Friday, June 10, 2016

කාලයේ වැලි තලාවෙන් මැකී ගිය පියසටහන්.......


 ඔබ ඔහුව අනුමත කලත් නැතත් ඔබට ප්‍රතික්ශේප කල නොහැකි සත්‍යය වන්නේ ඔබ සහ මම තවදුරටත් ඔහු විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවක ජීවත් වන බවයි.වර්ෂ 1989 දී ඔහු විධායක ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකකයන් පස් දෙනෙකු අදාල තනතුරේ දිවුරැමී දී ඇති අතර ර්‍මෙ දක්වාම එම තනතුරෙන් දුෂ්‍යමාන වී ඇති සත්‍යය වන්නේ ඔහුගේ දේශපාලන දර්ශනයයි.දේශපාලනික,ආර්ථික හෝ වෙනත් ප්‍රසිද්ධ මත වාද වලදී ඔහුගේ පාලන සමය තුලදි සිදුවූ අමරණීය පිය සටහන් නිතරම සාකර්‍චඡාවට බදුන් ර්‍වෙ.ඒකාන්තයෙන්ම මිලියන ගනනක් ශ්‍රී ලාංකිකයන් ඔහු සෘජු,ශක්තිමත් සහ ප්‍රෞඩ දේශපාලන ප්‍රතිරෑපයක් ලෙසට ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔහුගේ කර්කෂ විර්‍වෙචන අබියස ඔහු යටපත් කල නොහැකි සහ ආප්තෝපදේශ රැසක් සපයන දේශපාලන අතීතයක් බවට පත්වී සිටින්නේය.
1978 ව්‍යවස්ථාර්‍වෙ ප්‍රධාන නිර්මාපකයා වීම හරහා සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රබල ආරක්ෂාකාරී ආවරණයක් නිර්මාණය කල ඔහු ඇතැමෙක් චෝදනා කරන පරිදි දීර්ඝ කාලීන සමාජ-ආර්ථික ව්‍යාධීන් සමහරෙක් සිය විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හරහා නිර්මානය කලේය. ඔහු අන් කවරෙක් වත් නොව ශ්‍රී ලංකාර්‍වෙ හිටපු පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන්ය.සංර්‍වෙදි සිතක් සහ හදවතක් ඇතැයි සමීපව ආශ්‍රය කල හිතවතුන් නිතරම පැවසු මෙම විශිෂ්ඨ දේශපාලන චරිතය දේශපාලන ධෛර්ය,දේශපාලන උපක්‍රමශීලී බුද්ධිය සහ ඉවසීම අතින් අද සිටින බොහෝ දේශපාලඥයන්ට මනා උවමන් සපයා දෙන අන්තර් ජාතික දේශපාලනයේ විශිෂ්ට සලකුනකි.

 ඔහුගේ එකම පුත් රවී ජයවර්ධනයන් පවසන පරිදි සිය පියා මනුෂ්‍ය චර්යාර්‍වෙ ප්‍රතිමූර්තියක් බදු සුන්දර මිනිසෙකි.මෙතැන් සිට ජේ.ආර්.ජේ පිලිබද පලවූ ලිපියක අතීත මතක සටහන් වල සිංහල පරිවර්තනය ඔබ වෙත පිරිනමමි. ඔහුගේ ජීවිත කාලය තුලදී කිසිම දිනක ඔහු තරහින් සිටින අයුරැ මා දැක නොමැත.වඩා සන්සුන් ඔහුගේ හඩ ඔහු ලෙහෙසියෙන් අවදි නොකරයි.සමහර දෑ වැරදි ලෙස අවබෝධ කර ගැනීර්‍මෙ ස්වභාවයක් තිබූ ඔහු පුදුමාකාර මිනිසෙකි.සමස්ථ ශ්‍රී ලංකාවම ජේ.ආර්.ජේ විසින් සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ සිවිල් අයිතිවාසිකර්‍ම ඉවත් කල බව පවසද්දී රවී ජයවර්ධඡනයන් පවසන්නේ එය එක්තරා අයුරක වැරදි ප්‍රකාශයක් බවයි.කරැණු වැරදි ලෙස අවබෝධ කිරීම නිසා සිදු වූ වැරදි ක්‍රියාවලියක් ලෙස රවී ජයවර්ධන මහතා එය හදුන්වා දේ. සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ සිවිල් අයිතිවාසිකර්‍ම අහිමි කිරීම සහ සධාචාර විරෝධී ලෙසට පාර්ලිර්‍මෙන්තුවෙන් නෙරපා දැමීම දශක ගනනාවක් තිස්සේ උනුසුර්‍ම වාද-විවාද වලට හේතු වූ සිදුවීමකි.කලක් තිස්සේ දේශපාලන කරළිය තුල ඇතිවූ උනුසුර්‍ම සංවාද වලදී ජේ.ආර්.ජේ විසින් ඔහුගේ විධායක බලතල උපරිම ලෙස යොදා ගනිමින් සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකර්‍ම අහිමි කිරිම බලය අවභාවිතය පිලිබද ප්‍රධාන නිදසුනක් ලෙසට ඇතැර්‍ම විචාරකයන් විසින් හදුන්වා දෙනු ලැබිනි.


 වසර 35කට ආසන්න කාලයක් අද වන විට ගතවී තිබුනද සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ එවකට ආධාරකරැවන් සහ වර්තමාන පාක්ෂිකයන් මෙම අදුරැ සිද්ධිය තවදුරටත් සිහිපත් කරන අතර මෙම දේශපාලන ර්‍ඛෙදජනක සිදුවීම පිලිබදව කිසිවෙකුට නොකියු කතාවක් රවී ජයවර්ධනයන් විසින් පහත පරිදි විවර කරන ලදි.ඔහුගේ වචන වල බර තැබීම සිතිවිලි වල ශක්තිය මුදා හරින්නක් බදුය. චන්ද්‍රිකා ර්‍මෙ පිලිබදව මට අභියෝග කරාවි.නමුත් මෙම කාලය තුල හැන්සාර්‍ඩ වාර්තාවන් ඔබ විසින් පරීක්ෂා කරන්නේ නර්‍ම ඇත්ත වශයෙන්ම සිදු වූර්‍වෙ කුමක්දැයි ඔබ දකීවි.මම හිතනවා කිසියර්‍ව මන්ත්‍රීවරයෙක් (ඊ.එල් සේනානායක විය හැකියි...) කරන ලද ප්‍රකාශයක් මෙම සිදුවීර්‍ම ජාලය සමග බැදී පවතින බව.බන්ඩාරණායක මැතිණිය අග්‍රාමාත්‍ය තනතුරේ සිටියදී සිදු වූ බොහෝ ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට ඇය වගකිව යුතු යයි ඔහු විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ මැතිණිය සාවද්‍යය ප්‍රකාශයන් සිදු නොකරන ලෙස ඉල්ලා සිටින ලදි.එමෙන්ම එවන් කරැණු පිලිබදව ඔවුන්ට සැකයක් ඇත්නර්‍ම ඒ පිළිබදව විමර්ශනයට කමිටුවක් පත් කරන ලෙසද ඇය එම අවස්ථාර්‍වෙ ඉල්ලා සිටියාය. රවී ජයවර්ධනයන් පවසන පරිදි ජේ.ආර්.ජේ විසින් සිදු කරන ලද්දේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඇයගේ එම ඉල්ලීමට අනුව කමිටුවක් පත් කිරිම පමණකි. මෙහිදී විනිසුරැවරැන් තිදෙනෙකු තෝරා පත් කර ගන්නා ලද අතර බන්ඩාරණායක මැතිණිය එක් විනිසුරැවරයෙකු කෙරෙහි සෑහීමකට පත් නො වූ හෙයින් ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කරන ලදි.මෙම විනිසුරැ මඩුල්ල විසින් ඇයට එරෙහිව නගන ලද චෝදනා 4න් 3ක් සදහාම ඇය වරදකරැ බවට තීරණය කරන ලදි.ප්‍රජා අයිතිවාසිකර්‍ම අහිමිකිරීර්‍මෙ තීරණය ගන්නා ලද්දේ එම විනිශ්ච්‍යය මත පදනර්‍ම වෙමින් බව ඔහු පවසයි. බන්ඩාරණායක මැතිණියට අහිමිකල ප්‍රජා අයිතිය නැවත ලබා දීමට සිය පියාට හැකියාව තිබූ බව රවී ජයවර්ධනයන් පිලිගන්නා නමුත් ජේ.ආර්.ජේ විසින් සිය විධායක බලතල උපයෝගී කර ගනිමින් බන්ඩාරණායක මැතිණියගේ ප්‍රජා අයිතින් අහිමි කල බවට ගොඩනැගී ඇති මතය ඔහු ප්‍රතික්ශේප කරයි.කරැණු වැරදි ලෙස අවබෝධ කරගත් අවස්ථාවක් ලෙසත් එමගින් මෙවන් තීරණයකට එලඹි අවස්ථාවක් ලෙසත් ජනපති පුත්‍රයා මෙය හදුන්වා දේ.


ර්‍මෙ නිසා ජේ.ආර්.ජේ වැඩිපුර ඒ පිළිබදව කතා නොකල අතර ඔහු වඩා නිශ්ශර්‍බද පුද්ගලයෙකු වීමද මෙයට හේතු වන්නට ඇත. සිය කැමැත්ත විවෘතව ප්‍රකාශ කල දේශපාලඥයෙකු ලෙස හදුන්වන ජේ.ආර්.ජේ ආදර්ශමත් ආචාරශීලී නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වි සිටියේය.ඉන්දීය නිදහස් සටන සමයේ ජේ.ආර්.ජේ මොහාන්දාස් කරර්‍මවාන්ද් ගාන්ධිගේ ප්‍රබල අනුගාමිකයෙක්ව සිටියේය.ඉන්දීය කොන්ග්‍රස් සැසිවාරයන් සදහාද ජේ.ආර්.ජේ සාභාගී විය.ඔහුගේ කාරැණිකත්වය ,ප්‍රචන්ඩ නොවු හැසිරීම සහ සෑම දෙයක්ම සාමකාමිව ඉටු කිරීර්‍මෙ අභිප්‍රාය මෙම උද්යෝගීමත් පුත්‍රයා පැහැදිලි කරයි. එකල බන්ඩාරණායක මැතිතුමන් විසින් ගෙන එන ලද මෝසමකට විරැද්ධව එවකට විපක්ෂ නායක වූ ජේ.ආර්.ජේ විසින් කොලඹින් මහනුවරට සංවිධානය කල විරෝධතා පාගමනට කළගෙඩිහේන ප්‍ර දේශයේදී එවකට රජයේ ආධාරකරැවන් විසින් ගල් ප්‍රහාර එල්ල කරන ලදි.එවකට සමගි පෙරමුනු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි මෑතකදී අභාවප්ප්‍රාප්ත එස්.ඩී බන්ඩාරණායකයන් විරෝධතා පා ගමන නැවැත්වීමට මහාමාර්ගයේ දිගා වී වැතිරී සිටින ලදි.ජේ.ආර්.ජේ ගේ ආධාරකරැවන්ට අවශ්‍යය වුර්‍වෙ ඔහුව ඔසවා මාර්ගයෙන් ඉවත තබා තම ගමන දිගටම යාමටයි.නමුත් ජේ.ආර්.ජේ සිය ආධාරකරැවන්ට තරයේ පවසා ඇත්තේ මහමග දිගා වී විරෝධතා පෙලපාලිය අවහිර කරන්නන් ස්පර්ෂ කිරිමටවත් පෙලපාලියේ කිසිවෙකුටවත් අයිතියක් නොමැති බවයි. තත්වය තව දුරටත් නරක අතට හැරෙනු දුටු ජේ.ආර්.ජේ මහනුවරට යාමට සිටි විරෝධතා පෙලපාලිය කළගෙඩිහේන ප්‍ර දේශයේදීම නවතා දැමුර්‍වෙ එයින් සිදු විය හැකි අනර්ථය සලකා බලා බව සදහන් ර්‍වෙ.






 සිය ළමා අවධිය පියා සමග ගත කල මතකය අවධිකරන හිටපු ජනපති පුත්‍රයා පියාගේ දේශමාමකත්වය පිලිබද පැහැදිලි නිදසුනක් සිහිපත් කරයි. මා ඉතා කුඩා කල ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය පාලනයට යටත්ව පැවතියා.එකල මගේ පියාත් ශ්‍රී ලාංකික නිදහස් සටන් ව්‍යාපාරයේ සාමාජිකයෙක්ව සිටියා.මට වයස අවුරැදු 10-11 වන විට මගේ පියා මා සමග චිත්‍රපට නැරඹීමට යාමට පුරැදුව සිටි කාලයක් තිබුනා.මෙම සිදුවීම සිදු වූ වර්ෂය ඔහුට මතක නැතත් සර්‍මපූර්ණ සිදුවීම ඔහුගේ මතකය තුල පැහැදිලිව සටහන්ව තිබුනි. මෙකල චිත්‍රපටශාලා වලට පැමිණෙන බොහෝ පිරිස් ඉංග්‍රීසි ජාතිකයන් විය.චිත්‍රපටය අවසානයේ ඉංග්‍රීසි ජාතික ගීය විකාශනය වූ අතර සියළුම ප්‍රේක්ශකයන් නැගී සිටිමින් එයට ආචාර කල යුතු විය. ර්‍මෙ මොහොතේ මා නැගී සිටීමට ආසන්නව සිටියත් මගේ පියා ඔහුගේ අත මගේ අතමත තබා මා හට නැගී නොසිටින ලෙස ඉල්ලා සිටියා.එහිදී ඔහු කියු දෑ මගේ මතකයේ අදත් පැහැදිලිව සටහන් වී තිබෙනවා. අප ර්‍මෙ ජාතික ගීය සදහා නැගී සිට ගරැ කිරීම අනවශ්‍යයි.අනාගතයේ යර්‍ම දිනෙක අපට ස්වදේශීය ජාතික ගීයක් හිමි වූ විටෙක අපි නිදහස් ජාතියක් වෙමු.එදිනට අප අපගේ ජාතික ගීයට ගරැ කරමින් නැගී සිටිමු. ඉංග්‍රීසි ජාතික ගීයට ගරැ කරමින් නැගී නොසිටීම නිසා ඒ මොහොතේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ කෝප සහගත මුහුනු සහ කර්කෂ වාර්ගික විර්‍වෙචනයන්ට මුහුන දීමට ජේ.ආර්.ජේ ට සිදු විය.
ර්‍මෙ නිසා සිය පුත්‍රයා කෝප වී සිටිනු දුටු ජේ.ආර්.ජේ පැවසු දෙය අද පවා අප හට ආදර්ශයක් ගෙන දේ. සන්සුන් වන්න......කිසිම දෙයක් නෑසුනා සේ අගවන්න..................................... එස්.එර්‍ම අනුරාධ සේනාරත්න----පරිවර්තනයකි..............................youths for good politics

No comments:

Post a Comment