟ ‍වත්මන් එම තත්වයන් තියුණු ලෙස සන්සන්දනය කල හැක.

වඩාත් සිත් ගන්නා සුළු කරැණ නම් මීට වසර තුනකට ප්‍රථම ශ්‍රී .ල.නි.ප ය තුල ඇතිවූ පක්ෂය සම්භන්ද සුප්‍රසිද්ධ  අර්බුදයේදී එවකට එම පක්ෂය යකඩ හස්තයකින් පාලනය කල හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා පවා ඇතිවූ අර්බුදය පාලනය කර ගැනීමට අසමත් වීමයි.මෙම තත්වය ශ්‍රී.ල.නි.පය සහ එ.ජා.ප ය යන පක්ෂ ද්විත්වයේම සදාකාලික ප්‍රවණතාවයක් නිරෑපනය කරන  බව පෙනී යයි.මෙම ප්‍රවනතාව මඟින් පෙන්නුම් කරනුයේ සාම්ප්‍රදායක රීතීන් තුල පාක්ෂිකත්වය සුරැකීමේ  ක්‍රමවේදයන් සහ අභ්‍යන්තර පක්ෂ ව්‍යවස්ථාමය යාන්ත්‍රණයන් මඟින් පක්ෂ නායකත්වයට කළමණාකාරනය කල නොහැකි නිරන්තර අසඃතෘප්තතාවයක් පක්ෂවල සෑම මට්ටමකම පවතින බවයි.වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වර්තමානයේදී මුහුන දෙනුයේ ඉහත කී අර්බුදකාරී තත්වයටයි.

මෙමගින් අපේක්ෂා කරනුයේ නූතන පාක්ෂිකයන් පක්ෂ සංවිධාන වලින් එක්තරා ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවද?දැඩි පක්ෂ රීතීන්ගෙන් යම් තරමකට හෝ ධාරිතාවයකට වියුක්තව කටයුතු කිරීමේ ප්‍රවනතාවයක් ඔවුන් දක්වයිද? තනතුරැ වලට පත්වූ බොහෝමයක් පාක්ෂිකයන් මෙකී ලිබරල්වාදී ප්‍රවේශය කෙරෙහි දැඩි නැඹුරැතාවයක් ඇති බව අප දැක ඇත්තෙමු.රාජ්‍ය පාලන පරිනාමික චක්‍රයේ එක්තරා පරිනාමික අවධියක් ලෙස හැඳින්විය හැකි මෙම අවධිය ලිහිල්ව බැඳුන පක්ෂ අභ්‍යන්තරයක් සහිත ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයකට සමගාමීව ගමන් කරන්නකි .නමුුත් මෙම පද්ධතියේ පවතින දැඩි අස්ථායී තත්වය නිසා මෙය පහසුවෙන්ම බිඳෙන සුළු අතර එය නැවත එම පරිනාමීය චක්‍රයේ ඒකාධිපති ස්වරෑපය සඳහා යොමුවීමේ හේතු සාධක නිර්මාණය කරයි.

වර්තමාන වෙනස්කම්



ශ්‍රී ලාංකීය දේශපාලන පක්ෂ පද්ධතීන් වල වර්තමාන වෙනස්කම් විෂයානුබද්ධව අධ්‍යයනය කිරීම මෙම මාතෘකාව යටතේ සිදු කරයි.කොලඹ විශ්වවිද්‍යාලයේ එක්තරා ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු සිය ආචාර්ය උපාධිය සඳහා සිදු කල අධ්‍යයනයට අනුව  වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ගතිකයන් සහ ස්වභාවයන් ගේ සැලකිය යුතු විචලනයක් පෙන්නුම් කරනු ලබන බවට සාක්ෂි ගෙන හැර දක්වයි.

ඔහුගේ ගවේෂනයේ ප්‍රතිපල පහත පරිදි වේ.

A) අතීතයේ සිදු වුන පරිදි පක්ෂ නිලතල යාන්ත්‍රණය මගින් පාලනය වන  සහ කළමනාකරණය වන  සුසංවිධානය වූ ජාතික සංවිධානාත්මක ජාලයක් මත පදනම්වූ ප්‍රධාන දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ නොමැත.

B) පළාත් පාලන පක්ෂ සංවිධානයන් දේශපාලන පක්ෂයක වඩාත් වැදගත්  සංවිධානාත්මක විභවයන් නිරෑපනය කරයි.අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් , අමාත්‍යවරැන් වීමට බලාපොරොත්තු වන පළාත් පාලන ආයතන හා සම්භන්ද පක්ෂ සංවිධායකයන්ට  කලින් පැවති විව්‍යුහයට වඩා මෙය විශාල ජවයක් ලබා දීමට උපකාරීවේ.

C) දේශීය පක්ෂ වල  සම්භන්දතා ජාලය වර්ධනය වීම,  පක්ෂ සංවිධායකයන්ගේ පෞර්ෂය වර්ධනය, සම්පත් සහ ආකල්පමය නම්‍යශීලීතාවය යන අරමුණු සඳහා උපකාරීවේ.එ.ජා.ප හා ශ්‍රී.ල.නි.ප යන දේශපාලන පක්ෂ දෙකෙහිම සංවිධානාත්මක සංස්කෘතිය තුල දැකිය හැකි වර්ධනයන් ලෙස එම පක්ෂ දෙකෙහිම දැකිය හැකි ජාතික සංවිධායක විව්‍යුහයන් හැදින්විය හැකිය.මෙම තත්වය අනෙකුත් දේශපාලන පක්ෂ වලද විවිධ මට්ටම් වලින් නිරීක්ෂණය කල හැකිය.

D) පළාත් මට්ටමින් පවතින පක්ෂ සංවිධානය ප්‍රාථමිකව ඳළ සංවිධිත මට්ටමක පවතින අතර ජනතා අනුග්‍රහය අතින් නම්‍යශීලී හා පාවෙන මනාප පදනමක පවතී.මෙකී අනුග්‍රාහකත්වය තනි තනි මන්ත්‍රීවරැන් විසින් පවුල් සම්භන්දතා, කුලය , පාක්ෂික නොවන සහ දේශපාලනික නොවන සම්භන්දතා මත පදනම් වු පුද්ගල සම්භන්දතා මත ගොඩනගා ගත්තකි.

E) පක්ෂයට බඳවා ගැනීම සිදු වන්නේ පාක්ෂිකත්වය පිලිබඳ සියුම් පදනමක් සහිතවයි.මේ නිසා දැඩි පාක්ෂිකත්වය ගොඩනැඟෙන්නේ පක්ෂයට පාක්ෂිකයාගෙන් ඉටුවන කාර්යභාරය , සංකල්පීය සහ මතවාදී පාක්ෂිකත්වය මතයි.

තීරණාත්මක වෙනස්වීම්




මෙම අධ්‍යයනය මඟින් පැහැදිලි වන්නේ දේශපාලඥයන්, ප්‍රාදේශීය සභිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ අමාත්‍යවරැන්ගේ සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලත් අන්තර් සම්භන්දතා වල තීරණාත්මක වෙනස්කම් තිබී ඇත යන්නයි.අතීතයට සාපේක්ෂව වත්මන්  දේශපාලන පක්ෂ වලට  ඔවුන්ගේ පාක්ෂිකයන් සම්භන්දයෙන් අඩු පාලනයක් පවතින බව පෙනී යයි.

පාක්ෂිකත්වය සහ පක්ෂ විනය අස්ථාවර මට්ටමක පවතින එක් දේශපාලඥයෙක් උදාහරණයක් ලෙස අපට ගත හැකිය.කුඩා හෝ විශාල දේශපාලන පක්ෂ බොහෝමයක පක්ෂ දේශපාලනයේ ලාක්ෂණික රටාවන් ලෙස අපට පක්ෂ විනය පිරිහීම සහ පාක්ෂිකත්වය පිරිහීම යන තාර්කික සංසිද්ධීන් ඔස්සේ දැකිය හැකි අතර මෙය හුදු අවස්ථාවාදී ප්‍රවේශයකි.මේ අනුව පාක්ෂිකත්වය යනු නැවත නැවත නවීකරණය කල හැකි උපාංගයක් බවට පත්වී ඇති අතර ඒ අතර මැද භේද භින්නවීම්, ද්‍රෝහීවීම් සහ පාක්ෂිකත්වය නවීකරණයවීම් බහුලව විසිර පවතී.පක්ෂ අධිකාරීත්වයන් සහ පක්ෂ නායකත්වයන්ගේ මෙකී සාපේක්ෂ ස්වාධීනත්වය තවත් විව්‍යුහාත්මක සාධක ද්විත්වයක් මඟින් වඩ වඩාත් තහවුරැ කරන්නේය.

1)  වත්මන් මැතිවරණ පද්ධතිය ප්‍රධාන වශයෙන්ම පදනම්ව පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය

2) බහු පක්ෂ සම්මුති සන්ධාන රජයන් පිහිටුවීම සහ පැවැත්ම

මෙම සාධක ද්විත්වය මඟින් සෑම විටෙකම පක්ෂයට පවතින පාක්ෂිකත්වය දුර්වල මට්ටමකට රැගෙන පැමිණේ.එමෙන්ම පාක්ෂිකත්වය අස්ථායී තත්වයකට පත්වේ.1994-2001 කාලයේ පිහිටවූ ජනතා සන්ධානයේත් , 2001-2003 කාල වකවානුවේ පිහිටවූ එක්සත් ජාතික පෙරමුණු රජයේත් , 2004-2014 කාලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මෙකී අස්ථාවර තත්වයන් විටින් විට දකින්නට ලැබිනි.


Guardian ඇසුරෙනි.(සම්මුති සන්ධාන රජයේ සිවිල් ක්‍රියාකාරී කමිටුවක දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකුගේ විග්‍රහයක සිංහල පරිවර්තනය)

අනුරාධ සේනාරත්න



No comments:

Post a Comment