Saturday, June 11, 2016

වාමාංශික ව්‍යාපාර සහ වෘත්තීය සමිති සටන් වල සොදුරැ සටහන්.....

වාමාංශික ව්‍යාපාර සහ වෘත්තීය සමිති සටන් වල සොදුරැ සටහන්.....

 වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතාමත් දියුණු සහ සංවිධානාත්මක මර්‍ටමක පවතින බව පෙනි යන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ අනෙකුත් තර්ජන හමුර්‍වෙ වෘත්තීය සමිති එකතුවල බලය නිතරම විද්‍යාමාන වන බැවිනි. මෙම ලිපිය එවන් සාර්ථක වැඩ වර්ජන වල ආරර්‍මභය සහ අතීතය දක්වා දිවෙන මතක සටහන් සමූහයකි.

 1930 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලාංකික වාමාංශික දේශපාලන ව්‍යාපාරයට දේශපාලන පක්ෂ කිහිපයක් ඇතුලත් විය.මෙයින් ප්‍රධානතම අවධානයක් යොමු වූර්‍වෙ ආචාර්ය ඇන්.ඇර්‍ම පෙරේරා,දොස්තර එස්.ඒ වික්‍රමසිංහ සහ පිලිප් ගුණවර්ධනයන් ප්‍රමුඛත්වය දැරෑ ලංකා සම සමාජ පක්ෂයයි.ඒ.ඊ ගුණසිංහයන් ප්‍රමුඛත්වය දැරෑ කර්‍මකරැ පක්ෂයද වාමාංශික පක්ෂයක් ලෙසට සැලකිල්ලට බදුන් වූර්‍වෙ ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී ආර්‍වෙගකාරී දේශපාලනයක නිරත වූ පක්ෂයක් බැවිනි.එමෙන්ම මැයි දින සැමරැර්‍ම රැළියක් පැවැත්වූ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය ලෙසට කර්‍මකරැ පක්ෂය ඉතිහාස ගත වී සිටි.මෙයට අමතරව අසංවිධිත සුළු දේශපාලන පක්ෂ කිහිපයක් එකල තිබූ අතර ඒවා වාමාංශික දේශපාලන ප්‍රවාහයෙන් විකරණය වූ දේශපාලන පක්ෂ විය.කර්‍මකරැ පක්ෂය ප්‍රධාන වශයෙන්ම ආර්‍වෙගකාරී දේශපාලනයක නිරත වු ප්‍රගතිශීලි දේශපාලන පක්ෂයක් ලෙසට එකල ප්‍රසිද්ධව තිබුනි. වාමාංශික දේශපාලන පක්ෂ සියල්ලම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව යර්‍මතාක් ප්‍රචන්ඩ දේශපාලන ධාරාවක් තුලට අනුගතව තිබුනද සාපේක්ෂව සාමකාමි දේශපාලන ක්‍රියාකාරීත්වයක නිරත විය.වඩාත් දැඩි තේමාවක් යටතේ සිය දේශපාලනය මෙහෙයවූ වාමාංශික දේශපාලන පක්ෂ මුල් අවධියේදී ප්‍රයිස්පාක් පිටියේදීත් පසු කාලීනව ගෝල්ෆේස් පිටියේදීත් සිය රැස්වීර්‍ම පවත්වන ලදි.

මෙම මාක්ස්වාදි පක්ෂ බ්‍රෙස් ර්‍ටගර්ඩල් ප්‍රතිපත්තීන් ලාංකික දේශපාලන ධාරාව කෙරෙහි නිරාවරණය කිරිමට දායක විය. එකල කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධන සහ රොබර්‍ට ගුණවර්ධන යන වාමාංශික දැවැන්තයින්ගේ උද්ර්‍වෙගකාරී කතාවලට සවන් දීමට සිය ගනන් මිනිසුන් පැමිණි අතර කිසිදු ප්‍රචන්ඩකාරී හැසිරිමක සළකුණක් පවා නොතිබුනි.සමකාලීන දේශපාලන රැස්වීර්‍ම සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකර්‍ම ආශ්‍රිතව බහුලව දැකිය හැකි ටයර් පිළිස්සීම,බෝර්‍මබ පිපිරීම හෝ අවම වශයෙන් ගල් ගැසීර්‍ම පවා නොතිබුනි. නමුත් මාක්ස්වාදී පක්ෂ වතු ආශ්‍රිත ප්‍රජාවන්ට ඇතුල් වීර්‍මෙදී වඩාත් ප්‍රචන්ඩකාරී දේශපාලන ස්වරෑපයක් පෙන්වීය.වතු කර්‍මකරැවන් වඩාත් ආර්‍වෙගශීලි වූර්‍වෙ පරිපාලනය ඔවුන්ට වඩාත් දුරස්ථ වූ නිසා වන අතර වතු ප්‍රජාව තුල වූ දේශපාලන රැස්වීර්‍ම වලට ඔවුන් සාභාගී වූර්‍වෙ කූඩයද ඉනේ එල්ලාගෙනය.

 1940 ජනවාරි මස 10 දින හේවාහැට මූලි වතුයායේදී සිදුවූ වැඩ වර්ජනය සමගම ලංකා සම සමාජ පක්ෂයේ උද් ර්‍වෙගී දේශපාලන ප්‍රවණතාවය තව දුරටත් ඉවසා සිටීමට නොහැකි වූ බ්‍රිතාන්‍ය පාලන යාන්ත්‍රණය ආර්‍වෙගී දේශපාලන ප්‍රවාහයන් මගින් දියත් කරන වැඩවර්ජනයන් වහාම නවතා දැමීමට තීරණය කර තිබිනි. ඒ අනුව 1940 අප්‍රේල් 17 දින එවකට සිටි ස්වදේශීය කටයුතු පිළිබද ගරැ අමාත්‍යධූරන්ධර ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ගේ අත්සනින් යුතුව පණවන ලද නියෝගයකට අනුව ලංකා සම සමාජ පක්ෂය තහනර්‍ම කරමින් එහි නායකයන් අත්අඩංගුවට ගන්නා ලදි.ඉහත නියෝගය පොහොය දිනක නිකුත් කරන ලද අතර එකල වඩාත් අවධානයට යොමු වී ඇති කරැණ වූර්‍වෙ මෙම නියෝගයට අත්සන් තැබීමෙන් පසුව ස්වදේශීය කටයුතු භාර ඇමතිවරයා ප්‍රසිද්ධ පන්සලක පැවැත්වුන පුන්‍ය කටයුත්තක් සදහා නික්මී යාමයි.

 මෙම අත්අඩංගුවට ගැනීර්‍මෙ වරෙන්තුව පිළිබදව දැනගත් බොහෝමයක් වාමාංශික නායකයන් ශ්‍රීමත් බාරොන් ජයතිලකයන් ඇමතූ අතර ලෙස්ලි ගුණවර්ධනයන් ඇතුළු බොහෝමයක් වාමාංශික නායකයන් සැගවී සිටීමට සමත් විය. එන්.එර්‍ම පෙරේරා අත්අඩංගුවට ගන්නා ලද්දේ ලෙස්ලි ගුණවර්ධනයන් ගේ නිවසේ සිට ආපසු පැමිණෙමින් සිටියදීය.ඔහු සමග අත්අඩංගුවට ගන්නා ලද පිලිප් ගුණවර්ධන,කොල්වින් ආර්.ද සිල්වා සහ එර්‍ඩමන් ර්‍ඩ සමරක්කොඩි යන වාමාංශික නායකයන් සියල්ලම මහනුවර බෝගර්‍මබර හිරගෙදරට යවන ලදි. එන්.එර්‍ම පෙරේරා සහ පිලිප් ගුණවර්ධන ආනන්ද විද්‍යාලයේදී ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන් ගේ ශිෂ්‍යයන් වූ අතර ඔවුන් මහජන රැළි වලදී සිය ගුරැවරයා කෝප ගැන්වීමට .....ඔහු මොන ගුරැවරයෙක්දැයි.......නිතරම ප්‍රශ්න කර තිබිනි.පසුව එන්.එර්‍ම සහ පිලිප් යන දෙදෙනා බෝගර්‍මබර සිරගෙදරින් ඉන්දියාවට පලා යන ලදි.ඒ වන විට බෝගර්‍මබර සිරගෙදර ඉතිරි වී සිටි පසුකලෙක ර්‍ඩෙලි නිර්‍වස් පුවත් පතේ කාර්ය මණ්ඩලයේ සේවය කල නෙවිලි ඩී ලා මොර්‍ට ර්‍ටෙ මහතා වෙත සියළු චෝදනා ගොනු වන්නට විය.ඔහුව ඇප පිට නිදහස් කර ගන්නා ලද්දේ එවකට ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබල ආධාර කරැවෙක් වූ වර්නන් එස් ගුණසේකරයන් විසිනි.


 1940 ජනවාරි 10 දින ඉන්දීය කර්‍මකරැවන් විසින් පවත්වන ලද අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂනයක් පොලීසිය සමග ගැටුමක් බවට පත් වීමෙන් බ්‍රිතාන්‍ය රජයේ උපදෙස් පරිදි කර්‍මකරැවන්ට වෙඩි තබන ලදි.මෙම වෙඩිතැබීමෙන් ඉන්දීය වෘත්තීය සමිති නායකයෙකු එම ස්ථානයේදිම මිය ගොස් තිබුනි.එකල අත් අඩංගුවට ගත් කම්‍කරැවන් වෙනුවෙන් පෙනීසිටි ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා ශ්‍රීමතානන් පසුකලෙක ඉතා දක්ෂ නීතිර්‍වෙදියෙක් බවට පත් විය. මෙලෙස උද්ර්‍වෙගකර දේශපාලන ප්‍රවාහය ශ්‍රී ලංකාව තුල ඇරඹී අතර කර්‍මකරැ අසහනය සහ වෘත්තීය සමිති ක්‍රියාදාමයන් රට තුල ආරර්‍මභ විය.ක්‍රමානුකූලව කර්‍මකරැවන් වාමාංශික නායකයන් විසින් මෙහෙය වු වෘත්තීය සමිති වලට එක් විම සිදුවිය.

එන්.එර්‍ම, කොල්වින් සහ පිලිප් ගේ ආකර්ෂණීය කතාවන් ඇසිමට දහස් ගනන් රැස්විර්‍ම වටා ඒකරාශී වන්නට විය. අනතුරැව රාජ්‍ය සේවකයන් සිය වෘත්තීය සමිති ආරර්‍මභ කල අතර ප්‍රථම රාජ්‍ය සේවක වෘත්තීය සමිතිය ලෙසට රාජ්‍ය ලිපිකරැවන්ගේ සේවා සංගමය (Govt clarical services union) නර්‍ම විය.ර්‍මෙ සමගම දිවයින පුරාම වාමාංශික නායකයින් විසින් මෙහෙය වන ලද උද්ඝෝෂන ,වැඩ වර්ජන සහ රැස්වීර්‍ම පැවැත්විනි.මෙවැනි කොලොන්නාව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පොලීසිය තැබු වෙඩි පහරකින් වෘත්තීය සමිති නායකයෙකු වූ කන්දසාමි මියගිය අතර ඔහු සමග සිටි එන්.එර්‍ම පළා ගියේය.

 පසුකාලීනව උද්ඝෝෂන , රැළි,වෘත්තීය සමිති වැඩවර්ජන සමග දේශපාලන මැර බලයද සර්‍මභන්ද විය.

(එස්. එර්‍ම අනුරාධ සේනාරත්න BSc (Hon's) Adv Dip in socio,Adv training in Eng(ACBT)---youths for good politics),WWW.sera idea blog.com

No comments:

Post a Comment