Wednesday, June 8, 2016

ඔබගේ වැඩපොලේ ලාභය වැඩි කරගැනීමට සරලම පාර මෙන්න...............(job rotation)

 ඔබගේ වැඩපලේ ලාභය වැඩි කරගැනීමට සරලම පාර මෙන්න.......(job rotation)

රාජ්‍ය අංශය තුල වර්තමානයේ උද්ගතව පවතින අකාර්යක්ෂමතාව,සේවක අතිරික්තය,දූෂන සහ වංචා,නිමැවුර්‍ම - යෙදවුර්‍ම අනුපාතයේ විෂමතාවන් යන ගැටළුකාරී තත්වයන් දීර්ඝ කාලීනව රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීර්‍මෙ සෘජු සහ වක්‍ර ප්‍රතිඵලයන් ලෙස හදුන්වාදිය හැකිය.විශේෂයෙන් පසුගිය රජය පැවති සමයේ රාජ්‍ය සේවය අදූරදර්ශී ලෙස වංචා, දූෂන සහ බලය අවභාවිතයන්ට මෙන්ම ඉතා අපකීර්තිමත් ලෙස දේශපාලනීකරණයට ලක්වූ බව දකින්නට ලැබුනි. සබරගමු පළාත් සභාර්‍වෙ එ.ජ.නි.ස මන්ත්‍රිවරැන් තිදෙනෙක් පෞද්ගලික පරිහරනයට යොදාගෙන තිබූ පළාත් සභාව සතු වාහන තුනක් අත්අඩංගුවට ගැනීම පිළිබදව පුවතක් පසුගියදා ජනමාධ්‍ය මගින් වාර්තා විය. රාජ්‍ය සර්‍මපත් අවභාවිතයේ යෙදවීර්‍මෙ පසුගිය රජය සතු පාරර්‍මපරික පුරැද්ද තවමත් අවශිෂ්ටව පවතින බවට මෙය හොදම සාක්ෂියකි.පක්ෂ භේදයකින් තොරව විශේෂයෙන්ම තරැණ දේශපාලඥයන් දූෂන සහ වංචා වලින් වැළකී සිටීර්‍මෙ වැදගත් කම වන්නේ ඒ මත ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වීමයි.කෙසේ හෝ ර්‍වෙවා රාජ්‍ය අංශයේ සේවා සහ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරිමට උචිත උපාය මාර්ගයන් යොදා ගැනීම පිළිබදව අවධානය යොමු විය යුතු කාලපරිර්‍චඡේදයක අප සිටින්නෙමු.මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ කිසියර්‍ම සංවිධානයක නිෂ්පාදන සහ සේවා කාර්යක්ෂමතාව වැඩිකිරිමට යොදාගත හැකි වෘත්තීය උපාය මාර්ග පිළිබදවයි.
වෙළදපොළ තරගකාරීත්වය වැඩිවීමත් සමගම මූල්‍ය සංවිධාන විසින් ඉහළ වෙළද ප්‍රතිලාභ ලබා ගැනීම සදහා වඩාත් පළපුරැදු වෘත්තිකයන් කෙරෙහි ඉහල අවධානයක් යොමුකරයි.වෘත්තීය පළපුරැදු බර්‍වෙ විවිධත්වය සහ පරාසය වැඩිකිරීම සදහා යෝග්‍ය කාල පරාසයක් තුල එකිනෙකට වෙනස් වෘත්තීය ක්ෂේත්‍ර කිහිපයක එක් පුද්ගලයෙක් සේවයේ යෙදවිය හැකිය.මෙලෙස පුද්ගල වෘත්තීය නිපුනතා සංවර්ධනයේ ඉතාමත් වැදගත් අංශයක් වනුයේ වෘත්තිකයන් ව්‍යාපාරයේ එකිනෙකට වෙනස් අංශ කිහිපයක අද්දැකීර්‍ම සදහා යොමුකිරීමයි.වෘත්තීය භූමිකා චක්‍රීකරණය(JOB ROTATION) යන සංකල්පය මෙම අරමුණ ඉටුකර ගැනීර්‍මෙදී ප්‍රධාන වැදගත් කමක් අත්කර ගනී.

මෙහිදි වෘත්තිකයන් සැලසුර්‍ම සහගතව වෘත්තීය භූමිකා දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක නිරත වන ලෙස පරිපාලන තාක්ෂණික ක්‍රමර්‍වෙදයන් අනුගමනය කරනු ලැර්‍බෙ.වෘත්තිකයන් එකම සංවිධානයක් තුල විවිධ වෘත්තීමය ස්ථාන වල නියැලීම මෙහිදි සිදුකරන අතර අවසානයේදි තමන්ට හිමි වෘත්තීය ස්ථානයට ලගා ර්‍වෙ.ඉහත වෘත්තීය භූමිකා චක්‍රීකරණය යන සංකල්පය රැකියා ස්ථාන චක්‍රීකරණය සහ රැකියා ඉලක්ක චක්‍රීකරණය ලෙස වර්ග 2කකට වෙන් කරනු ලැර්‍බෙ.වෘත්තිකයන් විවිධ ආකාරයේ අද්දැකීර්‍ම වලට නිරාවරණය කිරීමෙන් ඔවුන්ට පුළුල් පරාසයක අද්දැකීර්‍ම ලබා ගැනීමට සැලැස්වීමත් ඒ තුලින් ඔවුන්ගේ රැකියා තෘප්තිය වැඩිකිරීමත් මෙම තාක්ෂණික ක්‍රමර්‍වෙදයේ ප්‍රධාන අරමුණයි.

 මානව සර්‍මපත් සංවර්ධන උපාය මාර්ගයක් ලෙසට වෘත්තීය භූමිකා චක්‍රීකරණ ප්‍රතිපත්තිය සේවාදායකයන් සහ සේවායෝජකයන් යන දෙපාර්ශවයටම ඉහල ප්‍රතිලාභ ලබා දෙයි.නිෂපාදනයේදී සහ ව්‍යාපාර කළමණාකරනයේදී ඉහල ප්‍රතිලාභ ලබා දෙන සහ වෘත්තිකයන්ට පුළුල් පරාසයක අද්දැකීර්‍ම ලබා දෙන වෘත්තීය භූමිකා චක්‍රීකරණය මානව සර්‍මපත් සංවර්ධනයේදී යොදාගෙන ඇත්තතේ මද වශයෙනි.නව නිෂ්පාදන සහ වෙළද සිද්ධාන්ත අධ්‍යනය කිරීර්‍මෙදී සේවායෝජකයාට මෙන්ම වෘත්තිකයාටද මෙම සංකල්පය මහත්සේ ප්‍රයෝජනවත් ර්‍වෙ.කළමණාකරැවන්ට වෘත්තිකයන්ගේ දක්ෂතා පිළිබද පැහැදිලි තක්සේරැවක් මෙමගින් ලැබෙන අතර ඔවුන් සේවයේ යෙදවිය යුතු සුදුසුම ස්ථානයන් පිළිබදව ඉතා නිවරදි තීරණ වලට එලඹීර්‍මෙ හැකියාව ලැර්‍බෙ. වෘත්තිකයන්ගේ දක්ෂතා හා නිපුනතා පිළිබදව කාර්යක්ෂම තක්සේරැවක් සිදු නොකර ඔවුන්ට වගකීර්‍ම පැවරීම ඉහල නිෂ්පාදන සහ සේවා අවධානමක් භාර ගැනීමකි.මෙම තත්වයේ දි වෘත්තිකයන් හට තම නිපුනතා සහ ප්‍රියමනාපභාවයන් අනුව තමන් සදහා වඩාත් උචිත වෘත්තිය තෝරාගත හැකිය.මානව වර්ගයා තුල නෛසර්ගිකව ඇතිව තිබෙන නව නිපැයුර්‍ම කිරීර්‍මෙ නැඹුරැතාවය වැඩි කිරීමට ස්වභාවික උත්තේජනයක් මෙයින් ලැර්‍බෙ.රැකියාවක නිර්මාණශීලිභාවය වැඩිකිරිමට මෙන්ම ඒකාධිකාරය අවම කිරිමටද වෘත්තීය භූමිකා චක්‍රීකරනය උපයෝගී කර ගනි.

ශ්‍රමවිභාජන සංකල්පයට ප්‍රතිවිරැද්ධ ස්වරෑපයක් දරන මෙම සංකල්පය සංවිධානයක් පිළිබද සෑම සේවකයෙකුගේම අවබෝධය පුළුල් කිරීමට හේතු ර්‍වෙ. වෘත්තීය නිපුණතාවය පදනර්‍ම කොට උචිත රැකියා ලබා දීර්‍මෙදී වෘත්තිකයා ස්වයං උද්යෝගීභාවයකින් යුතුව තම රැකියාව තුල නිරතර්‍වෙ.මෙය සංවිධානය තුල නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට හේතු ර්‍වෙ.පුද්ගලයා මත ඔවුන්ට අවශ්‍ය වන පුහුණු ධාරිතාව තීරණය වන අතරම මනා ලෙස වෘත්තිකයන්ගේ නිපුනතා අධ්‍යයනය කර ඇති කළමණාකරැවෙකුට පුහුණු කිරීර්‍මෙ කටයුත්ත වඩා කාර්යක්ෂමව සිදුකල හැකිය. වෘත්තීය භූමිකා චක්‍රීකරණයේදි සේවකයන් තම කන්ඩායර්‍මෙ අනෙකුත් සාමාජිකයන් සමග එක්ව කටයුතු කිරිමෙන් නිපුනතා සහ දැනුම හුවමාරැ කර ගත හැකි අතර කළමණාකරනයේදී ඉහල ප්‍රතිඵල ලබා ගත හැකිය.නමුත් වෘත්තීය චක්‍රීකරණය හා බැදී පවතින සමහර ගැටළු පවතී.

 1. එක් ආයතනයක සැම වෘත්තිකයෙක්ම අනෙකුත් දෙපාර්තර්‍මෙන්තු වල වෘත්තිකයන් සමග එක්ව වැඩ කිරීමට කැමත්තක් දක්වයිද යන්න ගැටළුවකි. 2.අනෙක් අතට ජේෂ්ඨ කළමණාකරැවන්ට වෘත්තිකයන් උද්යෝගීමත් කිරීමට වැඩිපුර කාලයක් වැය කිරීමට සිදු වී තිබිම ගැටළුවකි. 3.තම ක්ෂේත්‍රෙයන් බැහැර ක්ෂේත්‍රයක පුහුණුව ලබා ගැනීමට අමතර කාලයක් සහ ශ්‍රමයක් වැයර්‍වෙ.එම කාලසීමාව තුල නිෂ්පාදන තත්වය සහ ප්‍රමාණයේ පහළ වැටීමක් සිදුර්‍වෙ. 4.වෘත්තීය භූමිකා වක්‍රීකරණය වෘත්තිකයන් තුල අමතර මානසික පීඩනයක් ඇතිකිරීමට හේතු ර්‍වෙ.ර්‍මෙ නිසා ඔවුන් විශාදය සහ මානසික ආතතිය වැනි තත්ව වලට ගොදුරැ වීර්‍මෙ අවධානම වැඩි අගයක පවතී. 5. බලපෑර්‍ම මගින් සිදු කරන වෘත්තීය භූමිකා චක්‍රීකරනය අසාර්ථක ර්‍වෙ.ර්‍මෙ නිසා නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ගැටළු ඇති විම මෙන්ම එවන් වෘත්තිකයන් විසින් අන් අයට රැකියාව පිළිබද අසුභවාදී ආකල්ප ඇතුල් කිරීම සිදුර්‍වෙ.

 මෙහිදී නිමැවුර්‍ම සහ යෙදවුර්‍ම අනුපාතය සැලකිල්ලට ගැනේ.සෑම සංවිධානයකටම මෙම වෘත්තීය චක්‍රීකරණය උචිත නොවන අතර එහිදි සැළකිය යුතු සාධක කිහිපයකි. 1.සංවිධානය මගින් ඉටුකරනු ලබන සේවා සහ නිෂ්පාදන වල ස්වභාවය 2.වෘත්තිකයන්ගේ හැසිරීම 3.සංවිධානයේ සංස්කෘතිමය පරිසරය 4.යොදා ගන්නා තාක්ෂණය යන කරැණු කිසියර්‍ම සංවිධානයක් තුල වෘත්තීය භූමිකා චක්‍රීකරණයේ දි සැළකිය යුතු කරණු අතර ප්‍රධාන තැනක් ගනී.
 (YOUTHS FOR GOOD POLITICS------)එස් .එර්‍ම අනුරාධ සේනාරත්න(Bsc hon's dip in socio(NIMH)

No comments:

Post a Comment