Tuesday, June 7, 2016

වෙළදපොලේ ඇති කසල තේ හදුනා ගන්නේ මෙහෙමයි........

වෙළදපොලේ විකිණීමට ඇති කසල තේ හදුනා ගන්නේ කෙසේද? 

වෙළදපොලේ විකිණීමට ඇති තේකොල අතර විවිධ ගුණාත්මක තත්වයන් ඇති බව අප කවුරැත් දන්නා කරැණකි.නමුත් බොහෝ විට සිල්ලර කඩ හිමියන් සහ හෝටල් හිමියන් පාරිභෝගිකයන් රවටමින් ඉහල ලාභයක් ලබා ගැනීම සදහා වරක් භාවිත කරන ලද තේකොළ නැවත් වරක් වර්න ගන්වමින් විකිණීම හෝ හෝටල් හෝ තේකඩ වලදී මහජනතාවගේ පාරිභෝජනය සදහා අළවි කිරීම සිදු කරීම අද සුලභ කරැණක් බවට පත්වී තිර්‍බෙ.
මෙලෙස අළවි වන කසල තේ සාදනු ලබන්නේ හොද තේ කොල අඩු ප්‍රමාණයක් සමග වරක් භාවිත කරන ලද කසල තේ මිශ්‍ර කිරීමෙන් හෝ කසල තේ වලට පොටෑසියර්‍ම ප මැංගනේර්‍ට හෙවත් පල්මානික්කර්‍ම හෝ ෆෙරස් සල්ෆේර්‍ට මුසුකිරීමෙනි.මෙවන් කසල තේ බීර්‍මෙදී අමුතුම කහට ගතියක් දැනෙන බව පෙනී යන කරැණකි.මෙම වංචාකාරී කසල තේ හදුනා ගත හැක්කේ කෙසේද?

 සරලවම එවන් තේ වල දැනෙන ලාක්ෂනික කසට රසය එම තේ හදුනා ගැනීර්‍මෙ මූලික ක්‍රමයයි.මෙයට අමතරව කසල තේ හදුනාගැනීර්‍මෙ වඩාත් විශ්වාසදායක ක්‍රමය වන්නේ මෙම තේ කුඩු ස්වල්පයක් වීදුරැ නලයකට දමා සීතල ජලය මිලිලීටර් 10 ක් පමණ දමා හොදින් මිශ්‍රකර ටික වෙලාවක් තිබෙන්නට හැරීමයි.මෙහිදී වර්ණ ගන්වන ලද කසල තේ අඩංගු ජලය ලා නිල් පාටක් ගන්නා අතර සාමාන්‍ය තේ කුඩු අඩංගු ජලය ලා කහ පාටක් ගනී.මෙම ක්‍රමයෙන් වඩා විශ්වාසදායක ලෙස කසල තේ හදුනා ගැනීමට පුළුවන.

 පොටෑසියර්‍ම ප මැංගනේර්‍ට අන්තර්ගත කසල තේ බීම නිසා උදරයේ දැඩි ආර්‍මලිකතාවයක් ඇතිවීම සහ පොටෑසියර්‍ම ප මැංගනේර්‍ට වල දැඩි ඔක්ෂිකාරක ගති ලක්ෂන නිසා ආහාර වල අන්තර්ගත යකඩ,විටමින් වැනි පෝෂක සංගුණකයන් අවශෝෂනය කර ගැනීර්‍මෙ දුර්වලතාවයන් ඇතිර්‍වෙ.එමෙන්ම ආමාශගත සහ ආහාරමාර්ගය ආශ්‍රිතව තුවාල ඇතිවීර්‍මෙ විශාල ඉඩ කඩක්ද පවතින බව වෛද්‍යවරැන්ගේ මතයයි.

ෆෙරස් සල්ෆේර්‍ට අන්තර්ගත කසල තේ පානය කිරීම නිසා අක්මාර්‍වෙ සීරෝසිස් තත්වයන් ඇති වීර්‍මෙ ඉතා ඉහල අවධානමක් තිර්‍බෙ.මෙම ෆෙරස් බැර ලෝහයක් ලෙසට අක්මාර්‍වෙ තැන්පත්වීම මෙයට හේතුවයි.

 කෙසේ හෝ ර්‍වෙවා වෙළදපොලේ පවතින මෙම විෂ සහිත කසල තේකොළ වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමට උචිත පියවර ගැනීම අදාල බලධාරීන් සතු යුතුකමක් වන අතර එසේත් නැතිනර්‍ම හෙට දිනයේ පොදු මහජන සෞඛ්‍යය කළු කඩ වල විෂ රසායනිකයන් සහිත කසල තේ කොළ වලට බිලිවිමෙන් දැඩි අනතුරැදායක තත්වයන් ඇතිවිය හැකිය.

 එස්.එර්‍ම අනුරාධ සේනාරත්න-youths for good politics/www.sera idea.com

No comments:

Post a Comment