ශ්‍රී ලාංකාවේ අතීත දේශපාලන කුමන්ත්‍රණ
දේශපාලනය යනු කිසිදාක කුමන්ත්‍රණ වලින් තොර නොවූ විෂයය පථයකි.ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය අවධානයට ගත් කල එතුලද ප්‍රධාන වශයෙන් දේශපාලන කුමන්ත්‍රණ කිහිපයක් හඳුනාගත හැකිය.මෙකී එක් එක් අවස්ථාවන් වෙන වෙනම විමසා බැලීම තුලින් මෙරට දේශපාලන පෙරලි හා සම්භන්ද වූ දේශපාලන උපාය මාර්ග පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.
1. 1953 වර්ෂයේදී සිදුවු කුමන්ත්‍රණකාරී වාතාවරණය නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වීම
ජාතියේ පියා ලෙස විරැදාවලිය ලත් ඩී.එස් සේනානායක මැතිතුමන් නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් වර්ෂ 1947 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත්වීය.නමුත් වර්ෂ 1952දී අශ්වයෙක් පිටින් වැටීමෙන් හදිසියේ අභාවප්ප්‍රාප්ත විය.එතුමන්ගේ මරණයෙන් පසුව අග්‍රාමාත්‍යධූරය හිමිවිය යුතුව තිබුනේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ කැබිනට් සාමාජිකයෙක් වූ ජෝන් කොතලාවල මැතිතුමන්ටය.1951දී එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය හැරගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම නිසා සර් ජෝන් කොතලාවල මහතා පක්ෂයේ දෙවන නායකත්වයට පත්වීය.
නමුත් 1952 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරෑ සෝල්බරි සාමිවරයා විසින් ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නය වූ සමකාලීන කෘෂිකර්ම අමාත්‍යධූරය දැරෑ ඩඩ්ලි සේනානායක මැතිතුමන් අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට තීරණය කරන ලදි.මේ වන විට වයස අවුරැදු 41 ක්වූ ඩඩ්ලි සේනානායක මැතිතුමන් කැබිනට් මන්ඩලයේ සිටි ලාබාලම සාමාජිකයා විය.මෙම තත්වය නිසා සර් ජොන් කොතලාවල වටා සිටි ඔහුගේ හිතවතුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හට ගන්නා ලදි.නමුත් ආණ්ඩුකාරවරයා කිසි ලෙසකින් ඔහුගේ තීරණය වෙනස් නොකරන ලදි.
මෙම කාලයේදී ඩඩ්ලි සේනානායක මහතා ඇතුළු එවකට සිටි බොහෝ නායකයන්ට අසභ්‍ය භාෂාවෙන් බැනවදිමින් සහ ඔවුන් අපකීර්තියට පත් කරමින් ක්‍රියාත්මක වූ කැලෑ පත්තර ව්‍යාපාරයක් ජනතාව අතරට විවිධ තොරතුරැ සපයන්නට විය.මෙම කැළෑ පත්තර ව්‍යාපාරයට සර් ජෝන් කොතලාවල සම්භන්ද බවට කිසිදු සාක්ෂියක් නොවූවද, ඔහු එම කැළෑ ව්‍යාපාරය සඳහා උපකාර කල බවට එකල සමාජයේ රාවයක් විය.
අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමන්ට සර් ජෝන් කොතලාවල කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන ලෙස බලපෑම් එල්ල විය.නමුත් අග්‍රාමාත්‍යවරයා දැක්වූ අනුකම්පා සහගත තත්වය නිසා පසුව තත්වය තරමක් සමහන් විය.මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන ලද අතර එය එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කරන ලදි.ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා යටතේ රජය නිවරදි නොවන ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක්ම ලබා ගන්නා ලද අතර සහල් මිල වැඩි කිරීම, සහනාධාර කප්පාදුව වැනි මෙම තීරණ හමුවේ 1953 පැවති හර්තාලයට මඟ පෑදිනි.මෙය නිදහසෙන් පසු ඇතිවූ ප්‍රථම සිවිල් අර්බුදකාරී තත්වයයි.මෙහිදී හර්තාල්කරැවන්ට උපකාර කල යාන්ත්‍රණය තුල සර් ජෝන් කොතලාවල පෙරමුණේ වීලු.
නමුත් මෙම විරෝධතා ව්‍යාපාරය අතරතුර ඇතිවු ගැටුම් නිසා සිවිල් වැසියන් නව දෙනෙකු මරණයට පත්වීම සම්භන්දයෙන් දෝෂාරෝපනය ඩඩ්ලි සේනානායක කෙරෙහි එල්ලවිය.මෙයින් දැඩි කම්පනයට පත්වූ ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය.එයට හේතු වශයෙන් දක්වා තිබුනේ අයහපත් සෞඛ්‍යය තත්වය නිසා තනතුරෙන් ඉල්ලා අස්වන බවකි.මෙම ඉල්ලා අස්වීමත් සමඟම සර් ජෝන් කොතලාවලට අග්‍රාමාත්‍ය තනතුරට පත් වීමට අවස්ථාව උදාවූ අතර ඔහු වසර එක හමාරක කාලයක් අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කරන ලදි.
2. 1962දී හමුදා කුමන්ත්‍රණයකට කල උත්සහය අසාර්ථක වීම
1962 වර්ෂයේදී එවකට පැවති සිරිමාවෝ බන්ඩාරනායක රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දැමීමට එකී පාලනය පිලිබඳ අසතුටට පත් හමුදා නිලධාරීන් පිරිසක් අසාර්ථක උත්සහයක නිරත වූහ.මෙම කන්ඩායම ක්‍රිස්තියානි ආගමික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත විය.කලක් ක්‍රිස්තියානි ආගමිකයෙක් ව සිට බෞද්ධාගම වැළඳගත් අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතා ගේ කාලයේ සිටම ඔවුන්ව රාජකාරී වශයෙන් කොන් කරමින් තමන්ට බරපතල අසාධාරනයක් සිදුකරන ලදැයි එම හමුදා නිලධාරීන් බලවත් සේ අසහනයට පත්ව සිටියහ.එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතා ආරම්භ කරන ලද සිංහලකරණය සංකල්පය මත ත්‍රිවිධ හමුදාවන්ට සිංහල බෞද්ධ නිලධාරීන් වැඩිපුර බඳවා ගනිමින් ඔවුන්ට උසස්වීම් ලබා දීමේදී ක්‍රිස්තියානි නිලධාරීන්ට අඩු ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ඔවුන් චෝදනා කරන ලදි."ඔපරේෂන් හෝල්ඩ් පාස්ට් " නමින් හඳුන්වනු ලැබූ හමුදා කුමන්ත්‍රණයක් දියත් කරමින් අග්‍රාමාත්‍යවරිය සහ තවත් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් සැලසුම් කලහ.මෙම අත්අඩංගුවට ගැනීමට සැලසුම් කල කන්ඩායමට එවකට හමුදාපති වින්ස්ටන් විජේකෝන් මහතාද ඇතුලත් විය. ප්‍රධාන සැලසුමට අයත් නොවූවද හමුදාපතිවරයා හමුදා මූලස්ථානයේ බංකරයක රඳවා තැබීමට සැලසුම් කර තිබිනි.ප්‍රධාන පාලන මර්මස්ථාන, පුවත්පත් කාර්යාල සහ විදුලි පණිවුඩ සේවාව අත්පත් කර ගැනීමෙන් අනතුරැව කොලඹ පුරා ඇඳිරි නීතිය පනවා ලීමට කුමන්ත්‍රණකරැවන් සැලසුම් කලහ.ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතාට රජය විසුරැවන ලෙස බලපෑම් කිරීමෙන් අනතුරැව මුළු රටම හමුදා පාලනයකට ගෙන ඒමට මෙම නිලධාරීන් සැලසුම් කර තිබිනි.
එවකට පොලිස්පති තනතුරේ රාජකාරී කරන ලද ස්ටැන්ලි සේනානායක මහතා කුමන්ත්‍රණකරැවන් විසින් විශ්වාස කිරීම නිසා මෙම කුමන්ත්‍රණය අසාර්ථක විය.මේ පිලිබඳ විස්තර දැනගත් හෙතෙම අදාල තොරතුරැ ඔහුගේ මාමන්ඩිය වු එවකට ශ්‍රි.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී පැට්රික් ඩි සිල්වා කුලරත්න මහතාට දන්වාලීය.මෙම හමුදා කුමන්ත්‍රණය සම්භන්දව සැකකරැවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර මෙයින් 26දෙනෙක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ රජය පෙරලා දැමීමට උත්සහ කිරීම සම්භන්දව අධි චෝදනා එල්ලවිය.මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරැ මඩුල්ලක් මඟින් විභාග කරන ලද මෙම චෝදනාවන් සඳහා එකොලොස් දෙනෙක් වැරදිකරැවන් වන බව තීරණය කෙරිනි.
වැරදිකරැවන් සඳහා වසර 11 ක සිර දඬුවම් සමඟ ඔවුන්ගේ දේපළ රාජ සන්තක කිරීමේ දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඬු තීන්දුවෙන් නියම කරන ලදි.නමුත් මොවුන් සිය දඬුවමට එරෙහිව ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කරන ලද අතර එහිදී චෝදනා වලින් ඔවුන් සියළුදෙනා නිදොස් කර නිදහස් කරන ලදි.
3. 1964දී සී.පී ද සිල්වා මහතාගේ පක්ෂ මාරැව
පවතින රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පක්ෂ මාරැ කරන්නේ ඉතා කලාතුරකිනි.නමුත් 1964 දී එවකට ඉඩම්, වාරිමාර්ග සහ බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද සී.පී ද සිල්වා මහතා තවත් ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 13ක් සමඟ එවකට විපක්ෂය වශයෙන් ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂයට ගියහ.මෙම තත්වය නිසා සිරිමාවෝ බන්ඩාරනායක රජය පැවති මැතිවරණයෙන් පරාජයට පත්විය.සී.පී ද සිල්වා අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක සමයේ සිටම ශ්‍රී.ල.නි.ප යේ ජේෂ්ඨතම පාර්ලිමේන්තු සාමාජිකයෙකි.එස්.ඩබ්.ආර්.ඩී ගේ අභාවයෙන් පසු පක්ෂ නායකත්වයට පත්වූ ඔහුගේ වැන්දඹු බිරිඳ වූ සිරිමාවෝ ආර් ඩී බන්ඩාරනායක මැතිණිය, සී.පී ද සිල්වා මහතා කොන් කරන ප්‍රතිපත්තියක් දිගින් දිගටම රැගෙන යාම මෙයට හේතුව විය.මැතිණිය වැඩි කැමැත්තක් දක්වන ලද්දේ ඇයගේ බෑනනුවන් වූ ෆීලික්ස් ඩයස් බන්ඩාරනායක මහතාගේ පාර්ශවය ගෙන කටයුතු කිරීමටයි..
1964 සිටම බන්ඩාරනායක මැතිණිය ලංකා සම සමාජ පක්ෂය සමඟ එකඟතාවයක් ඇති කර ගනිමින් සභාගයක් සඳහා ගණු දෙනු කරන ලදි.මෙයට හේතුව 1960 දී පැවති මැතිවරණයෙන් යන්තමින් ජයග්‍රහනය කිරීම සඳහා ලංකා සම සමාජ පක්ෂය සමඟ පැවති සන්ධානය ශ්‍රී.ල.නි.ප යට උපකාර වීමයි.ලංකා සම සමාජ පක්ෂය සමඟ පැවති ශ්‍රී.ල.නි.ප සන්ධානය නිසා සමහර ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරැ උරන වූහ.මෙම තත්වය නිසා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී.ල.නි.ප සමහර පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
එක්සත් පුවත්පත් සමාගම ජනසතු කිරීමට සිරිමා බන්ඩාරනායක රජය තීරණය කිරීමත් සමඟම රජයේ එම අස්ථාවර තත්වය සහ ශ්‍රී.ල.නි.ප තුල පැවති උණුසුම් වාතාවරනය තවත් උග්‍රවිය.මෙම තත්වය ජනමාද්‍ය නිදහස අවහිර කිරීමට කරන ලද උත්සහයක් ලෙස පෙනී ගියේය.එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමන් සහ හිටපු ජනාධිපති එවකට දකුණු කොලඹ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් මේ සමයේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කොටස් හිමිකරැවන් වූහ.මෙම දෙදෙනාම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ජනසතුකරණය වළක්වාලීම සඳහා අවංක උත්සහයක් දරනු වස් රජය දුර්වල කිරීමේ ප්‍රයත්නයක් දැරීය.
මේ අතර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පැවති රජය විසින් රජයේ රෙගුලාසි වලට යටත් කිරීමේ තීරණය ගැනීමත් සමඟ මෙතෙක් රජයට එරෙහිව පැවති විපක්ෂ බලවේගය එක්සත් වීමට එය හේතු විය.මෙම වාතාවරනයත් සමඟම එයින් ප්‍රයෝජන ගත් එවකට එක්සත් ජාතික පක්ෂය සී.පී ද සිල්වා මහතා ඇතුළු තවත් ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු සාමාජිකයන් 13ක් රජය හැරයමින් එ.ජා.ප යට එක්වීමට පසුබිම සැකසුවේය.
සී.පී ද සිල්වා මහතා ගේ දෙසැම්බර් 03 දා පාර්ලිමේන්තු කතාවේදී ඔහු විසින් බන්ඩාරනායක මැතිණියට තමන් රජයෙන් විපක්ෂයට යන බව දන්වා සිටියේය."අපගේ ජාතිය මේ වන විට ප්‍රාථමික ඒකාධිපතිවාදයක් කරා පියනඟමින් සිටියිි.මේ තත්වය මා හට ආණ්ඩුව හැර යාමට බලපෑම් කරන්නේය" යනුවෙන් ඔහු පැවසීලු.ශ්‍රී.ල.නි.ප යේ සියළු තනතුරැ වලින් ඔහු ඉවත් වන බව දන්වා සිටින ලද්දේ නිදහස් සමාජයක නිදහස් මිනිසෙක් ලෙස ජීවත් වීමට බව වැඩිදුරටත් දන්වා සිටින ලදි.
මෙම තත්වය නිසා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ජනසතු කිරීම නවතා ලීමට සිදුවූ අතර ශ්‍රි.ල.නි.ප සහ සමසමාජ පක්ෂ සන්ධානය දුර්වල තත්වයට පත්විය.එමෙන්ම මේ නිසා 1965 දී පක්ෂ 7කින් නිර්මිත ශ්‍රී.ල.නි.ප සන්ධාන රජය බිඳ වැටිනි.
මහානාම සමරවීර, පී.පී වික්‍රමසූරිය, විජේබාහු විජේසිංහ, එඩ්මන්ඩි විජේසූරිය, ඒ.එචි ද සිල්වා, ඉන්ද්‍රසේන ඩි සොයිසා, චන්ද්‍රසේන මුනවීර, ඩබ්.ජී.එම් ඇල්බට් සිල්වා, එස්.බී ලේනව, ලක්ෂ්මන් ද සිල්වා, වෛද්‍ය එඩ්මන්ඩි තිලකරත්න, සර් රසීක් ෆරීඩ්, ආර් සිංග්ලෙටන් සල්මන් මෙලෙස සී.පී ද සිල්වා මහතා සමග එ.ජා.ප යට පැමිණි ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීවරැන්ය.
2001 චන්ද්‍රිකා රජයට එල්ලවූ විශ්වාස භංග කුමන්ත්‍රණය
2015 ආප්ප කෝපි කුමන්ත්‍රණය
තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.
අනුරාධ සේනාරත්න
"නමුත් ඒ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරධූරය දැරෑ සර් ඔලිවර් ගුණතිලක මැතිතුමන් ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නය වූ සමකාලීන කෘෂිකර්ම අමාත්‍යධූරය දැරෑ ඩඩ්ලි සේනානායක මැතිතුමන් අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට තීරණය කරන ලදි"
ReplyDeleteමේක වැරදියි, 1954 දක්වාම අග්‍රාණ්ඩුකාර ධූරය දැරුවේ සොල්බරි සාමි තුමා. 1954 සිට 1962 දක්වා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමා
Jul 1954 - 2 Mar 1962 Sir Oliver Ernest Goonetilleke (b. 1892 - d. 1978
ReplyDeleteඩඩිලි සේනානායක මැතිතුමන් අගමැතිධූරයට පත්වූවේ 1952 මාර්තු 26 දිනයි.ලිපියේ එය සඳහන්ව නැත.ඒ වන විට ආණ්ඩුකාරවරයා වූවේ සෝල්බරි සාමිවරයායි.....ස්තුතියි.ඔබගේ සහය ඉදිරියටත් බොපොරොත්තු වෙමි...