Saturday, June 11, 2016

හුදකලාභාවය කායික සහ මානසික රෝග වලට හේතුවක්ද?

හුදකලාභාවය විශ්වීය මානව ආර්‍වෙගයකි.නමුත් හුදකලාභාවය එක් එක් පුද්ගලයා මත සුවිශේෂ සහ ලාක්ෂණික වන්නේය.ර්‍මෙ සදහා එක් තනි හේතුවක් දක්වාලිය නොහැකි නමුත් මෙම මානසික ගැටළුකාරි තත්වයෙන් වැළකීම හෝ එයට ප්‍රතිකාර කිරීම වඩාත් සංකීර්ණ ක්‍රියාවලියකි.උදාහරනයක් ලෙසට පාසලේදී යහළුවන් නොමැතිව ගැටළුකාරී තත්වයකට මුහුන දෙන ශිෂ්‍යයෙකුගේ තත්වය සහ සිය භාර්යාව මියයාම නිසා වියපත්වියේදී තනිවූ ස්වාමීපුරැෂයෙකුගේ හුදකලාභාවය අතර විශාල වෙනස්කර්‍ම තිර්‍බෙ.හුදකලාභාවය පිළිබදව නිවරදි සහ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට නර්‍ම හුදකලාභාවය යන වචනයේ අර්ථය පිළිබදව වඩාත් විස්තරාත්මකව විමසාබැලීමට අවශ්‍යර්‍වෙ.එමෙන්ම එයට අදාල හේතු,සෞඛ්‍යය බලපෑර්‍ම,රෝග ලක්ෂන සහ ප්‍රතිකාර පිළිබදව සොයා බැලීමටත් අප යොමුවීමු.
හුදකලාභාවය යනු කුමක්ද? හුදකලාභාවය සදහා ඉදිරිපත් කල හැකි පොදු අර්ථදැක්වීම වනුයේ තනිව කාලය ගතකිරීර්‍මෙ ස්වභාවයයි.ජීවිතයේ හිස්බව,වටිනාකමක් නොමැතිබව,අනවශ්‍යබව යන සාධක සමග මනසට භාහිර ලෝකය සමග සර්‍මභන්දතා පැවැත්වීර්‍මෙ අසීරැ තත්වයක් හටගනී.මෙම මානසික තත්වය මානව සර්‍මභන්දතා සියල්ලම පවා බිද දමන අවධියකට පත්වීර්‍මෙ හැකියාව පවතී.මනෝ විද්‍යාඥයන්ට අනුව හුදකලාභාවය සදහා හුදකලාව සිටිම අනිවාර්රය නොර්‍වෙ.ඒ සදහා හුදකලාවීර්‍මෙ සංර්‍වෙදනය මනස තුල ක්‍රියාත්මකවීම පමණක් ප්‍රමාණවත්ය.උදාහරනයක් ලෙසට අධ්‍යාපන ආයතනයකට ඇතුලත්වූ නවක ශිෂ්‍ය යෙකුට තමන් වටා කොතරමර්‍ සගයන් සිටියද හුදකලාභාවය දැනිය හැකිය.විදේශීය රටකදී සිය රාජකාරිය මුලින්ම ආරර්‍මභ කරන සොල්දාදුවෙකුට කෙතරර්‍ම පිරිසක් තමා අවට සිටියද හුදකලාභාවයක් දැනීමට පිලිවන.

 හුදකලාභාවයට හේතු මොනවාද?
 චිකාගෝ විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙකු වන ජෝන් කැෂිඔප්පෝ විසින් සිදුකරන ලද අධ්‍යනයන්ට අනුව හුදකලාභාවයට ඇර්‍බබැහි විම සදහා තදින්ම ජානමය ලක්ෂන හේතු සාධකර්‍වෙ.ර්‍මෙ සදහා දායකවන අනෙකුත් විචල්‍යයන් ලෙසට හෞතිකමය හුදකලාවීම,අලුත් පරිසරයකට ප්‍රර්‍වෙශවීම,දික්කසාදවීම,සමීපතමයෙකුගේ අභාවය සිදුවීම හෝ විශාදය වැනි මනෝ ව්‍යාධීමය තත්වයන්ගෙන් පෙළීම වැනි හේතූන් හදුන්වාදීමට පුළුවන.එමෙන්ම හුදකලාභාවය සමග පහත් ආත්මවිශ්වාසය වැනි අභ්‍යන්තර සාධක සෘජුව බැදී පවතී.තමන් පිළිබදව විශ්වාසය බිදවැටී ඇති මිනිසුන් සෑම විටෙකම තමන් අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමට තරර්‍ම නොවටින අය ලෙස සිතිම නිසා හුදකලාභාවය ඇතිර්‍වෙ.



 හුදකලාභාවයේ අයහපත් සෞඛ්‍යය ප්‍රතිපල

 කායික මෙන්ම මානසික සෞඛ්‍යය පරාමිතීන්ගේ දරැණු ආබාධිත තත්වයන් හුදකලාභාවය සමග ඇතිර්‍වෙ.හුදකලාභාවය සමග ඇතිවිය හැකි දරැණු මර්‍ටටර්‍මෙ සෞඛ්‍යය ගැටළු සමහරක් පහත දැක් ර්‍වෙ.

1. විෂාදය(DEPRESSION)සහ සියදිවිනසාගැනීම(SUICIDE)

 2. හෘද රෝග සහ හෘද් අකර්මන්‍යතාවය

 3. මානසික ආතතිය උර්‍චචවීම

 4. මතකය සහ ඉගෙනීර්‍මෙ හැකියාව අඩුවිම

 5. සමාජ විරෝධී හැසිරීම

 6. තීරණ ගැනිර්‍මෙ දුර්වලතා ඇතිවීම

 7. මත්ද්‍රව්‍යය වලට ඇර්‍බබැහිවීම

 8. ඇල්ෂ්මයිරල් රෝගී තත්වයන්ට ලක්විම 

9. මොලයේ ක්‍රියාකාරීත්වයේ සංකූලනතා ඇතිවීම 

අධ්‍යයනයන් මගින් අනාවරණය වී ඇති ආකාරයට හුදකලාභාවය මගින් මානසික ආතතිය,හෘදයාබාධ සහ ප්‍රතිශක්තිය සර්‍මභන්ද රෝග තත්වයන් ඇතිවිය හැකිය.නමුත් හුදකලාභාවය මගින් ගැටළු සහගත වන තවත් නොයෙකුත් විචල්‍යයන් ඇති අතර ඒවා පිළිබදව වෙනම අධ්‍යයනයන් දියත්කල යුතුබව විශේෂඥයන්ගේ මතයයි.ජෝන් කැෂිඔප්පෝ පවසන ආකාරයට හුදකලාවූ වැඩිහිටියන් ප්‍රමාණය ඉක්මවා මද්‍යසාර පානයට ඇර්‍බබැහිවී සිටින අතර ම දුර්‍ම පානයට තදින්ම ඇර්‍බබැහිවීර්‍මෙ වැඩි ඉඩකඩක් පවතී.එමෙන්ම හුදකලාවීමකදී පුද්ගලයෙකු ලබා ගන්නා ව්‍යායාම ප්‍රමාණයේ ප්‍රශස්ත අඩුවිම් දකින්නට ලැබෙන බව සිය ......හුදකලාවීම.....යන ග්‍රන්ථයෙන් කැෂිඔප්පෝ පෙනවාදේ.මෙලෙස හුදකලාවීමට ඇර්‍බබැහිවු පුද්ගලයන්ගේ ආහාරයේ ඉහල ර්‍මෙද ප්‍රතිශතයක් නිරීක්ෂණය කලහැකි බවත් රාත්‍රී නින්දේ සුවදායකභාවය පහත් මර්‍ටටමක පවතින බවත් දිවාකාලයේ අධික වෙහෙසකාරී බවක් අත්විදින බවත් සිය ග්‍රන්ථයෙන් කැෂිඔප්පෝ පෙනවාදේ.

 ශරීරයේ අභ්‍යන්තර සෛලීය ජීවවිද්‍යාත්මක ක්‍රියාදාමයන් හුදකලාභාවය මගින් අවුල් කිරිමකට ලක් කරන බව නාසා විද්‍යාඥයන් විසින් ගගනගාමීන් සර්‍මභන්දව කරන ලද පර්යේෂණයකදී සොයාගෙන තිර්‍බෙ.මෙය අදාල වන්නේ විශේෂිත නිර්ගුරැත්ව තත්ව යටතේදී වුවත් සාමාන්‍ය පෘතුවි පාරිසරික තත්ව යටතේදීද මෙම රීතිය වලංගු බව ඔවුන් පවසයි.කෙසේ වුවද හුදකලාභාවය මිනිසාගේ වියපත්වීර්‍මෙ ර්‍වෙගය සාමාන්‍යය ර්‍වෙගයට වඩා වැඩි කරන බව මෙම අධ්‍යනයන් වලදී අනාවරණය කරගෙන තිර්‍බෙ. පර්යේෂකයන් පවසන අන්දමට විවාහය,ඉහල ආදායර්‍ම මර්‍ටටමර්‍ සහ උසස් අධ්‍යාපන සුදුසුකර්‍ම,හුදකලාභාවය මද වශයෙන් ඇතිකිරීමට හේතුවන සාධකයන් ර්‍වෙ..කායික මානසික රෝගී තත්වයන්, හුදකලාව වාසයකිරීම,කුඩා සහ අඩු වටිනාකමින් යුතු සමාජ ජාලයක සිටීම යන විචල්‍යයන් සෘජුවම බරපතල හුදකලාවීර්‍ම වලට හේතු වන බව සොයාගෙන ඇත.

 හුදකලාභාවයේ රෝග ලක්ෂණ

 පර්යේෂකයන් පවසන පරිදි දැනට එක්සත් ජනපදය තුල හුදකලාභාවය ඉතාමත් සුලභ වෙමින් පවතී.1984 දී සිදුකරන ලද සමීක්ෂණයකට දක්වන ලද ප්‍රතිචාර අනුව බොහෝමයක් දෙනෙකුට සමීපතම මිතුරන් තිදෙනෙකුගේ සමාජ සර්‍මභන්දතා මර්‍ටටමක් තිබුනි. නමුත් වර්ෂ 2004දී සිදු කරන ලද එම සමීක්ෂණයම අනුව බහුතරයකට කිසිදු විශ්වාසවන්ත මිතුරෙක් සිටියේ නැත.සමාජ සර්‍මභන්දතා වල ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මකභාවයන් හුදකලාභාවයෙන්
මිදීර්‍මෙදී බෙහෙවින් වැදගත් ර්‍වෙ. සමීපතම මිතුරැ-මිතුරියන් සිවුදෙනෙක්වත් අවම වශයෙන් සිටිම පුද්ගලයෙකුට හුදකලාභාවයෙන් ඇතිවන කායික සහ මානසික සංකූලනතාවයන් වළක්වා ගැනිමට හොඳින්ම ප්‍රමාණවත් ර්‍වෙ..

 හුදකලාභාවය වසංගතයක්ද?

 හුදකලාභවය ව්‍යාප්තවීමට හැකිදැයි යන ගැටළුව සර්‍මභන්දව වසර 10ක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයන් පදනර්‍ම කරගෙන සැලසුර්‍ම සහගත සමාජ ජාල ඔස්සේ හුදකලාභාවයට ව්‍යාප්තවීමට හැකිබව සොයාගෙන ඇත.හුදකලාභාවය සමාජ ජාලයන් ඔස්සේ ව්‍යාප්තවීම නිසා සමස්ථ ජනගහනයෙන් 52% ක් ජනතාව පීඩාවට පත්වන බව සොයාගෙන ඇත.

 හුදකලාභාවය වැළැක්වීම

 හුදකලාභාවය වැළැක්විම සදහා මා විසින් සිදුකරන ලද අධ්‍යනයන් සහ අත්දැකිර්‍ම ඇසුරෙන් පහත සදහන් විසදුර්‍ම කිහිපයක් ඉදිරිපත් කරමි.

 1. හුදකලාභාවය යර්‍මකිසි චර්යාත්මක වෙනසක් සිදුකිරිර්‍මෙ අවශ්‍යතාවය අවධාරණය කරයි.

 2.හුදකලාභාවය නිසා කායිකව සහ මානසිකව ඔබගේ ජීවිතයට ඇතිවී තිබෙන බලපෑර්‍ම ලයිස්තුගත කිරිම තත්වය මනාව අවබෝධ කිරිමට වැදගත් ර්‍වෙ.

 3.එම එක් එක් දුෂ්කරතා අවම කිරීමට ගත හැකි විසදුර්‍ම කිහිපයක් අතරින් වඩාත් හොදම විසදුම මනෝ චිකිත්සකයෙකුගේ උපකාරය ද සහිතව තීරණය කිරිම සිදුකල යුතුය.

 4. අදාල විසදුම ක්‍රියාත්මක කිරිම සදහා නිසි සැළැස්මක් සැකසිමත් එහි සාර්ථකත්වය ඇගයීම සදහා ලකුනු ලබාදීර්‍මෙ ක්‍රමර්‍වෙදයයක් සැකසීමත් සිදුකල යුතුය.

 5.ප්‍රතිකාර කිරීම අවසානයේ ප්‍රතිපෝෂණ සැළැස්මක් දියත් කිරිම ඇවැසිය.

 6.මෙවැනි හුදකලාභාවයන්ගේන් මිදීර්‍මෙදී වඩාත් සාර්ථක විසදුර්‍ම ලෙසට යොදා ගන්නේ ඔබ වඩා කැමති ප්‍රජා සේවාවක හෝ සමාජ සේවා හෝ ආගමික කටයුත්තක නිරත විමයි.ර්‍මෙ නිසා නව පුද්ගල සර්‍මභන්දතා වර්ධනය මගින් සමාජ ජාලය ශක්තිමත් කර ගැනීමට සාර්ථක පිටුවහලක් ලැර්‍බෙ.

 7.එක සමාන චර්යාවන්,විනෝදාංශයන් සහ වටිනාකර්‍ම සහිත සමාන පුද්ගල කණ්ඩායර්‍ම සමග එක්ව කටයුතු කිරිමට අවස්ථාව ලබාදිම තුලින් හුදකලාභාවය වඩාත් හොදින් දුරලියහැකි බව මගේ අත්දැකීමයි.


 ශුභවාදීව,සෑම විටෙකම ධනාත්මක සංකල්ප සහ හැසිරීර්‍ම වලට අනුගත වෙමින් ධෛර්යමත්ව කටයුතු කිරීමෙන් සෑම දෙයක්ම ප්‍රතික්ශේප කරන හුදකලාභාවයෙන් මිදිය හැකිය.








 එස්.එර්‍ම අනුරාධ සේනාරත්න(BSc (Hon's)/adv dip in sociology------youths for good politics/www.sera idea blog.com

No comments:

Post a Comment